Monday, April 13, 2015

ඌරකු වැනි සතකු පසුපස ගොස් සොයා ගත් වසර 10,000ක් පැරණි ලෙන් චිත‍්‍ර

ඌරකු වැනි සතකු පසුපස ගොස් සොයා ගත් වසර 10,000ක් පැරණි ලෙන් චිත‍්‍ර

මිනිසුන්ව වස්තුව තියෙන තැන්වලට රැගෙන යාම ගැන ඌරන් හරිම ප‍්‍රසිද්ධයි. සමහර අවස්ථාවල ආහාරයට ගන්නා සුවඳ හතු විශේෂයක් සොයා ගන්න ඔවුන් උදවු කරනවා. පොළොව යට වැඩෙන මේ හතු ඔවුන්ගේ පි‍්‍රයතම ආහාරයක් නිසා මේ සතුන් පසුපස ගිහින් මිනිසාටත් ඒ හතු කෑමට ගන්න නම් ඌරන්ගේ සහය අවශ්‍ය වෙනවා.

මේ හතු සොයන්න ඌරන්ට වඩා දක්ෂ සත්ව විශේෂයක් දකුණු ඇමරිකාවේ ඉන්නවා. ඒ තමා පෙනුමෙන් ඌරකුට සමාන පෙකරියන්. සුදු පැහැති හොම්බක් ඇති පෙකරියා (peccary) ‘මැක්සිකානු ඌරා‘ කියාත් ව්‍යවහාර වෙනවා. මේ පෙකරියකු මෑත දී ඊට වඩා විස්මිත හපන්කමක් කළා. ඒ විද්‍යාඥ පිරිසකට වසර 10,000ක් පැරණි චිත‍්‍ර ඇති ලෙනක් සොයා දීමයි. මේ පෙකරියන් පසුපසින් හතු සොයා ගිය විද්‍යාඥ පිරිසකට තමයි, බ‍්‍රසීලයේ සෙරාඩෝ (Cerrado) සානුවේ දී මේ අපූරු ගුහා චිත‍්‍ර හමු වුණේ.

 
ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් ඉන්ස්ටිට්යුටෝ ක්වින්ටා ඩි සොල් නම් රාජ්‍ය නොවන දේශීය සංවිධානය හා එක්ව තමයි, මේ ඉපැරණි ලෙන් චිත‍්‍ර සොයා ගත්තේ. ඔවුන් එසේ ගියේ බ‍්‍රසීලයේ දී හමුවන සුදු හොම්බක් ඇති පෙකරියන් පිළිබඳ තොරතුරු සොයන්නයි. මෙහි චිත‍්‍රයෙන් දැක්වෙන්නේ විශාල බිළාලයකු ගොදුරකට ළං වන අයුරුයි.

වසර දහස් ගණනක් පැරණි මේ චිත‍්‍රවලින් දැක් වුණේ ආමෙඩිලාවන්, කුරුල්ලන් හා උරගයන් ආදී සතුන්ය. ඒ හැරෙන්නට ජ්‍යාමිතික රූපවල හැඩතල ද මේ වැලිගලෙහි කොටා තිබුණා.

මේ චිත‍්‍ර ඇතුළත් ලෙන් සොයා ගනු ලැබුවේ ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් ඉන්ස්ටිට්යුටෝ ක්වින්ටා ඩි සොල් නම් රාජ්‍ය නොවන දේශීය සංවිධානය හා එක්ව බ‍්‍රසීලයේ දුර බැහැර වනගත පෙදෙසක කළ සංචාරයකදීයි. මේ ලෙන් සොයා ගැනීමට හැකි වූයේ ඔවුන් බ‍්‍රසීලයේ සෙරාඩෝ සානුවෙහි කළ සංචාරයේදියි. මෙම ලෙන් පිහිටයේ බ‍්‍රසීලයේ පැන්ටනාල් ප‍්‍රාන්තයට ආසන්නවයි.

”අපට බොහෝ විට ඈත දුර ප‍්‍රදේශවලට යන්නට සිදු වන නිසා මේ වගේ විස්මිත සොයා ගැනීමට හැකිවෙනවා. මේ අවස්ථාවේදී අපට සොයා ගැනීමට හැකි වූ දේ මානව සංස්කෘතික ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලැබීමට උදවු වේවි කියලයි අපි හිතන්නෙ.” යයි ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ බ‍්‍රසීල වැඩසටහනට එක්වූ පර්යේෂකයකු වූ ආචාර්ය ඇලෙක්සීන් කියුරෝලියන් (Alexine Keuroghlian) කියනවා.

 
මිනිසාගේ වනාන්තර විනාශයත්, දඩයම් කිරීමත් නිසා පෙකරියන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා! ඔවුන් දැනටමත් විසිරී ජීවත්වුණු දකුණු මැක්සිකෝවේ සිට උතුරු ආජෙන්ටිනා දක්වා ප‍්‍රදේශයෙන් විශාල වශයෙන් වඳ වී ගිහින්.

මෙම පෙකරියන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත්තේ ප‍්‍රධාන වශයෙන් ම මිනිස් කි‍්‍රයාකාරම් නිසයි. ඒ දඩයම් කිරීමත් කැළෑ එළි කිරීමත් නිසයි. මේ සතුන් විශාල වශයෙන් විසිරී ජීවත්වනු කලකට ඉහත දී දක්නට ලැබුණා, දකුණු මැක්සිකෝවේ සිට උතුරු ආජෙන්ටිනාව දක්වා. එහෙත් අද ඔවුන් වඳ වී ගිහින්, විශාල වශයෙන් වගා කිරීම සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා.

සුදු හොම්බැති පෙකරයන්ට රේඩියෝ කරපටි පලඳවා ඔවුන් පිළිබඳ තොරතුරු රැස් කරන්නයි, ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් එහි ගියේ. පෙකරියන් රංචු සොයා යද්දී තමයි, ඔවුන්ට චිත‍්‍ර ඇඳපු මේ ඉපැරණි ගල් ලෙන් හමු වී ඇත්තේ.

මේ පිරිසට අයත් ආචාර්ය ඇලෙක්සීන් කියුරෝලියන් ඔවුන්ගේ මේ සොයා ගැනීම ගරන ලෙන් චිත‍්‍ර පිළිබඳ කලාපීය විශේෂඥයකු වූ මහාචාර්ය රොඞ්රිගු ලූයී සිමාස් ඞී ඇගුවර් (Rodrigo Luis Simas)මහාචාර්ය වරයා විශ්වාස කරන්නේ, මේ චිත‍්‍ර මීට වසර 4000ටත්, 10,000ත් අතර කාලයකට පෙර ආහාරය සඳහා දඩයම් කරමින්, පලවැල රැස් කරමින් ජීවත් වූ ආදිම මිනිසුන් විසින් අඳින ලද ඒවා කියායි. එක්කෝ ඔවුන් මේ ලෙන්වල ජීවත් වෙලා තියෙනවා, නැත්නම් චිත‍්‍ර ඇඳීම සඳහා මේ ගල්ගුහා යොදා ගෙන තියෙනවා.

මහාචාර්ය ඇගුවර් කියන විධියට මේ චිත‍්‍ර ශෛලිය මධ්‍යම බ‍්‍රසීලයේ පිහිටි ප්ලැනල්ටෝ සානු බිම් ප‍්‍රදේශයෙහි හමු වී ඇති චිත‍්‍ර ශෛලියට බොහෝ සේ සමානයි.

එහෙත් පුදුමයට කරුණක් වන්නේ සමහර චිත‍්‍ර නෝඩෙස්ට් (Nordeste) හා ඇග්රෙස්ට් (්ටරුිඑැ* යන චිත‍්‍ර සම්ප‍්‍රදායන්ට සමාන වීමයි. ඒ ශෛලීන් කලකට ඉහත දී වයඹදිග බ‍්‍රසීලයෙන් හමු වූ සාම්ප‍්‍රදායයන්. මෙහි ඇති විස්මිත දෙය නම් පෙකරියන් මේ චිත‍්‍රවලට ඇතුළත් නොවීමයි.

මහාචාර්ය ඇගුවර් බලාපොරොත්තු වෙනවා, මෙහි කැණීම් කරන්න. ඒ සමඟ ම මේ බිම්වල භූ විද්‍යාත්මක දින නිර්ණයක් කරන්න. ඒ අනුව මේ චිත‍්‍ර පිළිබඳ සම්පූර්ණ ආර්ථකථනයක් දීමට ඔහු අපේක්ෂා කරනවා.

”මේ ලෙන් චිත‍්‍ර සොයා ගැනීම නිසා මේ සෙරාඩෝ හා පැන්ටනල් පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම වඩාත් තහවුරු වෙනවා. ඔවුන්ගේ සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලියි.” ඒ ගැන සඳහන් කරන ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ ලතින් ඇමරිකානු හා කැරිබියානු වැඩ සටහනෙහි අධ්‍යක්ෂ ආචාර්ය ජූලී කූනෙන් අවධාරණය කරනවා. එයා මායා පුරාවස්තු ගැන විශේෂඥවරියක්.

