Friday, December 19, 2014

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට වල්ගයක් තියෙනවා!

නාසා ආයතනයේ අභ්‍යවකාශ යානයක් පසුගියදා විස්මිත දෙයක් දැක්කා. කාලයක් තිස්සේ අපේ විද්‍යාඥයන් විසින් ඇතැයි සැක කළ, අප කිසිදාක නුදුටු දෙයක් තමයි, එසේ දැක්කේ. ඒ වෙනත් කිසිවක් නොව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වලිගයයි.

අපේ විද්‍යාඥයන් බොහෝ කලකට පෙර අපේ සෞරග‍්‍රහ මණ්ඩලයටත් ධූමකේතුවකට වාගේ වල්ගයක් තිබිය යුතු යැයි මතයක් පළ කර තිබුණා. අභ්‍යවකාශය හරහා යන ගමනේ දී අපේ සෞරග‍්‍රහ මණ්ඩලය පසුපසින් අංශු ධාරාවක් ගලා යා යුතු යැයි ඒ න්‍යායෙන් කියැවුණා.

ඒ න්‍යාය සැබෑවක් බව දැන් මේ විස්මිත දසුනත් සමග ඔප්පු වී තියෙනවා. නාසා ආයතනය විසින් යවා ඇති ඉබෙක්ස් (IBEX) යන කෙටි නමින් හැඳින්වෙන අන්තස්තාරීය පර්යන්ත ගවේෂක අභ්‍යවකාශ යානය (Interstellar Boundary Explorer) විසින් ප‍්‍රථම වතාවට මේ සෞරග‍්‍රහ ගෝලය හෙවත් සූර්ය බුබුළ මුදුනේ පටන් විහිදී සෞරග‍්‍රහ මණ්ඩලය පසුපස ඇදී යන වල්ගය දැක තියෙනවා.

 
මේ රූප සටහනේ සුදු තිතකින් දැක්වෙන්නේ අපේ සූර්යයායි. ඒ වටා ඇත්තේ අභ්‍යන්තර සූර්යගෝලයයි. පසුපසින් ඈතට විහිදී යන්නේ වල්ගයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ බාහිර සූර්යගෝලය සහිත කොටසයි. ඒ කලාපයට සූර්ය බලපෑම ඉතා සුළුයි.

අපේ සෞරග‍්‍රහ මණ්ඩලය හරියට පෘථිවි වායුගෝලය හරහා යන උල්කාවක් වගෙයි. ඒ උල්කාව පසුපස අංශු ධාරාවක් ඇදී යනවාක් මෙන් ඒ පසුපසත් අංශු ධාරාවක් ගලා යනවා.

ඉබෙක්ස් යානය මේ සූර්යගෝලයේ වල්ගයේ සීමා සිතියම් ගත කර තියෙනවා. මෙය මින් පෙර කිසිදාක කළ නො හැකි ව තිබූ දෙයක්.

මේ පිළිබඳව විස්තරයක් තාරකාභෞතික විද්‍යා සඟරාවක් වූ ‘ඇස්ට්‍රොෆිසිකල් ජර්නලයේ’ (The Astrophysical Journal) ලිපියක් මගින් පළ කරල තියෙනවා. එහි මේ වල්ගය විද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ සූර්යවල්ගය යන අරුත් ඇති ‘හේලියෝටේල්’ (heliotail) යන වදනෙනි.

මේ ඉබෙක්ස් යානය මගින් මුල් වසර තුන තුළ ලබා දෙන ලද නිරීක්ෂණ අනුව පර්යේෂක කණ්ඩායම වල්ගයේ හැඩ රුව සටහන් කළා. එහි වේගයෙන් හා හෙමින් ගලා ගිය අංශු දෙවර්ගයක් ඇති බව ඔවුන්ට පෙනී ගියා.

නාසා ආයතනය කියන්නේ, දෙපැත්තේ වඩා හෙමින් යන අංශූන් රැගත් තීරු දෙකක් ඇති අතර ඒ මැදින් වේගවත් අංශූන් රැගත් තීරු ඇති බවයි. මේ මුළු ව්‍යුහයම දඟර වී ඇතැයිද එය සිදු වන්නට ඇත්තේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති චුම්බක ක්ෂේත‍්‍රවල ඇදීමේ හා තල්ලූ කිරීමේ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් නිසා විය හැකි යැයි ද ඔවුන් පැහැදිලි කරනවා.

‘උදාසීන අණු පරීක්ෂා කර බලා ඉබෙක්ස් මුල්වරට නීරීක්ෂණය කළා මේ සූර්යවල්ගය ගැන’ යැයි ටෙක්සාස්වල සැන් ඇන්ටෝනියෝහි පිහිටි සවුත්වෙස්ට් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ඬේවිඞ් මැකොමාස් කියනවා. ඔහු ඉබෙක්ස් ගවේෂණයේ ප‍්‍රධාන පරීක්ෂකවරයා. ඒ වගේ ම මේ පිළිබඳව පළ කළ පර්යේෂණ ලිපියේ සම්පාදකවරයා.

‘මේ වන තෙක් සූර්ය වලිගයේ ස්වභාවය ගැන කෙතෙක් පළ වුනත් මේ වන තෙක් කිසිවකු විසින් එය නිරීක්ෂණය කර තිබුණේ නැහැ.’ ඔහු වැඩිදුරටත් කියනවා.

දුරේක්ෂ මගින් කලින් වෙනත් තරුවල මෙවැනි වල්ගා ඇති බව නිරීක්ෂණය කර තිබුණා. ඒත් අපේ තරුව වූ සූර්යයාට එවැන්නක් තිබේදැයි නිසැකව දැන ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.

 
උල්කාවල මෙන් වල්ගා වෙනත් තරුවලටත් තියෙනවා. නාසා ආයතනයේ ඉබෙක්ස් ගවේෂණ යානය අපේ සෞරග‍්‍රහ මණ්ඩලයටත් වල්ගයක් ඇති බව තහවුරු කළා. එවැනි වල්ගා ඇති තරු කීපයක් මේ. ඉහළ වමේ සිට, එල්එල් ඔරියෝනිස්, බීඉසැඞ් කැම් හා මීරා තරුයි, මේ.

1972 මාර්තු මාසයේදී උඩු ගුවනට යැවූ පයනියර් 10 ඉන් අවුරුදු 11කට පසු 1983 දී නැප්චූන් කක්ෂය හරහා යද්දී විද්‍යාඥයන් සිතුවා තවත් වසර කීපයකින් එය දැක ගන්න මග පෑදෙයි කියා. ඒත් ඒ වන විට වසර 20ක් තිස්සේ ගමන් කරමින් තිබූ එය සූර්යවල්ගය වෙත ළඟා වීමට පෙර එහි බලශක්තිය හීන වීම නිසා අවාසනාවකට ඒ අවස්ථාව මග හැරී ගියා.

කෙසේ වෙතත්, සූර්යගෝලයේ සීමාවල සිදුවන ගැටීම්වලින් මතුවන උදාසීන අංශූන් මැන බලා සිතියම් සකසන්න ඉබෙක්ස් සමත් වුණා.

‘උදාසීන අණු භාවිත කරමින් ඉබෙක්ස් නිරීක්ෂණ යානයට පෘථිවි කක්ෂයේ සිට වුනත් ඈත පිහිටි ව්‍යුහයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා’ යැයි නාසා ආයතනයේ මේ ඉබෙක්ස් මෙහෙයුමේ ප‍්‍රධාන විද්‍යාඥ මහාචාර්ය එරික් කි‍්‍රස්ටියන් කියනවා. මේරිලන්ඞ්වල ගී‍්‍රන්බෙල්ට්හී පිහිටි ගොඩාඞ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ සිටයි ඔහු කි‍්‍රයාත්මක වන්නේ.

‘ඉබෙක්ස් සිටින්නේ මුළු අහස ම ස්කෑන් කරමින්. ඒ නිසයි එයට හැකි වුණේ, මුලින් ම දත්ත ලබා දෙන්න සූර්යගෝලයේ වල්ගය කෙබඳුදැයි කියා. මෙය ඉතා වැදගත් අවස්ථාවක් අපේ ක්ෂීර පථය හරහා ගමනේ දී එහි අපට හිමි තැන කෙබඳුදැයි තේරුම් ගන්න.’ යැයි මහාචාර්ය කි‍්‍රස්ටියන් වැඩිදුරටත් කියනවා.

විද්‍යාඥයන් මේ සිතියම යොදා ගෙන සූර්යවල්ගය තැනී ඇති ආරෝපිත අංශු ගැනත් සූර්යයාගෙන් හමා එන සූර්ය සුළං ගැනත් වැඩි වැඩියෙන් තේරුම් ගන්න තැත් කරනවා.

‘මේ වල්ගය තමා ක්ෂීරපථය තුළ අප තබන පිය සටහන්. ඒ ගැන තේරුම් ගන්නට අපට ඉඩක් ලැබෙනවා කියන්නේ අප ලබන ලොකු ජයග‍්‍රහණයක්.’ මහාචාර්ය කි‍්‍රස්ටියන් කියන්නේ සතුටින් ඉපිලෙමින්.

