Tuesday, August 19, 2014

ඔබ යමක් කිරීමේදී ‘ඔබේ ඉව’ කෙරෙහි විශ්වාසය තබන්න.


අපේ සමාජයේ සමහර අයගේ විශ්වාසයක් තියෙනවා, ‘මට හිතට එක පාරටම එන දේ කරන කොට වරදිනවා අඩුයි.’ එහෙමත් නැත්නම් ‘දෙගිඩියාවක් නැතිව හිතට එන දේ කළාම හරියටම හරි.’ ‘මං අත ගහන හැම දෙයක් ම හරි යනවා. මගේ ඉෂ්ඨ දේවතාවා මට පිහිට වෙනවා.’ සමහරු කියන අවස්ථා තියෙනවා.

මේ හැම එකකින් ම  කියන්නේ අපේ ‘ඉව’ නැත්නම් සහජාශය ගැනයි. හරි දේ තෝරා ගැනීමේ ‘ඉව’ නිසා තමන්ට හරි ගිය බව කියන අය  කොතෙකුත් හමුවෙලා තියෙනවා.
මිනිසා තීරණ ගැනීමේ දී ‘ඉව’ එහෙමත් නැත්නම් සහජාශය, සහජ බුද්ධිය හෝ ධී ශක්තිය ආදියෙන් කොයිතරම් දුරට ප‍්‍රයෝජනයට ගන්නවා යන්න ගැන අධ්‍යයනය කිරීම සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විසින් කරන දෙයක්.

මේ පිළිබඳව කළ නව අධ්‍යයනයකින් හෙළිවී තියෙන්නේ සහජාශය යොදා ගෙන කරන තේරීම්වල දී විකල්ප දෙකක් අතරින් වැඩි දෙනකුට සියයට 90ක් නිවැරදිව එය කළ හැකි බවයි.

මෙම අධ්‍යයනය කර ඇත්තේ ඊශ‍්‍රායලයේ ටෙල්අවිව් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය මේරියස් අෂර් (Marius Usher) ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසින්. සහජාශය ’ඉව’ තවමත් විස්මයජනක ලෙස බලවත් හා නිවැරදි මග පෙන්වන මෙවලමක් ලෙස භාවිත කළ හැකි බවයි, ඔවුන් කියන්නේ.

 
සිතට දිරි අරගෙන එක්වරම තමන් සිතට එන දේ කිරීම යම් කි‍්‍රයාවකදී නිවැරදි ප‍්‍රතිඵල ගෙන ආ හැකි හොඳම ක‍්‍රමය බව ඔවුන් විසින් හඳුනා ගෙන තියෙනවා.

අනාගතය සඳහා ගනු ලබන පියවරවලදී, යම් යම් දේවල ඇති වාසි අවාසි විමසීමෙන් තීරණ ගැනීමේදී පවා මේ සහජාශය කිසියම් ප‍්‍රමාණයක සේවාවක් ඉටු කරන බව මහාචාර්ය මේරියස් අෂර්ගේ අදහසයි.

ඔහු කියන්නේ, ”මෙම අධ්‍යයනයෙන් මිනිසා තුළ ඇති අනුකලන අගය සෙවීමේ සුවිශේෂ හැකියාවක් ඉවෙන් මෙන් පවතින බවයි. එනම් සාමාන්‍ය අගය විමසීමේ දී මිනිස් මොළය තුළ සහජ හැකියාව ඇති බවයි.

”මෙය සමහර විට සාමාන්‍ය තීරණ ගැනීමේ කි‍්‍රයාවලියේ ඇතුළතින් සිදු වන කි‍්‍රයාවලියක් විය හැකියි.” ඔහු කියනවා.
ඒ අනුව මේ කි‍්‍රයාවලියේ හරයට සමීප වීම පිණිස මහාචාර්යවරයා පරීක්ෂණයක් සැලසුම් කළා, ඊට සහභාගිවන්නන්ගේ සාමාන්‍ය තීරණ ගැනීමේ හැකියාව විමසා බැලිය හැකි.

මේ පරීක්ෂණයට සහභාගි වූවන්ට පරිගණක තිරයක් ඔස්සේ ඉතා ඉක්මනින් මාරු වන අංක යුගල කීපයක් පෙන්වනවා. තිරයේ වම් පැත්තේ වැටෙන අංක සියල්ලමත්, තිරයේ දකුණු පැත්තේ වැටෙන අංක සියල්ලමත් කිසියම් කාණ්ඩයකට අයිති ඒවා ලෙස සැලකෙනවා. මේ සෑම කාණ්ඩයකින්ම කියැවුණේ කොටස් වෙළඳ පොළෙන් ලැබුණු ප‍්‍රතිලාභයි.

සභාගිවූවන්ට කරන්නට තිබුණේ ඒවා අතරින් වැඩිම ප‍්‍රතිලාභ ලැබූ කාණ්ඩ අංක යුගලය තේරීමයි.

මේ අංක ඉතා ඉක්මනින් මාරු වුණු නිසා, තත්පරයකට අංක යුගල දෙකේ සිට හතර දක්වා ගණනක් ක්ෂණිකව මාරු වුණු නිසා, සහභාගිවූවන්ට ඒ අංක මතකයේ තබා ගෙන ගණනය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ නිසා මෙහිදී වැඩිම සාමාන්‍යය ඇති අංක යුගල තේරීම සඳහා සභාගිවූවන්ට ඉවෙන් කරන ගණනය කිරීමක පිහිට පතන්නට වෙනවා.

මේ පරීක්ෂණයේ දී වැඩි දත්ත ප‍්‍රමාණයක් ලබා දුන් විට ප‍්‍රතිඵලවල නිවැරදිතාව වැඩි වුණා.

අංක යුගල හයක් දැක්වූ විට ඔවුන්ගේ නිවැරදි වීමේ වාර ගණන සියයට 65ක් වුණා.

අංක යුගල 24ක් දැක් වූ විට මේ නිවැරදිතාව සියයට 90ක් වුණා.

”ඉවෙන් තීරණ ගැනීමේ දී මිනිස් මොළයට තොරතුරු කොටස් විශාල ප‍්‍රමාණයක් එකවර සලකා බලා සමස්ත අගයන් පිළිබඳව තීරණයක් ගැනීමේ හැකියාව තියෙනවා.” මහාචාර්ය අෂර් කියනවා.

”මේ පරීක්ෂණයේ දී අපට පෙනී ගියා වඩා හොඳ තත්වයේ තීරණ ගැනීමේ දී ක්ෂණික නිගමන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය හැකි බව.” මහාචාර්ය අෂර් අවසාන වශයෙන් සඳහන් කළා.

මේ අධ්‍යයනයේ ප‍්‍රතිඵල ඇමරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ ජර්නලයේ ළඟදීම පළවනු ඇති.
 
Source  malkakulu web

බොරු කිව්වොත් සැබැවින්මනාසය දික්වෙයි!


පිනෝකියෝ කතාව ඔබ කියවා ඇත්නම් එයින් ඔබ ලත් විනෝදය තවමත් ඔබේ මතකයේ ඇති. ඒ කතාවේ හැටියට පිනෝකියෝ කියන්නේ රූකඩයෙක්. රූකඩය කපලා ඉවර වෙන කොට එයාට පණ එනවා.

ඊට පස්සේ ඇත්තම ළමයකු බවට පත් වෙනකම් ඒ ලැබූ අත්දැකීම් තමයි, ඒ නවකතාවට ඇතුළත් වෙන්නේ. ඒ කතාවේ තැනින් තැන පිනෝකියෝ බොරුවක් කියන හැමවිට ම එයාගේ නාසය දික්වෙනවා. දරුවන් බොරු කීමෙන් වළක්වා ගන්න උපායක් හැටියට වසර සීයකටත් වැඩි කාලයක් තිස්සේ ලොව පුරා දෙමාපියන් මේ පිනෝකියෝගේ නාසයේ වෙනස් වීම යොදා ගත්තා.

දැන් විද්‍යාඥයන් මේ නාසයේ වෙනස් වීම ‘පිනෝකියෝ ආචරණය’ (Pinocchio effect) කියලයි, හඳුන්වන්නේ.

ඉතාලි ජාතික ලේඛක කාලෝ කලෝඩි (Carlo Collodi) මීට අවුරුදු 32කකට ඉස්සර එනම්, 1880 දී ඉතාලියේ මුල්ම ළමා පුවත්පතට කොටස් වශයෙන් මේ කතාව ලියද්දි හිතන්නවත් නැතුව ඇති බොරු කීමත් නාසයත් අතර සැබැවින්ම සම්බන්ධයක් ඇතියි කියලා. ඒ විතරක් නොවෙයි පිනෝකියෝ චරිතයවත් මේ තරම් ලොව පුරා ජනපි‍්‍රය වෙයි කියල ඔහු හිතන්නත් නැතුව ඇති.

 
වෝල්ට් ඩිස්නිගේ ‘පිනෝකියෝ’ කාටූන් චිත‍්‍රපටයේ බොරු කියනවාත් සමග නාසය දික් වී යන අන්දම. බොරු කීමේ දී සැබැවින්ම අපේ නාසය අවට ඉස්සෙන බව දැන් සොයා ගෙන තියෙනවා.

මානසික තත්වයන් සිරුරේ උෂ්ණත්වයට කරන බලපෑම ගැන විමර්ශනය කරන මනෝවිද්‍යාඥයන් කියන්නේ මිනිසුන් බොරු කියන විට ඔවුන්ගේ නාස්වල හා ඒ අවට ඇස් කෙළවර ප‍්‍රදේශය උණුසුම් වෙලා පිම්ඹෙනවා කියලයි.

ස්පාඤ්ඤයේ ග‍්‍රැනඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකට අනුව ‘පිනෝකියෝ ආචරණය’සිරුරේ ඇති වන කායික උෂ්ණත්වයේ සිදු වන වෙනස්වලින් එකක් පමණයි. ‘තාපරේඛනය’ (thermography) යනුවෙන් හඳුන්වන ක‍්‍රමවේදයකින් තමයි, සොයා ගැනීම් කරල තියෙන්නෙ.

ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා, සැලකිය යුතු මානසික කි‍්‍රයාවලියක දී අපේ මුහුණේ උෂ්ණත්වයේ අඩු වීමක් සිදු වන බව. කාංසාව ඇති වූ විට අපේ මුහුණේ උෂ්ණත්වය විශේෂයෙන් අඩු වන බව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා.

මේ ‘තාපරේඛන ක‍්‍රමය’ මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඳහා මීට කලින් යොදා ගෙන නැහැ. මෙහිදී විශේෂයෙන් අධෝරක්ත විකිරණ හසුකර ගත හැකි කැමරා තමයි, භාවිත කරන්නේ. එයට හසු කර ගත හැකි යම් යම් වස්තූන්ගේ තාපය භාවිත කර ගෙන එම වස්තූන්ගේ පින්තූර ගැනීමක් මෙහිදී සිදු වෙනවා.

මේ තාපරේඛන කැමරා ඇමරිකා එක්සත් ජනපදය විසින් නිපදවන ලද්දේ දෙවැනි ලෝක යුද සමයේයි. මෙකල ඒවා බොහෝ විට භාවිත කෙරෙන්නේ ගොඩනැගිලිවල බලශක්තිය විනාශ වෙන තැන් මනින්නත්, ගවයන්ගේ ශ්වසන ආබාධ ගැන සොයන්නත්, රැකූනා සතුන්ට වැළඳී ඇති ජලභීතිකාව ගැන සොයන්නත් ආදී විවිධ දේ සඳහායි.

ස්පාඤ්ඤයේ ග‍්‍රැනඩා විශ්ව විද්‍යාලයේ එමිලියෝ ගෝමස් මිලාන් හා එල්වීරා සලාසාර් ලෝපස් යන මහාචාර්යවරුන් දෙදෙනා පළමුවරට මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඳහා මෙම තාපරේඛන ක‍්‍රමය යොදා ගත් අය ලෙස වාර්තා වෙනවා.

ඔවුන් සොයා ගෙන තියෙනවා, අපි අපේ සැබෑ හැඟීම් යටපත් කර ගෙන වැරදි දෙයක් කියන විට, එනම් බොරු කියන විට, අපේ නාසය අවට උෂ්ණත්වය ඉහළ ගොස් මොළයේ ‘ඉන්සියුලා කෝටෙක්ස්’ හෙවත් දීප බාහිකය (insula cortex) සකි‍්‍රය වන බවයි.

මෙය මොළයේ මස්තිෂ්ක බාහිකයේ ඇති එය හැඟීම් දනවන කොටසක් වන අතර එය සකි‍්‍රය වන්නේ නියම හැඟීම් අත්දකින විටයි. එය සිරුරේ උෂ්ණත්වය පවත්වා ගෙන යාමටද උපකාර වන්නක්.

