Saturday, August 2, 2014

හොල්මන් පින්තූර කතන්දර පෙළක්!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.


 


මේ පින්තූර එකතුවට භූත ලෝකය ගැන ඔබ දන්නවයි කියල හිතන හැම පැත්තක් ඇතුළත් වෙනවා. මේවායේ ඇත්ත නැත්ත විමසා බලන්න ඔබටම පුළුවන්.

අද්භූත දේ ගැන පරීක්ෂණ පවත්වන්නන් මේ සේයා රූ ගැන බොහොම වෙහෙස මහන්සි වී පරීක්ෂා කර ඇතැම් ඒවා ‘බොරුයි’ කියල ඔප්පු කරන්න උත්සාහ කළා. සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා බොරු කරන්න බැරි වුණා. ඔබටත් මේක අභියෝගයක්!

පිලිපීනයේ සුදුවතක් හැඳිකතගේ කතාව බලමු. එහි කිව්සෝන් නගරයේ බැලේට් මාර්ගයේ රාති‍්‍රයේ යන රියැදුරන්ට පාර මැද සිට ගෙන තමන් ඉදිරියට එන වාහන දෙස විමසිල්ලෙන් බලමින් සිටින සුදුවතක් හැඳිකතක් හමුවෙනවා. ඇගේ දිගු වරලස මුදා හැර තියෙනවා. මුහුණේ ලේ තැවරී තියෙනවා.

රියැදුරන් මේ මාර්ගය රාති‍්‍ර කාලයේ දී නිතරම මග හැර යන්න බලනවා. යායුතුම වූ විට සියලූ අසුන් පුරවා ගෙනයි, යන්නෙ. හිස් ඉඩක් තිබුණොත් එකී කාන්තාව එක්වරම ඇතුළු වී එහි වාඩිවෙනවා.

ඡායාරූපයට නැඟූ විට පාරේ ආලෝක නිසා දීප්තිමත් සුදකින් පේනවා. දෙපා යම්තමින් දිස් වෙනවා.

එහෙමත් නැත්නම් ලූසියානාවල මයිට්ල්ගේ වත්තේ විපරම්කාර වහලිය ක්ලොඊ ගැන බලන්න.

ඇය හැම විට ම නොකළ යුතු දෙයක් වූ ස්වාමියාගේ කතාබස්වලට රහසේ කන් දුන්නා. එක සවස් ජාමයක ඇය ඒ වැරැද්ද කරද්දී අතටම අහු වුණා.

කතාවේ හැටියට ඔහු දඬුවමක් වශයෙන් ඇගේ කනක් කපා දමා තියෙනවා. පලිගැනීමක් හැටියට ඇය ඔහුට කන්නට දෙන්නට වස දමා කේක් එකක් හැදුවා. එහෙත් බිරිඳත් දියණියත් ඉස්සර වුණා.

බියට පත් ඇය ඒ නිවසෙන් පලා ගියා. ඒත් අනෙක් වහලූන් ඇය පසුපස ලූහුබැඳ මරා දැම්මා.

ඇය එදා සිට මේ වන තෙක් ඒ නිවසේ දොරමුලූවල සිට, කුලූනුවලට හෝ පඳුරුවල මුවා වී ඉන්නවා නොයෙක් දෙනා දැක තිබෙනවා.

 
1959 දී ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රාන්තයේ ඇලිස් ස්පි‍්‍රන්ස්වල කොරෝබොරී රොක් නම් ස්ථානයේ දී ගත් ඡායාරූපයක්. කාන්තාවක් අත් මුහුණ ළඟට ඔසවා ගෙන ඈත බලා ගෙන ඉන්නවා.

 
පිලිපීනයේ කිව්සෝන් නගරයේ බැලේට් මාර්ගයේ රාති‍්‍ර දසුනක්. ඔවුන් කියන විදියට, මෙහි දිගු වරලසක් ඇති සුදු හැඳගත් කතක් පාර මැද හිටගෙන ඉන්නවා. ඇගේ මුහුණ ලේ තැවරී තියෙනවා. මේ වෙලාවට මේ මාර්ගයේ යන රියැදුරන් අසුන් සියල්ල පුරවා ගෙන යන්නේ හිස් අසුනක් තිබුණොත් ඇය මේ අසුනට නගින එක වළක්වන්නලූ!

සෑම භූතයෙකුම අප‍්‍රසන්න නැහැ.

1940 දී ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්තයේ සුසාන භූමියකදී ඇන්ඩෲස් නම් ඕස්ටේ‍්‍රලියානු කාන්තාව වසරකට පෙර මියගිය ඇගේ දියණියගේ සොහොනේ සේයා රුවක් ගත්තා.

ඇගේ දියණිය වූ ජොයිස් මියගියේ 17 හැවිරිදිව සිටියදියි. ඇය ඒ සේයා රුව ශුද්ධ කළ පසු මවිතයට පත් වුණා. ඒ සොහොන මත කුඩා ළමයකු වාඩි සිටිනු ඇයට දැක ගත හැකි වුණා.

පසුව, 1990 ගණන්වල අත්භූත සංසිද්ධි පිළිබඳ පර්යේෂකයෙකු වූ ටෝනි හීලි මේ ගැන සොයන්න ඒ සුසාන භූමියට ගිය වේලේ ඔහුට ඊට හේතුව පැහැදිලි වුණා. ඒ අසල සොහොනෙහි කුඩා ළමුන් දෙනෙකු මිහිදන් කර තිබුණු බව ඔහු සොයා ගත්තා.

ඩයනා හා පීටර් බර්ෙලොට් 1975 දී නෝෆෝක්හි වර්ස්ටඞ් දේවස්ථානයට ගියේ ඔවුන්ගේ දොළොස් හැවිරිදි පුතු සමගයි.

ඩයනා දෙව් මැඳුර තුළ දිගු ආසනයක හිඳ නිහඬව යාච්ඤා කළා. පීටර් ඈත සිට ඇය යාච්ඤා කරනු කැමරාවට නැඟුවා.

මාස කිහිපයකට පසු ඔවුන් ඒ ඡායාරූප බලමින් සිටිය දී ඔවුන් හා එක්ව සිටි මිතුරකු ඇගෙන් ඇසුවා, ඇයට ‘පසුපසින් ආසනයේ හිඳින අමුතු රූපය කාගේද?’ කියා.

ඒ පසුපස වූයේ සුදුවතින් සැරසුණු ගුප්ත රුවක්. ඒ තැනැත්තා හැඳි ඇඳුම පරණ පන්නයේ එකක්. එහි හිස් ආවරණයක් ද තිබුණා. එයින් විමතියට පත් වූ ඒ යුවළ ඊළඟ වසරේ ඒ දෙව්මැඳුරට ගියේ ඒ ඡායාරූපයත් අරගෙනයි.

එහි නේවාසික දේවගැතිවරයා වූ පූජ්‍ය පෙටිට් ඒ ගැන පුදුම වුණේ නැහැ. එතුමා බර්තලොට් යුවළට ඒ සුදුවතින් සැරසුණු කාන්තාව ගැන ප‍්‍රවාදය කියා දුන්නා.

