Tuesday, December 23, 2014

අපේ ජීවිතය තුළ ලොකු පෙරළියක් කරන ති‍්‍රමාන (3D) ගෘහස්ත පි‍්‍රන්ටරය වෙළඳ පොළේ!

ඒක අඟල් 10කට වඩා උස නැහැ. බැලූබැල්මටම ළමයින්ගෙ සෙල්ලම් බඩුවක් වගෙයි. ඒත් මේ ති‍්‍රමාන (3D) ගෘහස්ත පි‍්‍රන්ටරය අපේ ජීවිතය තුළ ලොකු පෙරළියක් කරාවි.

ඔක්තෝබර් පළමුවැනිදා බි‍්‍රතාන්‍යයේ වෙළඳ පොළට ආ ‘ද කියුබ්’ (The Cube) නම් වූ මේ අපූරු උපකරණයට පුළුවන් ඔබට අවශ්‍ය හුඟක් දේ ගෙදරදී ම තනා දෙන්න. ඒවා සොයසොයා වෙළඳ පොළ පීරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වර්ග අඟල් 5.5ක් දක්වා ඕනෑම ප‍්‍රමාණයක දෙයක් ප්ලාස්ටික්වලින් නිපදවන්න මේ ති‍්‍රමාන පි‍්‍රන්ටරයට පුළුවන්. ළමයින් කෙළිබඩු, පාටිවලට අවශ්‍ය හැඳිගෑරුප්පු, කුස්සියට අවශ්‍ය ප්ලාස්ටික් මෙවලම් වැනි ඕනැම දෙයක් චෙස් ඉත්තන් වැනි දේත් එසැණෙන් තනා ගන්න පුළුවන්.

පි‍්‍රන්ටරය කියා අප මෙහිදී මෙයට භාවිත කරන්නේ ‘මුද්‍රණ යන්ත‍්‍රය’ කියා යොදන්න බැරි නිසයි. කලින් තිබූ පි‍්‍රන්ටරයට වැඩි දෙයක් දැන් මෙයට කළ හැකියි. මෙයට ‘නිෂ්පාදන යන්ත‍්‍රය’ කියා කිව හැකි වුවත් මා හිතන්නේ ඊට වඩා පහසුයි, ‘පි‍්‍රන්ටරය’ කියා කියන එක.

 
ප්ලාස්ටික් විප්ලවය - මෙයට යොදන ප්ලාස්ටික් කාට්රිජය (වමේ) වර්ණ 16ක ප්ලාස්ටික යොදා ගත හැකියි.

(1.) අඟල් 5.5ක් දක්වා උස ඕනෑම දෙයක් ති‍්‍රමාන පරිගණක ක‍්‍රමලේඛයක් යොදා ගෙන නිපදවිය හැකියි. පි‍්‍රන්ටරය සමග අයිතම 25ක මෘදුකාංග පැකේජයක් ලැබෙනවා. ගෙදරදොරට අවශ්‍ය හුඟක් දෑ එයට අයිතියි. මුදු මාල වැනි දේත් තනා ගන්න පුළුවන්. ඊට අමතරව අන්තර් ජාලය හරහා ඔබට සිය ගණනක් සැලැසුම් ලබා ගත හැකියි.
(2.) සැලසුම වයි-ෆයි මගින් පි‍්‍රන්ටරයට යවන්න පුළුවන්.
(3.) කාට්රිජයේ ඇති ප්ලාස්ටික් උණුකොට නොසලයක් හරහා පි‍්‍රන්ටරයේ තැනුම් මේසය මත සියුම් ස්තරයක් ලෙස නිපැයුම සම්පූර්ණ වන තෙක් පියවරෙන් පියවර වැක්කෙරනවා. මෙසේ වැක්කෙරන අතරතුර එහි සවි වීම සිදු වෙනවා.

මේ පි‍්‍රන්ටරයෙන් ඔබට අවශ්‍ය නම් ඔබේ කාරයේ ඉදිරිපස වීදුරුවේ සේදුම් නොසලය වැනි කුඩා දෙයක් වුනත් තනා ගන්න පුළුවන්.

ඔබට තනා ගන්න ඕනෑ දෙයෙහි සැලැස්ම ‘මෙමරි ස්ටික්’ මගින් හෝ අන්තර්ජාලයට සම්බන්ධ වයි-ෆයි (wi-fi) සැබැඳුමක් මගින් හෝ පි‍්‍රන්ටරයට ලබා දෙන්න පුළුවන්. ඒ අනුව කියුබ් පි‍්‍රන්ටරය පිඑල්ඒ නම්‍යශීලී ප්ලාස්ටික්වලින් හෝ ඒබීඑස් ඝන ප්ලාස්ටික්වලින් එවේලේම නිපදවනවා.

මේ ප්ලාස්ටික් වර්ග ප‍්‍රතිචකී‍්‍රකරණය කළෑකි. ඒවගේම ඒවා දිරාපත් වෙනවා, පරිසරයට හානියක් නැහැ. මේ ප්ලාස්ටික් ඇතුළත් කාට්රිජයක් වර්ණ 16කින් එනවා. ඒ සමහර වර්ණ අඳුරේදී දිලිසෙනවා.

 
මේ කියුබ් පි‍්‍රන්ටරය ඔක්තෝබර් 1 වැනිදා වෙළඳ පොළට ආවා. වර්ග අඟල් 5.5ක් දක්වා ඕනෑම ප‍්‍රමාණයක දෙයක් ප්ලාස්ටික්වලින් නිපදවන්න මේ ති‍්‍රමාන පි‍්‍රන්ටරයට පුළුවන්.

 
නිෂ්පාදන ආයතනය කියන්නේ ‘කියුබ්’ (Cube) නම් වූ මේ අපූරු උපකරණයට ඔබට අවශ්‍ය හුඟක් දේ ගෙදරදී ම තනා දෙන්න පුළුවන් බවයි. මීට පස්සේ ඒවා සොයසොයා වෙළඳ පොළ පීරන්න ඔබට අවශ්‍ය වෙන එකක් නැහැ.

දැනට මේ තාක්ෂණය මිල අධිකයි. මේ පි‍්‍රන්ටරයක මිල පවුම් 1,195ක්. කාට්රිජයක් පවුම් 52.80ක්. ඒ එකක ප්ලාස්ටික් ග්රෑම් 320ක් තියෙනවා. ඒ ප‍්‍රමාණවත් මොබයිල් ෆෝන් කේස් 53ක් හදන්න.

කියුබ් සමග නොමිලයේ සැලසුම් 25ක් ඔබට ලැබෙනවා. චෙස් ඉත්තන්, අත්පිස්නා රඳවනයන්, මුදුමාල අබරණ, කෝප්ප, ටීතේ පාටි සෙට්, මේසය මත තබන අලංකරණ දේවල් තනා ගන්න පුළුවන්.

 
ඔබට අවශ්‍ය දෙයෙහි සැලැස්ම ‘මෙමරි ස්ටික්’ මගින් හෝ අන්තර්ජාලයට සම්බන්ධ වයි-ෆයි (wi-fi) සැබැඳුමක් මගින් හෝ පි‍්‍රන්ටරයට ලබා දෙන්න පුළුවන්. ඒ අනුව කියුබ් පි‍්‍රන්ටරය පිඑල්ඒ නම්‍යශීලී ප්ලාස්ටික්වලින් හෝ ඒබීඑස් ඝන ප්ලාස්ටික්වලින් එවේලේම නිපදවනවා.

අනාගතයේ දී මේ පි‍්‍රන්ටරයෙන් කළ හැකි නොයෙක් සැලසුම් අන්තර්ජාලයේ වෙබ් අඩවිවලින් ඔබට ලබා ගත හැකි වේවි. ඒ වගේ ම ඔබේ ම ති‍්‍රමාන සැලසුම් වුනත් මෙමගින් තනා ගත්තෑකි.

 http://www.malkakulu.com/

වායු දූෂණය නිසා වසරකට නොමේරූ දරුවන් විසි ලක්ෂයක් මිය යනවා!


වායු දූෂණය නිසා වසරක් පාසා ලොව පුරා නොමේරු දරුවන් විසි එක් ලක්ෂයක් (මිලියන 2.1ක්) මියයන බව අලූත් ම පර්යේෂණයකින් හෙළි වෙනවා. මෙසේ මියයන ළදරු මරණ සංඛ්‍යාව මරණ අනුපාතය අනුව ඇතැම් රටවල ඉතාමත් වැඩියි.

නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණාගාරය වායු දූෂණය වැඩියෙන් සිදු වන ප‍්‍රදේශ දැක්වෙන ලෝක සිතියමක් සකස් කර තියෙනව, මෙහි ඇති අවදානම හා තත්වය තේරුම් ගන්න පහසු වෙන්න. ඒ දෙස බැලූ පමණින් ඔබට තේරුම් ගන්න පුළුවන් වායු දූෂණයට බලපාන ප‍්‍රධාන සාධකය ලෙස සැලකෙන ඉතා සියුම් අංශු (fine particulate matter) කොටස් ලොව පුරා විසිරී ඇති අන්දම ගැන.

1850 ජනවාරි 1 වැනිදා ලෝකයේ පැවති මට්ටම පිළිබඳ දත්තත්, 2000 ජනවාරි 1 වැනිදා වන විට පවතින දත්තත් ඒ මගින් සන්සන්දනය කළ හැකියි. ඒ අනුව වසරකට වර්ග කිලෝමීටර් 1000ක් තුළ සිදුවන නොමේරු දරුවන්ගේ මරණ සාමාන්‍යය දක්වා තියෙනවා.

 
මේ සිතියමෙන් දැක්වෙන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලය විසින් රැස් කර ගන්නා ලද දත්තයි. තද දුඹුරු පැහැයෙන් දැක්වෙන්නේ වැඩි ම ළදරු මරණ සිදු වන ප‍්‍රදේශයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ 1850 ගණන්වල පැවතියාට වඩා වායු දූෂණය අඩු වී පරිසරයේ වායුව යහපත් අතට හැරුණු රටවල් ඇතුළත් වූ ප‍්‍රදේශයි.

මොනවද මේ ඉතා සියුම් අංශු (fine particulate matter) කොටස් කියන්නේ?

මේ ඉතා සියුම් අංශු කොටස් සෑදී ඇත්තේ දූවිලි හා දැලි අංශු ආදියෙන්. ඒවා ඉතා සියුම්. ප‍්‍රමාණයෙන් මයික්‍රොමීටර් 2.5ක් හෝ ඊටත් කුඩා ඒවායි.

මේ අතිශයින් කුඩා ප‍්‍රමාණය නිසා විද්‍යාත්මකව ඒවා හැඳින්වෙන්නේ ‘පාටිකියුලේට් මැටර් 2.5’ හෙවත් පීඑම් 2.5 (PM2.5) කියලයි.

මේවා ඉතාමත් කුඩා නිසා පහසුවෙන් කෙනකුගේ ශ්වසන පද්ධතිය මගින් පෙනහැල්ලට ඇතුළු වී දරුණු ලෙස රෝගාබාධ ඇති කරනවා.

මේ පීඑම් 2.5 කියන අංශූන් මෝටර් රථවල පිටාර වායුව තුළත්, වෙනත් කර්මාන්තශාලාවලින් නිකුත් වෙන දුම්වලත්, ගෘහස්තව හා ස්වාභාවික ක‍්‍රමවලින් වායු ගෝලය එක්වෙන දුම්වලත් තිබෙනවා.

මේ තොරතුරු හා දත්ත එක් රැස් කර ඇත්තේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ සහය මහාචාර්ය ජෝන් වෙස්ට් විසිනුයි.

මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව පරිසර පර්යේෂණ ලිපි ඇතුළත් ‘එන්වයර්මන්ටල් රිසර්ච්’ (Environmental Research) ජර්නලයේ පළ වී තියෙනවා.

 
මෝටර්රථවල පිටාර දුමෙහි පමණක් නොව කර්මාන්තශාලවලින් නිකුත් වෙන දුමෙහි මේ පීඑම් 2.5 අංශූන් අඩංගු වෙනවා. ඒවා ඉතා කුඩා නිසා කෙනකුගේ පෙනහැල්ලට ඇතුළු වී ඔහු රෝගී කරවන්න පුළුවන්.

http://www.malkakulu.com/

ලෝකාවසානය ඇත්තට ම සිදුවෙනවා!

ලෝකාවසානය බොරුවක් නෙවෙයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන්ම උදා වෙන්නේ නැහැ. මිහිමත ජීවය අඩු තරමින් තවත් අවුරුදු බිලියන 1.75ක් වත් පවතීවි. සමහර විට බිලියන 3.5 වගේ කාලයක් නොනැසී පවතින්න ඉඩ තියෙනවා.

ඒ කාලයෙන් පසු සූර්යයා කොයිතරම් තාපයෙන් වැඩිවෙනවාදැයි කීවොත් මේ මිහිපිට කිසිම ජීවියකුට ජීවත් වෙන්න බැරි වේවි කියලයි විද්‍යාඥයන් විශ්වාසය කරන්නෙ.

හිරුගේ දැන් පවතින උෂ්ණත්වයට ගැළපෙන නියම දුරින් තමයි, අප ජීවත් වෙන පොළොව පිහිටලා තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ ‘වාසනාවන්ත කලාපය’ කියායි.

 
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ලෝකාවසානය සිදුවන්නේ සූර්යයා ක‍්‍රමයෙන් තාපයෙන් වැඩි වූ විටයි. එවිට පෘථිවියේ ජීවයට තවදුරටත් පැවතිය නොහැකි වෙනවා.

අනෙක් ග‍්‍රහයන් වගේ නෙවෙයි, අපේ පෘථිවිය පිහිටා ඇත්තේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මේ ‘වාසනාවන්ත කලාපයේ’යි. සූර්යයාගේ සිට මේ කලාපයට ඇති සුවිශේෂ දුර නිසා එහි සාගරවල ජලය සියල්ල වාෂ්ප වී ඉවත් වෙන තරමට රත් වෙන්නේවත්, පමණ ඉක්මවා සිසිල් වී, මිදී, සදාකාලිකව අයිස් බවට පත් වන්නේවත් නැහැ.