පර්යේෂකයන් කියන්නේ තාපරේඛන ක‍්‍රමය හැඟීම් ඇගයීමට යොදා ගත හැකි බවයි. හැඟීම් නොකඩවා ගලා යන හැටි විමර්ශනය කරන්නත් මේ ක‍්‍රමය භාවිත කළ හැකියි.

මේ තාපරේඛන ක‍්‍රමය තවදුරටත් යොදා ගන්න පුළුවන් සිරුරේ මේද රටාවන් නිර්ණය කිරීමට. එය ඉතා ප‍්‍රයෝජනවත් වේවි බර අඩු කර ගැනීමේ හා පුහුණු වැඩසටහන්වලට අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට. විවිධ මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ සිරුරු උෂ්ණත්වය මනින්නටත් මේ ක‍්‍රමය යොදා ගත හැකියි.
මේ සමීක්ෂණයෙන් හෙළි වූ අනිකුත් තොරතුරුවලින් බිඳක්.
  • බොරු කීමේ දී - අපේ නාස්වල හා ඒ අවට ඇස් වටා ප‍්‍රදේශය උණුසුම් වෙනවා.
  • අවධානය යොමු කිරීමේ දී - මුහුණේ උෂ්ණත්වය අඩු වෙනවා.
  • කාංසාව ඇති විට - අපේ මුහුණේ ඇති උෂ්ණවය ඉහළ යනවා.
  • ෆ්ලැමෙන්කෝ නැටුමේ දී - (ස්පාඤ්ඤ වේග රිද්ම නැටුමක්) අපේ උකුලේ උෂ්ණත්වය අඩුවී ඉදිරි අත්වල උෂ්ණත්වය වැඩිවෙනවා.
  • ලිංගික ආශාව ඇති විට - හෘදයේ හා ජනේන්ද්‍රියවල උෂ්ණත්වය වැඩිවෙනවා.
 
බොරුව හෙළිවෙන හැටි - බොරු කියන විට, අපේ නාසය අවට උෂ්ණත්වය ඉහළ යනවා. එසේ වන්නේ මොළයේ ‘ඉන්සියුලා කෝටෙක්ස්’ හෙවත් දීප බාහිකය (insula cortex) සකි‍්‍රය වීම නිසයි. (මුහුණ මැද රතු පැහැයෙන් දැක්වෙන්නේ උෂ්ණත්වය වෙනස් වන කොටසයි.)

Source  Malkakulu web

නොපෙනී යන ඇඳුමක් තැනිය හැකි නූල් විශේෂයක් නිපදවයි!



ඇමරිකාවේ ඩලාස්හී ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු හැරි පොටර් චිත‍්‍රපට කතා මාලාවේ එන අදිසි ලෝගුව වැනි දෙයක් නිර්මාණය කරල තියෙනවා. ඒක මිලදී ගන්න හොග්වාට්ස් වෙළඳසැල සොයා යන්න ඕනෑ නෑ.

චිත‍්‍රපටයේ ආ ඒ කල්පිතය සැබෑ කිරීම ඇත්තෙන්ම විස්මයජනක දෙයක්.

 
හැරී පොටර් චිත‍්‍රපටයේ එන මේ අදිසි ලෝගුව දැන් සැබෑවක් වෙලා!

මෙම පර්යේෂණය පසුපස ඉන්නා නිර්මාණකරු වූ භෞතික විද්‍යාඥ අලි අලීව් (Ali Aliev) කීවේ ඔහු මෙහිදී අදිසි ලෝගුව තනන්නට කාබන් නැනෝ නාල ඉතා කුඩා නූල් ආකාරයෙන් භාවිත කළ බවයි.

”අපට ඕනෑම වස්තුවක් නොපෙනී යාමට සලස්වන්න පුළුවන්, මේ ක‍්‍රමයෙන් කෙටි වේලාවක් විදුලි බලය ලබා දීමෙන්.” ඔහු එය පැහැදිලි කරමින් කීවා.

මේ පිළිබඳව ඔහු යූ ටියුබ් එකට වීඩියෝවක් නිකුත් කරල තියෙනවා. එහිදී අලි අලියේව් පෙන්වූ නිදර්ශනයේදී වරින්වර ඒ නූල් නොපෙනී යනු හා පෙනී යනු දැක ගන්න පුළුවන්.

”විද්‍යාඥයන් සාමාන්‍යයෙන් කරන්නේ ඇසට නෙපෙනෙන දේ අන්වීක්ෂවලින් පෙන්වා දීමයි. ඒත් අපි මෙහිදී කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි කරන්නේ ඇහැට පෙනෙන දෙයක් නොපෙනෙන්නට සැලැස්වීමයි.” අලීව් වැඩිදුරටත් කියනවා.

 
‘ඔන්න දැන් පේනවා!’ - භෞතික විද්‍යාඥ අලි අලීව් ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සිය රසායනාගාරයේ දී ඒ ලෝගුව අදිසි වන ආකාරය පෙන්වා දුන්නේ මෙහෙමයි.

 
‘ඔන්න දැන් පේන්නේ නෑ!’ - භෞතික විද්‍යාඥ අලි අලීව් රසායනාගාරයේ දී කලින් පෙනුන දේ අතුරුදහන් කර පෙන් වූ අන්දම.

යුද්ධ ටැංකියකට වෙනත් වේශයක් ලබා දිය හැකියි!

මේ අතර ස්වීඩනයේ විද්‍යාඥයන් විසින් සංවර්ධනය කර ඇති ක‍්‍රමයකින් යුද ටැංකි පවා නොපෙනී යාමට සැලැස්විය හැකියි!

ඒ වගේ ම තාපය ඔස්සේ යුද ටැංකි සොයා යන මිසයිලවලට අසු නොවන ලෙස ඒවා අවරණය කරන්නත් ඔවුන් විසින් සොයා ගෙන ඇති නව ක‍්‍රමයෙන් පුළුවන්.

ඔවුන් විසින් සංවර්ධනය කර ඇති නව තාක්ෂණයට අනුව එහි විශේෂ සුවීක්ෂකයන් (ස්කෑනරයන්) සවි කර තියෙනවා. අවට ඇති ගොඩනැගිලිවල හා ඒ අවට භූමි ප‍්‍රදේශවල විහිදී ඇති උණුසුම හා සිසිල ඇතුළත් තාප රටාවන් හඳුනා ගෙන ඒවායින් යුද ටැංකිවල බඳ සරසා ඒවා ආරක්ෂා කරන්න ඒ නව තාක්ෂණයෙන් පුළුවන්.

 
අදිසි ලෝගුව යොදා ගෙන යුද බිමේ දී මෙවැනි යුද ටැංකි සඟවා තබන්න පුළුවන්.

එහි දී අධෝරක්ත පිළිබිඹුවක් නිර්මාණය වී යුද්ධ රථය පරිසරයට තුළ සැඟවෙනවා. අන්තිමේ දී එය සතුරා රවටනවා. සතුරාට එය පෙනෙන්නේ එක්කෝ කාරයක් ලෙසයි, නැති නම් ගවයෙක් ලෙසයි.

”මට හොඳටම විශ්වාසයි, මං දැක්කෙ යුද්ධ ටැංකියක් බව.” යමකු ඒ දැක කියන්න ඉඩ තියෙනවා. ඒ මන්ද ‘අදිසි ලෝගුව’ට හැකියාව තියෙන නිසා, මොහොතකින් ඒ සන්නද්ධ රථය ගවයකු ලෙස පෙනෙන්න සලස්සන්න.

මේ මෙවලම සංවර්ධනය කර ඇත්තේ ස්වීඩනයේ බීඒඊ පද්ධතියට අයත් විද්‍යාඥයන් පිරිසක් විසින්. එහි පූර්ණ අත්හදා බැලීම් මීළඟ වසර දෙක තුළ සිදු වේවි.

මේ පර්යේෂක මෙවලම හඳුන්වන්නේ ඇඩප්ටිව් කියලයි. දැනටමත් එය අනුමැතිය සඳහා බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශයට බාර දීලයි තියෙන්නෙ.

මේ මෙවලමට ඇතුළත් වන්නේ, යමකුගේ අල්ලක් තරම් ප‍්‍රමාණයේ ෂඩාස‍්‍රයක් හෙවත් පැති හයක් ඇති ලෝහ තලයක්. එය ඉක්මනින් රත් කළ හැකියි, නැතිනම් සිසිල් කළ හැකියි. නොපෙනී යාමට සැලැස්විය යුතු දේවල්, ගොඩනැඟිලි, නැව් හෝ පහතින් පියාසර කරන හෙලිකොප්ටර ආදිය ඒවායින් ආවරණය කර සැඟවිය හැකියි.

කුඩා යුද්ධ ටැංකියක් සැඟවීමට නම් මේ කොටස් 1,000ක් පමණ අවශ්‍ය වෙනවා.

මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පීටර් සෝලන්ඞ් (Peter Sjolund) ලන්ඩනයේ සන්ඬේ ටයිම්ස් පත‍්‍රයට කීවේ, මේ පද්ධතිය කි‍්‍රයා කරන්නේ තාප ටෙලිවිෂන් තිරයක් කි‍්‍රයා කරන ආකාරයෙන් බවයි.

”එහි විවිධ රූපවලින් පිරුණු පුස්තකාලයක් තියෙනවා. නාගරික පරිසරයකදී ඔබට අවශ්‍ය නම් කාරකෙක් ලෙසත්, වරායක නම් කන්ටේනරයක් ලෙසත් පෙනෙන්න සැලැස්විය හැකියි.” ඔහු කියනවා.

තමන්ගේ පද්ධතියේ රූප වෙස්වලා ගැනීමට යොදා ගැනීමට නුසුදුසු නම් ඒ වෙනුවට අවට පරිසරයෙන් සුදුසු වස්තුවක පිළිබිඹුවක් තෝරාගෙන ඒ සඳහා යොදා ගන්න පුළුවන්.

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ මහාචාර්ය සර් ජෝන් පෙන්ඞ්රි පැහැදිලි කළේ රූපය මෙසේ ඉදිරිපත් කෙරෙන්නේ සතුරාට පෙනෙන පැත්තට අනුව පමණක් බවයි. වෙනත් කෝණයකදී මෙය එතරම් ආකර්ෂණීය නොවන වෙනස් රූපයක් විය හැකි යයි ඔහු කියනවා.

කෙසේවෙතත් ඔහු කියන්නේ මෙහි අනාගත සංවර්ධනයන් මෙයටත් වඩා සංකීර්ණ විය හැකියි කියායි.

 
නව තාක්ෂණය අනුව යුද්ධ රථය පරිසරයට තුළ සැඟවෙනවා. අන්තිමේ දී එය සතුරා රවටනවා. සතුරාට එය පෙනෙන්නේ කාරයක් ලෙසයි, නැති නම් ගවයෙක් ලෙසයි.
 
 
taken from malkakulu web

හැරී පොටර් වාගේ ඇත්තටම නොපෙනී යන්න දැන් පුළුවන්!


හැරී පොටර් චිත‍්‍රපටවල හැරී පොටර් නොපෙනී සිටින්නට අඳින ‘අදිසි කබාය’ ඔබට මතකද? ඒ වගේ දෙයක් මේ වනතෙක් ම අපට දකින්නට ලැබුණේ චිත‍්‍රපටවල විතරයි. එච්. ජී. වේල්ස්ගේ ‘ඉන්විසිබල් මෑන්’ (අදිසි මිනිසා) චිත‍්‍රපටයේත් මේ විදියට නොපෙනී යන උපක‍්‍රමයක් තිබුණා.

දැන් ලොව පුරා පර්යේෂකයන් නොපෙනී යන උපක‍්‍රම බිහි කරන්නට අත්හදා බැලීම් කරනවා. එදා හැරී පොටර් විශේෂ ඇඳුමක් ඇඳ නොපෙනී යාමෙන් හැරී පොටර් ලෝලයන් තුළ හැබෑවටම එවැන්නක් ඇතැයි හැඟීමක් ඇති වුණා පමණක් නොව විද්‍යාඥයන් තුළ එවැනි දෙයක් සැබැවින්ම නිපදවිය හැකි යැයි හැඟීමක් ඇති වුණා. නවකතාවට හා සිනමාවට විතරක් සීමා වුණු ඒ සිහිනය හැබැ කරන්නට ඔවුන් උත්සාහ කළා.

දැන් එහි ප‍්‍රතිඵල ලැබිලා තියෙනවා. සැබෑ ජීවිතයේදීත් මේ විස්මිත දෙය අත්විඳින්නට ඔබටත් ළඟදීම අවස්ථාවක් ලැබේවි.