‘අපේ ඊළඟ පියවර විය යුත්තේ මේ නිරීක්ෂණ අපේ මොඩලයන්ට ඇතුළත් කර අපේ සූර්යගෝලය හොඳින් ම තේරුම් ගත හැකි කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමයි.’ මහාචාර්ය කි‍්‍රස්ටියන් පවසනවා.

‘ඒ වගේම විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා සූර්යගෝලය පිළිබඳව ඇති ඔවුන්ගේ පරිගණක අනුකරණයන් මේ නව නිරීක්ෂණ සමග සසඳා ඔවුන්ගේ මොඩල වැඩි දියුණු කර ගත හැකියි.’

මේ දෙයාකාරයෙන් ම අපට අවස්ථාව ලැබෙනවා අභ්‍යවකාශයෙන් ලැබුණු දත්ත මේ මිහිමත පිහිටි රසායානාගාරවලදී විශ්ලේෂණය කොට බලා අප පසුපසින් විහිදෙන විස්මිත වලිගය ගැන අපේ දැනුම තවත් වැඩි කර ගන්න.

 
මේ දත්ත නාසා ආයතනය විසින් යවා ඇති ඉබෙක්ස් නිරීක්ෂණ යානය මගින් සෞරග‍්‍රහ මණ්ඩලයේ වල්ගය නිරීක්ෂණය කර ලබා දුන් ඒවායි. කහ හා රතු වර්ණ පෙන්වන්නේ හෙමින චලනය වන අංශූන් වන අතර නිල් පැහැයෙන් දක්වෙන්නේ වේගයෙන් චලනය වන අංශූන්ය.

 http://www.malkakulu.com/

අනාගතයේ එන නිවාසයක්

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සමාගමක් අනාගතයේ බිහිවන නිවසක් නිර්මාණය කර තියෙනවා. මේක අපේ මතු පරපුර ජීවත්වන හැටි අද දැක ගන්න තියෙන හොඳම අවස්ථාවක්.

මේ අපූරු නිවස නිර්මාණය කරල තියෙන්නෙ කෝන්ෆ්ලේක් (Cornflake) කියල සමාගමක්. මේ නව නිවස නම් කරල තියෙන්නෙත් ඒ නමින්මයි.

දැනට නිපදවා ඇති අලූත් ම තාක්ෂණය මේ නිවසට එක් කර ගන්නට මේ සමාගම යොමුවෙලා තියෙනවා. ඒ නිසා අලූත් ම මෙවලම් මෙහි දී ඔබට දැක ගන්න පුළුවන්.

ඔබේ අවශ්‍ය වෙලාවට බිත්තිය කරකැවී මීටර් දෙකේ රූපවාහිනී තිරයක් සහිත නැරඹුම් මැදිරියක් මතු වෙනවා. ආභාසී ආරක්ෂකයෙක් (virtual security guard) ඉන්නවා ඔබේ නිවස දිවා රාති‍්‍ර මුර කරන්නට.

මේ නව නිවසට යොදා ඇති විස්මිත උපකරණ සියල්ල අභ්‍යවකාශ තාක්ෂණය නිසා අපට ලැබුණු දේවල්.

එක්සත් ජනපදයේ තාක්ෂණික සමාගමක් වූ කෝන්ෆ්ලේක් තනා ඇති මේ අනාගත නිවස පිහිටා ඇත්තේ ලන්ඩන් නගරයේ ටොටෙන්හැම් කෝට් පාරේ. එහි විසිත්ත කාමරයේදී ඔබ විත‍්‍රපටයක් බලන්න තේරීමක් කළොත් ඔබ අවට ආලෝකය ඉබේට ම සකස් වෙනවා.

මේ අනාගත නිවස තුළ සවි කරල තියෙනවා, පවුම් 10,000ක් වටිනා උපකරණයක්, ඔබ කැමති ඕනැම උණුසුම් බීමක් තනා දිය හැකි. දුර සිට අයිපෑඞ් (iPad) එකකින් ඒක පාලනය කළ හැකියි. ඒ බීම වර්ග තනනවාට අමතරව හිස් කෝප්පවලට බීම විදින්නත් ඒ විස්මිත උපකරණයට පුළුවන්.

බිත්තියට අලවන්න කාන්දමකින් කි‍්‍රයා කරන චුම්බක බිත්ති ඇතුරුම් කඩදාසි තියෙනවා. සිනමා හලක්, තවත් අධි තාක්ෂණික උපකරණ රැසක් මේ නිවසට ඔබේ කැමැත්ත පරිදි එක් කර ගන්න පුළුවන්. මෙයට දැනට සැලසුම් කර ඇති පරිදි මේ සියලූම නවීන ගැජට් සවි කරන්න පවුම් 750,000ක් විතර වියදම් කරන්න සිද්ධ වෙනවා. මේවායින් අවශ්‍ය උපකරණ තමන්ගෙ නිවසට වුනත් වෙන වෙනම සවි කර දෙන්න ඒ සමාගම ලෑස්තියි.

මේ නිවස තුළ දී ඔබට ඔබේ බීම වීදුරුව හිස් වීම ගැන වද වෙන්න සිදු වෙන්නෙ නෑ. මේ නිවසේ ඇති වීදුරුවල චීපයක් තියෙනවා, ඒවා හිස් වෙන කොට ඒ බව ඒ කටයුත්ත බාරව ඉන්න සේවකයාට ඉබේම ඒ බව දන්වනවා.

කෝන්ෆ්ලේක් සමාගම මේ නිවස තැනීම සඳහා ලොව පුරා අධි තාක්ෂණික උපකරණ තනන විවිධ නිෂ්පාදන සමාගම් රැසක් හවුල් කර ගෙන තියෙනවා.

මේ විස්මිත අනාගත නිවාස ආදර්ශනය බවට පත් කරලා තියෙන්නෙ ලන්ඩන් නගරයේ ටොටෙන්හැම් කෝට් පාරෙ නිවසක්. මේ විස්මිත පහසුකම් තමන්ගේ නිවසටත් ලබා ගන්න කැමති වර්තමානයේ සිටිමින් අනාගතයට යන්න කැමති ධනවතුන්ට ඔවුන් ආරාධනය කරනවා මේ නිවස බලන්න එන්න.

සමාගම බලාපොරොත්තු වෙන්නේ මේවායේ ගැනුම්කරුවන් වශයෙන් ලොව පුරා වෙසෙන ධනකුවේරයන්. මැද පෙරදිග ධනකුවේරයන්, ධනවත් හා සුඛෝපභෝගී ජීවන රටාවකට කැමති ව්‍යාපාරික ප‍්‍රජාවත්, සුප‍්‍රකට සිනමා තරු ආදීනුත් මේකට ආකර්ෂණය වේවි යැයි ඔවුන් විශ්වාස කරනවා.

ලොව අති නවීතම මෙවලම් රැසක් සවි කළ මේ නිවස මහල් දෙකකින් යුක්තයි.

මෙම නිවස තුළ ආලෝකය, ශබ්දය හා තාපය පාලනය කරන්නේ අයි පෑඞ් එකක් මගින්. ඒ අයි පැඞ් එක තැන්පත් කරන්නත් වෙන ම සුවිශේෂ කුටියක් තියෙනවා. එහි සිට අධි තාක්ෂණික මෙවලම් මෙහෙයවන්නත් පුළුවන්.

හිරු බැස ගෙන යත් ම ඉබේම ජනෙල් තිර වැටෙනවා. අඳුරු වැටෙන බව දැන ගැනීමට පිටත සංවේදක සවි කරල තියෙනවා. ඒ වගේ ම ඔබ චිත‍්‍රපටයක් බලන්න සිතා තේරීමක් කළොත් ගේ ඇතුළත ඇති සිනමා ශාලාව සකි‍්‍රය වී ඊට සුදුසු මට්ටමට කාමරය අඳුරු වීමත් ඉබේට ම සිදුවෙනවා.

මෙහි ඇති ආරක්ෂාව නම් උපරිමයි. මෙහි ඇති පරිගණක පද්ධතිය ඔබේ හැසිරීම් රටාව නිරීක්ෂණය කර ඒ අනුව ගෙදර ජනෙල් ආදියෙහි තිර අරින වහන වේලාවන් ආලෝකමත් කිරීම් ඔබ නැති විටත් ඒ අයුරින් ම කරමින් ඔබ බැහැර ගිය බව සොර සතුරන්ට නොදැනෙන්නට කටයුතු කරාවි.

මේ නිවසේ කුස්සියෙහි තමා ලෝකයේ ප‍්‍රථම ‘අයි-කොෆි මැෂිම’ (i-coffee machine) සවි කර ඇත්තේ. එයට පුළුවන් තත්පර 45ක් ඇතුළත උණු උණු කෝපි එකක් ඔබට ලබා දෙන්න, ඔබ පි‍්‍රය කරන රසයට ඒ අයුරින්ම. මේ කෝපි තනන යන්ත‍්‍රය මුලින් සැලසුම් කළේ සුපිරි යොට් යාත‍්‍රාවලට සවි කරන්නයි.

ඔබේ අයි පෑඩය කි‍්‍රයාත්මක කර ලබා හැකි තවත් දේ මෙහි තියෙනවා. මෙහි ශීතල කොටසෙන් සිසිල් බීම ආදී වෙනත් බීම වර්ගත් ඒ මගින් ලබා ගත හැකියි. ඒ කොටසේ ඔබට දැක ගත්තේ ඒවා ලබා ගත හැකි කෙමිය පමණයි.