සූර්යයාත් තරුවක්. තරුවක් පමණ ඉක්මවා තාපය නිකුත් කරන්න පටන් ගත්තා ම ඒ හා සම්බන්ධ ග‍්‍රහයන් තුළ ස්වාභාවිකව පවතින ජලය නැති වී යනවා. එවිට කිසිදු ජීවයකට පැවතිය නොහැකියි.

සූර්යයා මේ තත්වයට පත් වූවා ම, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර එසේ ම තිබියදී ජීවය පැවතිය හැකි ‘වාසනාවන්ත කලාපය’ තවත් ඈතට තල්ලූ වෙනවා යයි විද්‍යාඥයන් කියනවා.

මේ විද්‍යාත්මක අනාවැකිය එන්නේ එක්සත් රාජධානියේ ඇති විශිෂ්තම විශ්ව විද්‍යාලයක් වන ‘ඊස්ට් ඇන්ග්ලියා’ (University of East Anglia) සරසවියේ පර්යේෂකයන් පිරිසකගෙන්. එම විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත්තේ නෝවිච්හිදියි. නොවිච් පර්යේෂණ උද්‍යානයේ පිහිටි පර්යේෂණාගරයෙදි තමයි, ඔවුන් මේ වාසනාවන්ත කලාපයේ අනාගතය ගැන සොයා බලා තියෙන්නෙ.

ඒ අය කියන්නේ අපේ සූර්යයාගේ ආයු කාලය අනුව අප ඉන්නා ‘වාසනාවන්ත කලාපය’ පවතින්නේ වසර බිලියන 6.3ත් 7.8ත් අතර කාලයක් පමණක්ය කියායි. මීට වසර බිලියන 4.55කට පෙර පෘථිවියේ උපත සිදු වූයේ ඒ ‘වාසනාවන්ත කලාපයේ’ ආරම්භයත් සමගයි.

ඔවුන් කියන්නේ මේ අනුව අපට තවත් ඉතිරිව ඇත්තේ වසර බිලියන 1.75ත් 3.5ත් අතර කාලයක් විතරයි. ඒ විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ එක් පර්යේෂකයකු වූ ඇන්ඩෲ රෂ්බි කියන්නේ ඒ කාලය ගෙවී ගිය පසු ‘වාසනාවන්ත කලාපය’ ඈතට තල්ලූ වන නිසා, පෘථිවියට එහි සාගර සියල්ල මුළුමනින් ම වාෂ්ප වී යන තාපාධික කලාපයට ඇතුළු වීමට සිදු වෙන බවයි.

 
මේ රූපයේ පෘථිවිය පිහිටා ඇති තැන ඔබට පෙනෙනවා ඇති. තාපය අඩුත් නැති, වැඩිත් නැති ‘වාසනාවන්ත කලාපය’ කියන්නේ ඒ හරියටයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති අනෙක් ග‍්‍රහයන්ගේ ජීවය නොපවතින්නේ ඒ නිසයි.

‘අපට පෙනෙනවා මේ තත්වය උදා වූ විට මහා විනාශයක්, සියලූ ම ජීවීන්ගේ අහෝසිවීමක් නියත වශයෙන් ම සිදු වන බව.’ යයි රෂ්බි කියනවා.

ඔහු පවසන පරිදි මුලින් ම වඳවී යන්නේ මිනිසායි. එය වසර බිලියන 1.75ක් වූ පෘථිවියේ ජීවය පැවතිය හැකි ආයු කාලය තුළ මුලින් ම විනාශ වන්නේ මිනිස් වර්ගයායි.

‘මිනිසාට තමයි මුලින් හානි වන්නේ. උෂ්ණත්වය සුළු වෙනසක් වුනත් මිනිසාට එය දැරිය නොහැකියි. අවසානය තෙක් ඉතිරි වන් නේ දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ක්ෂුද්‍ර ජීවී විශේෂ විතරයි.’ රෂ්බි තවදුරටත් කියනවා.

මේ පර්යේෂණ ව්‍යාපෘතියේ දී වාසයට සුදුසු, ජීවය පැවතීමට ඉතා සුදුසු උෂ්ණත්වයක් ඇති, වෙනත් ග‍්‍රහයන් හත් දෙනකු ගැනත් ඔවුන් සොයා බලා තියෙනවා. ඒ අනුව සුදුසු පරිසරයක් වැඩිම කාලයක් පවතින ග‍්‍රහ ලෝකය ලෙස ඔවුන් හඳුනා ගෙන ඇත්තේ ‘ග්ලීස් 581ඞී’ (Gliese 581d) නම් ග‍්‍රහ ලෝකයයි. එහි ‘වාසනාවන්ත කලාපය’ වසර බිලියන 55ක් පමණ කාලයක් පවතින බව ඔවුන් කියනවා.

 
‘ඊස්ට් ඇන්ග්ලියා’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කියන්නේ මේ නිල් පොළොවෙහි ඇති ජලය සියල්ල වාෂ්ප වී යාමෙන් පෘථිවියේ අවසානය සිදු වන බවයි.

පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල මේ ‘ග්ලීස් 581ඞී’ ග‍්‍රහ ලෝකය පිහිටා ඇත්තේ අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20ක් ඈතින්. ඒක පොඩි දුරක් නෙමෙයි.

ඒත් රුෂ්බි කියන්නේ ඊට මෙහායින් ඒ කියන්නෙ ආලෝක වර්ෂ 10ක් මෑතින් පිහිටි වාසයට සුදුසු ග‍්‍රහ ලෝකයක් අනාගතයේ දී සොයා ගත හැකි වේවි කියලයි. කොහොම වුනත් ඒකට යන්නත් දැනට ලබා ඇති තාක්ෂණික දියුණුව අනුව අවුරුදු ලක්ෂයක් විතර යාවි.

ඒ නිසා අපට යා හැකි ආසන්නම තැන අඟහරුයි. සූර්යයාගේ ‘වාසනාවන්ත කලාපය’ පෘථිවිය පිහිටි තැනින් එහාට තල්ලූ වූ පසුව අඟහරු ඊට ඇතුළු වෙනවා. ඒ නිසා අඟහරුට තවත් අවුරුදු බිලියන හයක් ඒ කියන්නේ සූර්යයාගේ ආයු කාලය ඉවර වෙනකන් රැඳී ඉන්න පුළුවන්.

මේ කරුණු අනුව අඟහරු මත ජනවාස හදන්න යන එක තමයි වඩාත් නුවණට හුරු වන්නේ.

මේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියේ ජීවිත කාලය ගණන් බලා ඇත්තේ සූර්යයාගේ උණුසුම් වේගන යන වේගය අනුව යමින්.

මේ විශ්ව විද්‍යාලය නව පර්යේෂණ සඳහා යුරෝපයේ ඇති කැපීපෙනෙන එකක්. දේශගුණය හා කාලගුණය පිළිබඳ පර්යේෂණ තමයි, වැඩිපුර කෙරෙන්නේ.

මේ නව පර්යේෂණය සිදු කර ඇත්තේ එහි පරිසර විද්‍යා අංශයට අයත් සාගර හා වායුගෝලීය විද්‍යාවන් සඳහා වෙන් කෙරුණු පර්යේෂණ අංශයෙන්.

 http://www.malkakulu.com/

සිනහ යෝග ක‍්‍රමයෙන් සුවපත් වෙන්න.

සිනාසීම හොඳ දෙයකි. එහෙත් අප බොහෝ දෙනකු ඇති පමණට සිනාසෙන්නේ නැත. ඔබට දිනකට මිනිත්තු 10 සිට 15 දක්වා කාලයක් හොඳින් සිනාසීමට හැකි නම් සතියකට ඔබේ සිරුරට අවශ්‍ය ශක්ති ප‍්‍රමාණය කැලරි 280කින් වැඩි කර ගත හැකියි.

සිනාසීමේ දී ඔබේ සිරුරට හා මොළයට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ඇතුළු වෙයි. එසේ ම එයින් ශරීර සුවතාව දැනවීම පිණිස, මොළයේ නිපදවෙන එන්ඩෝපින් රසායනය වැඩිපුර නිපදවා මුදා හැරීමට අවශ්‍ය උත්තේජනය ද සැපයෙයි.

මෙය ඔබට අඩු තරමින් දිනකට 100 වරක්වත් සිනාසෙන්න හොඳ හේතුවක් කර ගන්න පුළුවන්. මේ සඳහා හොඳම ක‍්‍රමය සිනහ යෝග (Laughter Yoga) යි. මේ විස්මිත ක‍්‍රමය හඳුන්වා දී ඇත්තේ ඉන්දියානු කායික වෛද්‍යවරයකු වූ වෛද්‍ය මදන් කැතරියායි. ඔහු විසින් මුල්වරට 1955 දී මේ සඳහා සිනහ සමාජයක් ද පිහිටුවනු ලැබුවා.

 
වෛද්‍ය මදන් කැතරියා

අද මේ සිනහවීමේ ව්‍යාපාරය ලොව පුරා ප‍්‍රචලිත වී ඇති අතර රටවල් 72කට වැඩි ප‍්‍රමාණයක සිනහ සමාජ පිහිටුවා තිබෙනවා. 2013 සැප්තැම්බර් 14 වන දා ඇමරිකාවේදී එම ව්‍යාපාරයේ 8 වන වාර්ෂික සමුළුව පැවැත්වුවා.

මේ සිනහ යෝග හඳුන්වා දුන් අලූත් රාජ්‍යය කාටාර්. එරටට මෙය හඳුන්වා දුන් ගාබී පේසෝ (Gabi Pezo) ඒ ගැන කියන්නේ මෙහෙමයි.

"සිනහ යෝග සමග ඔබට යෝග ක‍්‍රමයට හුස්ම ගන්නා ගමන් හේතුවක් නැතිව සිනහවක් ඇති කර ගත හැකියි. ඒ සඳහා විහිළුවක්, හාස්‍යජනක සිද්ධියක් ආධාර කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පන්තිවල දී සිනහව ඇති කරන්නේ කණ්ඩායමක් තුළ කෙරෙන ශාරීරික ව්‍යායාමයක් හැටියටයි. එකිනෙකා දෙස බලා ගෙන කුඩා ළමුන් සේ සෙල්ලමට සිනහ වෙන්නට ඒ අයට පුළුවන්. ආරම්භ කර ඉක්මනින් ම මේ සිනහව සැබෑ එකක් සේ ඔවුන් අතරේ පැතිර යනවා." පේසෝ ඒ පිළිබඳව පැහැදිලි කරමින් කියනවා.

එක්වදෝරයේ උපන් ඇය මේ පිළිබඳව ඉගෙන සහතික ලබා ඇත්තේ මියාමිහිදීයි. ඩුබාහි ජීවත් වූ ඇය දෝහාවල පදිංචියට ආවේ වසර කීපයකට පෙරාතුවයි. එසේ වුවත් ඇය සිනහ යෝග ඉගැන්වීම මෙහිදී ආරම්භ කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

"සිනහ යෝග සංකල්පයට පදනම් වී ඇත්තේ ව්‍යාජව හෝ සැබෑවටම කරන සිනහවේ වෙනසක් සිරුරට දැනෙන්නේ නැත යන විද්‍යාත්මක සාධකයයි." ඇය පැහැදිලි කරයි.

ඒ අනුව, සිනහව ව්‍යාජව ඇති කළ ද පුද්ගලයකුට ඉන් ලැබෙන කායික හා මානසික ප‍්‍රතිලාභවල කිසිදු වෙනසක් සිදු වන්නේ නැත. මෙහි පුරෝගමී වූ වෛද්‍ය කටාරියා උපදෙස් දෙන්නේ යමකුට තනිවම වුවත් මෙම සිනහ යෝගවල යෙදිය හැකි බවයි.

"මේ කෙනකුගේ සිතෙහි ඇති වන ආතතිය හා රින සිතිවිලි පහ කර දැමීමට ඇති ඉතාම හොඳ ක‍්‍රමයක්. ඒ වගේ ම මේ ක‍්‍රමයෙන් සිතෙහි ඇති වන තරහව පහසුවෙන් ම පහ කර ගන්න පුළුවන්. මෙයින් තමන් තුළ ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්නත් හැකියාව ලැබෙනවා. සිතෙහි ඇති වන ලැජ්ජාවත් චකිතයත් අඩු කර ගන්නත් මේ මගින් පුළුවන්." යැයි ඔහු ‘ලාෆ්ටයෝග.ඕග්’ (laughteryoga.org) වෙබ් අඩවියට පසුගියදා කීවා.

"එදිනෙදා ජීවිතයේ දී අපට මුහුණ පාන්නට වන හිරිහැර කරදරවලින් පහසුවෙන් ම ජය ගන්නට මෙය උදවු වෙනවා. ඔබ යමක් මිලට ගන්නට ගිය විට සිදු වන වෙළඳ පොළේ ඇති විකුණුම් යන්ත‍්‍රවල බිඳ වැටීම්වල දීත්, මගතොට ඇති වන වාහන තදබදවල දීත්, බාලයන්ගේ කෙණෙහිලිකම් සිදු වන විටත්, සුපිරි වෙළඳ සල්වල දිග පෝලිම් ඇති විටත් ඔබේ සිතේ ඇති විය හැකි අසහනකාරී අප‍්‍රසන්න සිතුවිලි මග හරවා ගැනීමටත් මේ සිනහ යෝග උදවු කර ගන්න පුළුවන්." මේ විශේෂඥවරිය තවදුරටත් කීවාය.