මුලින් ම මේ පිළිබඳ වාර්තා වුණේ එංගලන්තයේ ඩියුක් (Duke University) විශ්ව විද්‍යාලයෙන්. සැබෑ ජීවිතයේ නොපෙනී යා හැකි ‘අබිරහස් ලෝගුවක්’ එහි පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති බව පසුගියදා හෙළිදරවු කෙරුණා.

 
නොපෙනී යාමේ තාක්ෂණය ගැන ලොව පුරා උනන්දුවක් ඇති කළේ හැරී පොටර් චිත‍්‍රපට මාලාවෙන්. දැන් ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් එය සැබෑවක් කරන්න හදනවා.

මේ පිරිස 2006 දිත් මෙහි මුලාකෘතියක් මුලින්ම ඉදිරිපත් කළා. එහි අලූත් ම නිපැයුම ලෙසයි, මෙය ඉදිරිපත් කර ඇත්තේ.

මෙම නව නිපැයුම මගින් ඒ පිරිසට හැකි වුණා, යම් වස්තුවක් නොපෙනී යාමට සලස්වන්නට. එහි දී ඔවුන් නොපෙනී යාම සඳහා යොදා ගත්තේ සෙන්ටි මීටර් ගණනක සිලින්ඩරයක්.

ලොව පුරා කණ්ඩායම් ගණනාවක් මේ සම්බන්ධව කි‍්‍රයා කරමින් සිටිනවා. හැරී පොටර් නොපෙනී යාමට භාවිත කළ උපක‍්‍රමය සැබෑවටම නිපදවන්නට තැත් කරන කණ්ඩායම් තුනක් ගැන දැනට වාර්තා වෙනවා. එංගලන්තයේ ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස හැරුණු විට ඇමෙරිකාවේ ටෙක්සාස්හී කණ්ඩායමක් ද, ස්වීඩනයේ සමාගමක් ද මේ විස්මිත සිහිනය සැබෑ කර ගන්නට වෙර දරනවා.

එංගලන්තයේ ‘නේචර් මැටීරියල්ස්’ ආයතනය කළ අධ්‍යයනයකින් පෙන්වා දීල තියෙනවා, දියමන්ති හැඩයේ ලෝගුවක් භාවිත කිරීමෙන් මෙය සම්පූර්ණයෙන් කළ හැකි බව.

කොහොම වුනත් තවමත් තාක්ෂණය හැරී පොටර්ගේ ලෝගුව තරමටම සම්පූර්ණ වී නැහැ. මේ මායාව කි‍්‍රයා කරන්නේ එක අතකට විතරයි. ඒ කණ්ඩායම පිළිගන්නව දෘශ්‍යාලෝකය පවතිද්දී නොපෙනී යාම සර්වසම්පූර්ණයෙන්ම කළ නොහැකි බව.

ඒ පර්යේෂණ කණ්ඩායමේ එක් සමාජිකයෙකු සංවර්ධනය කරලා තියෙනවා, මෙහි දී මතුවන ප‍්‍රධාන ගැටලූ ජය ගත හැකි නව සැලසුමක්.

ඩියුක් විශ්ව විද්‍යාල කණ්ඩායම තනා තියෙනවා, විශේෂ නව ද්‍රව්‍යයක්, ‘මෙටා-මැටීරියල්’ (meta-materials) කියලා. කෘති‍්‍රමව නිපදවා ඇති මෙහි ස්වාභාවික ද්‍රව්‍යවල නැති ගති ලක්ෂණ තියෙනවා.

මේ ‘මෙටා-මැටීරියල්’වල අඩංගු ව්‍යුහයන් සැලසුම් කර ඇත්තේ යම් වස්තුවක් වටා ඇති විද්යුත් චුම්බක තරංගවල හැසිරීම වෙනස් කළ හැකි අකාරයටයි. ඒවා ඒ වස්තුවේ අනික් පැත්තෙන් ගමන් කරන ආකාරයට යැවූ විට අපට වස්තුව නොපෙනී යනවා. අපට ඒ වස්තුව විනිවිද එහි පසුබිම පේන්න පටන් ගන්නවා. එවිට වස්තුව අපට පෙනෙන්නේ නැහැ.

සිය ආචාර්ය උපාධිය සඳහා මේ විෂය හදාරන නාදන් ලැන්ඩි ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මේ අදිසි ලෝගුවක් තැනීමට නම් මේ සංකීර්ණ මෙටා මැටීරියල් ද්‍රව්‍යවලින් ඒ ලෝගුව සරසන්න ඕනෑ. එය හොඳින් සැලසුම් කර කළ යුත්තක්.”

”අපි හඳුනා ගෙන ඇති එක දෙයක් තමයි, මේ උපකරණවල දාරවලදී ආලෝක තරංග පරාවර්තනය නොවීම. ඒකට පිළියමක් යෙදිය යුතුයි” ඔහු කියනවා.

ඔහු විස්තර කර දුන්නා ඒක හරියට පැහැදිලි වීදුරුවකින් පරාවර්තනය වී පේනවා වගෙයි කියල.

පේ‍්‍රක්ෂකයාට වීදුරුව විනිවිද දැකිය හැකියි. ඒත්, එතැන වීදුරුවක් ඇති බව ආලෝකය පරාවර්තනය වන නිසා දැනෙනවා.

”ලෝගුව අදිසි බවට පත් කිරීමේ නිදර්ශනය දැක්වීම අපේ එකම අරමුණ නිසා අපි ඒ පරාවර්තනය වීම් ගැන මෙහිදී වද වෙන්නේ නැහැ.” ඔහු කියනවා.

 
ඩියුක් විශ්ව විද්‍යාලයේ නාදන් ලැන්ඩි තැනූ ලෝගුව වැසිය හැකි ඔහුගේ නව නිපැයුම සමග.

ලැන්ඩි මෙහිදී පරාවර්තනය වීම් අවම කරන්න ක‍්‍රමවේදයන් යොදා ගෙන තියෙනවා. ලෝගුව සැකසීමේ දී ෆයිබර් ග්ලාස්වලට කා වැද්දූ තඹ යොදා ගත්තා. ඔහු මේවා යොදා ගත්තේ තීරු වශයෙන්.

ඔහු තැනූ අඩි දෙකක පමණ චතුරස‍්‍රයක් වන මේ මෙවලමෙහි තීරුවලින් දියමන්ති හැඩයක් ද මැද හිස් කොටුවක්ද තියෙනවා.

ඕනෑම ආලෝක තරංගයක් ඒ මතුපිටට වැටුණු විට එක්කෝ උරා ගන්නවා, නැත්නම් පරාවර්තනය කරනවා. එසේත් නැත්නම් ඒ දෙකෙහිම සංකලනයක් සිදු වෙනවා.

මේ පිළිබඳව කලින් කළ අත්හදා බැලීම්වල දී තරංගවල ඇති ශක්තියෙන් සුළු ප‍්‍රතිශතයික් තමා උරා ගත්තේ. ලෝගුව සම්පූර්ණයෙන්ම නොපෙනී යන ආකාරයට කි‍්‍රයා කළේ නැහැ.

මෙහිදී ලෝගුව කොටුවලට වෙන් කිරීම අවශ්‍ය වුණා.

ලැන්ඩි පැහැදිලි කළා කලින් නිපදවූ ලෝගුවලට යෙදූ මෙටා මැටීරියල්වල දාර හා කොන්වල පරාවර්තනයන් සිදු වූ හැටි.

”ලෝගුවේ ඇතැම් තැන්වල අපේ කි‍්‍රයාව අවලංගු වුණු හා ආවාරණය කි‍්‍රයාත්මක නොවූ තැන් ඉතිරිව තිබුණා. ඒ එකිනෙක හරහා වැටුණු තැන් හා අහුකොන් ආදියෙයි. ගණනය කිරීම් රාශියකින් පසුව ඒ ආවරණ තීරු එහාමෙහා කිරීමෙන් ඒවා නිවැරදි කළ හැකි බැව් අප තේරුම් ගත්තා.” ලැන්ඩි කියනවා.

 
‘මෙටා මැටීරියල්’ ලෝගුවෙන් කොටසක්. ඒ මගින් ආවරණය කරන ‘සඟවන’ ද්‍රව්‍යය වටා ඇති මයික්‍රෝ තරංග වෙනතකට පරාවර්තනය කරනවා.

”අපි ලෝගුවක් තැනුවා. ඒක හරි ගියා. එතැනදි ආලෝකය තරංග දෙකකට බෙදී ප‍්‍රස්තුත වස්තුව වටේ ගොස් එහි අනෙක් පැත්තේ මැද දී නැවත එකට එක්ව තනි තරංගයක් වී ගමන් කළා. වස්තුව නොපෙනී ගියා. එහි පරාවර්තනය වීම අවම වුණා.” ලැන්ඩි කියනවා.

මේ යොදා ගත් ක‍්‍රමය ලෝගු තැනීමට වඩා එහා යන එකක් බවයි ලැන්ඩිගේ අදහස. නිදසුනක් වශයෙන් මේ මෙටා-මැටීරියල්වලින් රෙදිපිලිවල ඇඹරුණු හා ඇද වුණු තැන් ඇද ඇර ආලෝකය පරාවර්තනය වීම් නැති කරන්නට හැකි වෙනවා.

”මේක තමා වඩා වැදගත් වන්නේ, හැම නම්මක් ම ඇද ඇර එහි තරංග පරාවර්තනය කිරීම නැති කර ලන්න මේ මලින් අපට හැකි වෙනවා.” ලැන්ඩි කියනවා.

දැන් පර්යේෂකයන් කි‍්‍රයා කරන්නේ මේ සොයා ගත් මූල ධර්ම ති‍්‍රමාන රූප සඳහා යොදා ගත යුත්තේ කෙසේ ද යන්න ගැන විමසන්නයි. එය දැන් භාවිත කරන ද්විමාන මෙවලමට වඩා ඔවුන් ඉදිරියේ ඇති ලොකු අභියෝගයක්.

එය කි‍්‍රයාත්මක වන හැටි
ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මේ ලෝගුව ආවරණය කිරීමට යොදා ගත්තේ මිනිසා විසින් නිර්මාණය කළ මෙටා මැටීරියල් නම් ද්‍රව්‍යයක්. එහි ස්වාභාවික ද්‍රව්‍යවල නැති ගති ලක්ෂණයි තියෙන්නේ.

මෙම මෙටා මැටීරියල්වල ව්‍යුහයන්, යම් වස්තුවක වටා ඇති විද්යුත් චුම්බක තරංග හැසිර විය හැකි ආකාරයට සකස් කරන්න පුළුවන්. ඒ අනුව එම වස්තුව නොපෙනී යනවා.

වස්තුව පසුපසින් මතුවන එම තරංග වස්තුව විනිවිද යන ආකාරයෙනුයි දිස්වෙන්නේ. ඒ විදියටයි, වස්තුව නොපෙනී යන්නේ.

හැරී පොටර් චිත‍්‍රපටයේ මෙන් ‘අදිසි’ ක‍්‍රම පිළිබඳ තවත් අත්හදා බැලීම් ගණනාවක් ම ලොව පුරා සිදු වෙනවා. එයින් දෙකක් ගැන මීළඟ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා.

http://www.dailymail.co.uk/sciencetech/index.html


මාරක එබෝලා වයිරසය දැන් වාතයෙනුත් පැතිර යන තත්වයක් ඇති වෙලා!



එබෝලා (ebola) වයිරසය වෙනස් වෙමින් පවතින බවත් එය වාතයෙන් පැතිරී යා හැකි තත්වයට පත්විය හැකි බවත් මෙම අලූත්ම පරීක්ෂණයෙන් හෙළිවී තියෙනවා. මෙයත් ඩෙංගු වගේ වයිරස විශේෂයක්.

මුලින් පිළිගැනීමක් තිබුණා, මේ එබෝලා වයිරසයට කිසිම බේතක් හරියන්නෙ නැහැයි කියලා. මේ වයිරසය මිනිසාගේ සිරුරට ඇතුළු වුණු ගමන්ම ඉතා ඉක්මනින් සිරුර තුළ රුධිර වහනයන් සිදු වී අවයවයන් ගණනාවක් අකි‍්‍රය වීමෙන් මරණයට පත් විය හැකි බවට විශ්වාසයක් තිබුණා. ඒ වගේ ම වයිරසය පිළිබඳව අප දැන සිටියේ එය බෝ විය හැක්කේ ආසාදිත රුධිරය ශරීර ගත වීමෙන් පමණක් බවයි කියලයි.

ඒත් මේ තත්වය වෙනස් විය හැකි බව කැනේඩියානු පර්යේෂකයන් පිරිසක් විසින් කළ පරීක්ෂණ කීපයකින් හෙළි වී තියෙනවා. ඔවුන්ගේ එක් පරීක්ෂණයකින් එබෝලා වයිරසය ආසාදනය වූ ඌරන් ගෙන් එම රෝගය ඍජු සම්බන්ධයක් නැතිව වඳුරන්ට සම්පේ‍්‍රෂණය වූ බව හෙළි වුණා.

