මෙතෙක් කලක් ‘බයොනික ඇස්’ අපට දැක ගැනීමට හැකි වූයේ ‘ද ටර්මිනේටර්’ වැනි
චිත‍්‍රපටවල විතරයි. ඒත් දැන් හැබෑ ලෝකයේත් අපට ඒවා ඉදිරියේ දී දැක ගන්න
පුළුවන්.
‘ද ටර්මිනේටර්’ චිත‍්‍රපටයේ ආනෝල්ඞ් ෂ්වාසෙනෙගර් රඟපෑවේ රොබොට්ටකුගේ චරිතයක්. ඔහුට අවට පරිසරය ස්කෑන් කර එහි ඇති දෑ විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් ඇති ‘බයොනික ඇස’ක් තිබුණා.
දැන් ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්, පරිගණක සහය ලබා ගෙන දැකීමේ හැකියාව ලබා දෙන ‘බයොනික ඇස’ක් නිර්මාණ කිරීමේ ව්‍යාපෘතියක් පටන් අරන්. හැබැයි ඒක අර ‘ද ටර්මිනේටර්’ චිත‍්‍රපටයේ දුෂ්ට සයිබර් ජීවී ඇස තරම් සංකීර්ණ එකක් නම් නෙවෙයි.
මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස මේ ‘බයොනික ඇස’ පිළිබඳව මිනිසුන් යොදා කරන අත්හදා බැලීම් 2014 දී පටන් ගන්නයි සැලසුම් කරල තියෙන්නෙ.
මෙම උපකරණය සෑදී ඇත්තේ උපැස් යුවලක් මත රැඳ වූ සුක්ෂම කැමරාවකින්. ඒ කැමරාව තමයි දෘෂ්ටි විතානය (රෙටිනාව) ලෙස කි‍්‍රයා කරන්නේ.
එයින් හසු කර ගන්නා පිළිබිඹු සංඥා බවට පෙරළා මොළය ඇතුළේ තැන්පත් කර ඇති චිපයකට යැවෙනවා.
පර්යේෂක පිරිසේ නායක මහාචාර්ය ආතර් ලෝරි කියන්නේ, ”මේ ‘දැකීමේ ක‍්‍රමවේදය’ කණවැල් සුනඛයකු හෝ සුදු සරයටියක් යොදා ගැනීමට සමානයි.” කියායි.
”ඒ වගේ ඇස් පෙනීමට ආධාර වන දැනට පවතින ක‍්‍රම අප විසින් අගය කළ යුතුයි. ඒත් අපේ විශ්වාසය මේ නව ක‍්‍රමය තාක්ෂණිකව වැඩි දියුණු කළ පසු දැන් පවතින ක‍්‍රමවල තැන් ගන්නට මේ නව ක‍්‍රමය සමත් වේවි. ඒ වගේ ම පොත්වල ලොකු අකුරු කියවීමේ හැකියාවත් මේ ක‍්‍රමය සතුව ඇති නිසා කලින් ආධාරක ක‍්‍රමවලට වඩා මෙය ඇස් නොපෙනෙන අය අතර වඩාත් ජනපි‍්‍රය වේවි කියල හිතන්න පුළුවන්. ” ඔහු වැඩිදුරටත් කියනවා.
”අපි අත්හදා බලන මයික්‍රෝචිප කෙළින් ම රෝගියාගේ මොළයේ පසුපස ඇති දෘෂ්‍ය බාහිකය (visual cortex) මතුපිටට බද්ධ කරනවා. දැනට ගණන් බලා ඇති අන්දම අනුව මෙයින් සෑම රෝගියකුට ම මිලිමීටර් 8x8 ටයිල්ස් 14ක ග‍්‍රාෆික ජාලයක් ලබා ගන්න පුළුවන්.”
ඒ සෑම ටයිල් කැටයක ම මිලිමීටර් 4X4 මයික්‍රොචිපයක් තියෙනවා. එහි ට‍්‍රාන්සිස්ටර් ලක්ෂ පහක් හා කේශ නාළිකා ප‍්‍රමණයේ ඉලෙක්ට්‍රෝඩ 45ක් තියෙනවා.
සම්පූර්ණයෙන් ම කි‍්‍රයාත්මක වන විට මෙම ටයිල්ස්වලට ලැබෙන්නේ අඩු විභේදනයක් සහිත කළු සුදු රූප වන අතර ඒවා ලැබෙන්නේ බාහිර ඩිජිටල් සැකසුම් ඒකකයකින්. එයට සම්බන්ධ වී ඇත්තේ අධි විභේදනයක් ඇති කැමරාවක්. ඒවා එතැනින් යවෙන්නේ මොළයේ දෘෂ්‍ය ප‍්‍රදේශයටයි.
ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ කෙරෙන මෙම පර්යේෂණය එක්සත් රාජධානියේ ලන්ඩනයේ මුවර්ෆීල්ඞ්ස් ඇස් රෝහලේ මහාචාර්ය ඬේවිඞ් ගාවේහීත් ගේ පැසසුමට ලක් වී තියෙනවා. ඔහු මේ පිළිබඳව ලන්ඩන් ටයිම්ස් පත‍්‍රයට ප‍්‍රකාශ කර ඇත්තේ, ”මෙම ව්‍යාපෘතියට හැකියාව තියෙනවා, ඇස් පෙනීම අහිමි වූ අයගේ ජීවිතය සැපවත් කිරීමට” කියායි.