ඇය මුලින්ම සිනහ යෝග ගැන ඉගෙන ගත්තේ 2007 දීය. " සිනහ යෝග උපදේශකයකු ලෙස මියාමිවල දී සහතිකපත් ලබා ගනිද්දී මම මගේ උපදේශක වරියට කීවා, මම ඩුබායිවලට යන බව. එවිට ඇය කීවේ එහිදී නම් සිනහ යෝග ඉගැන්වීම කිසිසේත් නොකළ හැකි බවයි. ඒ නිසා ඇගේ වචනයට ගරු කර ටික කලක් මා එහි ගිය දැන්වීම් ඒජන්සියේ රැකියාවේ ම නිරත වන්නට කල්පනා කළා. ඒ 2011 වනතෙක් පමණයි. ඊට පස්සෙ මම ළමයින් ටික දෙනකු එක් කර ගෙන මේ සම්බන්ධව වැඩ කරල බැලූවා." ඇය පැවසුවා.

"ළමයින් සඳහා මෙය කළ යුත්තේ වෙනස් විදියක පන්තියක් මගිනුයි. වැඩිහිටියන්ට, රෝහලක රෝගීන්ට වුනත් මෙය කළ හැකියි. දරුණු ලෙස රෝගී වූ අයත්, හෘද රෝගීනුත්, අවසාන තුන්මාසය පසු කරන ගර්භණී මාතාවනුත් හැර අනෙක් ඕනෑම තරාතිරමක අය සමග මෙය කළ හැකියි." ඇය වැඩි දුරටත් කීවාය.

"සිනහ යෝග කරන කොට ඔබට මුලින් ලජ්ජා හිතේවි, නුහුරු ගතියක් දැනේවි. ඔබ සිනහ යෝගවලට එක් වෙන්න කැමති නම් පූර්ව නිගමනවලින් බැහැරවෙලා, එන්න. මේ පන්තියෙදි ඔබට පුළුවන් විවිධාකාරයේ අභ්‍යාසයන් මගින් ඔබ කී‍්‍රඩා පිටියෙදි ගත කළ ඒ ඔබේ ළමා කාලය මතු කර ගන්ට. ඒ එක්කම පුළුවන් වේවි එදිනෙදා ජීවිතයෙදි ඔබට මුහුණපාන්නට වන ආතතීන් හා සිත්තැවුල් අමතක කර දමන්න. හොඳින් හුස්ම ගෙන පිට කරන ගමන් ලොකු සිනහවක් නගන්න, ඒ සිනා අතරතුර ඔබ අසල ඉන්නා අයව සිනහ වීමට පොලඹවන්න. මෙතෙක් ලැබෙතැයි නොසිතූ දේ ඔබට ලැබේවි. එයින් ලැබෙන ප‍්‍රබෝධයෙන් ඔබට දවසේ ඉදිරි කාලය මුවගට සිනා රැුල්ලක් නඟා ගෙනම ගත කළෑකියි."

පේසෝ වැඩි දුරටත් මෙසේ කීවා: "පන්තිය ඉවර වුනාට පස්සෙ මට පුදුම සතුටක් ඇති වෙනවා. හිතට හරිම සහනයක් දැනෙනවා. මේක මිහිපිට ඇති පී‍්‍රතිමත් ම කාර්යය කියලා හිතෙනවා. පහන් සිතක් ඇති වෙනවා. දවස පුරාම ඒ සතුට පවතිනවා. "

මේ සිනහලැදියා යෝජනා කරන්නේ දිනපතා මිනිත්තු 15ක් සිනාසිය හැකි නම් ඒ ප‍්‍රමාණවත් බවයි. මේ සරල කි‍්‍රයාව ගෙදරදී තනිවම අප‍්‍රසිද්ධියේ ම කර ගත හැකියි. උපදේශකයා කියන්නේ මෙය කළ හැකි හොඳම තැන නාන කාමරයේ වතුර මල යටදී බවයි. "එය තමා ඔබට තනිපංගලමේ සිටිය හැකි දවසේ එකම මොහොත, කාටවත් නොපෙනී, ලජ්ජාවට පත් නොවී මෙය කළ හොඳම අවස්ථාව එයයි." ඇය කියන්නීය.

"මං බලාපොරොත්තු වෙනවා මේ සිනහ යෝග කටාර්වල හැමදෙනාම සතුටින් බාර ගනීවි කියලා. මං හිතනවා, මෙහෙ ඉන්න අයට මෙයින් හුඟක් ප‍්‍රයෝජන ගත හැකියි කියලා. ඒ මොකද කියනවා නම් මේ නගරය ආතතියෙන් පිරුණු තැනක් වාහන තදබදය හා වෙනත් දේ නිසා. මගේ අපේක්ෂාව මෙහි ඉන්න හැමදෙනාම, කටාර් වැසියන් පමණක් නොවෙයි, පිටින් ආපු අයත් ඇතුළු හැමදෙනා ම මෙයින් විනෝදයක් ලබා වි යන්නයි. මං හිතන්නෙ මෙය පාසල්වලටත් හඳුන්වා දිය යුතුයි. මන්ද යත් මෙය ළමයින්ට උගන්වනවා, අනිත් අයට හිනාවෙනවා වෙනුවට හැම දේට ම හිනා වෙන්න."

සිනහ යෝගවලදී තිබිය යුතු වඩාත් වැදගත් දෙය වන්නේ ඒ සඳහා බලවත් කැමැත්තක් ඇති කර ගැනීමයි. වෙනත් අය සමග ඇසින් බැඳෙමින් සම්බන්ධකම් පවත්වා ගෙන කී‍්‍රඩාවක් ලෙස එය පවත්වා ගෙන යාමයි.

 http://www.malkakulu.com/

එනම් 2083 දී ලෝකය කොයි වගේ වේවිද?

එංගලන්තයේ කිරුළට තවත් උරුමක්කාරයකු පසුගියදා උපන් බව ඔබ දන්නවා. අනාගත රජකම හිමි රජ පවුලේ තුන්වැනි උරුමක්කාරයා වන ඒ රාජකීය බිළිඳා, හත් වන ජෝර්ජ් නමින් රජ විට, එනම් එක්සත් රාජධානියේ පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලයේ ද නායකයා වන විට, ඔහු ඉදිරියේ ඇති ලෝකය කොයි වගේ එකක් වේවිද?

පසුගිය සති කීපය තිස්සේ රාජකීය බබාගේ උපත නිසා එංගලන්තයේ වැඩි දෙනකුට 'උණක්' හැදිලා තිබුණා. වෙළඳ ආයතනවලට පවා ඒ 'උණ' වැළඳුණා. ඒ 'උණ' හැදිච්ච සමාගම් අතරින් ආයෝජන සමාගමක් හා තවත් අනාගතය දකින ආයතන කීපයක් ඒ ගැන විමසුම් කරල තියෙනවා. දැන් පවතින වාර්ෂික වර්ධන අනුපාතයන් හා ඓතිහාසික දත්තයන් යොදා ගෙනයි, මේ අනාවැකි විමසුම් කළේ. එරට අනාගත දියුණුව කොයි ආකාරයට සිදුවේවිද කියායි. මෙහිදී පරිගණක හා තාක්ෂණ දියුණුව හා උෂ්ණත්වයේ වැඩි වීම ආදී ප‍්‍රවණතා විශේෂයෙන් සැලකිල්ලට ගත්තා.

2083 ඉලක්ක කර ගෙනයි, මේ අනාවැකි පළ කරලා තියෙන්නේ. ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු ලෝකයේ කොයි රටේ සිටියත් අපටත් අදාළ ඒවා නිසා ඔබත් කැමති වේවි ඒවා ගැන දැන ගන්න.

ඔවුන් කියන විදියට තව දශක කීපයකින් අප හැම කෙනකුම මිලියනපතියන් වී හමාරයි. අපට ප‍්‍රවාහන ක‍්‍රමයක් ලෙස ටෙලිපෝටේෂන් (teleportation) දැක ගන්න පුලූවන් වේවි. පාන් ගෙඩියක් පවුම් 20ක් විතර වේවි.

සුපර්මාර්කට් එකක කිරි පයින්ට් එකක් හා බිත්තර දුසිමක් පිළිවෙළින් පවුම් 321.21ක් හා පවුම් 66.03ක් මිල වේවි. සාමාන්‍යයෙන් නිවසක් මිල දී ගැනීමට පවුම් මිලියන 7ක් වැය කරන්න සිදුවේවි.

බීර පයින්ට් එකක් පවුම් 476.86ක් වේවි. මැක්ඩොනල්ඞ්ස්ලාගේ 'බිග් මැක්' හැම්බර්ගයක් පසුගිය දශකයේදී එකම මිලක් පැවතුනත් ඒ වන විට පවුම් 3.73ක් තෙක් වැඩි වේවි.

සාමාන්‍ය මට්ටමේ විවාහ උත්සවයක් සඳහා පවුම් 132,000ක් වැය වේවි. ළමයකුට වයස 18 පිරෙන තෙක් ඉගැන්වීමට පවුම් මිලියන 5.6ක් වැය කිරීමට දෙමාපියන්ට සිදුවේවි.

ඒ වගේ ම කේමිබි‍්‍රජ් කුමාරයාගේ කාලයේ එංගලන්තයේ ජනතාව ආයුස අතිනුත් වැඩිකාලයක් ජීවත් වේවි.

"අපේ බොහොමයක් ආයෝජකයන්ගේ දරුවන් ජෝර්ජ් රජුගේ කාලය වන විට වැඩිහිටියන් බවට පත් වෙන අය නිසා ඔවුන් අනාගතය දැන් සිටම සැලසුම් කරන්නට ඔවුන් කැමති වේවි. ඒ වගේ ම ඔවුන් කැමති වේවි දරුවන්ගෙ අනාගතයත්, මුදල් භාවිතා කරන ආකාරයත් කොයි ආකාරයට සිදු වේවිද කියා දැන් සිටම දැන ගන්න " යනුවෙන් ඒ සමීක්ෂණය කළ ආයතනයේ (DGCAssetManagement.com) ඬේවිඞ් ගානර් කියනවා.

"අපි මේ ගණනය කිරීම් සඳහා ඓතිහාසික දත්තවල පටන් වාර්ෂික වර්ධන අනුපාතයන් දක්වා දත්ත යොදා ගත්තා, ඉදිරි වසර 70 තුළ දැන් තත්වය කොයි ආකාරයට වෙනස් වේවිද කියා දැන ගන්න." ඔහු වැඩි දුරටත් කියනවා.

"අප හැමදෙනාම ඒ කාලෙ වෙන කොට උද්ධමනයට මුහුණදීමට හුරු වේවි. අද පවතින මිල ගණන් අනුව අපට එය හිතා ගන්න පුළුවන්."

 
2083 දී බීර පයිනට් එකක් පවුම් 476.86ක් වේවි. මැක්ඩොනල්ඞ්ස්ලාගේ ‘බිග් මැක්’ හැම්බර්ගයක් පසුගිය දශකයේදී එකම මිලක් පැවතුනත් ඒ වන විට පවුම් 3.73ක් තෙක් වැඩි වේවි.

"මේ ඉලක්කම් දුටුවාම මේක විය හැකි දෙයක් දැයි මවිත හිතනවා, ඒත් පසුගිය වසර 30ක් තිස්සේ සිදු වෙලා තියෙන මිල වැඩිවීම් දිහා බලන කොට මෙවැනි තත්වයක් ඇති වේවිය කියා පිිළිගන්න පුළුවන්." ඔහු අවසාන වශයෙන් කීවා.

තවත් මෙවැනිම ගණන් බැලීමක් කර අනාවැකි පළ කර තියෙනවා, ‘ෆියුචර් ටයිම්ලයින්’ (Future Timeline.net) වෙබ් අඩවිය මගින්. එහි පිවිස මේ තතු විස්තර සහිතව දැන ගන්න ඔබටත් පුළුවන්.

ඔවුන් කියන්නේ 2083 වසර වෙන කොට අති-බුද්ධිමත් පරිගණක බිහිවෙන බවයි. "පසුගිය වසර දහදාහක කාලයක් තිස්සේ මිනිස් මොළයෙන් කළ දෑ නැනෝ තත්පර දහයකටත් අඩු කාලයකදී කරන්න ඒ පරිගණකවලට පුළුවන්." ඔවුන් කියනවා.

ඔවුන් විට විශ්වාස කරන්නේ 2083 වන සාමාන්‍ය පුරවැසියකුට සිරුරේ අවයව සඳහා ජෛවතාක්ෂණික බද්ධ කිරීම් රාශියකට මුහුණ දීමට හැකි වේවි. වෛද්‍ය මෙවලම් රැසක් සිරුරේ තැන්පත් කර ගෙන වැඩි කාලයක් ජීවත් වීමට සාමාන්‍ය පුරවැසියකුට හැකි වේවි.


 
සුපර්මාර්කට් එකකදී පවුම් 321.21කට කිරි පයින්ට් එකක් ද පවුම් 66.03කට බිත්තර දුසිමක් ද මිලදී ගත හැකි වේවි. සාමාන්‍යයෙන් නිවසක් මිල දී ගැනීමට පවුම් මිලියන 7ක් වැය කරන්න සිදුවේවි.

 
ඔවුන්ගේ අනාවැකිවලට අනුව තව අවුරුදු 70කින් බි‍්‍රතාන්‍යයේ හැම කෙනකුම මිලියනපතියන් වෙනවා. ඒ වගේ ම ඔවුන්ට ටෙලිපෝටේෂන් (teleportation) ක‍්‍රමය යොදා ගෙන එක් තැනක සිට තවත් තැනකට යාමට හැකි වේවි.

මිනිසාට ඒ කාලයේ දී බද්ධ කෙරෙන කෘති‍්‍රම අවයව අකි‍්‍රය නොවන ඒවායි. බයොනික ඇස් හා කන් නිසා ඔහුට සුපර්මෑන් කෙනකුට වැනි හැකියාවක් ලබේවි. මොළයට සම්බන්ධ කළ හැකි නැනෝ තාක්ෂණික පරිගණක අතුරුමුණත් මගින් ඔහුට සුපිරි මොළයක් හා බුද්ධියක් ලැබේවි.