 
සෙරාඩෝ සානුවේ ගල් ලෙනක් තුළින් හමු වූ චිත‍්‍රවලින් කොටසක්.

 
වසර දහස් ගණනක් පැරණි මේ චිත‍්‍රවලින් දැක් වුණේ ආමෙඩිලාවන්, කුරුල්ලන් හා උරගයන් ආදී සතුන්ය. ඒ හැරෙන්නට ජ්‍යාමිතික රූපවල හැඩතල ද මෙහි දැකිය හැකි වුණා. මේ එහි තිබූ මිනිස් රුවක් බඳු චිත‍්‍රයක්.

බ‍්‍රසීලයේ සෙරාඩෝ සානුව පිහිටි ප‍්‍රදේශය ගැන තතු බිඳක්

  • සෙරාඩෝ කියන්නේ බ‍්‍රසීලයේ පිහිටි ඝර්ම කලාපීය සවානා බිම් ප‍්‍රදේශයක්. ඒ රටට අයත් මුළු බිම් ප‍්‍රදේශයෙන් සියයට 21ක් ඊට ඇතුළත් වෙනවා. 
  • වඳ වී යාමේ අවදානමට ලක් වූ සතුන් විශේෂ 60ක් එහි ඉන්නවා. එයින් 20කට මේ තර්ජනය සෑහෙන ප‍්‍රමාණයකින් එල්ල වී ඇති අතර 12කට ඉතා දරුණු ලෙස මේ අවදානම එල්ල වී තියෙනවා.
  • එහි ඇති ශාක විශේෂවලින් සියයට 44ක් ලොව කිසිම තැනක දක්නට නොලැබෙන ඒවායි.
  • එහි ඇති ශාක විශේෂ 300ක් පමණ මිනිසා විසින් ප‍්‍රයෝජනයට ගනු ලබනවා, එක්කෝ ආහාර වශයෙන් නැත්නම් ඖෂධ වශයෙන්. ඒ හැරෙන්නට අත්කම් සඳහාත් ඇතැම් ඒවා යොදා ගන්නවා. කෙළින් ම ශාක ලෙසින් ම අලෙවි කරන ඒවාත් තියෙනවා.
  • බ‍්‍රසීලයේ ජනගහනයෙන් දහයෙන් නවයක් ම පාවිච්චි කරන්නේ මේ සෙරාඩෝ ප‍්‍රදේශයෙන් නිපදවන ජල විදුලියයි.

 http://www.malkakulu.com/

පරිණාමයේ අබිරහස් හෙළි කරන ආදීම මිනිස් ජාන (DNA)

පරිණාමයේ අබිරහස් හෙළි කරන ආදීම මිනිස් ජාන (DNA) 

විද්‍යාඥයන් විසින් මේවා සොයා ගෙන ඇත්තේ මීට වසර හාරලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය මිනිසකුගේ ජංඝාස්ථියකින්. වෙනත් විධියකින් කීවොත් කලවා ඇටයකින්.

ඒක අයිතිකරුවා පැරණි මානවයෙක්. එයා හැඳින්වුණේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් (Homo heidelbergensis) කියලයි. මිනිස් පරිණාමය පිළිබඳ කතාවේ අලූත් පරිච්ෙඡ්දයක් මේ නිසා ලියැවෙනවා.

දරුණු ලෙස ක්ෂය වීමට ලක් වූ, අති පැරණි ඞීඑන්ඒ, නව තාක්ෂණික ක‍්‍රම යොදා ගෙන යළි ප‍්‍රකෘති තත්වයට පත් කොට ඒ පිළිබඳ දත්ත එක් රැස් කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. මෙවැනි අස්ථි කුඩු ග්?ම් දෙකක ප‍්‍රමාණයකින් සජීවීව තිබියදී එහි අන්තර්ගතව තිබූ සම්පූර්ණ මයිටොකොන්ඞී‍්‍රය ජිනෝමියක් යළි සකසන්න මේ විද්‍යාඥයන් සමත් වීම මේ සියවසේ සුවිශේෂ දක්ෂකමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 
වසර හාර ලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය ආදි මානවකයකුගේ ජංඝාස්ථියකින් මිනිස් ඞීඑන්ඒ ජාන මතු කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා.

මෙහිදී සොයා ගත් කරුණු ‘නේචර්’ (Nature) විද්‍යා සංග‍්‍රහයේ ප‍්‍රසිද්ධ කර තියෙනවා. මෙහි දී අපේක්ෂා නොකළ හෙළි වී තියෙනවා. මේ ආදි මානවයන් පෙනුමෙන් ටිකක් නියැන්ඩර්තාල්වරුන්ට සමානයි. ඒ නිසා ඔවුන්ගේ මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒවලින් නියැන්ඩර්තාල් පොදු ආදීමයකු ලෙස සොයා ගැනීමට හැකි වෙතැයි මෙතෙක් අපේක්ෂා කෙරුණා.

ඒත් දැන් උතුරු ස්පාඤ්ඤයේ ‘අස්ථි වළ’ යන අරුත් ඇති ‘පිට් ඔෆ් බෝන්ස්’ (Pit of Bones) නම් පොළොව යට පිහිටි ලෙනකින් සොයා ගන්නා ලද මානවයාගේ අස්ථිවලින් හෙළිවෙනවා, වෙනත් පොදු ආදීමයකු සිටිය හැකි බව.

ඒ ආදීමයා වසර 7,00,000කට පමණ ඉහත විසුවේ යැයි සැලකිය හැකි, ඩෙනිසෝවන් (Denisovan) නම් මානව කාණ්ඩයකට අයත් බවත් ඔවුන් නියැන්ඩර්තාල්වරුන්ට සමාන වුවත් ආසියාවේ විසූ තවමත් හෙළිදරවු කර නොගත් වෙනත් ආදි මානව කණ්ඩායමක් බවයි දැන් හෙළි වී ඇත්තේ.

පර්යේෂකයන් පැරණි ඞීඑන්ඒවල පරිණාමයේ ඇති මඟ හැරී ගිය වෙනස්කම් මේ අස්ථි වළෙන් හමු වූ පුරාතන මානවයන්ගේ අස්ථිවල ජානවලින් මතු කර ගැනීමට සමත් වෙලා තියෙනවා.

මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජාන යන්නේ මවගෙන් ඇගේ දරුවන්ටයි. ඒවා තමයි, ෙසෙල නිපදවන නිෂ්පාදනාගාර වන්නේ. ජර්මනියේ ලීප්සිග්වල මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ පරිණාමීය මානවවිද්‍යාඥ ආචාර්ය මැතියස් මේයර් (Matthias Meyer) කියන්නේ, ”මේ ආදිමානවයන්ගේ මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජාන, නියැන්ඩර්තාල් මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජානවලට වඩා ඩෙනිසෝවන් ජාන සමග පොදු ආදිමයකු පිළිබඳ විමසීමේදී වඩාත් පෑහෙනවා. එය අපේක්ෂා නොකළ දෙයක් වන්නේ ඒ ඇටසැකිලිවල ශේෂයන් තුළ නියැන්ඩර්තාල් ලක්ෂණ දැකිය හැකි වීම නිසයි.” කියායි.

 
මහා හිම යුගයට අයත් මධ්‍යම ප්ෙලෙස්ටෝසීන අවධියේ, එනම් වසර හාර ලක්ෂයකට පමණ පෙර ‘සීමා ඞී ලොස් හියුසෝස්’ නම් භූගත ලෙනෙහි විසුවේ යැයි සැලකෙන ඒ නමින් හැඳින්වුණු මනුෂ්‍ය වර්ගයට අයත් ඞීඑන්ඒ තමා මෙසේ සොයා ගෙන ඇත්තේ.

ඔවුන්ගේ වයස හා නියැන්ඩර්තාල් වැනි ලක්ෂණ සලකන විට හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් නම් මේ ආදිමානවයා නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන්වරුන් දෙවර්ගයට නෑකමක් ඇතැයි සලකන්න පුළුවන්.

එහෙම නොවේ නම් වෙනත් ආදිමානව කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ජාන, විශේෂයෙන් ම මේ ඩෙනිසෝවන් මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ, ඩෙනිසෝවන්වරුන්ට හෝ ඔවුන්ගේ ආදිමයන්ට ගලා යන්නට ඉඩ සලසන්න ඇති.

මේ තරම් පැරණි ඞීඑන්ඒ මෑතදී සොයා ගෙන ඇත්තේ සදාකල්හී උෂ්ණත්වය අංශක 0 ට අඩුවෙන් පවතින එනම් නිත්‍ය තුහින බිමක දී විතරයි.