ලෝකයේ ශායනික වශයෙන් අන්ධ යැයි පිළිගන්නා පුද්ගලයන් මිලියන 160ක් ඉන්නවා. ඒ හැමටම මේ නව නිපැයුම සහනයක් ගෙනෙනවා සිකුරුයි.

පර්යේෂකයන් අත්හදා බැලීම් කරන්නේ ටර්මිනේටර්ගේ ඇස තරම් ප‍්‍රබල එකක් නෙවෙයි.
මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස මේ ‘බයොනික ඇස’ පිළිබඳව මිනිසුන් යොදා කරන අත්හදා බැලීම් 2014 දී පටන් ගන්නයි සැලසුම් කරල තියෙන්නෙ.
මෙම උපකරණය සෑදී ඇත්තේ උපැස් යුවලක් මත රැඳ වූ සුක්ෂම කැමරාවකින්. ඒ කැමරාව තමයි දෘෂ්ටි විතානය (රෙටිනාව) ලෙස කි‍්‍රයා කරන්නේ.
එයින් හසු කර ගන්නා පිළිබිඹු සංඥා බවට පෙරළා මොළය ඇතුළේ තැන්පත් කර ඇති චිපයකට යැවෙනවා.
පර්යේෂක පිරිසේ නායක මහාචාර්ය ආතර් ලෝරි කියන්නේ, ”මේ ‘දැකීමේ ක‍්‍රමවේදය’ කණවැල් සුනඛයකු හෝ සුදු සරයටියක් යොදා ගැනීමට සමානයි.” කියායි.
බයොනික ඇසෙහි චිපය
”ඒ වගේ ඇස් පෙනීමට ආධාර වන දැනට පවතින ක‍්‍රම අප විසින් අගය කළ යුතුයි. ඒත් අපේ විශ්වාසය මේ නව ක‍්‍රමය තාක්ෂණිකව වැඩි දියුණු කළ පසු දැන් පවතින ක‍්‍රමවල තැන් ගන්නට මේ නව ක‍්‍රමය සමත් වේවි. ඒ වගේ ම පොත්වල ලොකු අකුරු කියවීමේ හැකියාවත් මේ ක‍්‍රමය සතුව ඇති නිසා කලින් ආධාරක ක‍්‍රමවලට වඩා මෙය ඇස් නොපෙනෙන අය අතර වඩාත් ජනපි‍්‍රය වේවි කියල හිතන්න පුළුවන්. ” ඔහු වැඩිදුරටත් කියනවා.
”අපි අත්හදා බලන මයික්‍රෝචිප කෙළින් ම රෝගියාගේ මොළයේ පසුපස ඇති දෘෂ්‍ය බාහිකය (visual cortex) මතුපිටට බද්ධ කරනවා. දැනට ගණන් බලා ඇති අන්දම අනුව මෙයින් සෑම රෝගියකුට ම මිලිමීටර් 8x8 ටයිල්ස් 14ක ග‍්‍රාෆික ජාලයක් ලබා ගන්න පුළුවන්.”
ඒ සෑම ටයිල් කැටයක ම මිලිමීටර් 4X4 මයික්‍රොචිපයක් තියෙනවා. එහි ට‍්‍රාන්සිස්ටර් ලක්ෂ පහක් හා කේශ නාළිකා ප‍්‍රමණයේ ඉලෙක්ට්‍රෝඩ 45ක් තියෙනවා.
සම්පූර්ණයෙන් ම කි‍්‍රයාත්මක වන විට මෙම ටයිල්ස්වලට ලැබෙන්නේ අඩු විභේදනයක් සහිත කළු සුදු රූප වන අතර ඒවා ලැබෙන්නේ බාහිර ඩිජිටල් සැකසුම් ඒකකයකින්. එයට සම්බන්ධ වී ඇත්තේ අධි විභේදනයක් ඇති කැමරාවක්. ඒවා එතැනින් යවෙන්නේ මොළයේ දෘෂ්‍ය ප‍්‍රදේශයටයි.
ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ කෙරෙන මෙම පර්යේෂණය එක්සත් රාජධානියේ ලන්ඩනයේ මුවර්ෆීල්ඞ්ස් ඇස් රෝහලේ මහාචාර්ය ඬේවිඞ් ගාවේහීත් ගේ පැසසුමට ලක් වී තියෙනවා. ඔහු මේ පිළිබඳව ලන්ඩන් ටයිම්ස් පත‍්‍රයට ප‍්‍රකාශ කර ඇත්තේ, ”මෙම ව්‍යාපෘතියට හැකියාව තියෙනවා, ඇස් පෙනීම අහිමි වූ අයගේ ජීවිතය සැපවත් කිරීමට” කියායි.
ලෝකයේ ශායනික වශයෙන් අන්ධ යැයි පිළිගන්නා පුද්ගලයන් මිලියන 160ක් ඉන්නවා. ඒ හැමටම මේ නව නිපැයුම සහනයක් ගෙනෙනවා සිකුරුයි.
source : malkakulu website
No comments:
Post a Comment