ඒ භූතාත්මයක් බවත් සාමාන්‍යයෙන් රෝගීන් දෙව්මැඳුරට ආ විට ඔවුන්ට ළං වී හිඳිමින් ඔවුනට සහන සලසන බවත් රෝග සුවකිරීමට උපකාර කරන බවත් එතුමා පැහැදිලි කළා.

ඒ කතාව අහලා ඩයනා විස්මයට පත් වුණා. ඒ ඡායාරූපය ගත් දවස්වල ඇය රෝගීව ප‍්‍රතිජීවක ඖෂධ වර්ගයක් ගනිමිනුයි, හිටියේ.

ඒ සුදුවත හැඳි කාන්තාවගේ ප‍්‍රවාදය වසර 100ක් තිස්සේ එහි පවතින එකක්. ඇය සෑම නත්තලට පෙර දිනයක ම ඇය එහි එන බවයි, ඔවුන් කියන්නේ. එහි ඇය වාසය කළ නිවෙස අද ‘වයිට් ලේඩි’ නමින් පොදු වාසස්ථානයක් ලෙස පවත්වා ගෙන යනවා.

 
මේ කාන්තාව 1987දී එංගලන්තයේ සමර්සෙට්හී යෙල්වර්ටන් ගුවන් කඳවුරට ආ වේලේ ගත් සේයා රුවක්. මෙය ගනිද්දී, එදා තද උණුසුම් දවසක් වුණත් ඇය කීවේ ඇයට එදා අමුතු සීතලක් දැනුනු බවයි. ඒ වගේම ඇය කීවා, මේ ගුවන් යානයේ තමා සිටියේ තනිවම බව. එහෙනම් ඇගේ දකුණු පස අසුනේ ඉන්නේ කවුරුන්ද?


 
ක්ලොඊ ඇමරිකාවේ ලූසියානා ප‍්‍රාන්තයේ සැන්ට් ෆ්රැන්සිස්විල්හී වත්තක නිවෙසක විසූ වහල් සේවිකාවක්. ස්වාමියාගේ පුද්ගලික කතාබහකට ඇහුම්කන්දී අසු වී ඇගේ කන කපා දමනු ලැබුවා. ඊට පලිගැනීමට ඇය ස්වාමියාට දෙන්නට විෂ දැමූ කේක් එකක් හැදුවා. මේ බව නොදත් ස්වාමි දුව ඇගේ දූලා ඒ කේක් කෑවා. ඇය පැන ගියත් අනෙක් වහල් සේවකයන් ඇය ලූහු බැඳ ගොස් මරා දැම්මා. අද මේ වන තෙක් ඇය වත්තේ හා නිවසේ හොල්මන් කරනවා.

අධ්‍යාත්මවාදීයකු වූ ‘සයිකික් ටෙලිමිට්රි (මානසික ටෙලිමිතිය) සුවය, ධනය හා සැනසුම සහිත පරිපූර්ණ දිවියකට නව මඟක්’ නම් ග‍්‍රන්ථයේ කර්තෘ රොබට් ඒ. ෆර්ගියුසන් කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල දී 1968 නොවැම්බර් 16 වැනිදා දේශනයක් කරමින් සිටියදී ඡායාරූපයක් ගනු ලැබුවා.

ඔහු කියන්නේ ඒ ඡායාරූපයේ ඔහු පසුපසින් සිට ගෙන ඉන්නේ 1944 දෙවන ලෝක යුද සමයේ දී මියගිය වෝල්ටර්, ඔහුගේ ආදරණීය ඒ සොහොයුරා බවයි. සමහර විට ඔහු කියන දෙයෙහි ඇත්තක් තියෙන්නත් පුළුවන්.

ඒ ඡායාරූපය ගෙන ඇත්තේ පෝලෝරොයිඞ් කැමරාවකින් වන නිසා එය දෙ වරක් අනාවරණය කිරීමකින් නිර්මාණය කළ එකක් යයි සැක කළ නොහැකියි.

අවතාර හඹා යන්නන් බොහෝ දෙනකු කියන්නේ අවතාරවල කන්වල හැඩය විශාල වශයෙන් වෙනස් වන නිසා අවතාරයක් මිනිසාගෙන් වෙන් කොට හඳුනා ගත හැකි බවයි.

සමහර ඡායාරූප පිළිබඳව අධිමානසික විශේෂඥයන් ඒවායේ මුල් සොයා යමින් දසක ගණනක් තිස්සේ පර්යේෂණ පවත්වනවා,

නිදසුනක් වශයෙන් 1924 දී නිව්යෝක් නගර වරායෙන් පැනමා ඇළට පිවිසෙද්දී එස්එස් වෝටර් ටවුන් නෞකාවේ සිටි ජේම්ස් කර්ටිනි හා මයිකල් මීහන් යන දෙදෙනා හිස් ගෑස් ටැංකියක් ශුද්ධ කරද්දී අත්වැරැද්දකින් ගෑස් දුමාරය වැදී මියගියා. ඊළඟ දින කීපය තිස්සේ ඒ නැවෙහි සිටි අනෙක් සගයන් නැව පසු කර යන ජල පහරෙහි ඔවුන්ගේ මුහුණ දෙක ම දැක තිබෙනවා.

ඒ නැවේ කපිතන් ඒ මුහුණු මතු වී පෙනුනු ජලයේ ඡායාරූප කීපයක් ගත්තා. එයින් පහකින් එකක විතරක් ඒ මුහුණු අවතාර සේ පෙනෙන්න තිබුණා.

බ්ලේක් ස්මිත් ප‍්‍රථමික පාසලේදියි මේ පින්තූරය හා කතාව ගැන ඇහුවේ. ඒ කතාවට බය වුණු ඔහුගේ හිතෙන් ඒක මැකී ගියේ නෑ. ඔහු වැඩිහිටියකු වූ පසු ඒ ගැන අතීතයට ගොස් හොයන්න පටන් ගත්තා.

”මේ කතාව මුලින්ම පළ වෙලා තියෙන්නෙ වෝටර්ටවුන් නැව අයිති සිටීස් සර්විස් නම් තෙල් සමාගම විසින් එහි සේවකයන් අතර බෙදා හරින ලද ‘සර්විස්’ කියන සඟරාවෙයි. ඒ 1934දි” බ්ලේක් කියනවා.

ඔහු සොයා ගැනීමට සමත් වුණා, තවත් අධිමානසික පර්යේෂකයකුගෙ වාර්තාවක්. එහි සඳහන් වුණා, නැවේ කපිතාන්ගේ ෆිල්ම් රෝල ශුද්ධ කළ හැටි ගැන. ඒක නැවෙන් ගොඩ බැහැපු වෙලාවෙදි කපිතන් විසින් නිව්යෝක් නරගයේ වෘත්තීය ඡායාරූප ශිල්පියකුට දීල තියෙනවා.

 
මේ සේයාරුව ගත්තේ 2002දියි. නගරයේ තිබුණු වෙළෙඳ සැලක. එහි පාත මාලයට බඩු ගන්න භුතයෙකුත් ඇවිත් වගෙයි.