අනාගත දියුණුව ගැන අනාවැකි කියන විශේෂඥයන් කියන්නේ 2083 වන විට අප ලබන විද්‍යා දියුණුව අනුව ඇමෙරිකාවත් යුරෝපයත් යා කෙරෙන උමං මාර්ගයක් ඇති කෙරෙනවා. මොළයේ අර්බුදවලින් මියයන සංඛ්‍යාව සියයට සීයකින්ම අඩු කෙරෙනවා.

එසේ වුවත් 2080 දසකය බොහොමයක් සත්ව විශේෂවලට එතරම් ගුණදැයක එකක් වෙන්නේ නැහැ. කටුස්සන්, ධ්රුව වලසුන් ඇතුළු සතුන් ගණනාවක් ඒ කාලයේ සිදුවන දේශගුණික විපර්යාසයන් නිසා වඳවී යනවා. ඒ වගේ ලෝක කෘෂිකර්මාන්තයටත් හැනි සිදු වෙනවා, ‘දරුණු තාප තරංග’ ඇති වීම නිසා.

ලන්ඩන් හා පැරිස් වැනි නගරවල ගී‍්‍රෂ්ම ඍතුවේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනවා. යුරෝපා මහාදවීපයේ දකුණුදිග ප‍්‍රදේශවලට මේ තත්වය වඩාත් දරුණු වේවි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවන්නට ඉඩ තියෙනවා. ඒ ප‍්‍රදේශවල ජනයා උෂ්ණත්වයෙන් මිරිකී මිය යන්නට ඉඩ තියෙනවා.

 
මිනිසාට ඒ කාලයේ බද්ධ කෙරෙන කෘති‍්‍රම අවයව කිසිදාක අකි‍්‍රය වන්නේ නැහැ. බයොනික ඇස් හා කන් සුපර්මෑන් කෙනකුට වැනි හැකියාවක් ලබා දේවි. මොළයට සම්බන්ධ කළ හැකි නැනෝ තාක්ෂණික පරිගණක අතුරුමුණත් මගින් ඔහුට සුපිරි මොළයක් හා බුද්ධියක් ලැබේවි.

අනාවැකි කියන විශේෂඥයන්ගේ අදහස ලෝකයේ බොහෝ කලාපවල ලැව් ගිනි ඇති වීමෙන් වනාන්තර විශාල වශයෙන් අහෝසි වී යන බවයි. එසේම දිගින් දිගටම ඇති වන නියඟයන් නිසා ලෝකයේ ගංගාවන් බොහොමයක් ම සිඳී යනවා.

ස්පාඤ්ඤය, ඉතාලිය හා බෝල්කන් රටවල් කාන්තාර බවට පත් වෙනවා. එවායේ දේශගුණය උතුරු අපි‍්‍රකාවේ දේශගුණයට සමාන වෙනවා.

ඒ අතින් එසේ වුවත් විද්‍යා දියුණුව අතින් දීප්තිමත් තත්වයක් උදා වෙනවා. ක්වොන්ටම් අතින් කෙරෙන පර්යේෂණවලට ලොකු රුකුලක් ලැබෙනවා, කෘති‍්‍රම බුද්ධිය හා පික්ටෝ තාක්ෂණ වේදය අතින් ලබන ප‍්‍රගතිය නිසා. ඒ අතින් ගමනාගමනයේ හා ප‍්‍රවාහන ක‍්‍රමයේ විශාල පෙරළියක් සිදු වෙනවා.

 
ලන්ඩන් හා පැරිස් වැනි නගරවල ගී‍්‍රෂ්ම ඍතුවේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන්නට ඉඩ තියෙනවා. ඒ වගේම මිනිසා මේ දශකයේ දී බෘහස්පතී ග‍්‍රහයාට පා තබාවි.


අනාගතය ගැන කියන විශේෂඥයන්ගේ අදහස අනුව 2083 දී විශාල ප‍්‍රමාණයේ වස්තූන් ටෙලිප‍්‍රවාහන ක‍්‍රමය මගින් එක් තැනක සිට තවත් තැනකට යවන්න හැකි වෙනවා.

එංගලන්තයේ අනාගත අධිරාජයාට දැක ගන්න පුළුවන් වේවි, මුළු ලෝකයම එකම මුදල් වර්ගයක් භාවිතය ආරම්භ කරනවා. ඒ වගේ ම ඔහුගේ කාලයේ දී ගුරු ග‍්‍රහයාට පා තබනවාත් දැක ගත හැකි වේවි.

 http://www.malkakulu.com/

නව ලෝකයේ පැරණි ලෝක ගෝලයක් හමුවේ! තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්.

පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්.

මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා.

මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා.

 
පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ.

ජම්බෝල ගෙඩියක් තරම් වන මෙම ලෝක ගෝලය නිර්මාණය කර ඇත්තේ පැස්බර බිත්තර දෙකක යටි අර්ධ දෙකක් එකට බද්ධ කරමිනුයි. ලෝක ගෝලයේ නියම ගෝලාකාර හැඩය රැක ගෙන ඇත්තේ ඒ ආකාරයටයි.

මේ ලෝක ගෝලය හමුවන තෙක් නව ලෝකයේ සිතියම දැක්වෙන පැරණිම ලෝක ගෝලය වූයේ ‘ලිනෝ ග්ලෝබ්’ (Lenox Globe) ලෙස හැඳින්වෙන ගෝලයයි. එය තැන්පත් කර ඇත්තේ නිව්යෝක් මහජන පුස්තකාලයේයි. බිත්තර යොදා කළ ලෝක ගෝල අතරින් පැරණිතම එක ලෙස මෙය හැඳින්විය හැකි යැයි වොෂින්ටන් සිතියම් සංගමයේ (The Washington Map Society) නිල සඟරාව වූ ‘ද පෝටෝලාන්’ (The Portolan) හි පළ කළ අධ්‍යයන වාර්තාවකින් කියැවෙනවා.


 
මෙම ලෝක ගෝලයේ නැව්, රකුසන්, මුහුදු රැලි ආදිය චිත‍්‍රණය කර තියෙනවා. ඒ අතර අතරමං සේලරුවකුගේ චිත‍්‍රයකුත් තියෙනවා. ස්ථාන නාම 71ක් ලකුණු කර ඇති අතර එහි ‘මකරුන්ගේ දේශය යනුවෙන් සටහනක් ද වෙනවා. ජපානය, බ‍්‍රසීලය ආදියත් සටහන් කර තියෙනවා.

ඒ ඒ රටවල සිතියම් විශේෂඥයන් සඳහන් කළේ ජපානය, බ‍්‍රසීලය ඇතුළු ඔවුන්ගේ රටවල් ලකුණු කර ඇති පැරණිතම ලෝක ගෝලය මෙය බවයි.

‘ද පෝටෝලාන්’ සංස්කාරක ටොම් සෑන්ඩර් ද මේ ලෝක ගෝලය පරීක්ෂාවට ලක් කළා. ඔහු සංගමයේ නිල ජර්නලයට විශේෂ ලිපියක් ලියමින් මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමක් බවත් වසරක් තිස්සේ කළ විද්‍යාත්මක පරීක්ෂණවලින් පසු මෙහි පැරණි බව සනාථ බවත් සඳහන් කර තියෙනවා.

මේ ලෝක ගෝලය මුලින්ම ප‍්‍රදර්ශනය කෙරුණේ 2012 දී ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර සිතියම් දක්මකදියි. එය එහි දී මිලට ගත් තැනැත්තාට එම ප‍්‍රදර්ශනයට ලෝක ගෝලය ගෙනා අලෙවිකරු කියා ඇත්තේ යුරෝපයේ වැදගත් කෞතුක භාණ්ඩ එකතුවකින් තමන්ට එය ලැබුණු බවයි. ඒ මිල දී ගත් අයගෙන් තමයි, ආචාර්ය මිසිනේට පර්යේෂණය සඳහා එය ලැබී ඇත්තේ.

 
පැස්බර බිත්තරයෙන් නිම කළ ඒ ලෝක ගෝලය තවත් පැස්බර බිත්තර සමග....

සඟරා සංස්කාරකවරයා මුලදී මේ ගැන සැකයෙන් තමයි, බලා ඇත්තේ. මෙහි ආරම්භක ඉතිහාස මූලය, දිනය, භූගෝලය, පැවැත්ම ආදිය ගැන සැකයට භාජනය වුණා. මෙවැන්නක් ගැන මීට පෙර කොතැකවත් සඳහන් තිබුණේ නැහැ. ඒ නිසයි මෙය ඉතාමත් දුර්ලභ සොයා ගැනීමක් ලෙස ඔහු හඳුන්වන්නේ.

මේ ලෝක ගෝලය සිතියම් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළා, පරිගණකය යොදා ගෙන. කාබන් දින නිර්ණ පරීක්ෂණයක් කළා. මෙහි අවතල රේඛාවලට යෙදු තීන්ත ගැන පරීක්ෂාවක් කළා. ඒ හැරෙන්නට භූගෝල විද්‍යාත්මකව, සිතියම් ලේඛන විද්‍යාත්මකව, ඓතිහාසිකව විවිධ පරීක්ෂණ ගණනාවක් කරනු ලැබුවා.

මේ පරීක්ෂණ සඳහා විවිධ විශේෂඥයන් 100කට වැඩි පිරිසක් සහභාගිවී තියෙනවා.

 http://www.malkakulu.com/

ඕස්ටේ‍්‍රලියාව මුලින්ම ආවේ කපිතාන් කුක්ද? වසර 900ක් පැරණි අපි‍්‍රකානු කාසි කියන අබිරහස කුමක්ද?


ඕස්ටේ‍්‍රලියාවට මුලින් පැමිණි විදේශිකයා කවුරුන්දැයි සොයන්න පර්යේෂණයක් මේ දිනවල සිදු වෙනවා. මේ සඳහා නායකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සේවය කරන ඕස්ටේ‍්‍රලියානු ජාතික මහාචාර්යවරයෙක්.

මේ පර්යේෂණයට පාදක වී ඇත්තේ ඔහුට ලැබී ඇති වසර 900ක් පැරණි අපි‍්‍රකානු කාසි වගයක්. ඒවා කවුරුන් ඕස්ටේ‍්‍රලියාවට ගෙනාවා ද යන්න සොයන්නයි දැන් ඔහු වෙහෙසන්නේ. ඒ සඳහා ඔහු උදවු කර ගන්න යනවා ඕස්ටේ‍්‍රලියානු ආදි වාසීන් වන අබොරිජිනල්වරුන්ගේ ලෙන් චිත‍්‍රවල ඇතුළත් නාවුක යාත‍්‍රාවල රූප සටහනක්.

කි‍්‍රස්තු වර්ෂ 11 වන සියවසට අයත් යැයි සැලකෙන මේ කිල්වා කාසි හමුවෙලා තියෙන්නේ 1944 දී ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රාන්තයේ වෙරළෙන් ඔබ්බෙහි පිහිටි වෙසල්ස් දූපත්වලින්. මේ නිසා අවුරුදු ගණනාවක් තිස්සේ මතබේද ඇති වී තිබුණා ඕස්ටේ‍්‍රලියාවේ වෙරළට ආ පැරණිම සේලරුවන් කවුරුන්ද යන්න පිළිබඳව.

මේ අපූරු ගවේෂණ කටයුත්තට අත ගසා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ හා පර්ඩුවේ විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාඥ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඉයන් මැකින්ටොෂ් මහාචාර්යවරයායි. ඔහු කියන විදියට ඒ දූපත්වල ඇති ලෙන් චිත‍්‍රවලින් ඔහු සොයා ගෙන තියනවා යුරෝපීය නාවික යාත‍්‍රාවක චිත‍්‍රයක්. ඒ චිත‍්‍රයෙන් විදේශිකයන්ගේ ආගමනය ගැන යමක් මතු කර ගත හැකි යයි ඔහු හිතනවා.


 
මේ කිල්වා කාසි සොයා ගත්තේ දෙවන ලෝක සංග‍්‍රාමය පැවති කාලයෙදි, ඕස්ටේ‍්‍රලියාවේ රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ රේඩාර් කි‍්‍රයාකරුවකු වූ මෝරී අයිසන්බර්ග් විසින්.


 
අයිසන්බර්ග් මේ පැරණි කාසි විකුණන්න හැදුවත් ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ ඒක පැත්තකට දාලා වසර ගණනාවක් ගත වුණා. 1979 දී ඔහු එය කෞතුකාගාරයකට යැව්වා ඒවා හඳුනා ගැනීමට.

”ඊළඟට අප කළයුතු ලොකු ම කාරිය මේ පිළිබඳ ලේඛන, දින වකවානු හා මේ ගැන කරන අර්ථ දැක්වීම් විශ්ලේෂණය කිරීමයි. ඒ සඳහා අප ඕස්ටේ‍්‍රලියානු ස්වදේශිකයන්ගේ සහය ලබා ගන්න ඕනෑ.” යැයි මැකින්ටෝෂ් ඉන්ඩියානා ප‍්‍රාන්තයේ සිය නිවසේ සිට ඒඑෆ්පී වාර්තාකරුට කියා තියෙනවා.

මේ කිල්වා කාසි සොයා ගනු ලැබුවේ ඕස්ටේ‍්‍රලියාවේ රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් කි‍්‍රයාකරුවකු වූ මෝරී අයිසෙන්බර්ග් විසින් දෙවන ලෝක යුද සමයේයි. පැසිපික් සාගරයේ යුද ගිනි ඇවිලෙද්දී ඔහු ඒ වෙස්ල්ස් දූපතේ සේවයට රඳවා තිබුණා.