 
මෙම මාරක එබෝලා වයිරසය වැළඳුණු විට උණ ඇති වී සිරුරේ ඇතුළත ඉන්ද්‍රියයන් අකි‍්‍රය ව නොකඩවා රුධිරය වහනය සිදු වී ආසාදිතයා මරණයට පත් වෙනවා. එය දැන් වාතයෙනුත් බෝ විය හැකි බවයි කියන්නේ.

”අපේ පරීක්ෂණයන්ගෙන් හෙළි වී තියෙනවා, මෙය වාතයෙනුත් සම්පේ‍්‍රෂණය විය හැකි බව. විශේෂයෙන් ම ඌරන්ගෙන් (වඳුරන් ඇතුළු) පි‍්‍රමාටේසයන්ට බෝ විය හැකි බව හෙළිවුනත් පොදුවේ සතුන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය විය හැකිදැයි දැන් සොයා ගෙන යනවා.” පර්යේෂකයන් කියනවා.

මෙම වයිරසය තවමත් හානිකර තත්වයෙන් පවතින්නේ අපි‍්‍රකා මහාද්වීපයේ රටවලයි. පසුගිය සතියේ මෙම රෝගය පැතිර යාමේ අවදානමක් මත උගන්ඩාවේ පිරිසක් සෙසු ජනයාගෙන් වෙන් කරනු ලැබුවා. එහි දැනටමත් මේ වයිරසය ආසාදනය වීමෙන් තුන් දෙනකු මරණයට පත් වී තියෙනවා.

එබෝලා වයිරසය ශරීරගත වූ පසු මිනිසා වගේම අනෙක් පි‍්‍රසාටේසයන් තුළ රක්තපාත උණ තත්වයක් ඇති වෙනවා. මුලින් ම මෙම වයිරස වාර්තා වුණේ 1976 දී කොන්ගෝවේ එබෝලා ගංගාව අසල ප‍්‍රදේශයෙන්. ඒ නිසයි, ඒ නම මේ වයිරසයට ලැබී තියෙන්නේ. මෙයට ප‍්‍රතිකාරයක් හෝ වැළඳීම වැළැක්වීමට එන්නතක් තවමත් සොයා ගෙන නැහැ.

මෙහි රෝග ලක්ෂණ ලෙස හැඳින්වෙන්නේ, උණ, හිසරදය, හන්දිපත් හා මාංශ පේශීවල වේදනාව, උගුර වණවීම, කායික දුබලතාවයි. මේ තත්වය ඇති වීමෙන් පසු පාචනය, වමනය, බඬේ කැක්කුම ආදිය ඇති වෙනවා.

සමහර රෝගීන් වෙතින් සමේ බිබිලි ඇති වීම, ඇස් රතුවීම, ඉක්කාව, ඇතුළත හා පිටත ලේ වහනය ආදියත් පළ වෙන්න පුළුවන්.

මේ වයිරසය කෙතරම් භයානකද කීවොත් ආසාදිතයකුගෙන් තවත් අයකුට ආසාදනය වුණු බව දැන ගන්නට පෙර ආසාදිතයා කිසිම ප‍්‍රතිකාරයක් නැතිව මිය යාමට ඉඩ තියෙනවා.

 
2007 දී උගන්ඩාවේ බුන්දිබුගියෝ රජයේ රෝහලක වෙන්කර සිටි එබෝලා රෝගීන් අටදෙනකු ඒ සඳහා විශේෂයෙන් පිහිටවූ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යාමට වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කළ අයුරු.

කැනඩාවේ විනිපෙග්හී මැනිටෝබා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් හිතාමතාම මෙම එබෝලා වයිරසය ශරීර ගතකළ ඌරු පැටවුන් හය දෙනෙකු මැකෝ වඳුරන් හතර දෙනකු දමා සිටි කූඩු අසල සමීපයේ තැබූ වෙනත් කූඩුවලට දමා පරීක්ෂණයට ලක් කර තියෙනවා.

දැන අටක් ඇතුළත මැකෝ වඳුරන් හතර දෙනාටම වයිරසය වැළඳී ඇත්තේ කිසිම ඍජු සම්බන්ධයක් නැතිව බව මේ අධ්‍යයනය පිළිබඳව පළ කර ඇති විද්‍යාත්මක වාර්තා ඇතුළත් ජර්නලයකට යැවූ ලිපියක දක්වා තියෙනවා.

මේ අධ්‍යයනයේ කොටස්කරුවකු වූ කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ ජාතික ක්ෂුද්‍ර ජීවී රසායනාගාරයේ ආචාර්ය ගැරී කොබින්ජර් බීබීසියට පවසා ඇත්තේ එහිදී ඌරන්ගෙන් විශාල වශයෙන් පිටවුණු සෙම් කොටස්වලින් නිකුත් වුණු වයිරස, වඳුරන් හා ඌරන් අතර ඇති කෙටි දුර, වාතය ඔස්සේ යමින් වඳුරන් ආසාදනය ලක් කරන්නට ඇතැයි තහවුරු වූ බවයි.

”එයින් පෙනී ගියා එබෝලා වයිරසයට වාතයේ රැඳී සිටිය හැකි බව. ඒත් ඒ තරම් දුරකට නෙවෙයි. කෙටි දුරකටයි. ඒවා විනාශ වී යාමට පෙර අතරමගදී ආසාදනයක් සිදු විය හැකියි. මේ ආකාරයට වයිරසය මිනිසුන් නොව පි‍්‍රමාටේසයන් ගණනාවකගේ පෙණහලූවලට ඇතුළුවුණු අවස්ථා ගණනාවක්ම අපට හමුවුණා.” කොබින්ජර් කියනවා.

පලතුරු වවුලන් මේ එබෝලා වයිරසය පතුරු වන රෝග වාහකයන් ලෙස ප‍්‍රධාන තැනක් ගන්නා බව මෙතෙක් පැවති පොදු මතයයි. එහෙත් එබෝලා වයිරසය ආසාදිත චිමපන්සින්, ගෝරිල්ලන්, වඳුරන්ඳ වනගත ඇන්ටිලොප් හෙවත් කුරංගයන්, ඉත්තෑවන් ආදී සමග වැඩ කළ මිනිසුනට මෙම වයිරසය ආසාදිත අවස්ථා වාර්තා වී තියෙනවා.

”එහෙත් මෙම පර්යේෂණයෙන් තහවුරු වුණු වැදගත් කරුණක් වන්නේ එබෝලා වයිරසය බෝ වීමට රෝග වාහකයකු ලෙස ඌරන්ගෙන් සිදු වන බලපෑම අනෙක් සතුන්ට වඩා වැඩි බව”යයි පර්යේෂකයන් මෙහිදී අවධාරණය කර තියෙනවා.

source  malkakulu web

රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක්!


විදුලියෙන් ආලෝකමත් වුණු, කාලගුණ වාර්තාව ගෙනෙන ස්මාර්ට් පාරක්! ඔබේ කාරය විදුලියෙන් දුවන එකක් නම් චාර්ජ් කර ගන්නත් පුළුවන්. රාති‍්‍රයට දිළිසෙන, අනාගතයේදී ඔබේ රියට විදුලි ඉන්ධන ලබාදෙන, සුපිරි මහා මාර්ගයක් ලබන වසරේදී එරට මාර්ග පද්ධතියට හඳුන්වා දෙන්න නෙදර්ලන්තය සූදානම්.

මෙයට දැනටමත් ‘හොඳම අනාගත සංකල්පය’ට හිමි නෙදර්ලන්ත සැලසුම් සම්මානයත් දිනා තියෙනවා. ඉදිරි වසරවලදී එරටට මේ ප‍්‍රකාශ සන්දීප්ත (photo-luminescent) මාර්ග සලකුණු හඳුන්වා දීමට නියමිතයි.

එසේම කාලගුණයට ප‍්‍රතිචාර දක්වන තීන්ත භාවිතයෙන් මාර්ගයේ ලිස්සන ස්වභාවයන් හා අනතුරුදායක තත්වයන් රියැදුරන්ට මතු කර දැක්වීමටද බලාපොරොත්තු වෙනවා.

 
විදුලියට ප‍්‍රමුඛතා දෙන මං තීරුවක් - මේ මගින් විදුලි රිය පදවන අයට අතර මග රිය නවතා මහා මාර්ගයේ උපකාරයෙන් එහි බැටරි පණ ගන්වා ගන්න පුළුවන්.

පසුගිය ඔක්තෝබරය අවසානයේදී පැවති ‘ලන්දේසි සැලසුම් සතිය’ තුළ දී නෙදර්ලන්තයේ දී මේ ‘සුපිරි මහා මාර්ගයක්’ ප‍්‍රදර්ශනය කෙරුණා. මහා මාර්ග සඳහා හඳුන්වා දීමට බලාපොරොත්තු වන අලූත් ම තාක්ෂණයන් එහිදී ජනතාවට දැක ගන්න ලැබුණා.

‘මේ මගින් වඩාත් කල්පවතින, ආරක්ෂා සහිත, තාක්ෂණය අතින් පූර්ණ මහා මාර්ග’ අනාගතයේ මහා මාර්ග පද්ධතියට එක්වෙන බවට අනාවැකි පළ කර තියෙනවා. මෙයට සම්බන්ධ නිෂ්පාදන සමාගම්වල අරමුණ අනාගතයේ මහා මාර්ගවලට ඒවායේ දුවන රථවලට වඩා වැඩි අවධානයක් යොමු කිරීමටයි.

 
එක් නව සැලසුමකට අනුව මහාමාර්ගවලදී, රථයක් ළං වන විට එහි ඉදිරිය ආලෝකවත් වී රිය එම ස්ථානය පසු කළ විට විදුලි ආලෝකය අඩු වීමට සැලැස්වීමට ක‍්‍රමවේදයක්ද හඳුන්වා දීමට යනවා.

මේ සැලසුම්කරුවන්ගේ නව අදහස් අනුව මහා මාර්ගයට නව මං තීරුවක් එක්වෙනවා, අනාගතයේදී, විදුලි රිය පදවන්නන්ට, ඔවුන් රථය ඒ මං තීරුවේ පදවන අතරතුර රථයේ බැටරි චාර්ජ් කර ගන්නත් පුළුවන් වෙන විදියට.

තවත් සැලසුමකට අනුව මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය පිරිමහින ‘ස්මාර්ට්’ විදුලි බුබුළු යොදනවා. ඒවායේ ආලෝකය රථයක් ඒ දෙසට එන විට වැඩි වෙනවා. රථය පසු කර යන විට එහි එළිය අඩු වෙනවා. ඒ මගින් මාර්ගය හිස්ව ඇති විට නිකරුණේ දැල්වෙමින් විදුලිය නාස්තිවීමක් සිදු වන්නේ නැහැ.

මේ අදහස් සියල්ල කි‍්‍රයාත්මක වන්නට තවත් වසර කීපයක් ගත වේවි. ඒත් මහා මාර්ගවලට ප‍්‍රකාශ සන්දීප්ත කුඩු විශේෂයක් ඇතුළත් තීන්ත ආලේපය ලබන වසරේදීම ආරම්භ කිරීමට නියමිතයි. ඒ කුඩු මිශ‍්‍ර තීන්තවලට පුළුවන්, දහවල් කාලය තුළ හිරු එළිය උරා ගෙන රාති‍්‍රය පුරා පැය 10ක් මං තීරු ආලෝකවත් කර තබන්නට.
ලබන වසරේදී හඳුන්වා දෙන අනෙක් නව නිපැයුම උෂ්ණත්වයට සංවේදී තවත් විශේෂ තීන්ත ආලේපයක්. හිම ගතිය හෝ තෙත් ගතිය හෝ නිසා ඇති වන මහපාරේ ලිස්සන තැන්වල එම ස්වභාවය රියැදුරාට මතු කර පෙන්වීමට ඒ ආලේපයට පුළුවන්.

කොහොම වුනත් රිය මහ මග දුවද්දී විදුලි ආරෝපණය සිදු කරන මං තීරුව සකස් කරන්නේ කෙසේදැයි ඔවුන් තවමත් හෙළිදරවු කර නැහැ.

 
ලබන වසරේදී ලන්දේසි (නෙදර්ලන්ත) මහා මාර්ග පද්ධතියට, අඳුරේදී දිලිසෙන ප‍්‍රකාශ සන්දිප්ත තීන්තවලින් යෙදූ මං සලකුණු හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒවාට දහවල් කාලයේ දී හිරු එළියෙන් ශක්තිය උරා ගෙන රාති‍්‍ර කාලයේ දී පැය දහයක් දිලිසෙමින් තියෙන්න පුළුවන්.