බ්ලේක් මේ ගැන තවත් පර්යේෂකයකු වූ ජෝ නිකල්ගෙන් ඇහුවා, ඔහුගේ අදහස්.

”ඒ පින්තූරය හදපු එකක් කියලා සැකයක් තියෙනවා. වම් පැත්තේ ඇති මුහුණ ළඟින් ඇති රැුහැන් සලකුණ පින්තූරය ඉහළටම විහිදෙනවා. ඒ නිසා මේක රූප කපා එකතු කළ එකක් කියලා හිකෙනවා.” ඔහු මෙහෙම කිව්වත් එහි අනෙක් පින්තූරය ඇත්ත වෙන්න පුළුවන් කියලයි, ඔහු හිතන්නෙ. ඒ වැඩිපුර මුහුණ යොදලා තියෙන්නෙ වැඩි ආකර්ෂණයක් ගන්න කියලයි, ඔහු කියන්නෙ.

ඒ වගේම මෙහෙම දෙයකුත් එයා කියනවා, ”ඒ කාලේ හොල්මන්වල ව්‍යාජ පින්තූර වැහිවහලා තිබුණා. ඒ නිසා මේකත් ඒ වගේ එකක් වෙන්නත් පුළුවන්”

 
මේ 20 වන සියවසේ ගත් ලියන මේසයක සේයාරුවක්. ගෘහ භාණ්ඩ වෙළෙන්දකුගේ ඉල්ලීම පිට මේසයේ පින්තූරය ගත්තේ එකල සිටි ප‍්‍රසිද්ධ කැමරාකරුවෙක්. ඔහු ප‍්‍රසිද්ධිය නිසා කැමරාවට මුහුණ දෙන්න භූතයෙකුත් ඇවිත් හැඩයි.

 

 
මේ ඉන්ඩියානා ජනපදයේ ගී‍්‍රන්කාසල්වල රෝස කුමරියගේ ඡායාරූප ගෙන ඇත්තේ එහි ඕහාරේ මන්දිරයේ හොල්මන් කරන කාන්තාවක් ගැන ලත් ආරංචියක් අනුව එහි ගිය ගයි වින්ටර් නම් භූත වේදියා විසින්.

 
මේ ඡායාරූපය ගෙන ඇත්තේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලයෙයි. මේ යටි මාලයේ සිට පඩිපෙළ නගින්නේ මියගිය සොල්දාදුවෙක්.

 
ඩයනා හා පීටර් බර්ලොට් 1975 දී නෝෆෝක්හි වර්ස්ටඞ් දේවස්ථානයට ගියා. පීටර් ඔහුගේ බිරිඳ නිහඬව යාච්ඤා කරනු ඡායාරූපයට නැඟුවා. පසුවයි, ඔවුන් දුටුවේ ඇය එහි තනවම නොසිටි බව.

 
1968 නොවැම්බර් 16 වැනිදා කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල ‘සයිකික් ටෙලිමිට්රි’ කර්තෘ රොබට් ඒ. ෆර්ගියුසන් දේශනයක් කළ අවස්ථාව. ඔහු විශ්වාස කරන්නේ මේ ඡායාරූපයේ ඔහු පසුපසින් සිටින්නේ ඔහුගේ සොහොයුරු, 1944 දෙවන ලෝක යුද සමයේ දී මියගිය වෝල්ටර් කියායි.

 
ඇන්ඩෲස් මහත්මිය මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1940 දී ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්තයේ සුසාන භූමියකදියි. ඡායාරූපය ශුද්ධ කළ පසු ඒ සොහොන මත සිඟිති දැරියක් වාඩි වී සිටිනු දැක ඇය මවිතයට පත් වුණා

 
1924 දී එස්එස් වෝටර් ටවුන් නිව්යෝක් නගර වරායෙන් පැනමා ඇළට ප‍්‍රවේශ වෙද්දී එහි හිස් ගෑස් ටැංකියක් ශුද්ධ කරමින් සිටි ජේම්ස් කර්ටිනි හා මයිකල් මීහන් යන දෙදෙනා අත්වැරැද්දකින් ගෑස් දුමාරය වැදී මියගියා. ඉන් මොහොතකට පසු එහි නැවියන් නැව පසු කර යන ජල පහරෙහි ඔවුන්ගේ මුහුණ දෙක දැක තිබෙනවා.

 
මේ ඡායාරූපය අර ගෙන තියෙන්නෙ මිනිසකුගේ අවසාන මොහොතෙදියි. ඔහු ඉදිරියෙන් පෙනෙන්නේ සුදු පැහැති වටකුරු ගුප්ත හැඩයන් තුනක්. ඇතැම් අය කියන්නේ ඒවා භූතාත්ම කියලයි. ඒවා විශ්වාස නොකරන අය කියන්නේ ඒවා ඡායාරූපය මත තැවරුණු බොඳ වූ ඇඟිලි සලකුණු විය හැකි බවයි.

 
මේ මිනිසුන් දෙන්නා 1918දි අත්හැර දමන ලද පැරණි රෝහලක අලූත්වැඩි කටයුතුවලයි, මේ නිරත වෙලා ඉන්නෙ. ඒත් ඒ අය ඉන්නෙ තනියම නෙවෙයි, උඩු මහලක තවත් අමුත්තකු ඉන්න බව පේනවා.

හොල්මන් විදු ඇසින්

ලොව පුරා ප‍්‍රසිද්ධ මේ හොල්මන් පින්තූර බොහොමයක් අධ්‍යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඒවා වැඩිහරියක් ආලෝකයේ උපක‍්‍රමයක් හෝ කැමරාවේ තාක්ෂණික භාවිතයේ ඇති වෙනස් කිරීමක් හෝ නිසා බිහිවූ ඒවා බවයි.

මෑතදී එක්සත් රාජධානියේ මහාචාර්යවරයකු වූ රිචඞ් වයිස්මන් අත්හදා බැලීම් කීපයක් කළා මේ හොල්මන් පින්තූර පැහැදිලි කිරීම පිළිබඳව.

ඒ පිළිබඳව ඔහු විසින් කරන ලද නිගමන අතර සඳහන් වෙනවා, හොල්මන් පින්තූර බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ එක්කෝ සෙවණැලි හැටියට, නැත්නම් එකම රූප රාමුව දෙවරක් අනාවරණය කිරීම නම් කැමරා ප‍්‍රයෝගය මත තැනුනු ඒවා හැටියටයි, කියලා.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඔවුන්ගේ අත්හදා බැලීම් අනුව කියන්නේ, ආලෝකය අඩු කාමරයක සිටින විට කෙනකු වටපිට බලන විට ඔහුගේ මොළයේ කි‍්‍රයාකාරිත්වය නිසා ඇත්තටම එතැන නැති දෙයක් තිබෙනවා සේ පෙනිය හැකි බවයි.

ඒ වගේ ම මේ ඡායාරූපත් මොළය රවටන්නට සමත් ආකාරයේ උපක‍්‍රම යොදා ගත් ඒවා වෙන්නත් පුළුවන්.
 