මේ අධ්‍යයනය නිසා මානව පරිණාමයට අදාළ ජාන විද්‍යාත්මක අවබෝධය තවත් අවුරුදු 2,00,000ක් අතීතයට පැතිර යනවා. ඒ කියන්නේ මධ්‍යම ප්ෙලෙස්ටෝසීන යුගයේ අවසාන කොටස තෙක් විහිදෙනවා.

සියෙරා ඞී ඇටපුවර්කාහි පිහිටි මේ ගල් ලෙනෙන් තමයි, මෙතෙක් හමු වී ඇති ලෝකයේ විශාලතම මධ්‍ය ප්ෙලෙස්ටොසීන පොසිල එකතුව ලැබී ඇත්තේ. මිනිස් ඇටසැකිලි 28ක් එහිදී හමු වී තියෙනවා. ඒ නිසා ඉදිරියේ දීත් වැඩිදුර පර්යේෂණ සඳහා ඞීඑන්ඒ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මේ අස්ථි දැනටමත් ජුවාන් ලූයී ආසුවාගා (Juan-Luis Arsuaga) මහාචාර්යවරයා ඇතුළු ස්පාඤ්ඤ ජාතික පොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් දශක දෙකක් තිස්සේ කැබැල්ලෙන් කැබැල්ල පරිස්සමෙන් ගොඩ ගනිමින් තිබෙනවා.

මේ මානව පොසිල නම් කර ඇත්තේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මානවයාට අයත් ඒවා ලෙසයි. එහෙත් ඔවුන් තුළ නියැන්ඩර්තාල් ලක්ෂණ යම් ප‍්‍රමාණයකට තියෙනවා. ඒත් පළමු වරට දැන් තමයි අවස්ථාව ලැබී ඇත්තේ මේ සුවිශේෂ මානවයාගේ ජාන අධ්‍යයනය කරන්නට.

මේ කටයුත්තේ දී ආචාර්ය මේයර්ගේ කණ්ඩායම මුලින් ම එක් වුණේ, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ්හී කොම්ප්ලූටන්ස් විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥ මහාචාර්ය ජුවාන් ලූයී ආසුවාගා සමගයි. ඉන් පසුවයි, ඔහුගේ තාක්ෂණය භාවිත කරන්න පටන් ගත්තේ. මුලින් ම මේ තාක්ෂණය යෙදුවේ මේ ‘ඇට වළ’ තිබූ ස්ථානයෙහි හමු වී කැණීම් කර තිබුණු වසර ලක්ෂයක් විතර පැරණි වලස් ලෙනක් පිරික්සන්නයි.

එහිදී කළ කටයුතු සාර්ථක වුණු පසුවයි, පර්යේෂකයන් මේ ගල්ලෙනෙහි තිබී හමු වූ ආදි මානව ජංඝාස්ථියක් ගෙන්වා පිරික්සුමට ලක් කළේ. ඔවුන් එයින් ඞීඑන්ඒ ලබා ගෙන ඒවා මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජිනෝමිය සමග ගළපා පරීක්ෂා කළා. ඉන්පසු ඒ ඉපැරණි ද්‍රව්‍ය නියැන්ඩර්තාල්ලාගේ, ඩෙනිසෝවන්ලාගේ පමණක් නොව, වර්තමාන මිනිසාගේ හා වානරයන්ගේ ජාන හා ගළපා බැලූවා.

මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ පරිණාමීය මානව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ස්වැන්ටෙ පාබෝ (Svante Paabo) ඒ ගැන පවසන්නේ මෙහෙමයි: ”අපේ පරීක්ෂණවල ප‍්‍රතිඵලවලින් පෙනෙනවා අපට වසර ලක්ෂ ගණනක් පැරණි මානව ආදීමයන්ගේ ඞීඑන්ඒ අධ්‍යයනය කිරීමේ හැකියාව ඇති බව. මේ අනුව අපට නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් ආදීමයන්ගේ ජාන අධ්‍යයනය කිරීම ඉදිරියට ගෙන යා හැකියි. ඇත්තෙන් ම මෙය විස්මයජනක සොයා ගැනීමක්.”

හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මානවයා මුලින් ම සොයා ගනු ලැබුවේ 1907 දි ජර්මනියේ හයිඩෙල්බර්ග් අසලදියි. ඔහු මීට වසර 13 ලක්ෂයකට පමණ පෙර සිට අපි‍්‍රකාවේ, යුරෝපයේ හා බටහිර ආසියාවේ ප‍්‍රදේශවල ජීවත් වී තියෙනවා. මේ මානවයා වඳ වී ගොස් ඇත්තේ මීට වසර 2,50,000කට පමණ පෙරයි. මේ මානව ගණයේ වැඩුණු පිරිමියකු අඩි 5යි අඟල් 9ක් පමණ උස් වූ අතර ගැහැනියක උසින් අඩි 5 අඟල් 2ක් පමණ වුණා.

ඩෙනිසෝවන් මානවයා ගැන තවමත් හෙළි කර ගෙන ඇත්තේ කරුණු ස්වල්පයක් පමණයි. එයට හේතුව ඔහුගේ තවමත් සොයා ගෙන ඇත්තේ ඇඟිල්ලක ඇටයක් හා දත් කීපයක් පමණක් වීමයි. ඒත් දැන් විශ්වාස කරන්නේ ඔහු සයිබීරියාවේ හා ආසියාවේ විශාල ලෙස පැතිර සිටි මානවයෙකු බවයි. සමහර විට මේ මානවයා පසු කාලයකදී, එනම් මීට වසර 50,000කටදී තරම මිනිසුන් සමග අන්තරාභිජනනය වන්නටත් ඇතැයි දැන් සැලකෙනවා.

මහාචාර්ය ආසුවාගා වැඩි දුරටත් කියන්නේ, ”මේ අනපේක්ෂිත ප‍්‍රතිඵල නිසා නියැන්ඩර්තාල් හා නවීන මිනිසාගේ මතු වීම පිළිබඳ පරිණාමීය රටාවේ සංකීර්ණ බවක් ඇති වී තිබෙනවා. මා විශ්වාස කරනවා, මේ අංශයෙන් තවදුරටත් පර්යේෂණ ඉදිරියට ගෙන ගිය හැකියි. එයින් සිමා ඩි ලොස් හියුසෝස්වලින් මතුවූ මේ මානවයන්ගේ සිට නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් මානවයන් දක්වා සියලූ මානවයන් අතර ඇති ජාන සබඳතා ගළපා ගත හැකි වේවි.” කියායි.

පර්යේෂකයන් මේ අරමුණ කරා යනු පිණිස දැනටමත් ඒ බිමෙන් හමු වූ තවත් පුද්ගල ඇටසැකිලිවල කොටස්වලින් ජාන ලබා ගැනීමට පටන් අරන් තියෙනවා. ඒ සමග ජීවියාගේ රසායන විද්‍යාත්මක කි‍්‍රයාවලිය මෙහෙය වන ෙසෙලය මධ්‍යයේ ඇති ඞීඑන්ඒ නෂ්ටිය ගැනත් තොරතුරු ලබා ගැනීමට වෙහෙසෙනවා.

 
මෙම රූපයෙන් දක්වෙන්නේ ස්පාඤ්ඤයේ සිමා ඩි ලොස් හියුසෝස් ලෙනෙන් හමු වූ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මානවයාගේ ඇටසැකිල්ලක්.

 
ස්පාඤ්ඤයෙන් හමු වූ අස්ථි වළ

මෙසේ ඉපැරණි ඞීඑන්ඒ ලබා ගත්තේ උතුරු ස්පාඤ්ඤයේ මිනිස් ඇටසැකිලි මතු කර ගත් වළකිනි. භූගතව පැවති මේ ඇටසැකිලි අතර තිබූ ජංඝාස්ථියක් වසර 4,00,000ක් පැරණි යැයි කාල නිර්ණය කර තියෙනවා.

මේවා මතු වූ අස්ථි වළට පිවිස ඇත්තේ මීටර් 12ක් සිරස් අතට කපන ලද උමඟකිනුයි. ඊළඟට එය පිවිසෙන්නේ මීටර් 10ක් දිග තවත් උමඟකටයි. එයින් පිවිසෙන්නේ මීටර් 15ක් දිගැති කුටියකටයි.

මෙම ලෙන පිහිටා ඇත්තේ ‘සිමා ඩි ලොස් හියුසෝස්’ යන ස්පාඤ්ඤ බසින් හැඳින්වෙන ඇටපුවර්කා කඳුකරයේයි. ඒ කඳුකරයෙන් තමයි, මෙතෙක් හමු වී ඇති ලෝකයේ විශාලතම මධ්‍ය ප්ෙලෙස්ටොසීන පොසිල එකතුව ලැබී ඇත්තේ. මිනිස් ඇටසැකිලි 28ක් එයින් හමු වී තියෙනවා. ඒ නිසා ඉදිරියේ දීත් පර්යේෂණ සඳහා ඞීඑන්ඒ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මේ පර්යේෂණවලින් මානව පරිණාමය පිළිබඳ නව දැක්මකට අපට අනාගතයේදී යා හැකි වේවි.

 http://www.malkakulu.com/

සත්ව ලෝකයේ අලූත් ම සොයා ගැනීමක්!