 
උෂ්ණත්වයට සංවේදී තීන්ත ආලේපය නිසා හිම තැට නිසා හෝ තෙත් ගතිය නිසා ලිස්සන ඇති විට ඒවා රියැදුරාට මතුකර පෙන්වනවා.

”රථ ධාවනයට ආරක්ෂා සහිත නව අත්දැකීම් ඇති කරන්නට හැකි වන පරිදි රථ සැලසුම් කිරීම වෙනුවට ඩෑන් රූස්ගාඞ් (Daan Roosegaarde) හා හීජ්මන්ස් (Heijmans) සමාගම් ඒ අත්දැකීම් මහා මාර්ග පද්ධතිය තුළින් ලබා දීමට අවධානය යොමු කර තියෙනවා.” යැයි ස්ටුඩියෝ රූස්ගාඞ් ආයතනය කියනවා.

”රාති‍්‍රයට දිලිසෙන මහා මාර්ග, විශේෂ ගතික තීන්ත, අන්තර් කි‍්‍රයාකාරී තීන්ත, විදුලි ආරෝපීය ප‍්‍රමුඛ මාර්ග, කාලගුණයට සංවේදී ආලේපණ, දහවල් ආලෝකය උකහා ගෙන රාති‍්‍රයට දීප්තිමත්වන මාර්ග සලකුණු ආදී සියල්ල ඉදිරි අවුරුදු පහ ඇතුළත මහා මාර්ගවලට නියත වශයෙන්ම එක් වේවි.” ඔවුන් වැඩි දුරටත් කියනවා.

taken from malkakulu web

යුරෝපයේ සිට දකුණු ඇමෙරිකාවට ගොස් බ‍්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමග පිහිනයි!


මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා දකුණු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ‍්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ ත‍්‍රාසජනක අත්දැකීම ලැබුවේ.

ඔහු මේ ත‍්‍රාසජනක ගමන ගියේ, ඒ බිහිසුණු සත්වයාගේ අඩවියට ගියේ ආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi). හොඳ කිමිදුම්කරුවෙක්. කැමරාශිල්පියෙක්.

ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda)

 
ප‍්‍රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි.

ඔයාලා දන්නවද ‘ඇනකොන්ඩා’ කියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව. ඒ බව ඔක්ස්ෆර්ඞ් ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ (Shorter Oxford English Dictionary - 2007) දැක්වෙන්නේ මෙහෙමයි; [ Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem) එහි ගැබ්වූ සාමාන්‍ය අරුත; ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි. සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය.]

”ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්. ඒත් ළඟට එනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ. ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ.” ෆ්රැන්කෝ බැන්ෆි කියනවා.

මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා, අඩි 26ක් (මිටර් 8ක්) දිග ඇනකොන්ඩා, දුටු අවස්ථාවයි. ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට.

ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා. ඌ හිටියේ ගං ඉවුර අසබඩ. දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා. වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා.

ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටි ‘මාටෝ ග්රොසෝ දෝ සුල්’ පළාතේ දස දිනක් තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා.

ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට ප‍්‍රසිද්ධයි. ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා.

ඒ පළාතට දී ඇති නමෙහි අරුත ‘දකුණේ පිහිටි ඝන වනාන්තරය’ යන්නයි.

”මුලදි ඌට ළං වෙන්න බය හිතුනා. ඒ මොකද, ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ. හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි.” බැනාෆි කියනවා.

”පස්සෙ, මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා.”

”මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්. ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ, මේ වගේ ලොකු සර්පයෙක්. අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා. ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි.”

 
මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි. ඒ මීයෙක්, මාළුවෙක්, කුරුල්ලෙක් විය හැකියි.

 
අති දැවැන්තයි! දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර් 8ක් විතර දිගයි. ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බ‍්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි.

 
‘ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව. මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා. බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා.

 
‘පොඞ්ඩක් හිනා වෙන්න!’ දිය යට දී ඇනකොන්ඩාවකුගේ පින්තූරයක් ගන්න හදන බැන්ෆි

 
ගොදුරකට සූදානම්ව: දිය යටට වැටුණු දීප්තිමත් හිරු එළිය කියන්නේ මේ ඇනකොන්ඩා නො ගැඹුරු තැනක සිට ඉලක්කයක් ගන්නා බවයි.

 
නෙත්කළු දසුනක්! සර්පයකු දිය යට යන දසුනක් හිරු එළියෙන් ආලෝකවත් වී ඇති අයුරු.
 
 
taken from malkakulu web

උඩු ගුවනින් ඔබට පණිවිඩයක්! ‘හායි! අපි දැන් ඔබේ නිවසට ඉහළින් යනවා. එළියට ඇවිත් බලන්න!’


මේ පණිවිඩය ඔබට එන්නේ නාසා ආයතනයෙන්. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවා වසර 12ක් ගත වන මේ මොහොතේ කෙරෙන විශේෂ සේවාවක් ලෙසයි, මේ පණිවිඩය එවන්නේ.

මේ නව සේවාව ඔවුන් හඳුන්වන්නේ ‘ස්පොට් ද ස්ටේෂන්’ (Spot the Station) නම් ‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන අරුත් ඇති නමකින්. ඔබට ඔවුන් මේ පණිඩය එවන්නේ හරියටම අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ ඔබේ නිවසට ඉහළින් යද්දීයි.

අහසේ බැලිය යුතු අත දැනගත් පසු, ඔබට දුරදක්නයක් නැතිව වුවත්, එය පහසුවෙන්ම දැක ගත හැකියි.

පාන්දරට හා සැන්දෑකාලයේ දී ඉක්මනින් අහස හරහා යන ආලෝකයක් ලෙස මෙය දැක ගත හැකියි.

 
අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවා 12 වසරක් පිරීම නිමිත්තෙන් තමයි, ‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන වැඩ සටහන දියත් කර තියෙන්නෙ.

”ඇත්තෙන්ම අසිරිමත් දෙයක් අභ්‍යවකාශ නැවතුම්පොළක් අපේ හිසට උඩින් පියාසර කරනවා දකින එක. මිනිසුන් අතින් ඉදිවුණු අති සංකීර්ණ පර්යේෂණාගාරයක් හා නේවාසිකාගාරයක් මෙහෙම එක විතරක් නෙවෙයි, හරියට එය දැකිය හැකි මොහොතේ අහසට දෙස බලා නැරඹීම ඇත්තෙන්ම සතුටට කරුණක්.” යැයි නාසා ආයතනයේ මානව ගවේෂණ හා මෙහෙයුම් කටයුතු බාර සම පරිපාලක විලියම් ගර්සටෙන්මේයර් කියනවා.

”අපි මේ අභ්‍යවකාශ නැවතුම්පොළේ දී විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙනවා, මේ මහ පොළොව මත ගෙවන අපේ ජීවිත සැපවත් කර ගන්න අවශ්‍ය දේවල් ගැනත්, ඒ වගේම ඈත එපිට සක්වළට කෙරෙන අපේ අනාගත අභ්‍යවකාශ ගමන්වලට මග පාදන දේවල් ගැනත්.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ පහසුවෙන් දැක ගන්න පුළුවන්, ඉර බහින්නත් පායන්නත් ඉස්සරයි.

 
මෙය හැමදාම පොළොවෙන් ගිය කාට හරි නිවහන වුණා. පෘථිවි කක්ෂයේ රඳවා ඇති වෙනත් කිසිම යානයක් මේ තරම් දිගු කලක් අජටාකාශගාමීන්ට නවාතැනක් වුණේ නෑ.

 
පැහැදිලි රාති‍්‍රයකදී දුරදක්නයක් නැතිව වුනත් ඉක්මනින් අහසේ ගමන් කරන දීප්තිමත් ආලෝක වස්තුවක් හැටියට මෙය පහසුවෙන් දැක ගත හැකියි.

අහස පැහැදිලි නම් වේගයෙන් අහස හරහා යන දීප්තිමත් ආකාශ වස්තුවක් ලෙස මෙය දැක ගන්න පුළුවන්.

‘අභ්‍යවකාශ නැවතුම්පොළ දකින්න’ යන වැඩ සටහන යටතේ පෘථිවියට ඉහළින් එහි ගමන් මාර්ගයේ ස්ථාන 4,600ක් සලකුණු කරලා තියෙනවා. එසේම එහි තොරතුරු යවත්කාලීන කරනවා සතිපතාම.

මේ සේවාව මගින් ඔබට දැනුම් දෙන්නේ ‘අභ්‍යවකාශ නැවතුම්පොළ’ පහසුවෙන්ම ගස්වලට, ගොඩනැගිලිවලට, වෙනත් දෑවලට ඉහළින්, පහසුවෙන් දැක ගත හැකි අවස්ථාවලදී පමණයි.

ඔබට මේ සේවාව ලබා ගන්න පුළුවන් මේ වෙබ් අඩවියට එක් වීමෙන්:
 http://spotthestation.nasa.gov

බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක්!


මේ සලබ කීටයා (දළඹුවා) මෙසේ මිනිස් හිස් කබලක් සේ මුහුණක් මවා ගන්නේ ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ගෙන් ගැලවෙන්නට උපක‍්‍රමයක් හැටියටයි.
සොබාදහමේ හමුවන ‘හැලෝවීන් විලාසිතා’ තරගයක් පැවැත්වුවොත් මේ කීටයාට එහි ප‍්‍රථම ස්ථානය හිමි වනු නිසැකයි. (‘හැලෝවීන් විලාසිතා’ ලෙස මෙහි හැඳින්වූයේ ඔක්තෝබර 31 වැනිදාට යෙදෙන සියලූ සාන්තුවරයන්ගේ රාති‍්‍රයේ විවිධාකාරයේ වෙස්මුහුණු දමා ගෙන පවත්වන උත්සවයකදී හමුවන ඇඳුම් විලාසිතායි.)

මේ සුවිශේෂ රූප කාය අයත් වන්නේ ඕස්ටේ‍්‍රලියානු වැසිවනාන්තරවල දී හමු වන යටි තටු ලා රෝස පැහැති සලබයා (pink underwing moth) ගේ කීට අවස්ථාවටයි.

ඉතා දුලබ සලබ විශේෂයක එක් අවස්ථාවක් නිරූපණය කරන මේ දළඹුවකු සිය කැමරා කාචයට හසු කර ගන්න ඡායාරූප ශිල්පී ලූයී වෙබර් සමත් වුණා.

මේ සතාගේ මුහුණේ මිනිස් හිස් කබලක ඇස් හා දත් පිහිටන ආකාරයට රූප ලක්ෂණයක් දකින්න පුළුවන්. උගේ මේ ඇස් සහිත පෙනුම ඌව ගොදුරු කර ගන්න එන විලෝපිකයන් බියට පත් කර පළවා හරින්න තරම්
ප‍්‍රමාණවත්.

 
අපූරු වෙස් වළා ගැනීමක්! මේ සලබ කීටයා ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ගෙන් ගැලවෙන්නට කරන උපායක්.

 
මේ ඕස්ටේ‍්‍රලියාවේ වැසිවනාන්තරවල පමණක් දක්නට ලැබෙන වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින යටි තටු ලා රෝස පැහැති සලබයාගේ කීටයායි.

යටි තටු ලා රෝස පැහැති සලබයා (PINK UNDERWING MOTH)

මේ යටි තටු ලා රෝස පැහැති සලබයාගේ කීටයාට දුඹුරු සහ කළු පැහැ සිරුරක් හා දුඹුරු පැහැ පාද තියෙනවා. ඉදිරි තටු දෙක විදාහළ විට මිමී 60ක් පමණ දිගයි. උඩු තටු අළු හා දුඹුරු පැහැතියි. එහි සුදු පැල්ලම් වැටී තියෙනවා.

යටි පිහාටු තද දුඹුරු හා ලා රෝස පැහැති වන අතර ඒවායේ අග වාටිය සුදු පැහැයක් ගන්නවා. නිසලව වසා සිටිද්දී උගේ පෙනුම වියළි කොළයක් වාගෙයි.

මේ සලබයා හමුවන්නේ මුහුදු මට්ටමෙන් මීටර 600ක් පහළ මිනිස් වාසයෙන් කිලිටි නොවූ උපනිවර්තන වැසිවනාන්තර ප‍්‍රදේශවලයි. ඌ විශේෂයෙන් ආහාර සපයා ගන්නට හා වර්ගයා බෝ කරන්නට වාසභූමි කර ගෙන ඇත්තේ වනගතව වැවෙන කැරෝනියා මල්ටිසේපලී නම් මිදි ශාක විශේෂයක් පැතිර ඇති ප‍්‍රදේශයක්.