 

Source : Malkakulu web

ලෝකයේ අවලස්සනම සතුන්

ලෝකයේ අවලස්සනම සතුන් කවරේද? මේ මිහිමත වෙසෙන සතුන් අතරින් කැත මුහුණු ඇති සතුන් ගැන ටීවී වැඩ සටහනක් හදල තියෙනවා.

මේ විදියට ‘අවලස්සන මුහුණු ඇති සතුන්’ කියා ඒ අයට කියන එකට අකමැති අයට ‘මවට පමණක් ආදරය කළ හැකි මුහුණු ඇති සතුන්’ කියලා දමා ගන්න පුළුවන්.

නැෂනල් ජ්‍යොග‍්‍රෆික් වයිල්ඞ්වල අලූත් ම ටීවී වැඩසටහනක තමයි, මේ අමුතු මුහුණු ඇති සතුන් දැක ගන්න ලැබෙන්නේ. මේ වැඩ සටහන රූ ගැන්වීමට ගවේෂක හා සත්ව විද්‍යාඥවරියක වන ලූසී කුක් ලෝකය පුරා ම ගියා.

 
කෙන්යාවට ආවේණික වූ මේ සත්වයා ‘නේකඞ් මෝල් රැට්’ (නිරුවත් වැලි මීයා) එක් අමුතු සතෙක් මේ වැඩසටහනට අයත්.

”හැම වැඩසටහනකින් ම පෙන්නන්නෙ ලස්සන සුරතල් සතුන් විතරයි, ඒ නිසා මං කල්පනා කළා විකාර අංග ලක්ෂණ තියෙන සතුන් ගැන ටීවී වැඩසටහනක් හදන්න. මේ ඒකෙ ප‍්‍රතිඵලයයි.” ලූසී කුක් කියනවා.
ඇය මහාද්වීප තුනකටම ගියා මේ සතුන් සොයා ගෙන. සොබාදහමේ ඉන්නා ජනපි‍්‍රය නොවන සතුන් එක් රැස් කිරීම ලේසි නැහැ. පෙනුමෙන් අවලස්සන යැයි වැඩි දෙනා පිළිගන්නා එසේ ම විකාර අංග ලක්ෂණ ඇති සතුන් මහත් රාශියක් ඇගේ කැමරාවට අසු වුණා. මෙහි දැක්වෙන්නේ ඒ සතුන් අතරින් ඒ අතින් මුල අංක දහයට වැටෙන සතුන් දස දෙනායි.

ආසියාව, ඕස්ටේ‍්‍රලියාව හා අපි‍්‍රකාව යන මහාද්වීප තුන හරහා ඇය ගමනෙදියි මේ සතුන් මුණ ගැහුණේ.

 
මේ ගිජුලිහිණියා ලූසී ප‍්‍රමුඛ කණ්ඩායමේ එක තේරීමක්.

 
ආසියාවේ හා අපි‍්‍රකාවේ වෙසෙන මේ කබල්ලෑයා තවත් අවලස්සන සතෙක්.

 
මේ ප්‍රොබෝසිස් වඳුරා හොඬවැලක් වගෙ නාසයක් ඇත්තෙක්.

 
සත්ව ලෝකයේ ශක්තිමත්ම හක්ක තියෙන මේ ‘තස්මේනියානු යක්ෂයා’ කැත පෙනුමක් ඇත්තෙක්.

 
ටිටිකාකා විලේ ඉන්නා මේ ගෙම්බාගේ සිරුරේ එතුනු වැඩිපුර සමක් තියෙනවා. ඒ ඔක්සිජන් වැඩිපුර උරා ගන්නයි.

 
මේ මකුළුවටත් තියෙන්නෙ අමුතු මුණක් - නම ගෝලඩන් බ‍්‍රවුන් බැබූන් මකුළුවා.

 
දිග නාසයක් ඇති මේ සතා කැරිබියානු දූපත්වල වෙසෙන සෙලෙනෝඩන්

 
මේ අයි අයි ලීමරයාට දිගු කන් තියෙනවා. ඝන ලොමින් වැසුණු සමක් ලොම් පිරුණු වලිගයක්ද තියෙනවා. මැදැඟිල්ල හරිම දිගයි.

 
මේ සයිගා ඇන්ටිලොප් වර්ගය වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා. කසකස්ථානයේ කොටසකත්, සයිබීරියානු තණ බිම්වලත් දකින්න පුළුවන්.

 
මේ ලූසී කුක් ඉන්නේ බෝනියෝ දූපතේ ඉන්නා ප්‍රොබොසිස් වඳුරෙක් සමගයි.

Wednesday, July 16, 2014

අබිරහස් සොයා බයිකල් විලේ පතුළට!

ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල තමා බයිකල් විල. බයිකල් විල පිහිටා තිබෙන්නේ රුසියාවේ. මීට වසර 4කට පෙර, 2008 ජූලි 29 වැනිදා බයිකල් විලේ අබිරහස් සොයා කුඩා රුසියානු සබ්මැරීනයක් බයිකල් විලේ ගැඹුරුතම පතුළ බලා ගමන් කිරීමට සමත් විණි. මිරිදිය විලක ගැඹුරුම පතුළට ගවේෂණ චාරිකාවක් ලෙස මෙය වාර්තා පොත්වලටද එක්විණි.


මෙම විද්‍යාත්මක ගවේෂණ චාරිකාවේ සංවිධානය කරනු ලැබුවේ ක්‍රෙම්ලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ආක්ටික් ගවේෂකයෙක් ලෙස ප‍්‍රසිද්ධ ආතර් චිලිංගාරෝව් විසිනි. ආතර් චිලිංගාරෝව් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායම මීට පෙර උත්තර ධ‍්‍රැවයේ මූදු පතුළ ගවේෂණය කර රුසියානු ධජයක් පවා එහි සිටවූහ. මෙම ගවේෂණ චාරිකාවට දේශපාලනමය පසුබිමක්ද තිබේ. එක්සත් රුසියා පක්ෂයේ පූර්ණ අනුග‍්‍රහය තමාට ලැබුණු බව ආතර් චිලිංගාරෝව් පවසයි.


බයිකල් විලේ පතුළට යමින් වාර්තාවක් පිහිටුවීමට හැකිවූයේ රුසියාවේ නිෂ්පාදිත මීර් 2 නම් කුඩා යාන්ති‍්‍රක සබ්මැරීනයටයි. එය බයිකල් විලේ මීටර 1,680 ක් (අඩි 5,512) ගැඹුරු පතුළට ළඟාවිණි. මෙම ගවේෂණය ඇරඹීමේ ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ගෝලීය උණුසුම බයිකල් විලට කෙසේ බලපාන්නේදැයි තේරුම් ගැනීමටයි. එමෙන්ම විල් පතුළේ තෙල් හෝ වායු තිබේදැයි දැන ගැනීමටද මෙම ගවේෂණය ඉවහල් වෙයි. ‘අපට ඕනෑ බයිකල් විල හොඳින් අධ්‍යනය කිරීමට සහ එය ආරක්ෂා කර ගන්නයි’ ගවේෂණය ඇරඹීමට මොහොතකට පෙර බයිකල් විලේ පිහිටා ඇති ‘තර්කා’ නම් තොටුපොළේ මීර් 1 සහ 2 සබ්මැරීන සූදානම් කරමින් සිටි අවස්ථාවේදී ආතර් චිලිංගාරෝව් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.