බොත්තමත් තද කරන පමාවකින් ඔබට තේ, උණු චොකලට්, අලූත් ම දොඩම් යුෂ, ශීතල කළ ජලය විතරක් නොවෙයි, කෑම පිසීමට අවශ්‍ය උතුරන වතුරත් ලබා ගන්න පුළුවන්.

මේ කෝන්ෆ්ලෙක් නිවාසයේ කුස්සිය තරම් නවීන තාක්ෂණය යොදා ගත් කුස්සියක් තවත් නැහැ. මෙහි ඇත්තේ ඞී ඩයට්රිජ් පියානෝ හබ් (De Dietrich’s piano hob) නම් පේ‍්‍රරණ ගිනි තැටියක්. සාම්ප‍්‍රදායික ලිප් වෙනුවට මෙය කුස්සියේ කෑම පිසින මේසයට සවි කෙරනවා. ඒ මත ඕනෑම තැනක තබා ඕනෑ දෙයක් පිස ගන්න පුළුවන්.

අමතක වීමකින් බඳුනක් රත්වී ඒ තුළ වූ වතුර වාෂ්ප වී සිදු වෙන හදිය වසර ගණනාවක් තිස්සේ ඔබට වද දුන් ප‍්‍රශ්නයක් වුනත් නව ගිනි තැටිය එහෙම දෙයක් වෙන්න කලින් නිවෙනවා. ඒ විතරක් නොවෙයි කෑම පිසී ඉවර වුණාම ඒ බව දන්වා ඔබ ඇති අයි පෑඞ් එකට පණිවිඩයක් එවන්නත් එයට පුළුවන්.

මෙහි උදුනෙහි විශේෂත්වය එයට ස්වයං පිසීමත්, ස්වයං පිරිසිදු කිරීමත් කළ හැකි වීමයි. කෑම පිස අවසන් වුණාම ඒ බව ඔබට දන්වන ගමන් ලිප නිවා දැමීම එයට තනිවම කළ හැකියි.

මේ මත ඇති මතුපිට ග්රැනයිට්වල පෙනුම දුන්නත් නිමවා ඇත්තේ ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකි කඩදාසි විශේෂයකින්. එහි වර්ග අඩියක් පවුම් 250ක් විතර වෙනවා.

මෙහි බිම් මහලේ ජනේල නැහැ. එහි ඇති බිත්තියට කවා ඇති ‘එල්ඊඞී ග්රෝ ලයිට්’ ධාරා මගින් පැළෑටිවලට ජීවත් වීමට අවශ්‍ය ආලෝකය සපයනවා. ඔබ ගෙදර නැති විටෙක ඉන්න තැනක සිට ටෙලිෆෝනයෙන් ඒවාට වතුර දමන්නත් ඔබට පුළුවන්.

මෙහි නිර්මාතෘ එම ආයතනයේ අධ්‍යක්ෂ ගැරී ලූවිස් (Gary Lewis) කියන්නේ මේ සඳහා ආකර්ෂණය කර ගත හැකි අය අතර රුසියානු හා චීන ධනකුවේරයන් ද ඉන්නා බවයි.

 
මේ ඒ කෝන්ෆ්ලේක් නිවසෙහි ආලින්දයේ කොටසක්. බීම හලක් ලෙස සකසා ඇති මෙහිදිත් බොත්තමක් තද කළ විට බිත්තියෙන් රූපවාහිනී තිරයක් මතුකර ගත හැකියි. මෙය මෙහෙයවන්නේ අයි පෑඞ්

 
කෝන්ෆ්ලේක් නිවසෙහි ආලින්දයේ කොටසක වූ මේ බීම හලෙහි මේ අධි තාක්ෂණික මේසය මත ‘ෆ්ලැට් ෆ්‍රොග්’ තිරයක් තියෙනවා. මෙහි වාඩි වන අයට මේ පරිගණක තිරය එක විට පාවිච්චි කළ හැකියි. මෙහි කරන දේ බිත්තියේ ඇති තිරයේ දැක ගත හැකියි.

 
මේ අධි තාක්ෂණික මේසයේ ඇති ‘ෆ්ලැට් ෆ්‍රොග්’ තිරය ඔස්සේ ඒ මත තබන බීම වීදුරුවේ අඩියේ ඇති චිපය මගින් එහි ඇති බීම අඩු වෙන බව දන්වා අදාළ සේවකයාට එය නැවත පිරවීමට පණිවිඩයක් ඉබේම යැවෙනවා.

 
මේ නිවසේ කුස්සියෙහි තමා ලෝකයේ ප‍්‍රථම ‘අයි-කොෆි මැෂිම’ (i-coffee machine) සවි කර ඇත්තේ. එයට පුළුවන් තත්පර 45ක් ඇතුළත උණු උණු කෝපි එකක් ඔබට ලබා දෙන්න, ඔබ පි‍්‍රය කරන රසයට ඒ අයුරින්ම.

 
මේ කෝන්ෆ්ලේක් අනාගත නිවසෙහි සියලූ කටයුතු පාලනය කෙරෙන්නේ ‘අයි පෑඞ්’ මගින්.

 
මෙහි බිම් මහලේ ජනේල නැහැ. එහි ඇති බිත්තියට කවා ඇති ‘එල්ඊඞී ග්රෝ ලයිට්’ ආලෝක ධාරා මගින් පැළෑටිවලට ජීවත් වීමට අවශ්‍ය ආලෝකය සපයනවා. ඔබ ගෙදර නැති විට ඉන්න තැනක සිට ටෙලිෆෝනයෙන් ඒවාට වතුර දමන්නත් ඔබට පුළුවන්.

 
මේ කෝන්ෆ්ලේක්හී නිර්මාතෘ ගැරී ලූවිස් (Gary Lewis) අයි පෑඞ් එකකින් මීටර් හතරේ තිරය සහිත රූපවාහිනිය හසුරුවන අයුරු. මේ නිවසෙහි තැනින් තැන බිත්තිය තුළින් ඔබට රූපවාහිනී තිර මතුකර ගන්න පුළුවන්.

 
මේ එහි අයි පෑඞ් හෝ අයි ෆෝන් රඳවනයයි. තාක්ෂණය අලූත් වෙන විගස ම මේ කෝන්ෆ්ලේක් ආදර්ශ නිවසේ ඒවා සවි කෙරෙනවා. ගැනුම්කරුවන්ට ලෝකයේ නවතම අධි තාක්ෂණික මෙවලම් කි‍්‍රයා කරවන හැටි මෙහි දී දැක ගන්න පුළුවන්, තමන්ගේ නිවස සවි කර ගන්නට පෙර.

 
කෝන්ෆ්ලේක් ආයතනයේ අධ්‍යක්ෂ ගැරී ලූවිස් එහි සිනමා කාමරයේ චුම්බක බිත්ති ඇතුරුමක් අලවා පෙන්වන අයුරු. මේ ආකාරයට ඇතුරුම් වෙනස් කර ඇතුළත විලාසය තමා කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්. මේ බිත්ති ඇතුරුම් වර්ග මීටරයක් පවුම් 99ක් පමණයි.

 
මේ කෝන්ෆ්ලේක් නිවාසයේ කුස්සියට අධි තාක්ෂණික උදුනක් යොදා ගෙන තියෙන්නේ. මෙහි සවි කර ඇත්තේ ඞී ඩයට්රිජ් පියානෝ හබ් (De Dietrich’s piano hob) නම් පේ‍්‍රරණ ගිනි තැටියක්. එහි කිසි විටෙක බඳුනක් රොස් වෙන්නේ නෑ. ඉබේම සියල්ල පාලනය කර ගන්න එයට පුළුවන්.

 
මේ කොන්ෆ්ලේක් නිවාසයේ අමුත්තන් පිළිගන්නා කොටස. මේ මුළු නිවසෙහි ආරක්ෂාව සඳහා ‘හෝලෝග්රෑම්‘ ආරක්ෂකයෙක් සුනඛයකු සමග නිරන්තරයෙන්ම මුර සංචාරයෙහි යෙදෙනු දකින්න පුළුවන්.

 
මෙහි සාලයේ ඇති උණුසුම් උදුනට ඉන්ධන දැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහි දැවෙන්නේ එතනෝල්. පසුබිමේ ඇති ජනේලවලට යොදා ඇත්තේ ‘ඇම්බෙක්ස් ලයිටිං’ ආලෝක ක‍්‍රමයයි. මෙහි ඇති එල්ඊඞී ආලෝකය වෙනස් වෙනවා සිනමාවේ ශබ්ද හා රූප අනුව.

 
මේ ගැරී ලූවිස් පරීක්ෂා කරන්නේ කෝන්ෆ්ලේක් නිවසේ පාලක කුටියේ ඇති අධි තාක්ෂණික උපකරණයි. මෙහි ඇති පරිගණක පද්ධතිය නිවසේ සියල්ල ඉටු කර දෙනවා. ඒ කටයුතු සියල්ල අයි පෑඞ් මගින් නිවසේ ඕනෑම තැනක සිට පාලනය කළ හැකියි.

 http://www.malkakulu.com/

වසර 100කට මෙහා සිදු විය හැකි විස්මිත දේ

‘තව වසර 30ක් විතර යන විට මිනිසාට හැකි වේවි සම්පූර්ණ මොළයම උත්පතනය (upload) කරන්න. ඒ වගේ ම මිනිසාට ඩිජිටල් ක‍්‍රමයට අමරණීය වෙන්නත් ඒ වන විට හැකි වේවි.’ මෙහෙම කියන්නේ ගූගල් ආයතනයේ විද්‍යාඥයෙක්.