”කනගාටුයි කියන්න. මේ සලබයා ඉතා දුර්ලභ එකෙක්. ගිය අවුරුද්දේ මම එකම එක සලබයකු විතරයි දැක්කේ. ඒ නිසා මා ළඟ පරිණත සලබයකුගේ ඡායාරුපයක්වත් නැහැ” ලූයී කියනවා.

”මේ සලබ වර්ගය වඳවී යාමේ අවදානමට ලක්ව ඇති සත්ව විශේෂයක් ලෙස ඕස්ටේ‍්‍රලියාවේ නම් කර තියෙනවා. දැනට සොයා ගෙන ඇති විදියට අග්නිදිග ක්වීන්ස්ලන්තයේ එකක කොටසක විතරයි, මේ දළඹුවන් දැක ගත හැක්කේ.”

”මුලදී කඳුකරයේ වැසිවනාන්තරවල එකම තැනක පමණක් දුටුවත් පසුව මට සොයා ගත හැකි වුණා, තවත් ප‍්‍රදේශ තුනක මේ සලබයා ඉන්නා බව. ඒ අතර මගේ සගයෙකුත් අලූතින් තැනක් සොයා ගත්තා. දැන් ඔක්කෝම පස් පොළක මේ සලබයන් හමුවී තියෙනවා” ලූයී වැඩිදුරටත් කියනවා.

නිව් සවුත් වේල්ස් රජය මේ දළඹුවා අවදානම් සත්ව ලේඛනයට දැනටමත් ඇතුළු කරල තියෙනවා. ඔවුන් කියන්නේ ”මේ විශේෂ මිදි ශාකයෙන් හා වැසිවනාන්තරයේ වෙනත් ශාකවලින් සැපයෙන අඳුර මේ සලබයාට වාසයට සුදුසු පරිසරයක් ලබා දෙනවා.” කියායි.

 
මේ අමුතු කීටයා ජීවත්වන්නේ කැරෝනියා මල්ටිසේපලී නම් මිදි ශාකයක් ඇසුරේයි.

 
මේ සලබයාගේ මුහුණ සෑදී ඇත්තේ ලොකු කළුඉංගිරියාවන් දෙකක් හා හිස්කබලක බඳු දත් දෙපෙළකින් සැදුණු වෙස් මුහුණක රූපයකින්.

 
දිවිරැකුමට අමුතු සටන් ක‍්‍රමයක් භාවිත කරන මේ සලබයා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ පස් පොළක විතරයි.

 
මේ වෙස් මුහුණ දළඹුවාට රැකවරණ සලසනවා, සලබයකු බවට පත් වනතුරු.

ගලවන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්!


තුවාලයකට ප්ලාස්ටරයක් දැම්මාම ඒක ගලවන්න ගියාම තමයි වේදනාවේ රඟ දැනෙන්නේ. ඒක නැති කරන්න විද්‍යාඥයන් දැන් අලූත් පිළියමක් සොයා ගෙන තියෙනවා. ඒ ඉටත් කරන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්.
මේ ප්ලාස්ටරය නිපදවා ඇත්තේ නොමේරූ දරුවන්ට සහනයක් හැටියටයි. ආහාර සපයන නළ, මොනිටර් ආදිය සිරුරට සවි කිරීම සඳහා මෙතෙක් කල් භාවිත කළ ප්ලාස්ටර් ඉවත් කිරීමේදී නොමේරූ දරුවන්ගේ මෘදු සමට හානි පැමිණෙන නිසා ඊට විකල්පයක් හැටියට මේ ප්ලාස්ටරය යොදා ගත හැකි බැව් මෙහි නිෂ්පාදකයන් කියනවා. සම දුර්වල වූ වැඩිහිටියන්ටත් මෙය ඉතාමත් ප‍්‍රයෝජනවත්.

 
බොස්ටන් පර්යේෂකයන් පිරිසක් විසින් තනා ඇති ප්ලාස්ටරයේ ඇති තුන්වැනි ස්තරය නිසා ඉවත් කිරීමේදී වේදනාවක් දැනෙන්නේ නැහැ.

ඒක වැඩ කරන්නේ මෙහෙමයි.

මේ නව ප්ලාස්ටරය අනෙක් ඒවායේ විදියටමයි ඇල වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඇලවෙන මැලියම් ස්තරයත් පිටත ආවරණ ස්තරයත් අතර දැලක් බඳු අතිරේක ස්තරයක් තියෙනවා.

ප්ලාස්ටරය ඉවත් කරන විට මැලියම් කොටස ඉතිරි වෙද්දී අනෙක් කොටස් ඉවත් කළ හැකියි. සමට නොදැනෙන්න මැලියම් පිසදා ඉවත් කළ හැකියි. නැතිනම් එය ඉබේ වැටෙනතුරු තිබෙන්න හැරිය හැකියි.

ඔවුන් මේ ටේප් විශේෂය හඳුන්වා ඇත්තේ ‘කඳුළු නැතිව’ ඉවත් කළ ප්ලාස්ටරයක් හැටියටයි. මේ නිර්මාණය පසුපස ඉන්නා මහ මොළකරු ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් ලැන්ගර් තමයි. ඔහුගේ නමට තවත් නිර්මාණ ගණනාවක් තියෙනවා. එයින් එකක් මීයකුගේ පිටේ වැඩෙන්නට සැලැස්වූ කනක් මිනිසකුට බද්ධ කිරීමයි. ඒවගේම හිසකෙස් බොකුටු වී කැරලි ගැසීම වැළැක්විය හැකි ඉසිනයක් නිපදවීම තවත් එකක්.

 
දැන් භාවිත කරන මෙවැනි ප්ලාස්ටර් වෙනුවට මේ නව ප්ලාස්ටරය පහසුවෙන් භාවිත කළ හැකි වේවි.

බොස්ටන්හී බි‍්‍රග්හැම් කාන්තා රෝහලේ වෛද්‍ය ජෙෆ්රි මෙය පරීක්ෂා කර බැලූවා. ඔහු කියනවා, ”මේක ඉතා හොඳින් වැඩ කරනවා. ගලවන කොට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ.”

අත්හදා බැලීමක් හැටියට දැනට නොමේරූ දරුවන්ට මෙය භාවිත කර බලනවා. එය හැම අතින්ම සාර්ථක බව පෙනී ගියොත් අවුරුද්දකින් දෙකකින් මෙය වෙළඳ පොළේදී ඔබට දැක ගත හැකි වේවි.

මේ නව නිපැයුම පිළිබඳ හෙළිදරවුව කෙරුණේ ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ සැසිවාරයකදියි.

අලූතින් සොයා ගත පොසිල නිසා අපේ ආදිමයා කුඩා ලේනකුට සමාන සතෙකු වේවිද?


ලෝකයේ පැරණිම හා ආදීම ප‍්‍රිමාටේසයකු සැලකෙන සත්වයකු විද්‍යාඥයන් විසින් දැන් හෙළිදරවු කර ගෙන තියෙනවා.
පර්ගැටෝරියස් (Purgatorius) යනුවෙන් නම් කොට ඇති මේ කුඩා එමෙන්ම කඩිසර සතා වසර මිලියන 66කට පෙර ජීවත්වූ බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත්තේ මෑතදී හමු වූ පොසිල කොටස් ආශ‍්‍රයෙනි.

පලතුරු කමින් ගස් උඩ කඩිසරව එහෙ මෙහෙ යමින් ජීවත්වූ මේ සත්වයාගේ හිසෙන් පහළ කොටස් කීපයක් මේ මෑතදී හමු වූ අතර මෙවැනි සතකු ජීවත්වූ බවට මුලින් ඉඟි කෙරුණේ කලකට පෙර හමුවී තිබූ පොසිල බවට පත් වූ දත්වල කොටස් කීපයක් නිසයි.

 
පි‍්‍රමාටේසයන්ගේ ආදිමයා ලෙස සැලකිය හැකි පර්ගැටෝරියස් චිත‍්‍රයට නඟා ඇති අයුරු.

මේ සත්වයාගේ පොසිල ශේෂයන් හමුවුණේ නැගෙනහිර මොන්ටානාවේ පර්ගැටරි කන්දෙනුයි. (සතාට නම තබා ඇත්තේ ඒ අනුවයි.) ඒ පාෂාණ තැන්පතු වසර මිලියන 66ක් පැරණි ඒවා ලෙස සැලකෙනවා.

”උගේ වළලූකර සන්ධි ඇටය වර්තමාන රුක්වැසි පි‍්‍රමාටේසයන්ගේ වළලූකර සන්ධි ඇටය මෙන් හසුරුවන්න පුළුවන්.” යැයි මේ පිළිබඳ නිබන්ධයේ සම කර්තෘ යේල් විශ්ව විද්‍යාලයේ පෘෂ්ඨවංශික පාෂාණධාතු විද්‍යාඥ ස්ටීවන් චෙස්ටර් ‘ඩිස්කවර් නිවුස්’ වැඩසටහනකදී සඳහන් කරල තියෙනවා.

”වළලූකර සන්ධි ඇටය මෙයාකාරයෙන් පිහිටීම නිසා ඌට අතුපතරදී ඒවා විහිදී ඇති ආකාරයන් අනුව පාදය විවිධ පැතිවලට හොඳින් හරවන්ට හැකියාව ලබා දුන්නා.

”ඒ වගේම එයින් පැහැදිලි වෙනවා, අද ජීවත්වන බොහෝ පි‍්‍රමාටේසයන්ට පැනීමට ආධාර වන සේ දැක්වෙන දික් වූ වළලූකර අස්ථි මුල් පි‍්‍රමාටේසයන්ට නොතිබුණු බව.” චෙස්ටර් තවදුරටත් කියනවා.

චෙස්ටර් මෙම අධ්‍යයනය සඳහා ෆ්ලොරිඩාවේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ජොනතන් බ්ලොක්, බර්ක්ලිහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විලියම් ක්ලෙමන්ස්, ඒ විශ්ව විද්‍යාලයේ පාෂාණධාතු විද්‍යා කෞතුකාගාරයේ භාරකරු ආදීන්ගේ සහය ලබා ගෙන තියෙනවා.

මේ පොසිල විශ්ලේෂණය කර බැලූ පර්යේෂකයන් විශ්වාස කරනවා, පර්ගැටෝරියස්ගේ මේ විශේෂිත වළලූකර අස්ථිය ආදි පි‍්‍රමාටේසයන්ගේ පරිණාමයේ සාර්ථකත්වයට ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා.

”පි‍්‍රමාටේසයන්ගේ පරිණාමයේ මුල් වසර මිලියන 10 තුළ, සපුෂ්පශාකවල ඒ ආකාරයේම විවිධාංගිකරණයක් සිදුවෙද්දී, ආදි පි‍්‍රමාටේසයන්ද ගස් නැගීමේ හැකියාව, පලතුරු හා වෙනත් ශාක කොටස් එකතු කර ගැනීමේ හැකියාව ඇති කර ගන්නට ඇතැයි යන මතයට මේ නව පොසිල හමුවීමෙන් ලොකු තල්ලූවක් ලැබුණා.” බ්ලොක් වැඩිදුරටත් කියනවා.

පර්ගැටෝරියස් පේලියෝසීන අවධියේ වාසය කළ සතෙක්. ඒ වන විට ඉගිල්ලිය නොහැකි ඩයිනසෝරයන් වඳ වී ගොස් කෙටි කලක් ගත වූවා විතරයි.

ඩයිනසෝරයන්ගේ යුගයෙන් පසු නව යුගයක් උදා වුණා. ඒ ක්ෂීරපායීන් ලෝකය පාලනය කළ යුගයයි. අපි තාමත් ගෙවන්නේ ඒ යුගයයි.

සාමාන්‍ය පිළි ගැනීම වුණේ මේ ක්ෂීරපායියා කුඩා දුඹුරු පැහැති, ලොම් පොකුරක් සහිත වල්ගයක් ඇති සතෙක් හැටියටයි.

පර්යේෂකයන් මේ හා සමාන තවත් ආදි පි‍්‍රමාටේසයකු ගැන කියනවා. ඞ්රයෝමොමිස් (ෘරහදපදපහි* නම් ඒ පි‍්‍රමාටේසයාගේත් පොසිල දැනට හමුවී තියෙනවා.

 
 එතෙක් ලැබී ඇති තොරතුරු අනුව චිත‍්‍රශිල්පියකු කලින් ඇඳි සටහනකින් පෙන්නුම් කළේ ඌ බිම ඇවිදින සතකු ලෙසටයි.

අලූතින් සොයා ගත් ඇට කැබලි පදනම් කර ගෙන පර්ගැටෝරියස් අවුන්ස 1.3ක් පමණ වෙතැයි සැලකෙන අතර ප‍්‍රමාණයෙන් ඌ, දැනට මැඩගස්කරයේ ජීවත්වන පි‍්‍රමාටේසයන් අතරින් කුඩාම සත්වයා වූ ලීමර මීයාට සමාන විය හැකි යැයි අනුමාන කර තියෙනවා.