ඔහුට එහිදී කාසි නවයක් හමු වුණා, මුහුදු වෙරළෙදි. එයින් පහක් අපි‍්‍රකානු තඹ කාසි. හතරක් යුරෝපයෙන් ආ ලන්දේසි කාසි. ඒවා හුඟක් පැරණි ඒවා නෙවෙයි.

අයිසන්බර්ග් ඒවා පසුව විකුණන්නට හැදුවත් ඒක හරි ගියේ නැහැ. පසුව ඒ අදහස අත්හැර දැමූ ඔහු ඒවා අමතක කර දැමුවා. වසර කීපයකට නැවත ඔහුට ඒවා මතක් වුණා. ඒ වතාවේ ඔහු ඒ කාසි කෞතුකාගාරයකට යැව්වා හඳුනා ගැනීම පිණිස. ඒ 1979දියි. ඒ සමග ඔහු ඒවා තමන්ට හමු වූ තැන ලකුණු කළ සිතියමකුත් ඇඳලා යැව්වා.

දැන් මේ කාසි ගැන විවිධ මත පළ වී ඇති බව මැකින්ටොෂ් කියනවා. එක් මතයක් තමා මුහුදුබත් වූ නැවකින් වෙරළට ගසා ගෙන ඒවා කියන එක.

 
මේ කාසි මධ්‍යකාලීන යුගයේ පැවති කිල්වා නම් සුල්තානා රාජ්‍යයට අයත් ඒවා ලෙසයි, හඳුනා ගෙන තියෙන්නෙ. ඒ අනුව උතුරු ඕස්ටේ‍්‍රලියාවේ මේ ප‍්‍රදේශයට මැදපෙරදිගින් හා අපි‍්‍රකාවෙන් නාවිකයන් මෙහි පැමිණි ඇති බව මේ කාසි මගින් සනාථ වෙනවා.

 
තවත් මතයකට අනුව මේවා මේ වෙරළට ගෙනාවේ මුහුදු බත්වුණු නැවකින් දිවි ගලවා ගත් ඉන්දුනීසියානුවකු විසින්. ඔහු ජීවිතයේ ඉතිරි කාලය ඕස්ටේ‍්‍රලියාව අසල වෙස්ල්ස් දූපතේ ගෙවූ අයෙක්.

වාර්තා ගත වී තිබෙන ආකාරයට යුරෝපීය සේලරුවන් ඕස්ටේ‍්‍රලියානු වෙරළට මුලින්ම ගොඩ බැස ඇත්තේ 16වන සියවසේදියි. ඒත් ඔවුන් අතින් ඒ බිමෙහි ජනපද බිහිවුණේ නැහැ. 1770 දී කපිතාන් කුක් එරට අද සිඞ්නි ලෙසින් හැඳින්වෙන ප‍්‍රදේශයේ බොටනි බොක්කට ගොඩ බට පසුවයි, බි‍්‍රතාන්‍යය විසින් එහි අයිතිය තහවුරු කර ගෙන ජනාවාස පිහිටවනු ලැබුවේ.

මෙම කාසි දැනට හඳුනා ගෙන ඇති පරිදි ඒවා මධ්‍යකාලීන යුගයේ සුල්තාන්වරයකුගේ රාජ්‍යයකට අයත් ඒවා ලෙසයි දක්වා ඇත්තේ. කිල්වා (Kilwa) නමින් හැඳින්වුණු ඒ රාජ්‍යය එදා තිබුණේ වර්තමානයේ ටැන්සානියාව පිහිටි ප‍්‍රදේශයේයි. මේ අනුව උතුරු ඕස්ටේ‍්‍රලියාවට මැදපෙරදිග හා අපි‍්‍රකාව වැනි රාජ්‍යවල සිට සේලරුවන් පැමිණි බවයි, මෙයින් සිතා ගත හැක්කේ.

මෑතදී මහාචාර්ය මැකින්ටොෂ් ‘ඕස්ටේ‍්‍රලියානු ජනශ‍්‍රැති’ සඟරාවකට ලිපියක් ලියමින් සඳහන් කළේ කිල්වා වෙළඳුන් ඒ කාලයේ ඕස්ටේ‍්‍රලියාවට ආවා නම් නියත වශයෙන් ම පෘතුගීසින්ගේ ආගමනයත් ඒ කාලයේ ම සිදු වෙන්නට ඇතැයි කියායි.

මහාචාර්යවරයා එසේ සඳහන් කරන්නේ ඒ කාලයේ කිල්වාවල සිට නැගෙනහිර අපි‍්‍රකාව හරහා ඕමාන්වලටත් එතැනින් ඉන්දියාවටත්, ඊළඟට මැලේසියාවටත්, එතැනින් ඕස්ටේ‍්‍රලියාව ආසන්නයේ පිහිටි ඉන්දුනීසියාවටත් යන මුහුදු මාර්ගයක් තිබුණු නිසයි. මේ මාර්ගයේ මුහුදු ගමන් සිදුවන්නට ඇත්තේ මෙයින් වසර 1500 කට හෝ ඊටත් වසර සිය ගණනකට හෝ පෙර විය යුතුයි කියලයි ඔහු කියන්නේ.

 
මේ පැරණි කාසි හමු වුණේ වෙස්ල්ස් දූපත්වල වෙරළකින්. ඒවා අයත් වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රාන්තයටයි. එය දෙවන ලෝක යුද්ධයේ වැදගත් සිදුවීම්වලට පාදක වූ තැනක්.

මහාචාර්ය මැකින්ටොෂ් කීවේ ඔහුගේ කණ්ඩායමේ වැඩි දෙනෙකු සිතන්නේ මේ කාසි මුහුදුබත් වූ නැවකින් වෙරළට ගසා ගෙන එන්නට ඇති බවයි. ‘ඒත් අපි මෙහිදී අනෙක් අදහස් ගැනත් සොයන එක නවත්තන්නේ නැහැ.’ ඔහු කියනවා.

මහාචාර්යවරයා කියනවා, එක පැහැදිලි කිරීමකට අනුව සිය නැව මුහුදුබත් වීම හේතුවෙන් වෙසලස් දූපතට ඇවිත් දිවි රැක ගෙන එහි ජීවත්වූ ඉන්දුනීසියානුවකු මේ කාසි මේ දූපතට ගේන්නට ඇතැයි කියෙවෙනවා. මහාචාර්ය මැකින්ටොෂ් කීවා පසුගිය ජූලි මාසයේ දී ඔහු මේ කාසි හමු වූ තැනට ගිය බව. ඔහු ඉතා වෙහෙස වී සොයා බැලූවා තවත් කාසි ඒ පාළු කටුක ප‍්‍රදේශයේ ඇතිද කියා.

‘පසුගිය වසර කීපය තුළම අප උත්සාහ කළේ නැගෙනහිර අපි‍්‍රකාවේ සිට උතුරු ඕස්ටේ‍්‍රලියාව තෙක් මේ කාසි පැමිණි කෙසේ ද යන්න හා බැඳුණු මතවාද එක් රැස් කරන්නයි. අප එහි ගොස් විමසුම් කළේත් ඒ අරමුණ ඇතුවයි.’ ඔහු කියනවා.

ඒ ගමනේදී තමයි, පර්යේෂකයන්ට සොයා ගත හැකි වුණේ ඇබොරිජිනල් ලෙන් චිත‍්‍ර. ඒවායේ ප‍්‍රබල සාක්ෂියක් මුහුදුබත් වූ නැවක් ගැන. ඒක ඒ දූපත්වලට ඔබ්බෙන් වූ මූදේ ඇති අනතුරුදායක ගල්පර ගැන අනතුරු ඇඟවීමක් වැනි දෙයක් නෙවෙයි. ඒ චිත‍්‍රයේ තියෙනවා ගිළුණු බෝට්ටුවකට අයිති අඩි හයක විතර ලී කැබැල්ලක්.

මහාචාර්ය මැකින්ටොෂ් ඉල්ලීමක් කළා ස්වදේශිකයන්ගෙන් ඔවුන්ට හඳුනාගත හැකිද කියා, ඒ ලී කැබැල්ල අයිති නැව කොයි ආකාරයේ එකක්ද යන්න. ඒ වගේ ම විමසා බැලූවා ඇබොරිජිනල් නොවන වෙනත් අය කළු හෝ සුදු හෝ මිනිසුන් එහි ආ බවට ඔවුන් අතර පවතින පැරණි කතාන්තර ගැන.

තවමත් මේ අබිරහස විසඳී නැහැ.

‘අපට දැන ගන්න ලැබුණු විදියට මේ කාසි නැගෙනහිර අපි‍්‍රකාව අවට වසර සිය ගණනක් තිස්සේ හුවමාරු වුනත් ඒ ප‍්‍රදේශයෙන් පිටට ඒවායේ වටිනාකමක් තිබුණේ නෑ. ඒවගේම මේ වර්ගයේ අනෙක් කාසි සිම්බාබ්වේ හා ඕමාන් යන රටවල විතරමයි භාවිතා වෙලා තියෙන්නෙ.’ මහාචාර්යවරයා කියනවා.

‘ඒ වගේ ම උතුරු ඕස්ටේ‍්‍රලියාවෙන් හැරුණු විට ලෝකයේ වෙනත් කිසිම රටකින් මේ කාසි මෙතෙක් හමුවෙලා නැහැ. ඒක ඉතාමත් අසාමාන්‍ය දෙයක්. ඒකයි හැම දෙනාම විමතියට පත්වෙලා ඉන්නෙ.’ ඔහු අවාසන වශයෙන් කියනවා.

 
ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයකු හා ඇමරිකාවේ ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ මහාචර්යවරයකු වූ ඉයන් මැකින්ටොෂ් ඒ තඹ කාසි හමු වූ තැන පෙන්වමින්.

ඕස්ටේ‍්‍රලියාවේ ලිඛිත ඉතිහාසයෙන්

ඕස්ටේ‍්‍රලියාවේ ආදීමයන් ලෙස සැලකෙන ඇබොරිජින්වරුන් එහි පැමිණ ඇත්තේ වසර 40,000ත් 60,000ත් අතර කාලයේදී මලයා අර්ධද්වීපයෙන්.

කෙසේවෙතත්, දැනට දන්නා පරිදි විදෙස් රටකින්, විශේෂයෙන් යුරෝපයෙන්, පැමිණි අයකු එරටට ගොඩ බැස්සේ කි‍්‍රස්තු වර්ෂ 1606දීයි. ඒ ලන්දේසි ජාතික නාවිකයකු වූ විලෙම් ජැන්ස්සූන්. පසුව 17 සියවසේ දී තවත් ලන්දේසි නැවියන් එරටට ආ අතර ඔවුන් විසින් ඕස්ටේ‍්‍රලියාව ‘නව ඕලන්දය’ කියාද නම් කරනු ලැබුවා.

ඉන්පසු 1770 දී බි‍්‍රතාන්‍ය ගවේශකයකු වූ ජේම්ස් කුක් ඕස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බැස්සා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, 1778 ජනවාරියේ දී, බොටනි බොක්ක ආශි‍්‍රතව ප‍්‍රථම වරට නිල වශයෙන් බි‍්‍රතාන්‍යය විසින් ජනපදයක් පිහිටුවනු ලැබුවා. ඉන්පසු ඉදිරියට එළඹුණු සියවස තුළ ඒ මහාද්වීපය තුළ තවත් බි‍්‍රතාන්‍ය ජනපද ගණනාවක් පිහිටුවනු ලැබුවා.

මේ අනුව ස්වදේශික ඕස්ටේ‍්‍රලියානු ජනගහනය කෙමෙන් අඩු වී යන්නට වුණා. ඒ ප‍්‍රධාන වශයෙන් බි‍්‍රතාන්‍ය ජානපදිකයන් හා ඇති වූ ගැටුම් නිසයි. ඒ හැරෙන්නට ඔවුන් යුරෝපයෙන් ගෙනා විවිධ ලෙඩ රෝග නිසාත් එරට ස්වදේශිකයන් මියගියා.

පසුගිය ලෝක මහා සංග‍්‍රාම දෙකේදීම ඕස්ටේ‍්‍රලියාව බි‍්‍රතාන්‍යයට සහය දැක්වුවා.
source : malkakulu website

වසර 1200ක් පැරණි මිසර නගරයක් මධ්‍යධරණී මුහුදෙන් මතු වෙයි!

හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප‍්‍රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.

වසර සිය ගණනක් තිස්සේ ප‍්‍රවාදයක් පැවති මෙම නගරයට හෙරක්ලියන් යන නමට අමතරව තෝනිස් (Thonis) කියා ද කියනවා. ගිය දශකයේ මුල් හරියේදී තමයි, මේ පුරවස්තු මතු කර ගන්න පටන් ගත්තේ.

 
මෙහි දකුණේ පින්තූරයේ ඇති ඉපැරණි යෝධ ප‍්‍රතිමාව පාරා රජකුගේ. එය මධ්‍යධරණී මුහුදෙන් ගොඩ ගත් හෙරක්ලියන් නගරයේ නටබුන් අතර වූවක්. (වමේ) පින්තූරයේ ශිලා ලේඛන පුවරුව ඉදිරියේ ඉන්නේ මෙහි මුලිකත්වය ගත් ප‍්‍රංශ ජාතික සාගර පුරා විද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ (Franck Goddio) ඒ ලියැවිල්ල ගැන විස්තර කරමින්.

 
ෆ්රෑන්ක් ඇතුළු කිමිදුම්කරුවන් පාරාවෝ ප‍්‍රතිමාව ගොඩ ගැනීමට පෙර පරීක්ෂා කරන අයුරු.

 
තෝනිස් හෙරක්ලියන් රාජධානියේ ගලින් නිම කර තිබූ දෙවොල නටබුන්. මේවා ටොලමයික යුගයට අයත් යැයි සැලකේ.

දැන් අන්තර් ජාතික සාගර පුරාවිද්‍යාඥයන් පිරිසක් සැරසෙනවා, මේ සාගර පත්ලෙන් මතු වූ නගරයේ නටබුන් ප‍්‍රදර්ශනය කරන්න.