ඔහු නමින් රේ කුර්ශ්වීල්. (Ray Kurzweil) ඔහු තමයි, ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ වරයා. රේ කියන විධියට අපේ සිරුරේ හැම කොටසක් වෙනුවට යාන්ති‍්‍රකව තනන කොටස් අනාගතයේදී එක් කළ හැකි වේවි. හැබැයි ඒ හීනය හැබෑ කර ගන්න නම් තවත් අවුරුදු 90ක් විතර යාවි.

රේ කුර්ශ්වීල් මේ අනාවැකි පළ කළේ පසුගිය දා ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති අන්තර්ජාතික සම්මන්ත‍්‍රණයකදීයි. ඒ සම්මන්ත‍්‍රණය හඳුන්වා තිබුණේ අනාගතය ලෝකය 2045 අන්තර්ජාතික සමුළුව (Global Futures 2045 International Congress) කියායි.

 
ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ රේ කුර්ශ්වීල් කියන්නේ 2045 වන විට මිනිස් මොළය මුළුමනින් ම පරිගණකයකට ඇතුළත් කළ හැකි බවයි. එය හැඳින්වෙන්නේ තාක්ෂණිකව අපූර්වතාව(singularity)කට පත්වීමක් ලෙසයි. මේ බව ඔහු පළමුවරට හෙළි කළේ නිව්යෝක් නුවර පැවති අනාගත දැක්මක් ලෙස හැඳින්වූ සම්මන්ත‍්‍රණයකදියි.

අපූර්වතාව (SINGULARITY) යනු කුමක් ද?

තාක්ෂණිකව අපූර්වතාව කියා හැඳින්වෙන්නේ තාක්ෂණය යොදා ගෙන ‘සුපිරි බුද්ධියක්’ නිර්මාණය කිරීමක්.

මේ අපූර්වතාව යන්න දක්වන ඉංගී‍්‍රසි යෙදුම වූ සින්ගියුලරිටි’ (singularity) යන්න තාක්ෂණික මොළය සඳහා මුලින් ම යොදා ගත්තේ ජෝන් වොන් නියුමාන් යන ගණිතඥයායි. ඒ පනහේ දශකයේ මැද භාගයේදියි.
ඔහු එදා ඒ ගැන කීවේ මෙහෙමයි: ‘මානවයාගේ ජීවිතයේ ස්වරූපය තුළ සිදු වෙමින් යන වෙනස් වීම් හා තාක්ෂණික විද්‍යාවේ ප‍්‍රගතිය අනුව වර්තමානයේ අප දන්නා මානව කටයුතුවලට ඔබ්බෙන් ඇති තරගකාරී ස්වභාවය කෙතරම් ද යත් එහි කෙළවර තවදුරටත් ඉදිරියට යා නොහැකි ඒකලත්වයකට හෝ අපූර්වතාවකට පත් වෙන බව පෙනේ.’

මේ අදහස අනුව යෙදු අපූර්වතාව යන වදන ‘පරිගණක මොළයේ උපරිම බුද්ධිමය ස්වභාවය’ හැඳින්වීමට විද්‍යා ප‍්‍රබන්ධ කරුවකු වූ වර්නර් වින්ජ් (Vernor Vinge) සිය ප‍්‍රබන්ධ කතාවකින් උත්සාහ කළා.

මේ ආකාරයෙන් භාෂාවට එකතු වූ ‘සින්ගියුලරිටි’ (අපූර්වතාව) යන වදන නිව්මාන්ගේ ‘පරිගණකය හා මොළය’ යන කෘතියට ලියූ පෙරවදනෙහි තිබිලයි රේ කුර්ශ්වීල් මේ වදන ඔහුගේ දෙසුමේ දී උපුටා දක්වන්නේ.
වින්ජ්ගේ විද්‍යා ප‍්‍රබන්ධයේ දක්වා ඇත්තේ පරිගණකය උපරිම බුද්ධිය ළඟා කර ගන්නේ 2030 දීයි කියායි. එහෙත් රේ කුර්ශ්වීල් කියන්නේ එය සිදුවන්නේ 2045 දී පමණ වන බවයි.

2045 වන විට අනාගත ලෝකය කෙබඳු වේදැයි හෙළිදරවු කිරීම සඳහා වූ මේ සම්මන්ත‍්‍රණය පැවැත් වූයේ රුසියානු කෝටිපතියකු වූ දිමිති‍්‍ර ඉට්ස්කොව් (Dmitry Itskov) විසිනුයි.

‘දැනට පරිගණකය දියුණු කර ගෙන යන වේගය අනුව මිනිස් මොළයකට සමාන තත්වයකට එය පත් කරන්න නම් බිලියන ගුණයක් වැඩි දියුණු කරන්න ඕනෑ. ඒ අවස්ථාවේදී මිනිස් මොළයක ඇති සියලූ දෑ ගබඩා කර ගන්න හැකියාවක් පරිගණකයට ලැබෙනවා.’ යැයි රේ කුර්ශ්වීල් එහි දී කීවා. ඔහු මෙසේ සඳහන් කළේ වසර දෙකකට වරක් පරිගණකයේ බලය දෙගුණ වීමේ ප‍්‍රවණතාවක් ඇතැයි දැක්වෙන මූවර්ගේ න්‍යාය උපුටා දක්වමිනුයි. දැනට සිදු වන ජාන පර්යේෂණවල ප‍්‍රගතිය හා ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයේ වර්ධනය සැලකිල්ලට ගෙන අනාගතයේ මෙසේ විය හැකි යැයි රේ කුර්ශ්වීල් පෙන්වා දෙනවා.

අනාගතයේ ඇති විය හැකි මේ වෙනස්කම් පිළිබඳව රේ කුර්ශ්වීල් පොත් දෙකක් ලියා තියෙනවා. එවා නම් ‘අපූර්වතාව ළඟ එයි’ යන අරුත් ඇතිව ‘ද සින්ගියුලරිටි ඉස් නියර්’ (The Singularity Is Near) හා ‘විස්මිත දිගු ගමන’ යන අරුත් දෙන ‘ෆැන්ටෑස්ටික් වොයේජ්’(Fantastic Voyage) යන කෘතීන් දෙකයි. රේ කුර්ශ්වීල්ට මේ සමුළුවට දේශනයක් සඳහා ආරාධනය කළේ ඒ පොත් දෙක නිසයි.

රේ කුර්ශ්වීල් ඔහුගේ ‘ද සින්ගියුලරිටි ඉස් නියර්’ කෘතියේ ‘අපූර්වතාව’ උදා වන තෙක් අනාගතයේ විය හැකි වර්ධනය වගු සටහනක් ලෙස දක්වා තියෙනවා.

මෙහිදී පරිගණකය ‘අපූර්වතාව’ට පත් වෙනවා යන්නෙන් ඩිජිටල් අමරණීයත්වයත් දැක්වෙනවා. ඒ අවස්ථාවේ දී අපට යමකුගේ බුද්ධිය ඩිජිටල් ක‍්‍රමයට ගබඩා කර සදහටම තබා ගන්න පුළුවන් වෙනවා, ඒ පුද්ගලයාගේ මරණයෙන් පසුවත්.

මෑතදී මොළය පිළිබඳ සොයා ගත් දේ ඒ සඳහා වැඩි දියුණු කර ගත් දේ මෙන්ම ජෛව කී‍්‍රයාකාරිත්වයන් වෙනුවට තාක්ෂණය යොදා ගෙන කරන ආදේශකයන් සාර්ථක වීම නිසා අනාගතයේදී ස්නායු ඉංජිනේරු විද්‍යාව අතින් මෙහි සාර්ථකත්වයක් ලැබිය හැකි වෙතැයි ඔහු විශ්වාසය පළ කරනවා.

මේ අතින් තාක්ෂණය අතින් ලබා ඇති ජයග‍්‍රහණ ගණනාවක් ගැන ‘ලයිව් සයන්ස්’ (LiveScience) වෙබ් අඩවියේ දක්වා තියෙනවා. කර්ණසංඛ බද්ධය එවැනි එකක්. එම බද්ධ කිරීම කර ඇත්තේ මොළයේ කර්ණසංඛ ස්නායුවටයි. එය ඉලෙක්ට්‍රොනිකව ඒ සනායුව උත්තේජනය කිරීම මගින් බිහිරි අයකුට නැවත ඇසීම ලබා දිය හැකියි.

අනෙක් නිදසුන් අතර ස්නායු පද්ධතියට හානි පැමිණි විට තාක්ෂණ විද්‍යාත්මකව චාලක ශක්තිය ලබා දීම ප‍්‍රධාන තැනක් ගන්නවා.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති අනාගතය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ දී විශේෂ දේශනයක් පැවැත් වූ ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ රේ කුර්ශ්වීල් කීවේ ඉදිරි අනාගතයේ දී ජෛව කොටස් හැම එකකටම ජෛව නොවන කොටස් සවි කළ හැකිවන බවයි.