මෙම ක්ෂීරපායී සත්වයාගේ කටෙහි දත් රැුසක් තිබුණු අතර එයින් වැඩි කොටසක් ලඝුදන්තී වූ අතර ඒවා චාර්වක දත්වලින් යුතු වුණා. ඒ දත් පිහිටීම පලතුරු කෑමට විශේෂ වුවත් ඒ සතා වෙනත් ආහාර වර්ගත් බුදින්නට ඇතැයි සැලකෙනවා.

රුක්වාසී බොහෝ පි‍්‍රමාටේසයන්ගේත්, අර්ධ වශයෙන් රුක් ජීවිත ගත කරන ක්ෂීරපායින්ගේත් මෙවැනි දත් පිහිටීම් දැකිය හැකියි. මෙහිදී මිනිසා සම්පූර්ණයෙන් වෙනස් වන අතර අපේ මෑතම ආදීමයන් රුක්වාසී දිවියෙන් ඈත් වූයේ පර්ගැටෝරියස් සත්වයා විසූ කාලයටත් වසර මිලියන 60කටත් පසුවයි.

මේ සොයා ගැනීම හා ඒ අධ්‍යයනය පිළිබඳ තොරතුරු ඇමරිකාවේ උතුරු කැරෙලිනාවේ රැුලේ නුවර පැවති පෘෂ්ඨවංශික පාෂාණධාතු (පොසිල) විද්‍යා සංගමයේ 72 වැනි වාර්ෂික සමුළුවේදී ඉදිරිපත් කෙරුණා. 
 
 
Source  malkakulu web

වලාකුළු මවන සිත්තම්


අහසේ වලාකුළුවල ඇති පාට මොනවාද? ඒවා අප කවුරුනුත් දන්නා පරිදි ‘කළු හා සුදු’ පාට ද? එහෙමත් නැත්නම් ‘අඳුරු’ වලාකුළු හෝ ‘පුළුන්කැටි’ වන් වලාකුළු විතරක්ද? මෙන්න ඔබට දැක ගන්න දුලබ රූප පෙළක්.

සොබාදහම අපූරු මැවුම්කරුවෙක්! විවිධ හැඩතල, විවිධ ප‍්‍රමාණ, විවිධ වර්ණවලින් වලාකුළු මවන්න සොබාදහමට පුළුවන්. සමහර විට කෙනකු මේ අමුතු හැඩයක් දැකලා පිට සක්වළ යානයක් ඇවිත් කියල හිතල රැවටෙන්නත් ඉඩ තියෙනවා. සමහරකු බිය වී ආරක්ෂක ස්ථාන කරා දුවන්නත් බැරිකමක් නැහැ.

වලාකුළුවල ඇති මේ අද්භූත හැඩතල අතර ඔබ කිසිදාක නොදකින්නට ප‍්‍රාර්ථනා කළ යුතු හැඩයකුත් තියෙනවා. ඒක සොබාදහමේ මැවිල්ලක් නොවෙයි. මිනිසාගේ මැවිල්ලක්! හැඩය යෝධ හත්තක් වගෙයි. ඒ තමා ජලකර බෝම්බ පිපිරීමකින් අහසේ මැවෙන වලාව.

මාසුර හෙවත් කාචාකාර වලාකුළු (Lenticular Clouds) ඒවායේ පියාඹන පීරිසි හැඩය නිසා සක්වළ ජීවීන් ගෙන විශ්වාස කරන්නන්ගේ කුහුල අවුස්සන්නවා. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ වාතය කඳුමුදුන්වලින් හමා යාමේදීයි. එහිදී වාතය තෙත සහිත නම් කඳුවළල්ලට ඉහළින් උඩට නැඟීමක් සිදුවන විට එසේ ඉහළ නඟින වාතය යළි පහතට එන විට තාප ශක්තිය මාරුවීමක් සිදු නොවී ස්ථිරතාපී කි‍්‍රයාවලිය නිසා රත් වීමෙන් මෙවැනි වලාකුළු ඇති වෙනවා.

මාසුර හෙවත් කාචාකාර වලාකුළු (Lenticular Clouds) ඒවායේ පියාඹන පීරිසි හැඩය නිසා සක්වළ ජීවීන් ගෙන විශ්වාස කරන්නන්ගේ කුහුල අවුස්සන්නවා. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ වාතය කඳුමුදුන් මතින් හමා යාමේදීයි. මේ වලාවන් දිගු වේලාවක් වෙනස් නොවී පවතිනවා.

මේ වලාකුළුවල හැඩතල සැකසෙන්නේ සුළංවල වේගයත් කඳුවල හැඩයත් අනුවයි. නිතර හමන සුළං නිසා මෙවැනි වලාකුළු ඇති වී හැඩය වෙනස් නොවී අහසේ එක තැන රැඳෙමින් දිගු කාලයක් පවතින්නට පුළුවන.

බිම සිට බලන විට තටක වලාකුළු (Shelf Clouds) පෙනෙන්නේ පහතින් පිහිටා ඇති ආකාරයටයි. කූඤ්ඤ හැඩැති මේ වලාකුළු බොහෝ විට ඇති වන්නේ අකුණු කුණාටු ඇති වන විටයි.

කුමුලොනිම්බස් (Cumulonimbus) වැහි වලාකුළු කෙළින් ම ඉහළ නඟිනවා. ඒවා නතරවන්නේ ම ස්වාභාවිකව හමුවන බාධකයක් වූ පතිවර්ති මණ්ඩලයෙහි (tropopause) වැදුනාමයි. එවිට ඒවා පැතලි වෙනවා. ඒවා සාමාන්‍යයෙන් වැඩිපුර ඇති වන්නේ දරුණු වැසි කුණාටු ඇති විටයි.

සුළං රැලිවල ස්වභාවය අනුවයි, වලාකුළු ඇති වන්නේ. ඒ වගේ ම වලාවන් හැසිරෙන්නේ. වා සුලි හෙවත් සළාවන් ඇති වූ විට පෙනෙන්නේ ඒවා සිදුරු වී ඇත්තාක් වගෙයි. ඒත් ඒවා පිහිටන්නේ ස්වාභාවිකවමයි. ඒවා නිර්මාණය කරන්නේ සුළං රටාවලින්.

නොක්ටිලූසන්ට් (Noctilucent) වලාකුළුවල පිරී ඇත්තේ හිම ස්ඵටිකයි. ඒවා වායුගෝලයේ කිලෝමීටර 80ක් විතර ඉහළින් එල්ලෙමින් තියෙනවා. හිරු එළිය වැටුණු විට ඒවා සිතිජයෙහි දීප්තිමත්ව පෙනෙනවා.

විදුලි ආරෝපිත වැසි කුණාටු අති විශාල බලයක් ඇතිව භ‍්‍රමණය වෙනවා. ඒවා වාතයේ ඉහළට යමින් දරුණු කාලගුණ තත්වයන් ඇති කරනවා. ටෝනේඩෝවන් වැනි ප‍්‍රචණ්ඩ සුළි සුළං, හිම කැටි වැසි, අනෝරා වැසි ආදිය ඇති වන්නේ, අකුණු ගහන්නේ දරුණු සුළං ඇති වන්නේ එවිටයි.

ගුරුත්ව වලාකුළු (Gravity Clouds) පැහැදිලිව පෙනෙන රැලිවලින් යුක්ත ඒවායි. ඒවා ඇති වෙන්නේ සාගර රැලි මත පිහිටි වායු ඉහළ නැඟීමත් ගුරුත්වාකර්ෂණය නිසා ඒවා යළි පහළට ඇදීමත් නිසායි. මෙසේ වායුව ඉහළ පහළ යාම නිසා ඇති වන බලපෑමෙන් ඒ වලාකුළු රටාවල රැලි සෑදෙනවා.

පියයුරු හෙවත් මැමටස් (mammatus) වලාකුළුවලට එම නම ලැබුණේ කාලගුණ විද්‍යාඥයන් අතින් මෙම වලාකුළුවල යටි කොටස් කිරි බුරුල්ලක නැතිනම් මවකගේ පියයුරු පිහිටි ආකාරයට පිහිටීම නිසයි. මෙවැනි වලා ඇති වන්නේ ඉතා දරුණු වැසි කුණාටු ඇති අවස්ථාවලයි.

පිලියස් (Pileus) වලාකුළු කුඩා ප‍්‍රමාණයේ වලා විශේෂයක්. ඒවා ඇති වන්නේ විශාල වලාකුළකට ඉහළින්. නිදසුනක් වශයෙන් යමහලක් විදාරණය වීමේ දී ඉන් නිකුත් වෙන අළුවලාවකට ඉහළින් මෙවැනි කුඩා වලාකුළු ඇති විය හැකියි.

ඇක්ටිනෝෆෝම් වලාකුළු පෙනෙන්නේ අභ්‍යවකාශයට පමණයි. මේවා ඉතා විශාල වලාකුළු වෙයි. කිලෝමීටර සිය ගණනක් දිගට විහිදෙනවා. මේවා බොහෝ විට ඇති වන්නේ පොද වැසි සහිත අඳුරු කාලගුණයකදීයි.

ස්වනික ශබ්දය (Sonic Boom) නිසා ඇති වන වලාකුළක්. ඉහළ අහසේ දී මෙවැනි වලාවක් ඇති වන්නේ ශබ්දයේ වේගය (පැ.හැ.768කට වැඩි වේගයක්) ඉක්මවා යන ජෙට්යානයක් ඒ වේගය ලබාගන්නා විටදියි. ඒ වේගයෙන් යද්දී ඒ පසුපසින් වායුගෝලයේ කොටසක අඩු පීඩනයක් ඇති වෙනවා. මේ කොටසේ පීඩනය ජලවාෂ්ප ලෙස පවතින වාතයේ පීඩනයට වඩා අඩු වූ විට වාතයේ ඇති ජල වාෂ්ප ඝන වී වලාවක් ඇති වෙනවා. ශබ්දයේ වේගය ඉක්මවිය හැකි ගුවන් යානාවල විවිධ වේගයන් නිසා මේ තත්වයන් වෙනස් වෙනස් අයුරින් ඇති විය හැකියි.

පරමාණුක අවියක් පුපුරුවා හැරිය විට ඇති වන දැඩි තාපය නිසා කෙළින්ම කැරකෙමින් ඉහළ නඟින තාප කඳ අවට ශීතල වායුව ඒ දෙසට ඇද ගන්නවා. එයින් සර්පිලාකාරව වාතය ඉහළ ගෙන යන අතර සර්පිලය මුදුනේ දී එය හත්තක හැඩයක් ගන්නවා. මෙය එක්තරා දුරක් ඉහළ නැඟ පහළට වැටෙනවා. එසේ වැටෙන්නේ පහළ සිටින හැමෝමටම, පහළ ඉතිරිව ඇති හැමටම, මරු කැඳවන විකිරණශීලී ද්‍රව්‍ය රැගත් මාරක වැස්සක් ලෙසයි. මිනිසා ඇති කරන මිනිසටම වින කරන මේ වලාව නොදකින එක තරම් වාසනාවක් තවත් නෑ.


බිම සිට බලන විට තටක වලාකුළු (Shelf Clouds) පෙනෙන්නේ පහතින් පිහිටා ඇති ආකාරයටයි. කූඤ්ඤ හැඩැති මේ වලාකුළු බොහෝ විට ඇති වන්නේ අකුණු සහිත කුණාටු ඇති වන විටයි. මේ ඇමරිකාවේ මිනෙසෝටාවලදී දක්නට ලැබුණක්.

කුමුලොනිම්බස් (Cumulonimbus) වැහි වලාකුළු කෙළින් ම ඉහළ නඟිනවා. ඒවා නතරවන්නේ ම ස්වාභාවිකව හමුවන බාධකයක් වූ පතිවර්ති මණ්ඩලයෙහි (tropopause) වැදුනාමයි. එවිට ඒවා පැතලි වෙනවා. ඒවා සාමාන්‍යයෙන් වැඩිපුර ඇති වන්නේ දරුණු වැසි කුණාටු ඇති විටයි.

මේ දුර්ලභ ගණයේ වලාකුළක්. චිලි රාජ්‍යයට අයත් ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් දූපතේ ඇති කඳුමුදුනට ඉහළින් ඇති වූ මේ වලාකුළ වොන් කාමන් (Von Karman) වලාසළාවක් ලෙස හැඳින්වෙනවා. මේ පිළිබිඹුව කමරාවට හසු කර ගනු ලැබුවේ නාසා ආයතනයේ ලෑන්ඞ්සැට්-7 චන්ද්‍රිකාවේ සවිකර ඇති ඊටීඑම් නමින් හැඳින්වෙන සංවේදක උපකරණයකින්.