මේ නගරය ගැන ගී‍්‍රක ජාතික ඉතිහාසඥ හෙරඩෝටස් සිය ඉතිහාස විස්තරවලට ඇතුළත් කරල තියෙනවා, ට්‍රෝජන් යුද්ධයට පෙර හෙලන් රැජින සිය පෙම්වතා වූ පැරිස් කුමරු සමග හෙරක්ලියන් නගරයේ සංචාරයක යෙදුණු බව.

මේ නගරය ගැන ඒ තොරතුරු හැරෙන්නට කිසිම විධියක සාක්ෂියක් ඉතිරිව තිබුණේ වසර 2000 වන තෙක්. ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු යුරෝපීය සාගර පුරාවිද්‍යා විශ්ව විද්‍යාලයේ ප‍්‍රංශ පර්යේෂකයන් පිරිසක් විසින් මහමුහුද යටින් මේ නටබුන් මතු කර ගත්තාට පසුවයි, මේ කරුණු සනාථ වූයේ.

ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙනවා, ඇතන්ස් රාජධානියේ කිරුම් මිනුම් පඩි ඒ නටබුන් අතර තිබී හමු වූ බව. එයින් ඔප්පු වුණා, එය කලකට පෙර එහි වෙළඳ වරායක් පැවති බව.

එම පුරාවිද්‍යා වැඩ බිමේ කටයුතු කරන ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥවරියක වූ එලිසැබත් වැන් ඩ විල්ට් කියන්නේ, නැගෙනහිර මධ්‍යධරණී මුහුදු ප‍්‍රදේශයේ ඉතා ඈතට වෙළඳාම ව්‍යාප්තව පැවති බව දක්වන ඉතා හොඳ සාධකයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.

”වරාය පිහිටි නිම්නයේ කළ කැණීම්වලදී අපට හමු වුණා, ඊයම්වලින් තැනූ කිරුම් පඩි ගණනාවක්. ඒවා බදු ගෙවීමට හා භාණ්ඩ මිල දී ගැනීමට දේවාලවල පූජකයන් හා වෙළන්දන් භාවිත කළ ඒවා ලෙසයි, අපට පෙනී ගියේ.” ඇය ඒ ගැන සඳහන් කරමින් කීවා.

”මේ නටබුන් අතරින් ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් හමුවුණා. ඒවා නම් ඇතන්ස්වලට අයත් කිරුම් මිනුම් පඩි විශේෂයයි. ඒවා පළමුවරටයි, ලෝකයේ මේ කලාපයෙන් හමු වුණේ. මීට පෙර මිසරයේ (ඊජිප්තුවේ) කැණීම් තුළින් ඒවා හමු වී නැහැ.” ඇය තවදුරටත් කරුණු පැහැදිලි කළා.

මෙම කැණීම් සඳහා එක් වූ විද්‍යාඥ පිරිසට අයත් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සාගර පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ඬේමියන් රොබින්සන් ඬේලි ටැලිග‍්‍රාෆ් පුවත්පතට ඒ ගැන කීවේ මෙහෙමයි: ”අපි මේ ගොඩ ගන්නේ අතීතයේ පැවති ප‍්‍රධාන නගරයක නටබුන්. මේ බිමේ පුරාවස්තු විස්මිත ආකාරයට ආරක්ෂා වෙලා තියෙනවා. අපි දැන් උත්සාහ ගන්නේ ඒ කාලයේ ජීවිතය කෙබඳු දැයි සොයා බලන්නයි.

මේ ගී‍්‍රක නගරය කෙසේ මුහුදු බත් වීද යන්න තාමත් පුරාවිද්‍යාඥයන්ට ගැටලූවක්. ඔවුන් දැනට දරණ මතය අනුව මුහුදු මට්ටම ඉහළ යාමෙන් හදිසියේ ම මෙම නගරය මුහුදට බිලි වන්නට ඇති.

 
අබුකීර් බොක්කේ මුහුද යට හෙරක්ලියන් නටබුන් අතර තිබී මේ යෝධ ප‍්‍රතිමාව හමුවුණා. එය රතු ගල් පාෂාණයෙන් නිම නළ එකක්.

 
(වමේ) මේ අයිසිස් (ෂිසි) දෙව්දුවගේ ප‍්‍රතිමාවත් ඒ බිමෙන් හමු වූවක්. (දකුණේ) හෙරක්ලියන් දෙවොල අලංකාර කළ රතු ගල් පාෂාණයෙන් නිම කළ මේ හාපි (Isis) දේව ප‍්‍රතිමාවත් ඒ නටබුන් අතරින් ගොඩ ගත්තක්.

 
මේ දිය යටින් මතු කර ගත් නගරයෙන් හමු වූ පුරා වස්තු ළඟඳීම ප‍්‍රදර්ශනය කරන්න මෙහි කැණීම් කළ අන්තර් ජාතික පර්යේෂණ කණ්ඩායම කියනවා.

 
ගී‍්‍රක ඉතිහාසඥ හෙරොඩෝටස් (Herodotus) මේ හෙරක්ලියන් (Heracleion) නගරය ගැන සඳහන් කර තියෙනවා. ඒ ට්‍රෝයි නගරයේ හෙලන් රැජින ඇගේ පෙම්වතා වූ පැරිස් කුමරු ට්‍රෝජන් යුද්ධයට කලින් එහි පැමිණි බව සඳහන් කරමින්.

 
ඇලෙක්සැන්ඩි‍්‍රයාවට නිරිත දිගින් සැතැපුම් 20ක් දුරින් මධ්‍යධරණී මුහුදේ යට මේ පැරණි වරාය නගරය පිහිටා තිබූ තැනයි, මේ.

 
අඩි 16ක් උස ප‍්‍රතිමා 16ක්, රන් කාසි, යෝධ ශිලා ලේඛන පුවරු රැසක් මේ ගොඩ ගත් පුරා වස්තු අතර වුණා.

 
මේ වරාය නගරය මුහුදු මට්ටම වෙනස් වීම නිසා කාලයාගේ ඇවෑමෙන් මුහුදු බත් වන්නට ඇතැයි සිතිය හැකියි.

 http://www.malkakulu.com/

මින් පෙර කිසිදා නුදුටු අමුතු වයිරසයක් හමුවෙයි!


විද්‍යාඥයන් විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණු ලොකුම වයිරසය දැන් සොයා ගෙන තියෙනවා.

පැන්ඩෝරාවයිරසය (Pandoravirus) කියා හැඳින්වෙන මෙම වයිරසය අනික් වයිරස මෙන් දස ගුණයක් විශාලයි. එය මයික්‍රොමීටරයක් පමණ දිගින් යුක්තයි. එහි ඇති ජානවලින් සියයට හයක ප‍්‍රමාණයක් විතරයි, පෘථිවියේදී හමු වී ඇත්තේ.

මේ හේතුව නිසා මෙම වයිරසය සොයා ගත් ප‍්‍රංශ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වෙනත් ග‍්‍රහ ලොවකින් මෙහි ආ එකක් හැටියටයි. ඔවුන් කියන්නේ සමහර විට මෙය මෙහි එන්නට ඇත්තේ අඟහරු ග‍්‍රහයාගෙන් විය හැකියි කියායි.

මෙම වයිරසය හමු වී ඇත්තේ චිලි රාජ්‍යය අසල මුහුදේ දියයටදී හා ඕස්ටේ‍්‍රලියාවේ පොකුණක අවසාදිත තට්ටුවලින්.
 
පෘථිවියෙහි මෙතෙක් හමු වූ ඇති විශාලතම වයිරසය සේ සැලකෙන පැන්ඩෝරාවයිරසයයි, මේ. දිය යට තිබී හමු වී ඇති මෙම වයිරසයෙන් මිනිසාට බරපතල අවදානමක් නැතැයි කියලයි කියන්නේ.

දැනට මෙහි නොපවතින වයිරසයකින් පැවත එන්නක් ලෙස මෙය සැලකෙනවා. ඒ වගේ ම මෙහි හැඩය දැනට ඇති වයිරසවල හැඩයන්ට සමාන නැහැ. මෙහි ප‍්‍රමාණය මයික්‍රොමීටරයක් පමණ වෙතැයි සැලකෙන නිසා මෙය සාමාන්‍ය අන්වීක්ෂයකින් (මයික‍්‍රස්කෝපයකින්) ඉතා පහසුවෙන් ම දැක ගන්න පුළුවන්.

මෙතෙක් මිහිපිට ඇති විශාලතම වයිරසය ලෙස හඳුනා ගෙන තිබූ වූ නැනෝමීටර 440ක් පමණ වන මෙගාවයිරසය (Megavirus) මෙන් දෙගුණයකටක් වඩා මේ නව වයිරසය විශාලයයි විද්‍යාඥයන් කියනවා.

මිහිමත හමු වී ඇති වයිරස නැනෝමිටර 10ත් 500ත් අතර ප‍්‍රමාණයෙන් යුක්ත ඒවායි. මේ අලූතින් හමු වූ වයිරසය නැනෝමීටර 1000ක් හෙවත් මයික්‍රෝමීටරයක් පමණ විශාල එකක් සේ සැලකෙනවා.

සාමාන්‍යයෙන් හමු වන වයිරසවලට සමාන ජාන මෙහි ඇත්තේ සියයට හයකටත් අඩු ප‍්‍රමාණයක්.

විද්‍යාඥයන් කියන විධියට මේ වයිරසයෙන් මිනිසාට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ.

මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව ‘සයන්ස්’ ජර්නලයේ පළ කර ඇති අතර මේ වයිරසය සොයා ගැනීමත් සමග පෘථිවියේ ඉතිහාසය ගැන ප‍්‍රශ්න ගණනාවක්ම මතු වී තියෙනවා.

ප‍්‍රංශයේ අයික්ස් මසේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය යෝන් මිචෙල් ක්ලැවී (Jean-Michel Claverie) කියන්නේ, මෙම නව පැන්ඩෝරාවයිරසය පැවත එන්නට ඇත්තේ කලකට පෙර තිබී දැනට නොපවතින ෙසෙලමය ආදීම ජීවී විශේෂයකින් විය හැකි බවයි.

‘මේ වයිසරය කෙතරම් විශාලද යත් සාමාන්‍ය වයිරසයක ඇති හැඩයක්වත් මෙහි නැහැ. ඒ නිසා මුලදී අපි හිතුවේ ඒ කුඩා ප‍්‍රමාණයේ බැක්ටීරියාවක් කියලයි.’ ආචාර්ය ක්ලැවී වැඩිදුරටත් කියනවා.

චිලි වෙරළාසන්න මුහුදේ හා ඕස්ටේ‍්‍රලියාවේ පොකුණක අවසාදිත තට්ටු පිරික්සීමට ලක් කළා රසායනාගාරවල දී. ඒවා ප‍්‍රතිජීවක දියරයකට දැම්මා එහි යම් බැක්ටීරියා ඇතොත් ඒවා විනාශ කිරීම සඳහා.

ඊළඟට බැක්ටීරියාවලින් තොර ඒ බඳුනට ඇමීබාවන් දැමුවා. එහි දැමූ ඇමීබාවන් මිය ගිය නිසා ඔවුන් නිගමනය කළා, එහි ඇති වෙනත් දෙයක් නිසා ඒ ඇමීබාවන් මිය ගිය බවට. ඒ ක‍්‍රමයෙන් තමයි එහි පැන්ඩෝරාවයිරස විශාල ප‍්‍රමාණයක් එහි ඇති බව හඳුනා ගත්තේ.

පර්යේෂකයන් මෙසේ හමු වූ පැන්ඩෝරාවයිරසය අධ්‍යයනය කළා. එහි දී ඔවුනට පැහැදිලි වුණා, එහි ජාන උපදේශය කේතය (genetic code) මෙගාවයිරසයට වඩා දෙගුණයක් බව. ඒ අනුව ඔවුන් තීරණය කළා, එය මෙතෙක් හමු වූ විශාලතම වයිරසය ලෙසට.

කෙසේවෙතත් ඒ ජාන කේතය විශ්ලේෂණය කළ පසු ඔවුන් විස්මයට පත් වුණා. ඒ එහි ඇත්තේ පෘථිවියේ හමු වන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් වෙත දක්නට ලැබෙන ජානවලින් සියයට හයක් වැනි ප‍්‍රමාණයක් විතරක් බව දැන ගැනීමෙන් පසුවයි.

මේ තවත් වෙනස් ජීවී කාණ්ඩයක් ලෙසයි, ඔවුන් දකින්නේ. මේ වගේ තවත් විශාල වයිරස වර්ග ඉදිරියේ දී ඔහු වෙතැයි ඔවුන් විශ්වාස කරනවා.

 
මේ විශාල වයිරසය වෙනත් ග‍්‍රහ ලොවකින්, සමහර විට අඟහරු ග‍්‍රහයාගෙන් මෙහි පැමිණි එකක් විය හැකියි කියායි, ඔවුන් කියන්නේ.

 
මේ මෙතෙක් මිහිපිට හඳුනා ගෙන තිබූ විශාලතම වයිරසය වූ මෙගාවයිරසයයි, (Megavirus) මේ. එය දැන් සොයා ගෙන ඇති පැන්ඩෝරාවයිරසයට වඩා අඩකටත් වඩා කුඩායි.

 http://www.malkakulu.com/

අපේ සූර්යයාගේ දැවැන්ත කුහරයක් අභ්‍යවකාශ යානයකින් සොයා ගනියි!


සූර්යයාගේ කාලක් පමණ ඇතුළු වන සේ සෑදුණු යෝධ කුහරය තුළින් සූර්යය ජාලා පිටතට විදිනවා. මෙම කුහරය ඇති වී තිබෙන්නේ හිරුගේ බාහිර කලාපයේ අඩු ඝනත්වයෙන් යුත් ස්තරයේ කොටසකයි.