මේ වසරේ මුලදී කෝනෙල් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය යොදා ගෙන කාටිලේජ ෙසෙල යොදා ගෙන බද්ධ කළ හැකි කනක් සාර්ථකව නිර්මාණය කළ බව ‘මල් කැකුළු’ තුළින් පවා කීවා ඔබට මතක ඇති.

ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයෙන් ප්ලාස්ටික් අච්චුවක් නිර්මාණය කළ එයට පර්යේෂකයන් ඊළඟට කළේ ඒ කොලැජන් අච්චුවට අධි සාන්ද්‍රණයෙන් යුත් කොලැජන් ජෙල් පුරවා ඊට කාටිලේජ ෙසෙල එක් කිරීමයි. බද්ධ කිරීම සඳහා නව කන නිර්මාණය එහෙමයි.

මේ අන්තර්ජාතික සමුළුවේ දී කතා කළ යුනයිටඞ් තෙරපියුටික්ස් නම් ජෛව තාක්ෂණික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිනී මාටිනේ රොත්බ්ලැට් අනාගතයේ බිහි විය හැකි ‘මනස්ක්ලෝන’ (mindclones) ගැන සඳහන් කළා. ඒ මිනිස් මොළයේම ඩිජිටල් අනුරූ සැකසීමයි. ඒවා නොනැසී සාදාකල් පවත්වා ගෙන යා හැකියි. ඒ වාගේම ‘මනස්ගොනු’ (mindfiles) මගින් අපේ පෞද්ගලිකත්වයත් ගබඩා කර තබා ගත හැකියි.

රොත්බ්ලැට් තවදුරටත් කීවේ ඇගේ ආයතනය මනස් උපාංග (mindware) තැනීම පිළිබඳ පර්යේෂණ අරඹා ඇති බවයි, ඒ අනුව නුදුරු අනාගතයේ ම ජෛවී නොවන සිරුරු කොටස් තැනී ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ සංකල්පය රේ කුර්ශ්වීල්ගේ ‘ෆැන්ටෑස්ටික් වොයේජ්’ නම් කෘතියේත් සාකච්ඡා කෙරෙනවා. අමරණීයත්වයට පත් වීම හා ඒ සඳහා මිනිස් සිරුර වර්ධනය වන ආකාරය ගැන ඔහුගේ අදහස් කියනවා.

 
රේ කුර්ශ්වීල්ගේ ‘ද සින්ගියුලරිටි ඉස් නියර්’ කෘතියේ ඔහු පරිගණක විද්‍යා නියමයක් වූ මුවර්ගේ නියමය ගැන සඳහන් කරනවා. ගණනය කිරීමේ හැකියාව සාමාන්‍යයෙන් වසරකට වරක් දෙගුණ වන බවයි, ඒ නියමයෙන් කියවෙන්නේ. ඒ අනුව ‘අපූර්වතාව’ නම් පරිගණකයේ උපරිම තැනට ළං වීමට හැකි වන්නේ 2045දියි.

කුර්ශ්වීල් කියන්නේ, ‘අපි දැන් සිරුරේ වැදගත් කොටස් විශාල ප‍්‍රමාණයක් ජෛවී නොවන ඒවා යොදන තත්වයට පත් වෙලා. ඒ අනුව ළඟදීම ජෛවී කොටස්වල වැදගත් කම අඩු වේවි. ජෛවී නොවන කොටස් කෙතරම් බලවත් වේවි කීවොත් ඒවා ජෛවී කොටස් පාලන කරන තැනට පත් වේවි. ඒ වගේ ම ඒවා නැති වුනත් අපට එතරම් වෙනසක් නොදැනේවි.’ කියායි.

‘අවසානයේ දී අපට ජෛවී නොවන සිරුරු ඇති වේවි. නැනෝ (නිනිති) තාක්ෂණය යොදා ගෙන අපේ සිරුරු ගොඩ නැඟිය හැකි වේවි. ඒවා අභාසී සිරුරු (virtual bodies) ලෙසයි හැඳින්වෙන්නේ. ඒවා සැබෑ සිරුරුවල බොහෝ සේ සමාන වේවි.

‘අපට සිරුරක් අවශ්‍ය වන්නේ අපේ බුද්ධිය ඒ හරහා මෙහෙයවීමටයි. මේ අකාරයට අභාසී යථාර්ථය අනුව අපේ ජෛවී සිරුරේ, එනම්, මුල් සිරුරේ අඩ පණ වන කොටස් අලූත් කළ හැකි වූ විට සිරුර සම්පූර්ණයෙන් වෙනස් වීමට ඉඩ ඇති නිසයි, වෙනස් සිරුරක දෙවැනි ජීවිතයක් ගත කිරීමට අනාගතයේ දී හැකියාව ලැබේවි යැයි අප පවසන්නේ.’ ඔහු වැඩිදුරටත් කියනවා.

 http://www.malkakulu.com

මේ සියවසේ විශිෂ්ටතම සංගීත භාණ්ඩය මෙන්න! ඕනෑම සංගීත භාණ්ඩයක හඬක් නැංවිය හැකියි!

තනි වාදකයකුට වාදනය කළ හැකි අලූත් ම වාදක භාණ්ඩ කට්ටලයක් සහිත අලූත් ම වාදක සංගීත භාණ්ඩයක් දැන් තනා තියෙනවා. විසි එක්වන සියවසේ විශිෂ්ටතම සංගීත භාණ්ඩය ලෙස එය සැලකිය හැකියි. ගිටාරක සිට වයලීනය තෙක් ඕනැම තත් භාණ්ඩයක් මෙමගින් වාදනය කළ හැකියි. පියානෝවක් හෝ ඞ්රම්ස් කට්ටලයක් ලෙසත් වාදනය තරන්න පුළුවන්.

මෙය තනා ඇත්තේ නෑෂ්විල්හී සංගීතඥයෙක්. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්. විවිධ සංගීත භාණ්ඩ රැසක ශබ්ද ඇතුළත් මේ අමුතුම සංගීත භාණ්ඩය හැඳින්වෙන්නේ ‘ඉන්ස්ට්රුමන්ට් වන්’ හෙවත් ආර්ටිෆෝන් (Artiphon) කියලයි.

මෙයට සංගීත භාණ්ඩ ගණනාවක හැකියාව තිබුණත් එතරම් බර නැහැ. ගිටාර් එකක් වාගෙ උරහිසෙහි එල්ලා ගෙන හෝ උකුලේ තියා ගෙන වාදනය කළ හැකියි. වාදක භාණ්ඩය අනුව සුදුසු ඉරියව්ව ඔබට පහසු විධියට යොදා ගත්තෑකි.


 
ගිටාරයේ හෝ වයලීනයේ සැබෑ තත් නැතුවාට මෙහි ආභාසී තත් (virtual cords) තියෙනවා. ඒවා මත ඇඟිලි තුඩු ගෙන යන විට අවශ්‍ය වාදනය ඇහෙනවා.

මෙහි ඇතුළත ඇම්ලිෆයරයක් තියෙනවා. කටහඬ මයික්‍රෝෆෝනයක් මගින් පටි ගත කර ගන්න පුළුවන්. මෙහි ශබ්ද පාලන මුළුමනින් ම අයි ෆෝනයක් යොදා ගෙන කළ හැකියි.

බොත්තමක් තද කිරීමෙන් භාණ්ඩයේ හඬ මාරු කළ හැකියි. මෙය ඇපල් ආයතනයේ මෙවලම් සමග වැඩ කරන ලෙස සකසා ඇතත් මිඩි (MIDI) උපාංගයක් සවි කිරීමෙන් වෙනත් ඒවාටත් භාවිත කළ හැකියි.

අළෙවියට තබන්නේ ගිටාර, බාස්, වයලීන, බැන්ජෝ ආදිය සහිත තමන් කැමති ඕනෑම සංගීත භාණ්ඩයක හඬ ඇනවුම් කර ලබා ගන්න පුළුවන්.

වාදකයාට තියෙන්නේ අවශ්‍ය හඬ සකි‍්‍රය කර, එය වයලීනයක් නම් නිකට යටින් තියාගෙන වාදනය කිරීමයි. බෙරයක් හෝ පියානෝවක් වගේ වාදනය කරනවා නම් උකුල මත තියාගෙන එය කළ හැකියි.

මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇැමරිකාවේ ටෙනසි ජනපදයේ නාෂ්විල්හී බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා කථිකාචාර්ය වරයකු වූ මයික් බුතේරා (Mike Butera) ටයි. ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා ධ්වනි විද්‍යාවට හා සංගීතයට.

මේ වසර අගදී එකක් ඩොලර් අසූ දහසක් පමණ මිලකට මෙය අළෙවියට තබන බව සඳහන් වෙනවා.

ඔබට තවත් විස්තර අවශ්‍ය නම් ආටිෆෝන් (artiphon.com) වෙතින් ලබා ගත්තෑකි.

ගිටාරයේ හෝ වයලීනයේ සැබෑ තත් නැතුවාට මෙහි ආභාසී තත් (virtual cords) තියෙනවා. ඒවා මත ඇඟිලි තුඩු ගෙන යන විට අවශ්‍ය වාදනය ඇහෙනවා.