නොක්ටිලූසන්ට් (Noctilucent) වලාකුළුවල පිරී ඇත්තේ හිම ස්ඵටිකයි. ඒවා වායුගෝලයේ කිලෝමීටර 80ක් විතර ඉහළින් එල්ලෙමින් තියෙනවා. හිරු එළිය වැටුණු විට ඒවා සිතිජයෙහි දීප්තිමත්ව පෙනෙනවා. මෙය කැමරාවට හසු කර ගත්තේ වේගයෙන් යැවුණු මිසයිලයක් අහස සිසාරා ගිය පසුව ඇති වූ වලාකුළකින්.

විදුලි ආරෝපිත වැසි කුණාටු (Supercell thunderstorm) අති විශාල බලයක් ඇතිව භ‍්‍රමණය වෙනවා. ඒවා වාතයේ ඉහළට යමින් දරුණු කාලගුණ තත්වයන් ඇති කරනවා. ටෝනේඩෝවන් වැනි ප‍්‍රචණ්ඩ සුළි සුළං, හිම කැටි වැසි, අනෝරා වැසි ආදිය ඇති වන්නේ, අකුණු ගහන්නේ දරුණු සුළං ඇති වන්නේ එවිටයි.
මේ ගුරුත්ව වලාකුළු රටාව (Gravity wave clouds) හමුවුණේ මැක්සිකෝ බොක්කේ පිහිටි ටෙක්සාස් වෙරළට ඉහළින්. සාගරයට ඉහළින් ඇති වෙන මෙම රැලි රටාව ඉතා පැහැදිලිව පෙනෙනවා. මේ පිළිබිඹුව හසුකර ගත්තේ නාසා ආයතනයෙන් උඩුගුවනට යවා ඇති ඇක්වා චන්ද්‍රිකාවක සවිකළ ගුවන්විදුලි තරංග උපයෝගී කර ගන්නා වර්ණවලීමානයක් (Moderate Resolution Imaging Spectroradiometer) යොදා ගෙනයි.
මේ පියයුරු හෙවත් මැමටස් (mammatus) වලාකුළ දක්නට ලැබුණේ ඇමරිකාවේ දකුණු ඩකෝටාවේ ඊසානදිග ප‍්‍රදේශයේදියි. කාලගුණ විද්‍යාඥයන් මෙයට මැමටොකුමුලස් (mammatocumulus) යන නම වදන භාවිත කළේ ලතින් බසින් තන බුරුල්ලට යොදන නම ඇසුරු කර ගෙනයි. මෙම වලාකුළක යටිකොටසේ ඇති වලා ගුළි සෑදී ඇත්තේ කිරි බුරුල්ලක නැතිනම් මවකගේ පියයුරු පිහිටි ආකාරයටයි. මෙවැනි වලා ඇති වන්නේ ඉතා දරුණු වැසි කුණාටු ඇති අවස්ථාවලයි.

මේ ඡායාරූපය අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ සිට අජටාකාශගාමියකු විසින‘ ගන්නා ලද එකක්. මෙහි දැක්වෙන්නේ රුසියාවේ කුරිල් දූපත්වල පිහිටි සැරියෙචෙෆ් යමහල විදාරණය වෙද්දී ඒ ඉහළින් මතු වූ ඡුත‍්‍ර වලාවක් (මැද). මේ ඡුත‍්‍ර වලාවක් සෑදෙන්නේ දැවැන්ත වලාකුළකට ඉහළිනුයි.

ඇක්ටිනෝෆෝම් වලාකුළු අභ්‍යවකාශයේ සිට දැක ගත හැක්කේ මෙසේයි. මේ රටාවන් සැතැපුම් කිලෝමීටර ගණනාවක් දිග විහිදෙනවා. මෙවැන්නක් දර්ශනය වන්නේ පොද වැසි සමඟ අඳුරු කාලගුණයකදියි.

මෙය මිනිසා ඇති කරන වලාකුළක්. බැලූ බැල්මට පේන්නේ වලාකුළක් තුළින් ගුවන්යානයක් යනවා වාගෙයි. ඒත් ඉහළ අහසේ දී මෙවැනි වලාවක් ඇති වුණේ ශබ්දයේ වේගය ඉක්මවා යන ගුවන්යානයක් ඒ වේගය ලබාගත් අවස්ථාවේදියි. ඇමරිකානු ඒෆ්/ඒ-18 හෝනට් නම් ප‍්‍රහාරක ජෙට් යානය ඒ වේගයෙන් යද්දී ඒ පසුපසින් වායුගෝලයේ කොටසක අඩු පීඩනයක් ඇති වෙනවා. මේ කොටසේ පීඩනය ජලවාෂ්ප ලෙස පවතින වාතයේ පීඩනයට වඩා අඩු වූ විට වාතයේ ඇති ජල වාෂ්ප ඝන වී වලාවක් ඇති වෙනවා. ශබ්දයේ වේගය ඉක්මවිය හැකි ගුවන් යානාවල විවිධ වේගයන් නිසා මේ තත්වයන් වෙනස් වෙනස් අයුරින් ඇති විය හැකියි.

මේ ඔබ කිසිදාක දකින්නට නොපැතිය යුතු වලාකුළක්. මේ වලාකුළ 1956 මැයි 21 වැනිදා බිකිනි දූවට ඉහළ අහසේ දක්නට ලැබුණු එකක්. ඒ ඇමරිකාව හයිඞ්රජන් (ජලකර) බෝම්බය අත්හදා බැලූ අවස්ථාවේ දී අහසේ හත්තක් සේ මැවුණු වලාකුළයි. පරමාණු අවියක් පිපිර වූ විට ඇති වන දාම ප‍්‍රතිකි‍්‍රයාව නිසා පොළොවේ උෂ්ණත්වය ඉතා අධික වෙමින් කඳක් සේ ඉහළ නඟිනවා. මේ කාප කඳ ඇතුළට අවට ඇති ශීත වායුව උරා ගන්නවා. එවිට ඒ ඇතුළත ආවර්තව භ‍්‍රමණය වන සළාවක් නිර්මාණය වෙනවා. මෙය එක්තරා දුරක් ඉහළ නැඟ පහළට වැටෙනවා. එසේ වැටෙන්නේ පහළ සිටින හැමෝමටම, පහළ ඉතිරිව ඇති හැමටම, මරු කැඳවන විකිරණශීලී ද්‍රව්‍ය රැගත් මාරක වැස්සක් ලෙසයි.
 
Source  Malkakulu web

පාස්කු දූවේ යෝධ ගල් පිළිම දැන් ඉන්නා තැන්වලට ‘ඇවිද ගෙන’ ගියාද?


පොලිනීසියානු දූපත්වලට අයත් මේ වර්ග සැතැපුම් 63ක් පමණ වන පාස්කු දූවේ යෝධ ගල් පිළිම 1000කට වැඩියෙන් තියෙනවා. මේ පිළිම නෙළුවේ කවුරුන්ද? කුමක් සඳහා නෙළිවාද යන්න තවමත් විශාල අබිරහසක්.

එහි විශාලතම පිළිමය ටොන් 74ක්. උස අඩි 33ක්. මෝයි පිළිම ලෙස හැඳින්වෙන මේ පිළිම පිළිබඳ රහස තවමත් හෙළි නොවූවා සේම මෙම යෝධ ගල් පිළිම ඒවා නෙළීම සඳහා කඩා ගන්නා ලද ගල්වලේ සිට මේ තරම් දුර මුහුදු වෙරළ අද්දරට ගෙන ආවේ කෙසේ ද යන්නත් ලොකු අබිරහසක්.

 
සක්මනට සූදානම්ව: මේ කණ්ඩායම යෝධ කොන්කී‍්‍රට් අනුරුවක් තැනුවා, මේ නව න්‍යාය අත්හදා බලන්නට. දැන් ෆ්රිජ් එකක් ගෙනියනවා වාගේ පිළිමය ඇවිද්දවන්නයි හදන්නේ.

කලින් කළ අධ්‍යයනයන්ගෙන් කියැවුණේ මීට වසර 800කට පෙර මේ පාස්කු දූවේ පදිංචියට ආ, ‘රාපා නූයි’ යනුවෙන් හැඳින්වුණු මිනිස්සු මේ පිළිම නෙළා, ඒවා කොටන් මතින් තල්ලූ කර ගෙන මේ තැන්වලට ගෙනා බව.

දැන් ඒ දූපතෙහි දැන් එක ගසක්වත් නැත්තේ රාපා නූයිවරුන් ඔවුන්ගේ යෝධ පිළිම තැනීමේ ආශාව නිසා ඒවා අවශ්‍ය තැන්වලට ගෙන යාමට උදවු කර ගැනීම සඳහා ගස් කැපූ නිසා යයි මතයක් පළ කර තිබුණා.

එහෙත් දැන් මතයක් පළ කර තියෙනවා, ඒවා ගෙන යන්නට වෙනත් ක‍්‍රමයක් යොදා ගත් බවට. මේ නව මතයට අනුව ඔවුන් ඒවා ගෙන ගොස් ඇත්තේ අපි ෆි‍්‍රජ් එකක් ගෙතුළ ගෙන යන ආකාරයට පැත්තෙන් පැත්තට ඇල කරමින් බවයි.

මේ නව මතය පළ කර ඇත්තේ ඇමරිකාවේ ලෝන් බීච්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ කාල් ලිපෝ විසින්.

ඔහු කියන්නේ අංගසම්පූර්ණව නිම කර නැති පිළිම මෙසේ ඍජුව ගෙන යාමට නොහැකි නිසා මඳ දුරක් ගෙන ගොස් ඒවා අත හැර දමා ඇති බවයි.

මහාචාර්ය ලිපෝ හා යොනනලූලූහී හවායි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ ටෙරී හන්ට් මේ කල්පිතය පරීක්ෂාවට ලක් කළේ ඒ පිළිමයක එම ප‍්‍රමාණයේම කොන්කී‍්‍රට්වලින් තැනූ පිළිමයක් යොදා ගෙනයි. එහෙත් එම පිළිමය සැබෑ පිළිමය හා සමාන නියම බරින් යුතු එකක් නොවෙයි. ඒ නිසා මෙය විද්‍යාත්මකව පිළිගැනීමට ලක්වෙලා නැහැ.

 
‘හොයියා හෝයියා!’ කඹ තුනක් යොදා එකට තාලය අල්ලමින් දෙපැත්තට අදිමින් පිළිමය ගෙන යන්නයි මේ දැන් හදන්නේ.

 
පාස්කු දූවේ අහු අකිවිහී ම ඕයි පිළිම රැස. මෙහි 1000කට ආසන්න ගණනක් තියෙනවා.මහාචාර්ය ලිපෝගේ මේ උත්සාහය විද්‍යාත්මක එකක් නොවේ යයි විවාදයක් ඇති වී තිබෙන්නේ මේ සඳහා යොදා ගත් පිළිමය නියම පිළිමයක සැබෑ අනුරුවක් නොවීම නිසයි.

 
මෙම සිතියමෙන් දැක්වෙන්නේ ම ඕයි පිළිම පාස්කු දූව පුරා විසිරී ඇති ආකාරයයි. කොළ පැහැයෙන් දැක්වෙන්නේ අංගසම්පූර්ණ පිළිම ගමනාන්තය දක්වා ගෙනත් ඇති ආකාරයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ රානෝරරාකු ගල්වළ අසල ඇති සම්පූර්ණ නොකළ පිළිමයි. දුඹුරු පැහැ තරුවලින් දක්වා ඇත්තේ අතරමග දමා ගිය අසම්පූර්ණ පිළිමයි.

පාස්කු දූවේ ලෝක ප‍්‍රකට යෝධ පිළිම ගැන කෙටියෙන්

කාබන් දින නිර්ණයන්ට අනුව මේ පිළිම අයත් වන්නේ කි‍්‍ර.ව. 1100-1680 කාලයටයි.

දූවේ තැන්පත් කර ඇති හා කෞතුකාගාර ප‍්‍රදර්ශන පිළිමත් සමග ලේඛන ගත කොට ඇති මුළු පිළිම ගණන 887ක්.

මෙහි ඇති බොහෝ පිළිම උඩුකය පෙන්වන ඒවා වුවත් දණහිසෙන් ඉහළට හා සම්පුර්ණ සිරුරම ඇතුළත් වන සේ නෙළුෑ ඒවාත් මෙහි තියෙනවා.

සියලූම පිළිම නිමවා ඇත්තේ මළ යමහලක් වූ රානෝ රරාකු වළෙන් ලබා ගත් ගලෙනි.

මෙහි වේදිකාවක නංවා තබා ඇති ලොකුම පිළිමය ‘පාරෝ’ නම් වෙනවා. එහි බර ටොන් 82ක්. උස අඩි 32කට මඳක් වැඩියි.