සත්ව ලෝකයේ අලූත් ම සොයා ගැනීමක්!

බැලූ බැල්මට මෙයා අහිංසක උඩවැඩියා මලක් වගෙයි! ඒත් මේ ඉන්නේ සතෙක්! සතෙක් විතරක් නොවෙයි, විලෝපිකයෙක්! ඒ කියන්නේ දරුණු දඩයක්කාරයෙක්!

මල් පෙති වගේ සිනිඳු අත් පා තියෙනවා. හැඩයයි, පෙනුමයි, පාටයි හරියට ම ඕකිඞ් හෙවත් උඩවැඩියා මලක් වගේමයි!

ඌ මේ විදියට ව්‍යාජ වෙස් ගන්නේ ගොදුරු කර ගන්නා සතුන් අල්ලා ගන්නටයි. දැන් මේ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරල තියෙනවා.

මේ ගැන විමසුම් කළ ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයන් කියන විධියට සෑබෑ මලට වඩා මේ වෙස් වළා ගත් සතා කෘමීන්ට වඩාත් ආකර්ෂණීයයි.

 
හරිම අපූරු සතෙක්. මල් පෙති වගේ දෙපා ඇති ඕකිඞ් මලේ හැඩය හා වර්ණය අනුකරණය කරන්න හරිම දක්ෂයි.

”ඔවුන්ගේ දීප්තිමත් පුෂ්ප වර්ණ හා පෙති හැඩැති දෙපා නිසා ඒ වෙතට කෘමීන් තදින් ආකර්ෂණය වෙනවා. ඔවුන් වශීවෙලා වගෙයි ඇදී එන්නෙ.” මහාචාර්ය ජේම්ස් ඕ හැන්ලන් කියනවා. ඔහු ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්හී මැකෝරි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්.

”මේ ඕකිඞ් මැන්ටිස් මල්වල වගේ වෙස් වළා ගන්නවා විතරක් නොවෙයි, මල් පරදවලා කෘමීන් ආකාර්ෂණය කර ගන්න හරිම දස්සයි.”
 
ඕකිඞ් මැන්ටිස් හෙවත් උඩවැඩියා වන්දාගේ වෙස්වළා ගැනීම සෑබෑ මලට වඩා කෘමීන්ට වඩාත් ආකර්ෂණීයයි.

ඕකිඞ් මැන්ටිස්ගේ සිරුර සුදු පැහැතියි. ලා රතු හෝ රෝස පාට පුල්ලි සහිතයි. උගේ දෙපාවල මල් පෙතිවලට සමාන අපේ කන් පෙත්තක් වගේ කොටසක් තියෙනවා.

ඕකිඞ් මැන්ටිස්ට පරිසරයේ තත්වය අනුව, ආර්ද්‍රතාව, ආලෝක ස්වභාවය ආදිය අනුව දින කීපයක් ඇතුළත සිරුරේ පැහැය වෙනස් කර ගත හැකියි.

මේ සතා ජීවත්වන්නේ අග්නිදිග ආසියාවේ රටවල වැසි වනාන්තරවලයි. ඉතා දුලබ සතකු නිසා විද්‍යාඥයන් මෙතෙක් මේ සතා දැක මේ හැකියාව දැක තහවුරු කර ගෙන තිබුණේ නැහැ.

මේ අපූරු සතා විස්මිතයි කියලා අප කියන්නේ ඌ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකුට ම ගහන්න දක්ෂ නිසයි. එක අතකට ඌ තමන්ව දඩයම් කරන්න, ඒ කියන්නේ තමන්ව ගොදුරු කර ගන්න එන, විලෝපිකයන්ගෙන් බේරෙනවා, ඕකිඞ් මලක් වගේ වෙස් වළා ගෙන. අනික් අතට ඕකිඞ් මලක් යැයි කියල රැවටිලා රොන් ගන්න තමන් ළඟට එන කෘමින් දැතින් ම අල්ලා ගෙන කනවා.

මේ න්‍යාය ඔප්පු කරන්න ඇසින් දුටු සාක්ෂි සොයා ගෙන ඕස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ විශ්ව විද්‍යාලවල විද්‍යාඥයන් පිරිසක් මැලේසියාව බලා ගියා. ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්හී මැකෝරී විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඕහැනලින් හා මාරී හර්බස්ටයින් සමග ඕක්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ ග්‍රෙගරි හෝල්වෙල් යන අය තමයි එහි නායකත්වය ගත්තෙ.

 
මේ සතාගේ පරිණත ගැහැනු සතකුගේ දිග සෙන්ටිමීටර් 6ක් 7ක් ඇති. ඒත් පිරිමි සතා සෙන්ටිමීටර් දෙකහමාරකට වඩා නැහැ. බලන්න මේ ඕකිඞ් මලේ වහලා ඉන්න වන්දාව අඳුනගන්න පුළුවන් ද කියලා.

 
මේ ඕකිඞ් මල මැද ඉන්නේ ඒ ඕකිඞ් මැන්ටිස් සතෙක්.

එහිදි ඔවුන්ට හමුවුණා, මේ විස්මිත සතා, ඕකිඞ් මැන්ටිස් හෙවත් උඩවැඩියා වන්දා. ඔවුන් දැක ගත්තා මේ මලක් වගේ සිරුරක් ඇති මේ සතාත් උගේ සිරුර වෙත ඇදෙන කෘමීන් සතුනුත්. ඒ වගේ ම ඌ මේ විදියට වෙස් වළා ගන්නේ උන්ව ගොදුරු ගන්නට එන සතුන්ගෙන් බේරීමට බව ඔවුන් අවබෝධ කර ගත්තා. අවුරුදු සීයක් තිස්සේ මේ ගැන අසා තිබුණත් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්තල තිබුණෙ නෑ. මේ පළමුවන වතාවටයි විද්‍යාත්මකව මේ කරුණු ගැන වාර්තා කෙරුණේ.

මේ පර්යේෂකයන් නිරීක්ෂණය කර තියෙනවා, දහදොළොස් වතාවක් විතර, පියාඹන කෘමීන් මේ ඕකිඞ් මැන්ටිස් අසලින් පියාඹා යනවා. ඕකිඞ් මැන්ටිස් හෙවත් උඩවැඩියා වන්දා අත් දිගු කර ඔවුන් අල්ලා ගන්නවා ඔවුන් හොඳින් ම දැක තියෙනවා.

ලෝකයේ විද්‍යාඥයන් දැනට හඳුනා ගෙන ඇති පරිදි ගොදුරු කර ගන්නා සතකු අල්ලා ගන්නට පිපුණු මලක හැඩය හා පාට ගෙන වෙස්වළා ගන්නා එකම සත්වයා මේ ඕකිඞ් මැන්ටිස් තමයි.

විද්‍යාඥයන් දැන් බලාපොරොත්තු වන්නේ ඕකිඞ් මැන්ටිස්ව ගොදුරු කර ගන්නා විලෝපිකයන්ට ඔවුන්ව පෙනෙන්නේ කෙසේ ද කියා පර්යේෂණය කර දැන ගන්නයි.

 
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඕකිඞ් මැන්ටිස් මේ මල්වල හැඩය අනුකරණය කරන්න පටන් ගෙන ඇත්තේ ඉතා ඈත අතීතයේදියි. 1800 සියවසේ දී ස්වභාව විද්‍යාඥ ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් මේ ගැන සඳහන් කර තියෙනවා.

සිදුහත් කුමරු උපන් තැන පැරණි පන්සල මතුවෙයි!

සිදුහත් කුමරු උපන් තැන පැරණි පන්සල මතුවෙයි! 

බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූයේ තැනත්, එය සිදුවූ කාලයත් තහවුරු කර ගත හැකි සාක්ෂි පසුගියදා ලූම්බිනියේ කළ කැණීම්වලින් මතු වී තියෙනවා.

බුදු උපත සිදු වූයේ මෙතෙක් පිළිගෙන ඇති පරිදි කි‍්‍රස්තු පූර්ව 4 වන සියවසේදී නොව කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසේදී බැව් මේ පිළිබඳව නේපාලයේ කැණීම් කළ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් පසුගියදා හෙළිදරවු කර ගෙන තියෙනවා.

මේ සොයා ගැනීම කර ඇත්තේ එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් ප‍්‍රමුඛ 15 දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥයන්ගේ කණ්ඩායමක් විසිනුයි. නේපාලයේ ලූම්බිනිහී පිහිටි මායා දේවි පන්සල් භූමියෙහි කළ කැණීම්වලදියි, මේ විස්මිත සොයා ගැනීම කරන්නට ඒ විද්‍යාඥ පිරිස සමත් වූයේ. මෙම පන්සල් භූමිය මේ නමින් හැඳින්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෑණියන් වූ මහා මායා දේවිය සිහිපත් කරනු පිණිසයි.