මේ කුහරය එළිදරවු කර ගෙන ඇත්තේ සූර්යයා ආවේක්ෂණය සඳහා යවා ඇති සුවිශේෂ නිරීක්ෂණ යානයකිනි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා ආයතනය එක්ව යවා ඇති සූර්ය හා සූර්යගෝලීය නිරීක්ෂණාගාරය (Solar and Heliospheric Observatory) මගිනුයි, මේ නිරීක්ෂණය කර ඇත්තේ. පසුගිය ජූලි 13ත් 18ත් අතර කාලය තුළදියි, ඒ නිරීක්ෂණය සිදු වූයේ.

 
සූර්යයාගේ උත්තර ධ්රුවයට බර වෙන්නට පිහිටි දැවැන්ත සිදුර අභ්‍යවකාශ දුරේක්ෂයකින් ඡායාරූප ගත කර තිබූ අයුරු. කළු පැල්ලමෙන් පෙනෙන්නේ ඒ සිදුරයි.

මෙම සිදුර සියලූ සූර්ය කි‍්‍රයාකාරකම්වලින් ශූන්‍ය තැනක් සේ පෙනුනත් ඒ තුළින් ඉතා දරුණු ලෙස සූර්ය සුළං නිකුත් වෙනවා. තත්පරයකට සැතැපුම් 500ක වේගයෙන් සූර්ය අංශූ පිටතට විදිනවා.

මේ සූර්ය සිදුරෙහි ඇති උෂ්ණත්වය සූර්යයා මතුපිට අනෙක් තැන්වලට වඩා උෂ්ණත්වය අඩු නිසා අපට අඳුරු ස්වරූපයකින් පෙනෙනවා.

නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ කැරන් ෆොක්ස් කියන්නේ මෙසේ සූර්ය සිදුරු ඇති වී සාමාන්‍ය සංසිද්ධියක් බවයි. විවිධ කාලවල එක් එක් තැන්වල මෙසේ සිදුරු වන බවත් මෙය වසර 11ක් පුරා සිදු වන සූර්ය කි‍්‍රයාකාරිත්වයක් ලෙස ඔහු හඳුන්වයි.

 
විද්‍යාඥයන් මේ සූර්ය සිදුරු අධ්‍යයනය කරන්නේ වැඩිපුර ම අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ හදාරන්නටයි.

සූර්ය කි‍්‍රයාකාරී චක‍්‍රය මේ වන විට උච්චස්ථානයට පත් වෙමින් පවතිනවා. එය මේ වසර අවසන් වන තෙක් පවතී යැයි විශ්වාස කරනවා. 2013 අවසන් වන විට මේ සූර්ය සිදුරු ඇති වීම අඩු වනු ඇති.

සූර්ය කි‍්‍රයාකාරී චක‍්‍රය උච්ච මට්ටමකට පත් වන විට සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රය නොපිටට පෙරළනවා. ඒ නිසා ධ්රුව ආශි‍්‍රතව ඇති වන සූර්ය සිදුරුවල චුම්බක ආකර්ෂණ ප‍්‍රති විරුද්ධ අතට විහිදෙනවා.

මේ සූර්ය සිදුරු ප‍්‍රමාණයෙන් හා ගණනින් විශාල වෙමින් ධ්රුවවලින් ඈත් වෙන්න පටන් ගන්නවා සූර්ය කි‍්‍රයාකාරී චක‍්‍රය අව පක්ෂයට යද්දී.

මේ ඇති වී තිබෙන සිදුර සැතැපුම් 400,000ක් පළල එකක්. ඒ කියන්නෙ පෘථිවි 50 එක පෙළට තිබ්බා තරම් ප‍්‍රමාණයක්. මීට වඩා විශාල සිදුරු ඇති වූ අවස්ථා වාර්තා වී තියෙනවා.

මෙවැනි සිදුරු ඇති වීමට තුඩු දෙන හේතුව තවමත් පැහැදිලිව සොයා ගෙන නැහැ. සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයේ වෙනස්කම් ඇති වන, විශේෂයෙන්ම ඉහළ යන විට අනිත් තැන්වල මෙන් ඒවා ඉක්මනින් පහළ නොවැටීම නිසා මෙවන් තත්වයක් ඇති වෙනවා විය හැකියි.

විද්‍යාඥයන් මේ සූර්ය සිදුරු අධ්‍යයනය කරන්නේ වැඩිපුර ම අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ හදාරන්නටයි. මේ සිදුරුවලින් සූර්ය අංශු රැගත් අධි වේගී සුළං හමා එනවා. මේවා සමහර විට වෙනත් තැන්වලින් හමා එන සුළංවලට වඩා මේ තෙගුණයක් වේගවත්.

බැලූ බැල්මට අභ්‍යවකාශ කාලගුණය අපට එතරම් වැදගත් දෙයක් ලෙස පෙනෙන්නේ නැහැ. ඒත් මේ වසරේ මුලදී පළ වූ බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන්ගේ රාජකීය ඇකඩමියේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ සූර්යයා තුළ ඇති වන සුපිරි කුණාටු නිසා පොළොවේ කි‍්‍රයාකාරකම්වලට ඇති විය අවදානම පිළිබඳ අවධානයක් දක්වා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

සූර්යයාගේ හැලහැප්පිලි නිසා වෙනස් වන අභ්‍යවකාශ කාලගුණය මිහිමත විදුලි බලශක්ති ජාලයන්ට, චන්ද්‍රිකා කටයුතුවලට, ගුවන් ගමන්වලට, ජීපීඑස් පද්ධතිවලට වගේම පෘථිවියේ ජංගම දුරකතන සන්නිවේදන ජාලයට විශාල ලෙස බලපැම් ඇති වෙනවා. ඒ නිසා අභ්‍යවකාශ කාලගුණයෙහි කිව නොහැකි තරම් වැදගත්කමක් අපට තියෙනවා.

මේ සූර්යයාගේ සිදුරේ ඡායාරූප ගත්තේ සූර්ය හා සූර්යගෝලීය නිරීක්ෂණාගාරය (SOHO) යනුවෙන් හැඳින්වෙන අභ්‍යවකාශ යානයෙන්. 1995 දී දියත් කළේ සූර්යයාත් පෘථිවියත් අතර තැනක ස්ථාවරව රැඳී සිටිමින් සූර්යයාගේ කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීමටයි.

 http://www.malkakulu.com/

වසර 10,000ක් පැරණි දින දර්ශනයක් හමුවෙයි!

පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා ලෝකයේ මෙතෙක් හමුවුණු පැරණිම කැලැන්ඩරය, එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයෙන්.

එහි ඇබර්ඞීන්ෂයර් පාළු බිමකින් තමයි, මේ ඉපැරණි කැලැන්ඩරය හමු වී තියෙන්නෙ. එහි එකෙල්ලට පොළොවේ සැකසූ වළවල් 12කින් සඳේ කලාවන් දැක්වෙන බවත්, ඒ අනුව වසරක කාලයක් තුළ චන්ද්‍ර මාස ගණනය කළ හැකි බවත් ඒවා හඳුනා ගත් පුරාවිද්‍යාඥයන් අර්ථ දක්වනවා.

මේ පුරාවිද්‍යා පර්යේෂක කණ්ඩායම බර්මින්හැම් විශ්ව විද්‍යාලයට අයත් පිරිසක්. මේ ස්මාරක වළවල් වසර 10,000ක් පැරණි යැයි ඔවුන් විසින් හඳුනා ගෙන තියෙනවා. ඒ අනුව ලෝකයේ මෙතෙක් හඳුනා ගෙන ඇති වසර 5,000ක් පැරණි කැලැන්ඩරයට වඩා මෙය දෙගුණයකින් පැරණි යැයි ඔවුන් විසින් තහවුරු කර ගෙන තියෙනවා.

 
බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂක කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති වසර 10,000කට පෙර පැවතියේ යැයි සැලකෙන ලොව පැරණිම කැලැන්ඩරයට අයත් පුරාවිද්‍යා සලකුණු පිහිටි ස්ථානයයි. එහි වළවල් සකසා ඇති ආකාරය ඇතුළෙහි දක්වා තියෙනවා. වසරකට අයත් චන්ද්‍ර මාසත් සඳේ කලාවන් පිහිටන ආකාරයත් ඒවායින් ගණනය කළ හැකි යැයි කියැවෙනවා.

ලොව මුලින් ම හමු වූ පැරණිතම කාලය මනින මෙවලම සොයා ගෙන ඇත්තේ මිසොපොටේමියාවෙන්. එය වසර 5,000ක් පමණ පැරණි යැයි හඳුනා ගෙන තියෙනවා.

පසුගියදා සොයා ගත් කාලමාන ක‍්‍රමය ක්රේතීස් මාලිගය (Crathes Castle) අසල පිහිටි එකක්. එහි වළවල් තනා ඇති ආකාරය අනුව එය චන්ද්‍ර මාස ක‍්‍රමයේ දින දර්ශනයක් ලෙසයි, ඔවුන් සලකන්නේ. ඒවා වසර දහස් ගණනක් පැරණි යැයි ඒ විශේෂඥයන් කියනවා.

වොරන් ෆිල්ඞ්හී ඇති මීසොලිතික (මධ්‍යම ශිලා යුගයට අයත්) ස්මාරකය නිර්මාණය කරන්නට ඇත්තේ අතීතයේ විසූ ආහාර රැස්කරන දඩයක්කාර කණ්ඩායම් විසින් වසර 10,000කට පමණ ඉහත දී යැයි කියැවෙනවා.

ඒවායේ කැණීම් කරන ලද්දේ 2004 හා 2006 වසරවල දී වුනත් විශ්ලේෂණය කර ඇත්තේ මේ මෑතදීයි. ඒ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින්.

මෙම ව්‍යාපෘතියෙහි නායකත්වය දැරුවේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ භූමි දර්ශන පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය වින්ස් ගැෆිනි විසින්.

 
ඇබර්ඞීන්ෂයර්හී ක්රේතීස්වල වොරන් ෆීල්ඞ් බිමෙහි ලූනා කැලැන්ඩර වළවල් අතරින් එක් වළක ගිනි ගොඩක් ගසා ඇති අන්දම බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ සිත්තරකු විසින් සිත්තමට නගා ඇත්තේ මෙසේයි.

මහාචාර්ය වින්ස් ගැෆිනි පවසන්නේ මෙහෙම දෙයක්: ‘මෙහි ඇති පුරාවිද්‍යාත්මක සාක්කිවලින් පෙනී යන්නේ ආදි යුගයේ ස්කොට්ලන්තයේ විසූ ආහාර රැුස් කරන දඩයක්කාර මානවයන්ට අවශ්‍යතාවක් වගේ ම, වසර ගණනාවක් තුළ කාලය ගෙවෙන ආකාරය දැන ගැනීමට හැකි බුද්ධියක් තිබුණා. ඔවුන් ලූනා වසරක් තුළ ඍතු වෙනස් වෙන ආකාරය ගැන විමසීම් කළා. මේවා සිදු වී ඇත්තේ මෙතෙක් පිළිගෙන තිබූ සාමාන්‍ය කැලැන්ඩරය සොයා ගන්නටත් තවත් වසර 5,000කටත් පෙරයි.’

‘මේ භූමි සලකුණුවලින් පැහැදිලි වෙනවා ඔවුන් කාලය මැනීම සඳහා මේ ඉදිකිරීම් කළ බව. ඒ සමගම ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණුත් හෙළි වනවා.’ ඔහු කියනවා.

 
බර්මින්හැම් මහාචාර්ය වින්ස් ගැෆිනි පසුපසින් ඇත්තේ වසර 10,000ක් පැරණි යැයි ඔහු පවසන ලූනාවළවල්වල කැණීම්.

සාන්ත ඇන්ඩෲ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රිචඞ් බේට්ස් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ තවත් විද්වතෙක්. ඔහු කියන්නේ ආදි මධ්‍ය ශිලා යුගයේ හෙවත් මීසෝලිතික යුගයේ ස්කොට්ලන්තයේ විසූ ජනතාව වඩාත් දියුණු ශිෂ්ඨාචාරයකට අයත් බව මේ සොයා ගැනීම්වලින් තහවුරු වන බවයි.

‘මේ යුරෝපයේ මෙතෙක් හමු වූ පැරණිම දින දසුන විය හැකියි. කාලය මැනීම සඳහා මීට වඩා පැරණි උපක‍්‍රමයක් බි‍්‍රතාන්‍යයෙන්වත් යුරෝපයේ වෙනත් ස්ථානයකින්වත් හමුවී නැහැ. වොරන් ෆීල්ඞ්හි මෙය ඉදි කළාට පසු තවත් වසර 7,000ක් පමණ යන තෙක් මෙවැන්නක් මේ ප‍්‍රදේශයේ ඉදි කළ බවට සාක්කි හමු වෙලා නැහැ.’ ඔහු පවසනවා.

මේ වළවල් සහිත බිම මුලින්ම සොයා ගනු ලැබුවේ මේ කුඹුරුවල අසාමාන්‍ය වළලූ වගයක සලකුණු ඇතැයි ගුවනින් කළ විමර්ශනයක ප‍්‍රතිඵලයක් වශයෙනුයි. ස්කොට්ලන්තයේ පුරාණ හා ඓතිහාසික ස්මාරක පිළිබඳ රාජකීය කොමිසම මගින් තමයි, මෙම විමර්ශනය සංවිධානය කෙරුණේ.

මේ බිම අයත් වන්නේ ස්කොට්ලන්තයේ ක්රේතීස් මාලිගය ඇතුළු වතුයාය පාලනය කරන ජාතික පදනමටයි. මෙහි කැණීම් කටයුතු සිදු කෙරුණේ එම පදනම හා මරේ පුරාවිද්‍යා සේවා ආයතනය එක්වයි.