සෙමින් සෙමින් විලේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යද්දී විවිධ ගැඹුරු සීමාවන්වලදී ජල සාම්පල සහ පස් සාම්පල එකතු කර ගැනීමක් සිදු කෙරිණි. මීට පෙර හඳුනා නොගත් නව ජීවීන් කිහිප දෙනෙක් සොයා ගැනීමටද ගවේෂණ කණ්ඩායමට හැකිවිණි. මේ වන විට බයිකල් විලට පමණක් ආවේණීක වූ ජීවීන් 1,700 ක් සිටිති.

බයිකල් විල, ‘බ්ලූ අයි ඔෆ් සයිබීරියා’ නැතහොත් ‘සයිබීරියාවේ නිල් ඇස’ ලෙසින්ද හැඳින්වේ. ධාරිතාව අතින් ලොව විශාලතම මිරිදිය පොකුණ ලෙස සැලකෙන්නේ ද මේ බයිකල් විලය. 1996 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස බයිකල් විල නම් කෙරිණි.

Source  :  malkakulu web

පොළොව යට විස්මිත සවාරියක්


ලෙන්, උමං ආදියෙන් පිරි මේ ලෝකය අති සුන්දර එකක්. ආලෝකය නැති නිසා ඒවායේ ලස්සන බලන්න, ඉතාමත් අසීරුයි.

පොළෝ ගර්භයේ පිහිටි පාෂාණ රටා ආලෝකමත් කළ විට අදහගන්න බැරි තරම් ලස්සනයි! හරියට පිට සක්වළ පරිසරයක් කියල පහසුවෙන් ම රැවටෙන්නත් පුළුවන්.

මේ විස්මිත ලෙන් උමං පද්ධතිය ඇත්තේ නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ (Austria) ඔබීර් ට්‍රොප්ස්ටින් (Obir Tropfsteinh) නම් ස්ථානයේයි.

 
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ මේ නව උමං පද්ධතියේ පුංචි ලෙනක් තුළ වතුර කාන්දු වන ආකාරය මනින්න විද්‍යාත්මක උපකරණ සවි කරන අයුරු.

ලෙන් හා උමං ලෙස පොළොවේ අඩි සියගණනක් ඈතට විහිදී ගිය මේවා ගවේශනය කිරීමෙන් අවට ප‍්‍රදේශවල දේශගුණික වෙනස්කම් සිදු වන ආකාරය ගැන ඇති ගැටලූ විසඳා ගන්නට උපකාර වෙතැයි විද්‍යාඥයන්ගේ විශ්වාස කරනවා.

ඔස්ටි‍්‍රයාවේ ඇල්ප්ස් කඳුකරයේ පාෂාණ තුළින් වසර බිලියන ගණනක් තිස්සේ ජලය කාන්දු වූ ආකාරය සිතියම් ගත කරන්නට විද්‍යාඥයන් මෙහි සිට විශාල ප‍්‍රයත්නයක් දරනවා.

ඔවුන් භූගත ජලාශවලට ජලය යන මාර්ග සොයා ගැනීමට ප‍්‍රතිදීප්ත ඩයි වර්ගයක් පාවිච්චි කරනවා.

බි‍්‍රතාන්‍ය ඡායාරූප ශීල්පී රොබී ස්ටෝන් අඩි සිය ගණනක් පොළොව යටට විද්‍යාඥයන් සමග ගියා, මේ ලෙන් හා ඒවා තුළ ඇති ස්ඵටික මෙන් ම පාෂාණ රටා නරඹන්න හා ඡායාරූපයට නගන්න.

 
ආචාර්ය ජිනා මෝස්ලි ඔස්ටි‍්‍රයාවේ ටිරෝල්හී ඉපැරණි ලෙනක් වන ග්ලෝකන් සැචැට් තුළට කඹයක ආධාරයෙන් බසින අයුරු.

 
ඔස්ටි‍්‍රයාවේ ලෙන් ගවේශනයේ යෙදුණු ආචාර්ය ජිනා මෝස්ලි කඹයක ආධාරයෙන් ලෙන් විවරයෙන් එළියට ආ අයුරු. සරුවට වැඩුණු කොළ පැහැති ශාකවලින් ලෙන් විවරය වට වී ඇති අයුරු බලන්න.

 
ඔස්ටි‍්‍රයාවේ මේහොෆෙන්වලට ඉහළින් ඇති හින්ටර්ටක්ස් ග්ලැසියරය තුළ පාෂාණ රටා විහිදී ඇති අන්දම.

මැන්චෙස්ටර් නගරයෙන් ආ මේ 32 හැවිරිදි ඡායාරූප ශිල්පී රොබී මේ අත්දැකීම ගැන කියන්නේ මෙහෙමයි: ”ලෙන් ඉතා අසීරු, අනුකම්පා විරහිත ස්ථානයි. ඒ පරිසරය ඉතා දුෂ්කරයි. මොනම විදියක හෝ ආලෝකයක් නැති මුළුමනින් අඳුර රජ කරන ඒ වගේ තැන්වල අඩිය තියන්න ඕනෑ ඉතා පරිස්සමෙන්. කොයි වේලේ අනතුරක් වෙයිද කියන්න බැහැ”.

එහි අනතුරුදායක තත්වය නොසලකා රොබී ඒ ලෙන් හා උමං තුළට කැමරා ආම්පන්න හා අලෝක කරන උපකරණ රැගෙන ගියේ ලෙන් තුළ ඇති ඒ විස්මිත දසුන් ඔබ වෙත ගෙන එන්නයි.

 
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ කැටර්ලොක් ලෙන තුළ ජලය රැස්වී ඇති අයුරු.

 
නැගෙනහිර ඔස්ටි‍්‍රයාවේ කැටර්ලොක් ලෙන.

 
ආචාර්ය උපාධියට හදාරන සුසාන් බ්රෑන්ඞ්ස්ටටර් ඔස්ටි‍්‍රයාවේ මේහොෆෙන්වලට ඉහළින් ඇති හින්ටර්යක්ස් ග්ලැසියරය තුළ ගල් ලෙනක් පරීක්ෂා කරද්දී.

”මේ පින්තූර දකින බොහොම දෙනෙක් විස්මයට පත් වන්නේ ඔවුන් කිසිදාක මෙවැනි දසුන් දැක නොමැති නිසයි. ඒ විතරක් නොවෙයි, වැඩි දෙනෙක් මේ වගේ ගැඹුරු තැන්වලට යන්නේ නැහැ. මේ වගේ ලෝකයක් තමන්ගෙ දෙපා යට තියෙනව කියල ඔවුන් කවදාවත් හිතන්නවත් නැතුව ඇති.