මෙම කණ්ඩායමට නායකත්වය දෙන මහාචාර්ය රොබින් කනින්හැම් ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවේ කැණීම්වලට ද ක්ෂේත‍්‍ර මට්ටමෙන් උපදේශකයකු වශයෙන් වසර කීපයකට පෙර සහභාගි වූ අයෙක්. එසේ සහභාගි වූයේ අනුරාධපුර රාජධානිය හා ඒ අවට ප‍්‍රදේශයේ කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලටයි. එහිදී ඉපැරණි බෞද්ධාගමික නටබුන් ගැනත් විහාරාරාම වලින් ලංකාවේ වාර්මාර්ග පද්ධතියට ලැබුණු දායකත්වය පිළිබඳවත් තොරතුරු හෙළිදරවු කර ගනු ලැබුවා.

නේපාලයේ ඇති මෙම සිද්ධස්ථානය වසර 2600කටත් වඩා පැරණි ලොව පැරණි ම පන්සල්වලින් එකක් සේ සැලකෙනවා. මෙතෙක් කලක් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ තැන ලෙස ලොව පුරා බොදු බැතිමතුන් වන්දනාමාන කරන මේ ස්ථානය පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේ පළමු වතාවට බව කැණීම් කළ කැනින්හැම් ප‍්‍රමුඛ විද්‍යාඥ පිරිස විසින් ප‍්‍රකාශ කර තියෙනවා. මේ නිගමනයට ඔවුන් එළඹ ඇත්තේ කැණීම්වලදී මතු කර ගත් පුරාවස්තු නවීන විද්‍යානුකූලව කාල නිර්ණයට අනුව පරීක්ෂා කිරීමෙන් පසුවයි.

මෙම ස්ථානය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන්නක්. සිදුහත් කුමරුගේ උත්පත්ති ස්ථානය ලෙස විශ්වාස කරන ලූම්බිනි මේ මායා දේවි පන්සල් භූමිය බුදුන්වහන්සේ ජීවිතයේ මුල්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානය ලෙස සැලකෙනවා.

ශී‍්‍ර ලංකාවෙන් පමණක් නොව ජපානය, කොරියාව, චීනය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, තිබ්බතය, කාම්බෝජය වැනි පෙරදිග රටවලින් ද බටහිර රටවල රටවලින් ද බෞද්ධ බැතිමතුන් දස දහස් ගණනක් දිනපතා මේ ස්ථානයට වැඳුම් පිදුම් කරන්නට මෙහි පැමිණෙන නිසා මේ ස්ථානය ඉතාමත් ජනාකීර්ණ තැනක්.

බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායම මෙම ශුද්ධ භූමියෙහි කැණීම් කටයුතු කළේ බොදු බැතිමතුන්ගේ හා භික්ෂූන් වහන්සේලාගේ වන්දනාමානවලට බාධා නොවන පරිද්දෙනුයි. ඔවුන්ට මේ සඳහා නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සැලසුම්කරුවන්ගේ සහය ලැබුණා.


බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායමේ සාමාජිකයන් මේ ස්ථානයේ කැණීම්වලට හා නිරීක්ෂණ කටයුතුවලට ගියේ එහි වන්දනාවේ යන බැතිමතුන් මෙන් ම පාවහන්වලින් තොරව හෝ සෙරෙප්පු පමණක් භාවිත කරමින්. ඔවුන් මෙහි කැණීම්වලදී ඉතාමත් අසීරු යැයි සැලකෙන ශීත ඍතු තුනක් ඇතුළත්ව වසර තුනක් මෙහි කැණීම්වල නිරත වී තියෙනවා.

බුද්ධත්වයට පත් වීමෙන් පසු ගෞතම බුද්ධ යනුවෙන් හැඳින්වුණු සිදුහත් කුමරුන්ගේ මහා මයා දේවිය එකල චාරිත‍්‍රවලට අනුව කුමාරෝත්පත්තිය සඳහා මව්පියන් වෙත යමින් සිටියදී අතරමග ලූම්බිනි සල් උයනේ දී මෙහි වූ ගසක අත්තක් අල්ලා ගෙන කුමරුන් බිහි කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

මහාචාර්ය කනින්හැම් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායම විශ්වාස කරන්නේ මෙම විහාරය ඇතුළේ මැද ඇති විවෘත කොටසෙහි දී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නට ඇතය කියායි. එහි වූ ඒ ගස වටා ඈත අතීතයේ දී පන්සලක් ඉදිකරන්නට ඇතැයි යන විශ්වාසය මතයි, ඔවුන් මේ කැණීම් සිදු කළේ. එහිදී ඔවුන්ට ඒ ගසේ කොටස් පවා හමු වී තිියෙනවා.

මහාචාර්ය කනින්හැම් පවසන්නේ බෞද්ධ ආගමික පිළිගැනීම් තුළ සිදුහත් උපත සිදු වී ඇත්තේ කි‍්‍ර.පූර්ව 4 සියවසේ දී හෝ කි‍්‍ර. පූර්ව 7 හෝ 8 වැනි සියවස්වල දී සඳහන් වුවත් ඔවුන්ගේ අලූත් ම කැණීම් හා සම්බන්ධ නිරීක්ෂණවලින් එය සිදුවන්නට ඇත් ස්ථිරව ම කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසේ දී බව තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවයි.

”මේ සොයා ගැනීම බෞද්ධ පුරාවිද්‍යාව අතින් සිදු කළ විශිෂ්ට එකක්. කලින් කැණීම්වලින් මේ ස්ථානය නිශ්චිත ලෙස හඳුනා ගනු ලැබුවත් ගසක් වට කොට ඉදි කළ ඒ පැරණි පන්සල කෙබඳුදැයි දැන් අපට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.” යනුවෙන් මහාචාර්ය රොබින් කනින්හැම් ඒ පිළිබඳ ව කරුණු පැහැදිලි කරනවා.

මේ ස්ථානයේ නව කැණීම් කටයුතුවලට අරමුදල් සපයන ලද්දේ නේපාල රජයත් සමග ජපාන රජයත් ඇති කර ගත ගිවිසුමක් අනුව යුනෙස්කෝ ව්‍යාපෘතියක් හැටියටයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙහි පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු හා පන්සල් භූමියේ කළමනකාරණය විධිමත් කිරීමයි.

 
සිදුහත් කුමරුන් උපන් තැන ලෙස ලොව පුරා බොදු බැතිමතුන්ගේ වන්දනාමනයට පාත‍්‍ර වී ඇති නේපාලයේ මායා දේවි පන්සල දැනටත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ස්ථානයක්.

 
බුදුන්වහන්සේගේ උපත සිදු වූයේ කි‍්‍රස්තු වර්ෂ 6 වන සියවසේ බැව් පුරාවිද්‍යාඥයන් විසින් සොයා තහවුරු කර ගෙන ඇත්තේ මෙම ස්ථානයේ කරන ලද කැණීම්වලින්.

 
මහාචාර්ය කනින්හැම් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයන්ට ලූම්බිනියේ පැවති සල්ගස වටා ඉදිකර තිබූ ඉපැරණි පන්සල හමුවූ ස්ථානය.
 
 
 

 http://www.malkakulu.com

ඇස් කන්නාඩි නැතුව පෙනීම නිවැරදි කරන ලේසර් ක‍්‍රමය, ලැසික්!

ඇස් කන්නාඩි නැතුව පෙනීම නිවැරදි කරන ලේසර් ක‍්‍රමය, ලැසික්!

ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක‍්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා.


ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’ (Laser-Assisted in situ Keratomileusis) යන ඉංගී‍්‍රසි වදනේ මුල් අකුරු යොදා ගෙනයි. එයට සිංහලෙන් නම් ලේසර් උපයෝගී ස්වාස්ථිත කෙරටෝමිලියුසිස් සැත්කම කියා කිව හැකිය. එය ලේසර් අක්ෂි ශල්‍ය කර්මය හෙවත් ලේසර් දෘෂ්ටි නිර්දෝෂණය (laser vision correction) කියාද හැඳින්විය හැකිය. අවිදුර දෘෂ්ටිකත්වය (myopia) දුරදෘෂ්ටිකත්වය (hypermetropia) හා විෂමදෘෂටිකතාව (astigmatism) යන පෙනීමේ ආබාධ තත්වයන් මේ ක‍්‍රමයෙන් නිවැරදි කළ හැකියි.

ලැසික් (Lasik) අක්ෂි ප‍්‍රතිකාර ක‍්‍රමය

ලැසික් යනු වඩාත් බහුලව භාවිත කෙරෙන අක්ෂි ශෛල්‍ය කර්මයකි. එය විශාල පරාසයක විහිදුණු මයෝපියා හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට (myopia) අදාළ වර්තන සැත්කම් කි‍්‍රයාවලියකි. දුරදෘෂ්ටිකත්වය (hypermetropia) නො එසේ නම් ඇසෙහි ආලෝකය හරි තැනට නාභිගත නොවීම ලැසික් සැත්කම මගින් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකිය. අනිකුත් සැත්කම්වලට වඩා පහසු මෙය ඉතා සියුම් සැත්කමක් වන අතර එමගින් ඒ ආබාධ තත්වය අති සාර්ථකව මග හරවා ගත හැකිය. වේදනා රහිත මේ සැත්කමෙන් පසු ඉතා ඉක්මනින් එනම් පසුවදාම සාර්ථක පෙනීම ලබා ගත හැකිය.