නැගෙනහිර ස්කොට්ලන්තයේ පුරාවිද්‍යා කටයුතු භාර ආචාර්ය ෂනොන් ෆ්රේසර් කියන්නේ, ‘මෙය සුවිශේෂ සොයා ගැනීමක්. බි‍්‍රතාන්‍යය තුළ තවත් මෙවැනි පෞරාණික ස්මාරකයක් ඇත්තේ නැහැ.’ කියායි.

‘අපේ කැණීම්වලින් හෙළි වුණා, වසර 10,000කට පෙර මෙහි විසූ ජනතාවගේ සංස්කෘතිය කෙබඳුද කියා. මේ අලූත්ම සොයා ගැනීම නිසා මෙහි විසූ ආදිමයන් තුළ පැවති දැනීමේ ස්වභාවයන් අපට තේරුම් ගත හැකියි. ඔවුන් කාලය හා ආකශ වස්තූන් පිළිබඳව කටයුතු කළ ආකාරය වටහා ගන්නත් අපට මෙයින් ඉඩ සැලසෙනවා.’ ඔහු .වදුරටත් කියනවා.

මේ පර්යේෂණය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව අන්තර්ජාල පුරාවිද්‍යාව (Internet Archaeology) නම් අන්තර්ජාල ජර්නලයේ ප‍්‍රකාශයට පත් කර තියෙනවා.

මායා කැලැන්ඩරයක් යළිත් සොයා ගනියි!

 
තවත් මායා කැලැන්ඩරයක් මෑතකදී සොයා ගනු ලැබුවා, ගෝතමාලාව අසල පුරා විදු බිමකින්.

පවුරක සටහන් කෙරුණු ගණනය කිරීම් රැුසක් ඊට අයත් වෙනවා. එය මායා කැලැන්ඩරයක් ලෙසයි පුරාවිද්‍යාඥයන් විසින් හඳුනා ගෙන තියෙන්නෙ.

එහි ඇඳ තිබුණේ කළු නිල ඇඳුමක් ඇඳි මිනිසුන් පෙළක්. එහි වූ තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් සම්පූර්ණයෙන් ම තේරුම් අරන් තිබුණේ නැහැ.

ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් ඒ දින වකවානු තවත් වසර 7000ක් ඉදිරියට ඇදී යන බව. ඒ නිසා ම මායා කැලැන්ඩරයෙන් 2012 ලෝකාවසානයක් දැක්වෙන කතාව බොරුවක් බව හෙළි වෙනවා.
source : malkakulu website

තාරකා යුද්ධයකින් පසු උපදින රත්තරන්

අපි රන් අගය කරන්නේ කරුණු කීපයක් නිසයි. එකක් එහි ඇති අලංකාරය. ඒ වගේ ම ආභරණ තැනීමාදියෙහි දී ඇති ප‍්‍රයෝජනය එහි වැදගත්ම අංගයයි. ඒ විතරක් නොවේ ලොව ඇති දුර්ලභ මූල ද්‍රව්‍යයක් ලෙසත් එය අපට වැදගත්. මුල්‍ය හුවමාරුවල ප‍්‍රධාන සාධකයත් එයයි.

ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් හෙළි කර ගෙන ඇති අලූත් ම තොරතුරු අනුව අනෙක් කරුණු සියල්ලට ම වඩා රන් අපට වැදගත් වෙන හේතුවක් දැන් සොයා ගෙන තියෙනවා. පෘථිවියේ ඇති සියලූ ම රන් අපට ලැබී ඇත්තේ ඉතාමත් දුර්ලභ සිදුවීමක් නිසයි. ඒ අනුව එය මිය ගිය තරු දෙකක් එකට හැපීමෙන් පසු උපන් දෙයක් ලෙසයි සැලකෙන්නේ.

 
ඇමරිකානු විද්‍යාඥයන් හෙළි කර ගෙන ඇත්තේ, පෘථිවියේ සියලූම රන් නිපදවී ඇත්තේ බොහෝ කලකට ඉහත සිදු වූ මළ තරු දෙකක් එකටෙක ගැටීමෙන් කියලයි.

තාරකාභෞතික විද්‍යාව සඳහා වූ හාවඞ්-ස්මිත්සෝනියානු කේන්ද්‍රයේ (Harvard-Smithsonian Centre for Astrophysics) විද්‍යාඥයන් කියන්නේ මෙවැනි වටිනා ලෝහයක් බිහි වූයේ ගැමා-කිරණ පිපිරීමක් නිසා බවයි. එවැනි පිපිරීමකින් තමා සැලකිය යුතු ප‍්‍රමාණයක බර මූල ද්‍රව්‍ය බිහි වන්නේ.

රන් පෘථිවියෙහි ඇති ඉතා දුර්ලභ ලෝහයක්. ඒ විතරක් නෙවෙයි, එය විශ්වයේත් ඉතා දුර්ලභයි.

‘එය කාබන් හෝ යකඩ වගේ තරුවක් ඇතුළේ නිර්මාණය වෙන්නට විධියක් නැහැ. ඒ වෙනුවට එය බිහි විය හැක්කේ කෙටි ගැමා-කිරණ පිපිරීමක් ඇති විය හැකි ඉමහත් ව්‍යසනකාරී සිදු වීමක් නිසා පමණයි, එවැනි ලෝහයක් පැන නැගිය හැක්කේ.’ ඔවුන් කියනවා.

එවැනි එක් සිදු වීමක් පසුගිය මාසයේ මේ විශ්වය තුළ සිදු වූ බවට වාර්තා වුණා.

එම සිදු වීමේ නිරීක්ෂණවලින් නිගමනය කරනු ලැබුවේ එසේ පිපිරුණේ නියුට්‍රෝන තරු දෙකක් එකට ගැටීමෙන් බවයි. ඒවා කලින් සුපර්නෝවා (අධිනවතාරාව) ලෙස පිපිරීමට ලක්ව මියගිය හරයන් (cores) ලෙස පැවති ඒවායි.

මෙවන් පිපිරීමක දී සුවිශේෂ දීප්තියක් නිකුත් වෙනවා, ඒ ගැමා-කිරණ පිපිරීම සිදු වූ ස්ථානයෙන්. දින ගණනාවක් තිස්සේ මෙය සිදු වෙනවා. එයින් සලකුණු වන්නේ රන් ඇතුළු අති විශාල බර මූල ද්‍රව්‍ය ප‍්‍රමාණයක් එහි ප‍්‍රතිඵලයක් ලෙස සැදෙන බවයි.

මෙම පර්යේෂණයට සම්බන්ධ වූ මහාචාර්ය එඩෝ බර්ජර් කීවේ, ‘අපි ඇස්තමේන්තු කළා ඒ නියුට්‍රෝන තරු දෙක එකට බද්ධ වෙන එම පිපිරීමේදී නිපදවෙන හා විමෝචනය කෙරෙන රන් ප‍්‍රමාණය චන්ද්‍රයන් 10කගේ ස්කන්ධයටත් වැඩියි.’ කියායි.

‘ඒක ඇත්තෙන් ම ඉතාමත් ආකර්ෂණීය පිපිරීමක්.’ ඔහු වැඩිදුරටත් කීවා.

 
රන් උපන්නේ මහා ව්‍යසනයක් සේ සැලකිය හැකි අභ්‍යවකාශ වස්තූන් දෙකක් ගැටීමෙන්. එවැන්නක් පසුගිය මාසේ සිදු වුණා. එය හැඳින්වුණේ කෙටි ගැමා-කිරණ පිපිරීමක් ලෙසයි. එම සිදු වීමේ නිරීක්ෂණවලින් නිගමනය කරනු ලැබුවේ එසේ පිපිරුණේ නියුට්‍රෝන තරු දෙකක් එකට ගැටීමෙන් බවයි. ඒවා කලින් සුපර්නෝවා (අධිනවතාරාව) ලෙස පිපිරීමට ලක්ව මියගිය හරයන් (cores) ලෙස පැවති ඒවායි.

මෙම ගැමා-කිරණ පිපිරීම් අධික බලශක්තියක් ජනනය කරන අති ප‍්‍රබල පිපිරීම් පමණක් නොව එවැනි දෑ වැඩි හරියක් සිදුවනු දැක ගත හැක්කේ ඈත විශ්වයේයි.

මහාචාර්ය බර්ජර් හා සගයන් පසුගිය ජූනි මාසයේ අධ්‍යයනය කළ මේ 130603 බී ගැමා-කිරණ පිපිරුම සිදු වූයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන හතරක් පමණ ඈතින්. එය මෙතෙක් හඳුනා ගෙන ඇති පෘථිවියේ අපට ආසන්නතම පිපිරුම ලෙස දක්වන්න පුළුවන්.

ගැමා-කිරණ පිපිරීම් දෙයාකාර වෙනවා, දිගු හා කෙටි ආදී වශයෙන්. එය රඳා පවතින්නේ ගැම-කිරණවල දීප්තිය පවතින කාලය අනුවයි.

ගැමා-කිරණ පිපිරීමක් (130603 බී) නාසා ආයතනය විසින් යවන ලද ස්විෆ්ට් (Swift) චන්ද්‍රිකාව මගින් සොයා ගනු ලැබුවා, පසුගිය ජූනි 3 වැනිදා. එය රඳා පැවතියේ තත්පරයකින් දහයෙන් දෙකකටත් අඩු කාලයක් විතරයි.

ගැමා-කිරණ ඉක්මනින් වියැකී ගියත් ඒ ‘130603 බී’ නම් ගැමා-කිරණ පිපිරුමේ දීප්තිය කෙමෙන් අඩු වී ගියේ අධෝරක්ත කිරණවල බලපෑමෙන්.

එහි දීප්තිය හා හැසිරීම නියම ‘පසුදිලියුමකට’ සරිලන ආකාරයට සිදු වුණේ නැහැ. එසේ වූයේ අධි වේගයෙන් විහිදුණු අංශු ධාරාවලින් අවට පරිසරය වසා ගත් නිසා විය හැකියි. ඒ වෙනුවට එම දීප්තිය හැසිරුණේ බැහැරින් ආ විකිරණ මූල ද්‍රව්‍යවලින් සිදු වන්නක් ලෙසයි.

 
විද්‍යාඥයන් මේ නියුට්‍රෝන තරු දෙක (වමේ) එකට ගැටී සිදු වූ පිපිරීමෙන් (දකුණේ) නිකුත් වූ ගැමා කිරණ දීප්තීන් අධ්‍යයනය කළා. ඔවුන් සිතනවා මෙවැන්නකින් බර මූල ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ජනිත වෙතැයි කියා.

නියුට්‍රෝන තරු එකිනෙක ගැටීමේ දී නියුට්‍රෝන අධික ද්‍රව්‍ය විමෝචනයක් සිදු වෙනවා. එවැනි අවස්ථාවලයි මේ බර මූල ද්‍රව්‍ය ඇති වන්නේ. එහිදී ඒවායේ විකිරණ ක්ෂය වීමක් සිදු වෙනවා. ඒ අවස්ථාවල දී තමයි, අධෝරක්ත ආලෝකයක් නිකුත් වන්නේ. මේ විද්‍යාඥ පිරිස නිරීක්ෂණය කළේ හරියටම මේ තත්වයයි.

තාරකාභෞතික විද්‍යාව සඳහා වූ හාවඞ්-ස්මිත්සෝනියානු කේන්ද්‍රයේ මේ පර්යේෂණාත්මක අධ්‍යයනයට එක් වූ වෙන් ෆායි ෆොන් (Wen-fai Fong) ඒ ගැන කීවේ මෙහෙම කතාවක්: ‘‘අප සොයා ගියේ ‘පත්තු වූ තුවක්කුවක දුමාරය’ වැනි යමක්. එය කෙටි ගැමා-කිරණ පිපිරුමක් හා නියුට්‍රෝන තරු ගැටුමකින් පසු හමුවන්නක් ලෙසයි, එනම් 130603 බී ගැමා-කිරණ පිපිරුමත් එවැනි විකිරණශීලී දීප්තියක් ඇති කරන්නක් ලෙසයි අප සිතුවේ.’’

විද්‍යාඥයන් ගණනය කළා මේ ගැමා-කිරණ පිපිරුමෙන් සියයට එකක් තරම් වූ සූර්ය ස්කන්ධ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් පිටතට විසි වෙනවා. ඒ අතර රන් කිසියම් ප‍්‍රමාණයක් ඇතැයි සැලකෙනවා.
එක කෙටි ගැමා-කිරණ පිපිරුමකින් උත්පාදනය වන රන් ප‍්‍රමාණය සැලකූ විට විශ්වයේ ආයු කාලය තුළ සිදු වූ එවැනි පිපිරුම් ගණනාවකින් මතු වූ රන් ප‍්‍රමාණය විශාල විය හැකියි. මේ සමස්ත සක්වළ සියලූ රන් බිහි වී ඇත්තේ ඒ ආකාරයෙනුයි.

මහාචාර්ය බර්ජර් කියන විධියට අප තරුවලට අයත් අයයි. අප පලඳින්නේත් තරු ගැටීමෙන් ලත් රන්වලින් තැනූ අබරණයි.

තොම්සන් රොයිටර් ජගත් රන් සමීක්ෂණයට (Thomson Reuters GFMS survey) අනුව මිනිසා විසින් තවමත් පරිහරණයට එක් කර ගෙන ඇත්තේ පෘථිවියේ ඇති ටොන් 172,000ක් වූ මුළු රන් සංචිතයෙන් ඉතාමත් සුළු මාත‍්‍රාවක් පමණයි.

මෙයින් රන් වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ ළඟා විය නොහැකි තරම් ගැඹුරින්, එනම්, පෘථිවියේ හරයේයි. ඒවා සියල්ලම අපට එක තැනකට ගත හැකි වුවහොත් එයින් අපට තැනිය හැක්කේ මීටර 21කක් දිග, පළල හා උස ඇති හතරැස් කුට්ටියක් විතරයි.

 http://www.malkakulu.com/