මෙහි ඇතුළත ඇම්ලිෆයරයක් තියෙනවා. කටහඬ මයික්‍රෝෆෝනයක් මගින් පටි ගත කර ගන්න පුළුවන්. මෙහි ශබ්ද පාලන මුළුමනින් ම අයි ෆෝනයක් යොදා ගෙන කළ හැකියි.

බොත්තමක් තද කිරීමෙන් භාණ්ඩයේ හඬ මාරු කළ හැකියි. මෙය ඇපල් ආයතනයේ මෙවලම් සමග වැඩ කරන ලෙස සකසා ඇතත් මිඩි (MIDI) උපාංගයක් සවි කිරීමෙන් වෙනත් ඒවාටත් භාවිත කළ හැකියි.

අළෙවියට තබන්නේ ගිටාර, බාස්, වයලීන, බැන්ජෝ ආදිය සහිත තමන් කැමති ඕනෑම සංගීත භාණ්ඩයක හඬ ඇනවුම් කර ලබා ගන්න පුළුවන්.

වාදකයාට තියෙන්නේ අවශ්‍ය හඬ සකි‍්‍රය කර, එය වයලීනයක් නම් නිකට යටින් තියාගෙන වාදනය කිරීමයි. බෙරයක් හෝ පියානෝවක් වගේ වාදනය කරනවා නම් උකුල මත තියාගෙන එය කළ හැකියි.

මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇැමරිකාවේ ටෙනසි ජනපදයේ නාෂ්විල්හී බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා කථිකාචාර්ය වරයකු වූ මයික් බුතේරා (Mike Butera) ටයි. ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා ධ්වනි විද්‍යාවට හා සංගීතයට.

මේ වසර අගදී එකක් ඩොලර් අසූ දහසක් පමණ මිලකට මෙය අළෙවියට තබන බව සඳහන් වෙනවා.

ඔබට තවත් විස්තර අවශ්‍ය නම් ආටිෆෝන් (artiphon.com) වෙතින් ලබා ගත්තෑකි.
  

 
‘ඉන්ස්ට්රුමන්ට් වන්’ හෙවත් ආර්ටිෆෝන් (Artiphon) කියල හැඳින්වෙන මේ අපූරු සංගීත භාණ්ඩයට ගිටාරයක, බැන්ජෝවක, පියානෝවක, නව යතුරු පුවරු සහිත සංගීත භාණ්ඩයක හඬ නංවන්න පුළුවන්. බොත්තමක් තද කිරීමෙන් භාණ්ඩය සැණෙන් මාරු කළ හැකියි. එය පාලනය කරන්න අයිෆෝනයක් හෝ අයිපොඞ් ටච් එකකින් පුළුවන්.


 
‘ඉන්ස්ට්රුමන්ට් වන්’ හෙවත් ආර්ටිෆෝන් සංගීත භාණ්ඩය පාලනය කරන්න මේ විදියට අයිෆෝනයක් සවි කර ගත්තාම පුළුවන්.


 
ආර්ටිෆෝන් සංගීත භාණ්ඩය තුළ හඬ නිකුත් වීමට ස්පීකර් තියෙනවා.


 
ආර්ටිෆෝන් සංගීත භාණ්ඩය තුළ ස්පීකර් විතරක් නෙවෙයි, තමන්ට විතරක් ඇහෙන්න ඕනැනම් හෙඞ්ෆෝන් ජැක් එකක් තියෙනවා. අළෙවියට තබන්නේ ගිටාර, බාස්, වයලීන, බැන්ජෝ ආදිය සහිත තමන් කැමති ඕනෑම සංගීත භාණ්ඩයක හඬ ඇනවුම් කර ලබා ගන්න පුළුවන්.

 http://www.malkakulu.com/

ඔබේ ජනෙල් රෙද්දට ආයුබෝවන් කියන්න කාලයක් ළඟ එනවා!


දුර සිට බොත්තමක් එබීමෙන් ජනේලයේ වීදුරුව අඳුරු කර ගන්න එවිට ඔබට ම පුළුවන්. ඇඳෙන් නැඟිටලා ගිහින් ජනෙල් තිරය වහන්න තවදුරටත් වද වෙන්න ඕනෙ නැහැ.

විද්‍යාඥයන් මේ සඳහා නව තාක්ෂණයෙන් පිළියමක් යොදා තියෙනවා. මේ ක‍්‍රමයෙන් ඔබේ කැමත්තට අනුව ජනේලය ආවරණය කර ගන්න පහසුවෙන් ම පුළුවන්.



ඇමරිකාවේ කැලිෆෝනියනු සමාගමක් තමා මේ නව නිපැයුම ඉදිරිපත් කරල තියෙන්නෙ. ‘වයි ෆයි’ ක‍්‍රමයට දුරස්ථව පාලනය කළ හැකි මේ ජනෙල් ආවරණය හඳුන්වා ඇත්තේ ‘සොන්ටේ’ (SONTE) කියලයි.

මෙය එක්තරා ආකාරයක ප්ලාස්ටික් පටලයක්. ගනකම මිලි මීටර භාගයකටත් අඩුයි. මීටරයක් දිග මීටරයක් පළල ප‍්‍රමාණයෙන් තමයි, මෙය වෙළඳ පොළට නිකුත් කරන්න ඒ නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වෙන්නෙ.

මෙය ඔබට ඔබේ වීදුරු ජනේල හා දොරවලට විතරක් නොවෙයි, ඔබේ නාන කාමරයේ ආවරණයක් ලෙසත් යොදා ගන්න පුළුවන්.

මේ ප්ලාස්ටික් පටලය ඔබේ වීදුරු ජනේල හා දොරවල ඇලෙව්වාට පසු ඒවා ඔබට අවශ්‍ය ප‍්‍රමාණයට අඳුරු කර ගන්න පුළුවන්. වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඔබට ඔබේ ස්මාට් ෆෝන් එකෙන් වුනත් එය පාලනය කරන්න පුළුවන්.

මේ පටලයට බලශක්තිය ඉතිරි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ම ‘යූවී’ හෙවත් පාරජම්බුල කිරණවලින් වන හානිය වළක්වන්නත් එයට පුළුවන්. ඔබේ නිවසට ඇතුළු වන තාප ප‍්‍රමාණය අඩු වැඩි වශයෙන් පාලනය කරන්නත් මෙයට පුළුවන්කම තියෙනවා.


 
‘සොන්ටේ’ ප්ලාස්ටික් පටලය ගණකමින් මිලිමීටර බාගයකටත් අඩුයි. අලවන පටියක් යොදා ගෙන ඕනෑම වීදුරු මතුපිටක අලවන්න පුළුවන්. විදුලියට සම්බන්ධ කළ හැකි ‘ක්ලිප්’ එකක් ඔබට මේ ප්ලාස්ටික් පටලය සමග ලැබෙනවා. එය නිවසේ විදුලියට සම්බන්ධ කළ විට ඔබට ‘ජනේලයේ හාස්කම’ කරන්න පුළුවන්. (ඉහළ ඡායාරූපය) විදුලිය ඇති විට ජනේලයෙන් ආලෝකය ගෙට එනවා. (පහළ ඡායාරූපය) විදුලි විසන්ධි කළ විට ජනේල වීදුරුව අඳුරු වෙනවා.

සොන්ටේ පටලය කි‍්‍රයා කරන්නේ මෙහෙමයි.

මේ සොන්ටේ පටලයට යොදා ඇත්තේ වීදුරු සඳහා බිහි කළ නව තාක්ෂණයක්. එමගින් ආලෝකය පාලනය කළ හැකි කවුළු තනා ගත හැකියි.

මේ පටලයෙහි ඇත්ත වශයෙන් ම තුනී ප්ලාස්ටික් ස්තර දෙකක් අතර දියරයක් යොදා ඒ දියරය තුළ සිහින් කූරු වැනි අංශූන් ඇතුළත් කර තියෙනවා.

එයට විදුලිය නො යෙදූ විට දියරය තුළ පාවෙමින් ඇති අංශූන් සසම්භාවීව පිහිටමින් එහි වැටෙන ආලෝක ධාරා උරා ගන්නවා. එවිට වීදුරු පැනලය අඳුරු වී පාරාන්ධ තත්වයට පත් වෙනවා.

ඊළඟට විදුලිය ලබා දුන් පසු දියරය තුළ පාවෙමින් ඇති අංශූන් එකට සන්ධි වී ඒ තුළින් ආලෝකය ගලා යාමට සලස්වනවා.

මෙය අවශ්‍ය නම් අතින් කි‍්‍රයා කරවන්නත් ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරවීමට සලස්වන්නත් අවශ්‍ය ප‍්‍රමාණයට ආලෝකය හා තාපය ඇතුළට ඒම පාලනය කරන්නත් පුළුවන්.

කාමරය ඇතුළත රත් කිරීමට යන විදුලියට යන වියදම කපා හරින්නත් කාබන් විමෝචනය අඩු කරන්නත් මේ නව ක‍්‍රමයෙන් හැකියාව ලැබෙනවා.

මේ සඳහා විදුලිය වැය වන්නේ වර්ග මීටරයකට වොට් 5ක් පමණයි. ඒකත් වැය වන්නේ ඔබට කාමරයට එන ආලෝකය අඩු වැඩි කළ යුතු විට පමණයි.