එය සිදු කරන්නේ කෙසේද?

පියවර 1: මේ ලැසික් සැත්කම සඳහා යොදා ගන්නේ මයික්‍රොකෙරටෝම් (Microkeratome) නම් උපකරණයකි. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් එමගින් ඇසෙහි ස්වච්චයෙහි හෙවත් කුණීතයෙහි තුනී, වක‍්‍රාකාර තැල්ලක් කපා එය මුලින්ම නවාගනු ලැබේ.

පියවර 2: එහි යට ඇති කුණීතයෙහි පටක ඉතා සුළු ප‍්‍රමාණයක් එක්සයිමර් ලේසරය (Excimer laser) යොදා ගෙන ඉවත් කෙරේ. මේ සඳහා යොදා ගන්නා ලේසරය සැහැල්ලූ පාරාජම්බුල කිරණ ධාරාවකි. මෙහි දී සිදු කෙරෙන්නේ ඇසේ ප‍්‍රතිබිම්බය නිවැරදි ස්ථානයට පතිත වන ආකාරයට පටක යළි සැකසීමකි. මෙහි දී ආලෝකය නිවැරදි ලෙසට දෘෂ්ටිවිතානය (retina) මතට පතිත වන ආකාරයට නැවත සැකසීමක් කෙරේ.

පියවර 3: ඉන්පසු කලින් කපා නවා තිබූ තැල්ල ආපසු තිබූ ආකාරයටම සකසනු ලැබේ. මේ සැත්කම සඳහා ගත වන්නේ මිනිත්තු කීපයකි. මෙහිදී කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. ළඟ නොපෙනීම හා දුර නොපෙනීම යන ආබාධ තත්වයන්ගෙන් පෙළෙන අයට මේ ක‍්‍රමයෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකිය. විෂමදෘෂ්ටිකතාවෙන් පෙළෙන අයට ද මේ එක්සයිමර් ලේසරය යොදා ගෙන ප‍්‍රතිකාර කළ හැකිය.

මේ සැත්කම සඳහා සුදුසු අය කවුරුන් ද?

ඔබේ ඇස් ඔබේ ඇඟිලි සලකුණු වගෙයි. ඒ නිසා අපට ඔබේ ඇස් පරීක්ෂා නොකර ලැසික් සැත්කම ඒ සඳහා සුදුසු යැයි ඍජුවම කිව නොහැකියි. එහෙත් පහත සඳහන් කරුණු අනුව ඔබට ඒ සඳහා සහභාගි විය හැකිද යන්න තීරණය කළ හැකිය.
- ඔබේ ආබාධ තත්වය ළඟ නොපෙනීම, දුර නොපෙනීම හෝ විෂමදෘෂ්ටිකතාව හෝ නම්,
- ඔබ වයස අවුරුදු 18ට වැඩි නම්,
- මේ තත්වය උදා වීමට කලින් අවම වශයෙන් වසරක්වත් හොඳින් පෙනීම තිබුණා නම්,
- අක්ෂි රෝගී තත්වයෙන් තොර නම්,
- ඔබේ ඇසෙහි කුණීතය නිසි ගණකමින් යුක්ත නම්,
- ගර්භිණී කාන්තාවක් නොවේ නම්,
ඔබට මේ ලැසික් සැත්කම සඳහා සහභාගි වීමට අවස්ථාව තිබේ.

මේ ලේසර් ප‍්‍රතිකාර ක‍්‍රමය සියලූම අක්ෂි ආබාධ ඇති අයට සුදුසු වන්නේ නැත. ඒ සඳහා අපේ ශායනික විශේෂඥයන් ඔබ වෙනුවෙන් පරීක්ෂණ ගණනාවක් කර මිනුම් ගැනීමක් කරනු ඇත. ඉන්පසු ඔබට අවශ්‍ය උපදෙස් ඔවුන්ගෙන් ලැබෙනු ඇත. මේ පරීක්ෂණ බොහොමයක් ඔබට හුරුපුරුදු ඒවාය. මෙම ලෙස්ර් ක‍්‍රමය ඔබේ ආබාධිත තත්වයට පිළියම් යෙදීමට සුදුසු නැතැයි ඔවුන් විසින් තීරණය කරනු ලැබුවහොත් ඒ ගැන වද වීම අනවශ්‍ය ය. ඒ සඳහා සුදුසු විකල්ප ප‍්‍රතිකාර ක‍්‍රම කීපයක් ම අප සතුව තිබේ.

සැත්කමට පෙර කළ යුතු දේ 

සැත්කමට ලක් කෙරෙන ඇසෙහි ස්පර්ශ හෙවත් සිවිකාච ඇත් නම් ඒවා සැත්කමට පෙර ඉවත් කළ යුතුය. ඒ කාල සීමාවන් මෙසේය:

- දෘඪ කාච නම් මාසයකට පෙර.
- වායුව උරා ගන්නා දැඩි කාච නම් සති දෙකත් හතරත් අතර කාලයකට පෙර.
- මෘදු කාච නම් සති එකත් දෙකත් අතර කාලයකට පෙර.
- සැත්කම දිනයට ඔබ රෝහලට කැඳවා ගෙන යාමට ප‍්‍රවාහන පහසුකම් හා ඔබ ආපසු කැටුව යාමට ආධාරකරුවකු සූදානම් කර ගත යුතුය.

සැත්කම් දිනයේ දී

- සැත්කමට පෙර දින කෑම සීමා කිරීමක් හෝ ඖෂධ ගැනීමක් අවශ්‍ය නැත.
- රූපලාවන්‍ය යොදා ඇති නම් ඒවා සියල්ල ඉවත් කිරීම අවශ්‍ය ය.

සැත්කම් කාලය තුළ

- ඔබ සැත්කම සඳහා ලැසික් කාමරයට යන්නට පෙර ලැසික් උපකරණය ඔබේ ආබාධ තත්වය පිළිබඳව තොරතුරු හා දත්තවලට අනුව ලැසික් යන්ත‍්‍රය සකස් කරනු ලැබේ.
- ඒ නිසා ඔබ ඒ ලේසර් මයික්‍රොස්කෝපය යට නියමිත පරිදි ස්ථාන කරන්නට යන්නේ සුළු වේලාවක් පමණි.
- නිර්වින්දනය සඳහා පාවිච්චි කරනු ලබන්නේ ඇසට දමන බින්දු කීපයක් පමණ ය.
- ඇස් පිල්ලන් ගැසීම නවතාලන්නේ ඉතාමත් සරල උපකරණයක් මගිනි. ඒ නිසා කිසිදු වේදනාවක් ඇති නොවේ.
- ඔබේ ඇසට එල්ල කළ ආලෝක දහරක් දෙස බලා සිටින ලෙසට ඔබට උපදෙස් ලැබෙනු ඇත. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා නිරන්තරයෙන් ම මේ කාලය තුළ ඔබේ ඇස අන්වීක්ෂය (මයික්‍රොස්කෝපය* තුළින් නිරීක්ෂණය කරනු ඇත.
- සැත්කමේ මුල් කොටසේ දී ඔබට යම්තම් පීඩනයක් බඳු හැඟීමක් දැනෙනු ඇත. ඔබේ ශල්‍ය දෛ්‍යවරයා කුණීතයට ආරක්ෂිත තැල්ලක් යෙදීමෙන් පසු ඔබට ඇසේ පෙනීම නතර වී අඳුරු වීමක් සිදුවනු ඇත. දෙවැනි කොටසේ දී ඔබට ‘ක්ලික්’ හඬක් ඇසෙනු ඇත. ඒ ලේසර දහර මගින් ඔබේ ඇසේ වර්තන වක‍්‍රතාව වෙනස් කරන අවස්ථාවේදී ඇසෙන්නකි. ඒ කටයුත්තට ලේසරයට ගත වන්නේ තත්පර 60කටත් අඩු කාලයකි.
- මේ ලැසික් සැත්කම කරන මුළු කාලය තුළම ඔබට කිසිදු අපහසු ගතියක් දැනෙන්නේ නැත.

සැත්කමෙන් පසුව

- සැත්කමෙන් පසු පාවිච්චිය සඳහා පසු සැත්කම් කට්ටලයක් ඔබට ලැබෙනු ඇත. මීළඟ දින කීපය තුළ ඇසට දැමිය යුතු බින්දු හා ඖෂධ ඊට ඇතුළත් වනු ඇත.
- ඔබ සමග ආ ඔබේ ආධාරකරුවා ඔබ ආපසු කැටුව යනු ඇත. දැන් ඔබට ඇත්තේ විවේක ගැනීමටයි.