”මේ විදියට පොළොව යට ලෙන් උමං ආදිය දිහා බලන්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒ මොකද ලෙන් ගවේශනය කරන අය වුනත් යන්නේ හිසේ පුංචි ටෝච් එකක් එක්ක. ඔවුන්ට මෙහි ලස්සන පේන්නේ වරකට එළිය වැටෙන පුංචි ප‍්‍රදේශයක විතරයි. මේ විදියට ලොකු ආලෝක ධාරා ගෙනිහින් ආලෝකමත් කරල පින්තූර ගන්නේ පළමු වතාවටයි.” ඔහු වැඩිදුරටත් කියනවා.



Source  :  malkakulu web

මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට පිළිතුරු!


සියවස් ගානක් තිස්සේ මිනිසාගේ සිත කැලඹූ ලොකුම ප‍්‍රශ්නය 
‘විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?’
යන්නයි.
දැනට බි‍්‍රතාන්‍යයේ කර ඇති අලූත්ම සමීක්ෂණයකට අනුව අපට විසඳා ගත නොහැකිව ඇති ගැටලූ අතර තවමත් ඉහළින් ම ඇති ගැටලූව එයයි.

ඒ සමික්ෂණයේ දෙවැනි තැන් ගෙන ඇත්තේ පිළිකාව නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හමුවන්නේ කවදාද? යන්නයි. ඊළඟට බොහෝ දෙනා නැගූ ප‍්‍රශ්න නම් ‘දෙවියන් සිටින බව කවදා හෝ ඔප්පු කළ හැකි වේද?’ යන්නයි.

 
ඊටී (ET): බොහෝ දෙනා නගන ලොකුම ප‍්‍රශ්නය ‘විශ්වයේ අප ඉන්නේ තනිවම ද?’ යන්නයි.

ලොකුම ප‍්‍රශ්න ලැයිස්තුවේ තවත් පහළට යන කොට සාමාන්‍ය ප‍්‍රශ්නත් සමහරුන්ට ලොකු ගැටලූ ලෙසට පෙනුණා. ඒ එකක් තමයි, ශීතකරණය වහපුවාම ‘දොරේ ලයිට් එක ඇත්තට ම නිවෙනවාද?’ යන්න.

බි‍්‍රතාන්‍යයේ ඊඞ්න් ටීවී චැනලය 2000 දෙනකු යොදා ගෙන ලෝකයේ ලොකුම ගැටලූ 10 ගැන මත විමසුමක් කළා.
එහි දී විශ්වය කොතරම් විශාල ද? කාලයේ ආපස්සට යා හැකි ද? ඉස්සෙල්ලා ආවේ බිත්තරය ද? කිකිළි ද? කාලාන්තරයක් තිස්සේ මිනිස් හිතට වද දුන් ප‍්‍රශ්න 10 තෝරන්නයි, මේ මත විමසුම කළේ.

ඒඞ්න් ටීවී චැනලය විසින් අලූතින් අරඹන ලද ‘විද්‍යා මාසය’ නම් වැඩ සටහන දියත් කිරීම නිමිත්තෙන් තමයි, මේ මත විමසුම සිදු කළේ. එහි දී හෙළිදරවු වුණු එක් කරුණක් වන්නේ බි‍්‍රතාන්‍යයේ වැඩිහිටි අයගෙන් හතරෙන් තුනක් විද්‍යාව ගැන උනන්දුවක් අතර ඔවුන් ඒ සම්බන්ධ පුවත් වඩාත් නිවැරදිව හා සවිස්තරව අසන්නට කැමති බවයි.

බි‍්‍රතාන්‍යයේ සේවයේ තොරතුරු අංශයේ සාමාන්‍යාධිකාරී ඒඞ්රියන් විල්ස් මේ මත විමසුම ගැන කියන්නේ මෙහෙමයි:

”මීට වසර 500කට ඉස්සර ලෝකයේ වැඩි දෙනා සිතා සිටියේ ලෝකය පැතලියි කියායි. ඒත් දැන් මේ තත්වය වෙනස් වෙලා. විද්‍යාව ගැන අපේ ඇති අවබෝධය සීග‍්‍රයෙන් වැඩි වේගන යනවා.

”අපේ මත විමසුමෙන් පෙනී යනවා, තවමත් අප වැඩි දෙනකු විශ්වයේ අපේ තැන ගැන, අප දන්නා තරම ගැන ප‍්‍රශ්න කරන බව. තවමත් අපට විසඳාගත නොහැකිව ඇති ලොකුම ගැටලූ ඇති බව.

”අප උත්සහ කළා ‘ඒඞ්න් විද්‍යා මාසය’ ඔස්සේ මේ ගැටලූවලට මෙතෙක් දී ඇති විසඳුම් ඉදිරිපත් කරන්නට. ඒත් එකක් පැහැදිලියි, මේ අතින් අපට තවත් බොහෝ ඉගෙන ගත යුතුව තියෙනවා.”

මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට ........ මෙන්න පිළිතුරු


1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?
විද්‍යාඥයන් කියන්නේ විශ්වයේ බුද්ධිමත් ජීවයක් බිහි වීමට අවශ්‍ය තත්වයන් ඇති, එවැනි ජීවියකුට මතු වීමට හැකියාව ඇති, තවත් ග‍්‍රහ ලෝක පද්ධති රැසක් තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි ජීවියකු ඇත් නම් ඔවුන් සොයා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතට යන්නට, ඔවුන් හා සබඳකම් පවත්වන්නට ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුම හා හැකියාව තවමත් අප විසින් ඇති කර ගෙන නැහැ.

2. පිළිකාව සුව කළ හැකි පිළියමක් කවදා හෝ සොයා ගත හැකිවේද?
මේ සම්බන්ධව විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රම පර්යේෂණ මගින් නොකඩවා සොයා ගනිමින් තියෙනවා. ඒවා භාවිත කරමින් වැඩි කලක් දිවි රැක ගෙන සිටීමේ හැකියාව දැන් තියෙනවා. ඒත් තවමත් පිළිකා නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හෝ එක රැයින් පිළිකාව තුරන් කළ හැකි ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නැහැ. හැබැයි, රෝගීන්ගේ ජීවත්ව සිටීමේ කාලය එන්න එන්න ම වැඩි කළ හැකි පිළියම් නම් සොයා ගනිමින් තියෙනවා.

3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

4.විශ්වය කෙතරම් විශාල ද?
සමහර තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයට සීමාවක්, ප‍්‍රමාණයක් නැතැයි කියායි. අනෙක් අය පිළිගන්නේ බිග් බෑන් හෙවත් මහා පිපිරුමෙන් පසු විශ්වය විශාල වෙමින් ගොස් දැන් ආලෝක වර්ෂ බිලියන 150ක් තරම් දුරකට පැතිර ඇති බවයි.

5.පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ ද? කොතැන ද?
ජීවයේ ආරම්භය ගැන පළ කළ මත ගණනාවක් තියෙනවා. විවිධ බැක්ටීරියාවන් සංජීවි සම්බන්ධතා ඇති කර ගනිමින් සංවහන ප‍්‍රවාහ ඔස්සේ පෘථිවි පෘෂ්ඨය පසා කර ගෙන යාමෙන් ජීවය බිහි වීමට මග පෑදුණු බව තමයි, ඉන් බොහොමයකින් ම කියැවෙන්නේ.