මේ මගින් සිරුරට අහිතකර පාරජම්බුල කිරණ ඇතුළු වීම සියයට 70කින් කපා හරින්නත් පුළුවන්.

මේ නිෂ්පාදන සමාගම මේ දිනවල මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල් ‘කික්ස්ටාටර්’ (Kickstarter) වෙබ් අඩවිය මගින් එක් රැස් කරනවා. මේ මාසය ඇතුළත මේ සඳහා ඩොලර් ලක්ෂ දෙකක අරමුදලක් පිහිටු වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.


 
මේ ‘සොන්ටේ’ පටලය ඔබට අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගත හැකි වන අතර එයින් ජනේලයට යොදන ආවරණය ද ඔබේ අවශ්‍යතාව අනුව වෙනස් කර ගන්නත් පුළුවන්. එම පටලයට යොදා ඇති අංශු ඒ තුළින් යැවෙන විදුලිය ප‍්‍රමාණය අනුව වෙනස් වී ජනේලයේ ආවරණය ඔබට අවශ්‍ය ආකාරයට අඩු වැඩි කර සකසා ගත හැකියි. විදුලිය විසන්ධි කළ විට පටලයෙහි ඇති අංශු එහා මෙහා වී ඒ තුළින් පිටත ඇති ආලෝකය කාමරයට තුළට ගලා ඒම වළක්වනවා. (ඉහළ ඇති ඡායාරූප දෙක සසඳන්න)


 
මේ විශේෂ පටලය අවශ්‍ය ප‍්‍රමාණයට කපා වීදුරුව මතුපිට අලවා ගත හැකියි. අවශ්‍ය නම් මෙය වයි-ෆයි ක‍්‍රමය යොදා ගෙන ස්මාට් ෆෝන් උපාංගයක් මගින් පාලනය කරන්නත් පුළුවන්.


 
මේ ‘සොන්ටේ’ පටලය අවශ්‍ය ප‍්‍රමාණයට කපා ඕනෑම වීදුරුවක ඇල විය හැකියි. නාන කාමරවල ජනේලවලට, ඇතුළත නාන කුටිවලටත් යොදා ගන්න පුළුවන්. මෙහි හතරැස් මීටරයක් සමග සවි කිරීමේ කට්ටලයක් ද සැපයීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා.




 http://www.malkakulu.com/

රසායනාගාරයක් තුළ විස්මිත මල් ගොමුවක් මවයි!

ලෝකයේ ඇති සියලූම මල් එක වර පිපුණා වගෙයි පෙනෙන්නේ! ඇත්තෙන් ම මේ මල් උයන තියෙන්නේ ඇමරිකාවේ හවාඞ් විශ්ව විද්‍යාලයේයි. එහි රසායනාගාරයේ තමයි, මේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මල් ගොමුව මවා ඇත්තේ.

මේ මලක ප‍්‍රමාණය මැනිය හැක්කේ මයික්‍රෝනවලින්. ඒ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවකින්. ඒවා වරකට එක අංශුව බැගින් අර ගෙනයි, නිමා කර ඇත්තේ.

 
පර්යේෂකයන් විවිධ මල් වර්ග අනුකරණය කරන ආකාරයට විවිධ ආකෘතීන් නිර්මාණය කළා.

එය කළේ කෙසේ ද?

මේ මල් අකෘතීන් නිර්මාණය කිරීමට නූර්දීන් ප‍්‍රමුඛ පිරිස බේරියම් ක්ලෝරයිඞ් හෙවත් බේරියම් ලවණ හා සෝඩියම් සිලිකේට් (මේවා වෝටර්ග්ලාස් කියාත් හැඳින්වෙනවා.) ජලය සහිත බීකරයකට දමා දිය කළා.

එහි දී වාතයේ ඇති කාබන් ඩයොක්සයිඞ් ස්වාභාවිකව ම ජලයේ දිය වන නිසා එහි දී ඇති වන ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා බේරියම් කාබනේට් ස්ඵටික සෑදෙනවා.

එහි අතුරු ඵලයක් ලෙස ස්ඵටික වටා ඇති දියරයේ පීඑච් අගය වහාම පහත වැටෙනවා. එහි දිය වූ සෝඩියම් සිලිකේට් ප‍්‍රතිකි‍්‍රයා කරන්න පටන් ගන්නේ එයින් පසුවයි.

වැඩෙන ව්‍යුහයට දෙවන ප‍්‍රතිකි‍්‍රයාව නිසා සිලිකා ස්තරයක් එක් කෙරෙනවා. ඒ සඳහා දියරයේ ඇති ඇසිඞ් උපයෝගී කර ගන්නවා. එයින් ඉඩ ලැබෙනවා, බේරියම් කාබනේට් ස්ඵටිකවලට දිගට ම වැඩෙන්න.

මේ පර්යේෂකයන් පිරිස කියන්නේ, ඔවුන් මේ වගාව කළේ වීදුරු විනිවිදක මත බවයි. ඒ මත වැඩෙන ස්ඵටික තමන්ට අවශ්‍ය හැඩයන් හා නැමි ඇති වන ආකාරයට එහි කි‍්‍රයාවලිය පාලනය කරන්න ඔවුන් සමත් වුණා. සාමාන්‍යයෙන් ස්ඵටික සෑදීමේ දී ඇති වන ඝනක හා උල් හැඩයන් ඇති නොවන සේ ඒ කි‍්‍රයාවලිය පාලනය කරන්න ඔවුන්ට හැකි වුණා.

”කානේෂන් හා මෙරිගෝල්ඞ් මල් හැඩැති ඒවා වගා කළේ දියර යට ගිල්වා තිබූ විනිවිදකවලයි. ඒවා අංශුවෙන් අංශුව එක්කාසු කරන්නට අපට සිදු වුණා.” ඔවුන් කියනවා.

”වසර 200ක් වැනි කාලයක් තිස්සේ ම මේ ස්ඵටිකවල සංකීර්ණ හැඩයන් සොබාදහම තුළ ඇති වුණේ කෙසේද යන්න මිනිසාගේ කුතුහලයට හේතු වුණා.”

 
පර්යේෂක කණ්ඩායම වීදුරු විනිවිදකයක් මත හරිත සර්පිලයක් මත රතු කොරල් මලක් නිම කර තිබූ අයුරු.

"මේ කාර්යය උපකාර වුණා, පැහැදිලිව පෙන්වා දෙන්නට පාරිසරික රසායනික වෙනස්කම්වලින් කළ හැකි දේ කුමක්ද යන්න" මේ පර්යේෂණය පිළිබඳව නිබන්ධය ‘සයන්ස්’ ජර්නලයට ඉදිරිපත් කළ නූර්දින් කියනවා. ඔහු තමා ප‍්‍රධාන පර්යේෂකයා වුණේ හාවඞ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා ව්‍යවහාරික විද්‍යා අංශයේ අත්හදා බැලීම් කළ මේ පර්යේෂණ කණ්ඩායමේ.

බීකරයක ඇති දියරවල රසායනික අනුක‍්‍රමණයන් පාලනය කිරීමෙන් පමණක් මේ කණ්ඩායමට හැකි වුණා, විවිධ ‘මල්’ වර්ග වවන්න.

ස්ඵටිකවල හැඩය නිර්මාණය වීම රඳා පවතින්නේ දියර මිශ‍්‍රණය තුළ රසායනික සංයෝග විසිරී ඇති ආකාරය අනුවයි.

ස්ඵටික වර්ධනය වන්නේ කිසියම් රසායනික අනුක‍්‍රමණයන් මත වූ ප‍්‍රතිකි‍්‍රයාවල පීඑච් අගය අඩු වැඩි වෙන ආකාරයට අනුවයි.

පර්යේෂණ කණ්ඩායම කියන්නේ ප‍්‍රතිකි‍්‍රයා තත්වයන් අනුව ඒවායේ විවිධ හැඩතල, කඳ සිහින් වීම, පත‍්‍ර දික්වීම, පෙති පොකුර ඇති වීම ආදිය සිදු වෙන බවයි.

 
පර්යේෂකයන්ට හැකි වුණා, ස්ඵටික පාලනය කරන්න පත‍්‍ර හා කඳ හැඩයන් බිහි වෙන ආකාරයට.

"රසායනික අනුක‍්‍රමණයන්ගේ බලපෑම මත සොබාදහම තුළ මෙවැනි වර්ධනයක් සිදු වීම අසාමාන්‍ය දෙයක් නොවේ. නිදසුනක් වශයෙන් සියුම් ලෙස වැටුණු වක‍්‍ර ඇති මුහුදු බෙල්ලන්ගේ කටුව කැල්සියම් කාබනේට්වලින් සෑදෙන්නේ ජලය යටදී ඇති වන රසායනික අනුක‍්‍රමණයන්ගේ ප‍්‍රතිකි‍්‍රයාව නිසයි. මිනිස් කලලයට සිරුරේ හැඩය ඇති කර ගැනීමට උපකාර වන්නේ ද රසායනික අනුක‍්‍රමණවලින් ලැබෙන සංඥා නිසයි." පර්යේෂකයන් කියනවා.

"ඔබට පුළුවන්කම තියෙනවා, මෙහි ස්වයංකී‍්‍රයව සිදු වන ගොඩනැගීමට සහය වෙන්න." නූර්දින් කියනවා.