ඔබ විසින් කළයුතු හා නොකළයුතු දේ

- සතියක් පිහිනීමෙන්, උණුසුම් තටාකවලට බැසීමෙන්, මල් වැවීම වැනි දෙයින් වැළකී සිටිය යුතුය.
- ලැසික් සැත්කමෙන් පසු මුල් දින හතර පහ තුළ රූපලාවන්‍ය භාවිතයෙන් වැළකී සිටිය යුතුය.
- කිසිම විටෙක ඇස පිස දැමීම නොකළ යුතුය. ඇසට යටින් යම්තමින් පිරිමැදීමක් කළාට වරදක් නැත.
- නෑම සඳහා වතුර භාවිත කිරීම සුදුසුය. එහෙත් ඇසට වතුර නොයාමට වග බලා ගත යුතුය.
- සැත්කමින් දිනකට පසු රැුකියාවට යාම හා සුපුරුදු ව්‍යායාම්වල නිරත වූවාට වරදක් නැත.
- රිය පැදවීම යළි ආරම්භ කිරීම කළ යුත්තේ කවදාද යන්න ඔබට සැත්කමින් පසු වෛද්‍යවරයා හමු වන මුල් දිනයේ දී ඔහු ඔබට උපදෙස් දෙනු ඇත. බොහොමයක් දෙනාට සැත්කමින් පසු පැය 24-48ත් අතර කාලය තුළ රිය පැදවීම කළ හැකි වෙයි.


ප‍්‍රතිඵල

ලැසික් ලොව පුරා ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පලඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඉන් මිදීමට අවස්ථාව සලසා දී තිබේ. අපේ රෝගීන්ගෙන් සියයට 95ක් ම ලැසික් ක‍්‍රමයෙන් සුවය ලැබූ අය වෙති. ඔවුන් අතුරින් වැඩි දෙනෙක් ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පැලඳීමෙන් තොරව වාහන පැදවීම කරති.

අවදානම් අවස්ථා

ඕනෑම වෛද්‍ය ප‍්‍රතිකර්මයකදී ඉතාමත් කලාතුරකින් අතුරු ආබාධ තත්වයන් ඇති විය හැකිය. ඒ අනුව එක්ස්යිමර් ලේසරය නිසා ද යම් ගැටලූ සහගත තත්වයක් මතු විය හැක. එහෙත් ඒවා කල්යාමේදී මග හැරී යා හැකි අතර ඇතැම් ඒවාට ප‍්‍රතිකාර කර සුව කළ හැකිය.

උත්කෝපනයක්: ඇසට පිල්ලක් වැටුණ කලෙක මෙන් කෙවීමක් සිදු වීම මෙහි දී ස්වාභාවිකය. එය දැරිය නොහැකි වුවහොත් ඒ සඳහා ඖෂධ ප‍්‍රතිකාරයක් නියම කළ හැකිය.

පෙනීමේ බොඳ වීමක්: ලැසික් ප‍්‍රතිකාරයෙන් පසු පැය කීපයක් තුළ පෙනීමේ බොඳවීමක් ඇති විය හැකිය. පැය කීපයක් ඇතුළත එය පහ වී යා හැකිය. පෙනීමේ වර්ධනයක් දැකිය හැකිය.

රාති‍්‍ර පීඩක ආලෝකය: මෙම රෝග ලක්ෂණය බොහෝ විට ඇති වන්නේ ඔබ අක්ෂි ශල්‍ය කර්මයට භාජනය වී මුල් සති කීපය තුළ ඇස යථා තත්වයට පත් වෙද්දීය. රාති‍්‍රයට ආලෝකය දකින්නට අපහසුතාවක් ඇති වුවද එය සුව අතට හැරෙද්දී ඇස් දෙකම එකම මට්ටමට පත්වෙද්දී ඉබේම මග හැරී යයි.

කියවීමේ අපහසුතාවක්: ලැසික් ප‍්‍රතිකාරයෙන් පසු ආරම්භයේ දී ම කියවන දේ ටිකක් ඉදිරියට අල්ලා කියවීමට ඔබට සිදු වීමට ඉඩ ඇත. මෙය තාවකාලික දෙයකි. ඉක්මනින් මග හැරී යයි. මෙය බොහෝ විට ඇති වන්නේ ඔබ වයස 40 වැඩි නම් ය.

ආලෝකයට සංවේදී බවක්: ලැසික් ප‍්‍රතිකාරයෙන් පසු මුල් පැය කීපය තුළ ආලෝකය දැරීමේ අපහසුවක් ඇති විය හැකිය. හොඳ අව් කන්නාඩියක් පැලඳීමෙන් මෙය මග හරවා ගත හැකිය.

ආසාදන අවදානමක්: ප‍්‍රතිකාරයෙන් පසු මුල් සතිය දෙක ඇතුළත සුළු ආසාදනයක් ඇති වීමේ අවදානමක් ඇත. ඔබේ ප‍්‍රතිකාරයේ කොටසක් වශයෙන් ප‍්‍රතිකාරයට පෙර හා පසුව උදේ සවස ඇසට දැමීමට බින්දු වශයෙන් දෙන ප‍්‍රතිජීවක ඖෂධ නිසා මේ තත්වය මග හැරී යනු ඇත. පළමු සතිය තුළ ගෙවුයන් කටයුතු හා පිහිනීම ආදිය නොකරන ලෙස උපදෙස් දෙන්නේ මේ ආසාදන අවදානම අවම කිරීම පිණිසය.

අති නිරවද්‍යතාවක්: සමහර අවස්ථාවක අනපේක්ෂිත ආකාරයේ අති නිරවද්‍යතාවක් සැත්කමින් පසු අතට හැරෙද්දී ඇති විය හැකිය. එය සාමාන්‍යයෙන් සුව අතට හැරෙද්දී දක්නට ලැබෙන්නකි. සති එකත් හතරත් අතර මේ තත්වය සාමාන්‍ය අතට හැරී පෙනීම ස්ථාවර වනු ඇත. සිදු වන්නේ ඔබේ ඇසේ මුලදී තිබූ වර්තන දෝෂ මට්ටම අනුවය. කලාතුරකින් මේ තත්වය නොවෙනස්ව පැවතිය හැකිය. එසේ වුවහොත් මාස තුන හතරකට පසු මේ සඳහා ප‍්‍රතිකාර කළ හැකිය. මේ සඳහා නැවත මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.

වර්තන දෝෂයක්: සැත්කමේ දී වැඩි වශයෙන් කලින් හොඳින් පැවති පෙනීමේ තත්වයම යළි ලබාගත හැකි වුවත් කලාතුරකින් සුළු වර්තන දේෂයක් හෝ පෙනී ඉතා සුළු අඩුවීමක් දැකිය හැකිය. මෙය නිවැරදි කිරීම අවශ්‍ය නම් ඒ සඳහා අතිරේක සැත්කම් ප‍්‍රතිකාරයක් කළයුතු වෙයි. ප‍්‍රතිකාර ලැබීමට එන වැඩි දෙනකුට එකම සැතකමින් ම සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන බව කිව හැකිය.

 http://www.malkakulu.com/

අලූත් ම තාලේ විස්මිත බුරුසුවක්

අලූත් ම තාලේ විස්මිත බුරුසුවක්

හැම කෙනකුටම මේ කටයුත්ත වරකට විනාඩි හතරක්වත් ගත කරන්න සිදු වෙනවා. ඒ කාලයක් වැඩියි කියල හිතන අය ඉන්නවා. උදේ ? දෙකේදිම ඕක කරන්න වුණාම තවත් කරදරයි නේ. මේ මා කතා කරන්නේ දත් මැදීම ගැනයි.

දත් මැදීමට යන කාලය ඉතුරු කර ගන්න නව ක‍්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. දැන් දත් මදින්න තත්පර හයක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි. මෙහි දී භාවිත කරන බුරුසුව සාම්ප‍්‍රදායික දත් බුරුසුව වගේ නෙවෙයි. පුද්ගලයාගේ කටටම ගැළපෙන්න ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් තනා ගන්නා අමුතු තාලේ එකක්.

එය හැඳින්වෙන්නේ බ්ලිසිඩන්ට් (Blizzident) කියලයි. සාමාන්‍ය දත් බුරුසුවකට වඩා බොක්සිං කී‍්‍රඩකයන් දත්වල ආරක්ෂාවට දමා ගන්නා ආරක්ෂක ආවරණයක් වගේ එකක්.

දත් මදිනවා වෙනුවට කරන්න තියන්නේ එය දත් මතුපිට සිටින සේ තියා ගෙන හපන එකයි.

 
දත් මැදීමේදී මේ බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය දත් අතර තබා හැපීමෙන් දත් පිරිසුදු වෙනවා.

බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ කෙසේද?