6.කාල චාරිකාව (time travel) සැබෑ කළ හැක්කක් ද?
අභ්‍යවකාශ කාල වියමන තුළ ‘පණු සිදුරු’ (wormholes) යනුවෙන් හැඳින්වෙන කෙටි මං තියෙනවා, න්‍යායාත්මකව කාල චාරිකාවෙහි යෙදිය හැකි. කොහොම වුනත්, මේ පණු සිදුරු ඇති තැන් කෙළින්ම දැක ගන්න බැහැ. එවැනි එකක් විවෘත කර ගන්න විකර්ෂ ගුරුත්වයක් ඕනෑ වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට ක‍්‍රමයක් තවමත් පෑදී නැහැ.

7.අපට කවදා හෝ අභ්‍යවකාශයෙහි ජනාවාසයක් ඇති කර ගත හැකි වෙයි ද?
සමහර විට හැකි වේවි. ඇතැම් අය කියන්නේ අපට මේ පෘථිවියෙහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් අප අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් තැනක ජනාවාස පිහිටුවීම ගැන බරපතල ලෙස සිතිය යුතුය කියායි. ඇමරිකාවේ නාසා ආයතනය දැනටමත් වෙනත් ග‍්‍රහ ලෝකවල හා චන්ද්‍රයන්වල පරිසරය වෙනස් කොට පෘථිවි පරිසරයට සමාන අයුරින් සකස් කිරීම සඳහා සාකච්ඡා පවත්වා තියෙනවා.

8.තෙල් වෙනුවට එන විකල්පය කුමක්ද? එන්නේ කවදාද?
විකල්ප බල ශක්ති සම්පත් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒවා තෙල් වෙනුවට විකල්ප වශයෙන් යොදා ගැනීමට තරම් වියදම් අඩු කාර්යක්ෂම ඒවා නොවෙයි. ඒත් දැන් නැනෝ තාක්ෂණ විද්‍යාව ඔස්සේ දියුණු කර ගෙන යන නව ක‍්‍රමවලින් මෙයට පිළිතුරක් ලැබේවි කියලා හිතන්න පුළුවන්.

9.විශ්වය අවසන් වන්නේ කෙසේ ද?
විශ්වයේ අවසානය ගැන දක්වපු න්‍යායික මත අතර විශ්වය විශාල වෙමින් ගොස් එසේ විශාල වීම නවතින මොහොතේ විශ්වයේ විනාශය ඉබේම සිදු වෙනවා යන මතය ප‍්‍රධානයි. එසේ වන්නේ එය විශාලනය වීමත් සමග ම ක‍්‍රමයෙන් ශීතල වෙමින් යාමයි. විශාල වීම නවතින්නේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය වන විටයි; එනම් කෙල්වින් අගය බින්දුව (-273.15°c) වන විටයි. එහි දී අඳුරු ශක්තිය (dark energy) විසින් ගුරුත්ව ශක්තිය ගිල ගන්නවා කියලයි විශ්වාස කරන්නෙ.

10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

Source  :  malkakulu web

අරුම පුදුම ගිනි වළක් - අපායේ දොරටුව

 

මෙය බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධයක එන දර්ශනයක් වාගෙයි.

ඒත් මේ යෝධ ගිනි වළ ඇත්තේ කාරාකුම් කාන්තාරයේ මැදයි. මෙය සක්වළ ජීවීන් පෘථිවියට කළ පහරදීමකින් පසු සෑදුණු එකක් නොවෙයි.
මෙය  මීට වසර 40කට පෙර භූවිද්‍යාඥයන් විසින් ඇති කළ එකක්. එදා සිට මේ දක්වා ගිනි ගෙන දැවෙනවා. නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ.

එන්න, බලන්න යන්න රුසියාවේ තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස්වලට. ‘අපායේ දොරටුව’ යනුවෙන් මෙහි ප‍්‍රදේශවාසීන් හඳුන්වන මේ අරුම පුදුම ගිනි වළ බලන්න යන්න.

 
‘අපායේ දොරටුව’ ලෙස හැඳින්වෙන තැන පිහිටි දැවෙමින් තිබෙන දැවැන්ත පොළෝ කුහරයේ දාරය අසල සිටින මිනිසුන් දෙදෙනාගෙන් ඔබට එහි ප‍්‍රමාණය සිතා ගත හැකියි.

මීට අවුරුදු 41කට පෙර මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා.

ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.

 
තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස් හී ඇති ගිනි ගෙන දැවෙන දැවැන්ත පොළෝ කුහරය මීටර් 70ක් පළලයි.

 
කරකාකුම් කාන්තාරයේ මැද පිහිටි මෙම යෝධ ආවාට විවරය තුළින් ගිනි දලූ විහිදෙන අයුරු.

 
මෙම ගින්න දැනට වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ මෙසේ දැවෙමින් තියෙනවා.

 
ස්වදේශිකයන් ‘අපායේ දොරටුව’ යනුවෙන් හඳුන්වන මේ විස්මිත විවරය ළං වී බලතොත් පෙනෙන්නේ මෙසේයි.

 
මේ ගින්න හටගත්තේ සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් මෙහි කැණීම් කරද්දී මතු වූ ස්වාභාවික වායු ධාරාවක් පුළුස්සා හරින්නට තැත් කළ අවස්ථාවේදියි.

 
‘අපායේ දොරටුව’ පිහිටි තැන. මෙය ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ (Turkmenistan) කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze) හියි.

සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.

මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා. මේ ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.

මෙය පිහිටා ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතිනි.

2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කක් නොවෙයි. මේ කාන්තාරය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට නැගෙනහිරින්.

ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමු දර්යා ගංගාව හා කිසිල් කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා.

මෙම ප‍්‍රදේශයෙහි විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි ඇතැයි සැලකෙනවා.

 
මෙය ඒ කලාපයේ හොඳ මඟ සලකුණක් වී හමාරයි. සැතැපුම් ගණනක් ඈත සිට මෙය දැකිය හැකියි.

 
මේ ගිනි වළ පෙනෙන්නේ ඒ කාන්තරය මැද ඇති රන්වන් පැහැ මිරිඟුවක් ලෙසයි.

 
1971 දී තෙල් ගවේෂණය සඳහා කළ කැණීමක දී මෙහි ඉදි කළ තාවකාලික අට්ටාලය කඩා වැටී මෙහි පතුල නොපෙනෙන දැවැන්ත සිදුරක් ඇති වුණා.


 
සෝවියට් භූ විද්‍යාඥයන් විසින් ඇති කළ මෙම සිදුර දැන් සංචාරක ආකර්ෂණයක් වෙලා. වසර 40ක් තිස්සේ මෙය දැක බලා ගන්නට පිරිස් නොකඩවා එනවා.