"අවක්ෂේපණය එක දිගට ම සිදු වෙනවා. ඒත් ඔබට වෙනසක් අවශ්‍ය නම් ප‍්‍රතිකි‍්‍රයාවේ තත්වයන් අතර මග දී වෙනස් කර ඒවා වැඩෙද්දී ම ඔබට අවශ්‍ය හැඩතල ලැබෙන ආකාරයට එය මෙහෙය විය හැකියි."

නිදසුනක් ලෙස කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ‘පළල් පත‍්‍ර’ හැඩයේ ව්‍යුහයන් නිර්මාණය කළ හැකියි.

නියමිත වෙලාවට පීඑච් අගයන් ප‍්‍රතිවර්තනය කිරීමෙන්, එනම් අනික් අතට හැරවීමෙන්, වක‍්‍ර හා රැුලි ඇති කර ගත හැකියි.

 
කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වැඩි කළ විට ‘පුළුල්-පත‍්‍ර’ සහිත ව්‍යුහයන් නිම විය හැකි වුණා.

 
නූර්දීන් හා ඔහුගේ පර්යේෂක කණ්ඩායම මේ ස්ඵටික වගා කර ඇත්තේ වීදුරු ස්ලයිඞ්ස් හා ලෝහ බ්ලේඞ් මතයි.

නූර්දින් හා ඔහුගේ සගයන් මේ ස්ඵටික වගා කළේ වීදුරු විනිවිදක හෝ ලෝහ ඵලක මතයි. ඒ විතරක් නෙවෙයි, ඇමරිකානු ශතයේ කාසියේ ඇති ජනාධිපති ලින්කන්ගේ අනුරුවෙහි අසුන ඉදිරියෙනුත් ඔවුන් මල් වගාවක් කළා.

"ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් තුළින බලන විට ඔබට දැනෙන්නේ සාගරයේ කොරල් පර හා ස්පන්ජි අතරින් කිමිදෙනවා වගෙයි." නූර්දීන් ඒ අත්දැකීම විස්තර කරනවා.

"ඒ ගවේෂණය කෙතරම් ආකර්ෂණීයද යත් මට ඒවායේ ඡායාරූප ගැනීමත් අමතක වුණා."

"හාවඞ් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයකු වූ හොවාඞ් බර්ග් පෙන්වා දී තියෙනවා, ජනපද වශයෙන් ජීවත්වන විට බැක්ටීරියාවලට ඔවුන් එකිනෙකාගෙන් විහිදෙන රසායනික අනුව කි‍්‍රයා කරමින් සංකීර්ණ ජ්‍යාමිතික රටාවන් සහිත ජනපද ලෙස එකට වර්ධනය වීමට හැකියාව ඇති බව.

මෙවැනි කි‍්‍රයාදාමයක් රසායනාගාරයක් තුළ අනුකරණය කිරීමේ දී ඒ සඳහා වඩාත් සුදුසු රසායනික ප‍්‍රතිකි‍්‍රයා මොනවාදැයි හඳුනා ගැනීමට නැවත නැවතත් අත්හදා බැලීම් කළ යුතු වෙනවා. එහි දී තිබිය යුතු පීඑච් අගය, උෂ්ණත්වය, වාතයට නිරාවරණය වීම ආදිය නැනෝ ප‍්‍රමාණයේ ව්‍යුහයන් සඳහා ඒවා බලපාන ආකාරයන් ගැන විමසීම් කරන්න සිදු වෙනවා.

පර්යේෂක කණ්ඩායමට හැකි වුණා, මේ කි‍්‍රයාවලියේ හැම පැත්තක් ම පාලනය කරන්න පුංචි මලක් සෑදෙන ආකාරයට.

 
පර්යේෂකයන් මේ මල් ගොමු මවා ඇත්තේ විස්මයජනක ලෙසයි.

source  : malkakulu.com

සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක‍්‍රමයක් සොයා ගනිති!


ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක‍්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක‍්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.

රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක‍්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.

ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත‍්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප‍්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක‍්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.

 
සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප‍්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස‍්‍රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක‍්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.

ඒ වගේම මැස්මෙන් හා ස්ටේප්ලර් යෙදීමෙන් ඇති වෙන කැලැල් මේ නව ක‍්‍රමයෙන් ඇති වන්නේ නැහැ.

මේ තාක්ෂණය ලේසර් පටක පෑස්සීම (Laser Tissue Welding)ලෙසයි හැඳින්වෙන්නේ. කෙටියෙන් හඳුන්වන්නේ ‘එල්ටීඩබ්ලිව්’ කියායි.

මේ ‘එල්ටීඩබ්ලිව්’ තාක්ෂණය සාර්ථක එකක් ලෙස අවබෝධ කර ගත් පසු ඇමරිකානු රසායනික සංගමයේ (American Chemical Society) විද්‍යාඥයන්ට අවශ්‍ය වුණේ එය වැඩි දියුණු කොට වඩාත් ශක්තිමත් බන්ධනයක් යෙදිය හැකි ක‍්‍රමයකි.

මේ නිසා කෞෂාල් රෙජී සහ ඔහු සගයන් තීරණය කළේ ප්ලැස්මොනික් නැනෝකොම්පොසිට් (Plasmonic nanocomposite) යනුවෙන් ඔවුන් විසින් හඳුන්වනු ලැබූ පටක පෑස්සුම් ද්‍රව්‍යයක් භාවිත කිරීමටයි. එම ද්‍රව්‍යයට ඉතා සියුම් රන් නැනෝකෙඳි ඇතුළත් වුණා.

මේ පෑස්සුම් ද්‍රව්‍ය වඩාත් ඇදීමට ඔරොත්තු දෙනු පිණිස සියුම් නැනෝ කෙඳි භාවිත කරනවා. මේ නිසා සිරුරේ චලනයට අනුව යන්නට මෙහි පෑස්සුමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තුවාලය පෑරීමක් පෑස්සුම බිඳී යාමක් සිදු වන්නේ නැහැ.

ඒ නිසාම හානිකර බැක්ටීරියා තුවාලයට ඇතුළු වීමක් ද සිදු වන්නේ නැහැ.

කෞෂාල් රෙජී කියන්නේ, "මේ ප්ලැස්මොනික් නැනෝකොම්පොසිට් ද්‍රව්‍යය ඉතාමත් විශිෂ්ට ලෙස කි‍්‍රයා කරනවා, ලේසර් භාවිත පටක අලූත්වැඩියා කිරීමේදී." කියායි.

මිනිසුන්ට භාවිත කිරීමට ප‍්‍රථම සතුන් යොදා ගෙන ඔවුන්ගේ ආන්ත‍්‍රවල ඇති තුවාල පෑස්සීමේ ද උද්ගත වන තත්වයන් ගැන විමසන්නට විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙනවා.

 
ලේසර් යොදා කරන මේ පෑස්සීම් ක‍්‍රමය නිසා තුවාල සුව වීමේ කාලයත් කැලැල් ඇතිවීමත් අවම කරනවා. මේ සඳහා ඉතා සුළු මාත‍්‍රාවක් වශයෙන් රන් නැනෝ කෙඳි යොදා ගන්නවා.

මේ ලේසර් පටක පෑස්සීම කියන්නේ කුමක්ද?

ලේසර් පටක පෑස්සීම (Laser tissue welding) කියන්නේ සැත්කම්වල දී කරන කැපීම් යා කිරීමට ලේසර් යොදා ඒ මගින් විවර වැසීමේ ක‍්‍රමයක්. විශේෂ නූල් හෝ ස්ටේප්ලර් යෙදීමෙන් තොරව, මේ ක‍්‍රමයට රුධිර වාහිනීන්, කාටිලේජ සන්ධි, අක්මාව, මූත‍්‍ර මාර්ගය හා වෙනත් තැන්වල ඇති පටක පෑස්සිය හැකියි.

ලේසර් පටක පෑස්සීමේ සිදු කෙරෙන්නේ එයට ලක් වන පටකය ලේසරය මගින් රත් කොට ඒ කැපූ හෝ විවර කළ තැන්වල පටක හා කිරීමයි.

ලේසර් පටක පෑස්සීම සීචනය හෝ ස්ටේප්ලර් හෝ යෙදීමට වඩාත් වාසිදායකයි. සැත්කමට යන වේලාව අඩු වෙනවා. තුවාලය තිබූ තැන මැහුම් පාරවල් හෝ කැලැල් ඇති වන්නේ නැහැ.

සාම්ප‍්‍රදායික මැහීම්වල දී ඇතැම් විට, විශේෂයෙන් අන්ත‍්‍රවල සැත්කම්වලදී, යොදන මැස්ම දුර්වල වීම නිසා විශේෂයෙන් ම ගැටලූ ඇති වෙනවා.

ආන්ත‍්‍රවල සැත්කම්වල දී අභ්‍යන්තර ස‍්‍රාවය කාන්දු වීමක් සිදු වුණොත් ඒ නිසා වේදනාකාරී වූත් ජීවිතය අනතුරට වැටිය හැකි වූත් උදර ආසාදනයක් ඇති විය හැකියි. ඒ නිසා මේ නව ක‍්‍රමයෙන් ඒ සියල්ල වැළැක්වනවා.

Source  :  malkakulu.com