දන්ත වෛද්‍යවරයා දත් විකන ආකාරයට තබා හෝ කෙළින් තබා හෝ අවශ්‍ය පුද්ගලයාගේ දත් ස්කෑන් කර ගෙන දන්ත රසායනාගාරයේ ඉන්නා විශේෂඥයන් වෙත යවනවා. ඔවුන් එයින් ති‍්‍රමාන මොඩලයක් තනනවා. ඒ මොඩලය යොදා ගෙන තමයි, මේ නව බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ. එයට අංශක 45හේ කෝණයට කෙඳි 400ක් සවි කෙරෙනවා.

 
මේ අමුතු බුරුසුවේ කෙඳි 400ක් තියෙනවා. අංශක 45 කෝණයකට සවි කරලා. දත් මැලියම් බැඳෙන රේඛාව දිගේ පිරිසුදු කරන්න වෙනම කෙඳි තියෙනවා. මේක කටට අරන් හපපුවාම තමයි මැදෙන්නෙ. මේ නව බුරුසුවේ හැන්ඩලයෙන් තමයි, දත් අතර ශුද්ධ කරන නූල් (floss) නිකුත් කරන්නෙ.

හොඳින් දත් පිරිසුදු කරන්න නම් වරින් වර දත්වලින් තද කර අතරින්න ඕනෑ. මේ විදියට 10ත් 15ත් අතර වාර ගණනක් කරන්න ඕනෑ. එවිට බුරුසුවේ කෙඳි ‘කම්පනය වෙමින් ඉහළට පහළට යමින් යම්තම් වක‍්‍ර ආකාරයට කරකැවෙමින්’ කි‍්‍රයාත්මක වන බවයි ඒ සමාගම කියන්නේ.

 
මේ නව ක‍්‍රමයෙන් දත් හොඳින් මැද ගන්න නම් මේ නව මෙවලම 10ත් 15ත් අතර වාර ගණනක් හපලා අත අරින්න ඕනෑ. ඒකෙ මැද පුංචි බුරුසුවකුත් තියෙනවා දිව මැදෙන්නෙ ඒකෙන්. කවයකින් දක්වා ඇත්තේ ඒකයි.

: http://www.malkakulu.com/

අනාගතයේ එන විස්මිත උමං දුම්රිය

අනාගතයේ එන විස්මිත උමං දුම්රිය

අනාගතයේ එන දුම්රිය කෙබඳු එකක්ද? ටේ‍්‍රන් (train) කියන ඉංගිරිසි වදනට දුම්රිය යන්න කොහෙත්ම අදට ගැළපෙන්නෙ නැහැ. අදට නෙමෙයි එදාට ගැළපුනෙත් නැහැ. මොකද දුම දාගෙන ගියාට ඒ වාහනයත් දුමෙන් නෙමෙයි දිව්වෙ. ගල් අඟුරු යොදා ඇති කරගත් වාෂ්ප බලයෙන්. ඒ නිසා ඒ කාලෙම මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ඒක පීල්ල උඩ ගිය නිසා ‘රේල්’ (rail) යන වදනෙන් ‘රේල්ලූව‘ කියල වචනයක් තැනුවා. ඒ ඇසුරෙන් ‘රේල් දෙපාර්තමේන්තුව’, රේල් නැවතුම’, රේල් පොළ’ ආදි වදන් තනා දුන්නා. ඒත් ඒ වදන සමත් වුණේ නෑ, දුම්රිය කියන වදන නවතාලන්න. අද තියෙන ඒවට නම් දුම්රිය කියන වදන කොහොමටත් ගැළපෙන්නෙ නැහැ.

ඒත් වචනයක් පැළපදියම් වුනාහම අපට ඒ වචනය පාවිච්චි කරන්නම වෙනවා. ඒ නිසා අපිත් ඉන්ධන පිරිමහින, කාර්යක්ෂමතාවෙන් උසස්, සුවපහසුවෙන් වැඩි, යම්තම් දුමක් තියා සුළඟක්වත් පිට නොකරන, මේ විස්මිත උමං දුම්රියටත් ඒ නම ම යොදමු. මෙහි ඇති ලොකුම විස්මය මෙය ධාවනයට රියැදුරකු අවශ්‍ය නොවීමයි.

 
මේ තමා ඉන්ස්පිරෝ උමං දුම්රිය. පදවන්න රියැදුරෙක් නෑ. ඉන්ධන පිරිමහින උසස් සුවපහසුවෙන් යුත් ගමනාගමනයක් ඔබට ලබා දෙනවා. ඔක්තෝබර් 8 වැනිදා ලන්ඩනයේ දී මහජනයාට ප‍්‍රදර්ශනය කෙරෙනවා.

එංගලන්තයේ ලන්ඩන් නගර උමං දුම්රිය වෙනුවට යොදා ගන්නා අලූත්ම උමං දුම්රිය හඳුන්වා ඇත්තේ ‘ඉන්ස්පිරෝ’ (Inspiro) කියලයි. ඔක්තෝබර් 8 වැනිදා ලන්ඩනයේ වික්ටෝරියා ඩොක්ස්හී ද කි‍්‍රස්ටල්වල පැවැත්වෙන ප‍්‍රදර්ශනයේදී මේ දුම්රිය හැබැහින්ම දැක ගත්තෑකි.

ජර්මනිය මූලස්ථානය කර ගෙන ලොව පුරා ව්‍යාප්ත සීමන්ස් (Siemens) ඉංජිනේරු සමාගම තමයි, මේ සංකල්පය පසුපස සිටින්නේ. ඊළඟ පරම්පරාවේ උමං දුම්රිය ලෙස හැඳින්වෙන මේ ඉන්ස්පිරෝ එක පෙට්ටියක් සඳහා පවුම් මිලියනයක් වැය වෙනවා. ලන්ඩනයේ නගරාධිපතිවරයා අනුමැතිය දුන්නොත් මේ නව උමං දුම්රිය බි‍්‍රතාන්‍යයේ දී ම තනා දෙන්නට ඒ සමාගම සූදානම්.

 
මෙහි මගී පෙට්ටි ආලෝකවත් කර ඇත්තේ එල්ඊඞී ක‍්‍රමයටයි. වැඩි දෙනකුට එකවර ඇතුළු විය හැකි පරිදි මෙහි දොරවල් විශාල කර තියෙනවා. ලන්ඩන උමං දුම්රියේ පවතින පෙට්ටියකට වඩා සියයට 30ක් මෙහි මගීන් ගෙන යා හැකියි.

ඉන්ස්පිරෝ දුම්රිය සියයට 30ක් බලශක්තිය ඉතිරි කරනවා පමණක් නොව දැන් පවතින ඒවාට වඩා බරිනුත් සියයට 20ක් අඩුයි.

පෙට්ටි ආලෝකවත් කර ඇත්තේ එල්ඊඞී (LED) ක‍්‍රමයටයි. මුළුමනින් ම වායුසමීකරණය කරලයි තියෙන්නෙ. දොරවල් විශාල කර ඇති නිසා මගීන් බහුල වේලාවලදී තදබදය අඩුවෙනවා. ඇතුළු වෙන්න පිට වෙන්න පොර කන්න ඕනෑ වෙන්නෙ නෑ.

රියැදුරකු අවශ්‍ය නො වන නිසා වෘත්තීය සංගම් මේක විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා, ඔවුන්ගේ රැකියාවට තර්ජනයක් එල්ලවේය යන බියෙන්.

 
සීමන්ස් ඉන්ස්පිරෝ මෙට්රෝ දුම්රිය පසුගියදා මාධ්‍යවේදීන්ට ප‍්‍රදර්ශනය කෙරුණේ මෙහෙමයි.

 
දොරවල් විශාල නිසා තදබද වේලාවට වුවත් පොරකන්නෙ නැතිව ඇතුළු වුනෑකි.

කෙසේ හෝ වේවා. බි‍්‍රතාන්‍ය රජයේ නව ප‍්‍රතිපත්තිය අනුව ලන්ඩන් උමං ප‍්‍රවාහනයට ප‍්‍රතිපාදන ලබාදෙන්නේ එරට ස්ථාපිත කර ඇති සමාගමක් නිපදවන්නේ නම් පමණක් වන නිසා මේ උමං දුම්රිය ද තැනිය යුත්තේ ඒ රටෙහිය. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ පිහිටුවා ඇති සීමන්ස් සමාගම ඒ කාර්යය කරනු ඇති.

මේ ප‍්‍රදර්ශනයට උමං දුම්රිය සඳහා කර ඇති නව නිපැයුම් රැසක් ද ඉදිරිපත් කෙරෙනු ඇති.

 
මැදිරි ඇතුළත ඇති සුවපහසු බව බැලූ බැල්මට ම පැහැදිලි වනු ඇති.

 
සීමන්ස් ආයතනය බලාපොරොත්තු වන්නේ අලූත් පරම්පරාවේ මේ ඉන්ස්පිරො උමං දුම්රිය ලන්ඩන් වැසියන්ගේ හිත දිනා ගනීවි කියලයි.
 http://www.malkakulu.com