 
භූ විද්‍යාඥයන් මෙහි ඇති වායුව දින කීපයකින් දැවී අවසන් වෙතැයි කියායි. එහෙත් අදත් එක සේ ගිනි ගෙන දැවෙමින් තියෙනවා.
 
 

Source  malkakulu web

තුන්ගස්කා මහා පිපිරුමේ අබිරහස!


මීට වසර 104 කට ඉස්සර රුසියාවේ බටහිර සයිබීරියාවේ ටයිගා වගුරු වනාන්තරයට ඉහළ අහසේ දැවැන්ත පිපිරීමක් සිදු වුණා. මෙම පිපිරීම අදත් විශාල අබිරහසක්. මේ පිපිරීමෙන් නිකුත් වූ දිප්තිමත් ආලෝකය ඈත අහසට විහිදුණා. එයින් ඇති වූ කම්පන තරංගය පරමාණු බෝම්බ දහසක් පිපිරුවාට සමානයි. ඒ පිපිරුම නිසා වර්ග කිලෝමීටර 2000 කට වැඩි ප‍්‍රදේශයක පිහිටි රූස්ස ගස් 80,00,000 කට වැඩි ප‍්‍රමාණයක් පොළොවට සමතලා වුණා. උතුරු සයිබීරියාවේ ඉවෙන්කි ගෝති‍්‍රක ජනයා මේ පිපිරීමේ දී තම නිවෙස් හා සතුන් අහසට ඇදී ගිය හැටි විස්තර කර තියෙනවා. එතැන සිට කි.මි. 1,500 ක් ඈතින් පිහිටි ඉර්කුට්ස්හී ඇති කම්පන මානවල එය දක්වා ඇත්තේ දැවැන්ත භූමිකම්පාවක් ලෙසයි. මෙයින් ගිනි බෝලයක් මෙන් ඉහළ අහසට නැගි ආලෝකයෙන් එදා රෑ ලන්ඩන් වැසියන් පුවත්පත් පවා කියවූ බව සඳහන්.


මේ අපූරු අද්භූත සංසිද්ධිය හැඳින්වෙන්නේ ‘තුන්ගුස්කා සිදුවීම’ කියලයි. ඒ නම ඊට ලැබුණේ ඒ අසලින් ගලන තුන්ගුස්කා ගංගාව නිසයි.

හරියට ම මීට සියවසකට ඉස්සර සිදු වුණු මේ පිපිරීමට හේතුව තවමත් හරියට ම නිශ්චිතව කියන්න අමාරුයි. ඒත් විද්‍යාඥයන් නම් මත කීපයක් ම පළ කරලා තියෙනවා. ප‍්‍රධාන මතය තමා වසර මිලියන ගානක් තිස්සේ සක්වළ පුරා සැරිසැරූ යෝධ උල්කාවක් හදිසියේ ම 1908 ජූනි 30 වැනිදා උදේ 7:17 ට පොළොවට කඩා වැටුණු බව. මෙවැනි උල්කා කඩා වැටීම ගැන විමසිල්ලෙන් සිටින විද්‍යාඥයන් මේ ගැන තොරතුරු තවමත් සොයනවා. ඔවුන් කියන්නේ මෙවැනි උල්කා කඩා වැටීමක් වසර 200කට වරක් හා වසර 1000 කට වරක් අතර කාල පරාසයක් තුළ පෘථිවියට කඩා වැදීමේ ඉඩකඩක් තියෙන බවයි.


‘‘සිතා බලන්න, අහසේ පාවෙමින් ඇති ග‍්‍රහකයක්, විශාල පාෂාණ කුට්ටියක් තුන්ගුස්කා වැනි ජනශූන්‍ය ප‍්‍රදේශයකට නොව අද ලොව ජනාකීර්ණ ප‍්‍රදේශකට වැටුණොත් කෙතරම් විනාශයක් සිදු වෙයි ද?’’ මේ ගැන විස්තරයක් පළ කරමින් ලෝකප‍්‍රකට ‘නේචර්’ විද්‍යා සඟරාව පසුගිය සතියේ ප‍්‍රශ්න කර සිටියා.

ඒ මහා පිපිරුමට හේතුව ග‍්‍රහකයක් නම් එවැනි ග‍්‍රහක ලක්ෂ ගණනක් ඇති වළල්ලක් ම තියෙනවා, අඟහරු හා බෘහස්පතී ග‍්‍රහයන් අතර. ඒ  ඕනෑම එකක් යන ගමන් මගින් වෙනස් වී ඇවිත් පෘථිවියේ හැපෙන්න පුළුවන්. එහෙම නැතිව ඒ පිපිරීම ඇති වුණේ වල්ගාතරුවක් හෙවත් ධුමකේතුවක් පොළොවට කඩා වැටීම නිසා නම් තත්වය තවත් භයානකයි. ධුමකේතුවක් ග‍්‍රහකයකට වඩා ඉතා වැඩි වේගයකින් යන නිසා එවැන්නක් පොළොවේ හැපුණොත් වන විනාශය අති විශාලයි.


තුන්ගුස්කා සිද්ධියට හේතු වූයේ යැයි සැලකෙන උල්කාවේ කුඩා කැබැල්ලක්වත් මේ වසර 100 තිස්සේ ම කෙතරම් සෙව්වත් තවමත් හමුවී නැහැ.

‘‘කෑල්ලක් සොයා ගැනීම තමා වැදගත් ම දේ. එයින් අපට පෘථිවි ආසන්න වස්තූන්ගෙන් එල්ල විය හැකි අවදානම ගැන ඇති අපේ දැනුම වැඩි කර ගත හැකියි.’’ ඒ ගැන පර්යේෂණය කරන ඉතාලි පර්යේෂකයන් වන ලූකා ගැස්පෙරිනි, එන්රිකෝ බොනාටි හා ගුයිසෙප් ලොංගෝ කියනවා.

අලූත් ග‍්‍රහයකයක් හඳුනාගත් විට වසර ගණනාවක් තිස්සේ ආ මගත් එහි අනාගත ගමන් මගත් යෙදෙන කක්ෂය අඳින්න පුළුවන්. ඒත් ධූමකේතුවක ගමන්මග ඒ විදියට නිශ්චිතව අඳින්න බැහැ.



මිදී ඝන වූ න්‍යෂ්ටියක් හා දූවිලි වළාවක් සහිත වල්ගයක් ඇති මේ ධූම කේතු සංඛ්‍යාවෙන් ග‍්‍රහකවලට වඩා අඩුයි. විකේන්ද්‍රික එනම් කේන්ද්‍රයක් නැති කක්ෂයක ගමන් කරන නිසා කොයිවේලේ කොහෙන් මතු වේවි දැයි කිව නොහැකියි. සමහර ධුමකේතුවකට හිරු වටා යාමට වසර සිය ගණනක් ගත වෙනවා. ඒ නිසා තවමත් අප හඳුනා නොගත් ධුමකේතු තියෙනවා. ඒ නිසා නොදන්නා ධූමකේතුවකින් එවැනි අවදානමක් කොයි වේලේ එල්ල වේවි දැයි කියන්න බැහැ. 
 

 
 source  malkakulu web