ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ?
1. රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි
ප‍්‍රතිමාව
2. ආර්ටිමීස් දෙවොල
3. බැබිලෝනියාවේ එල්ලෙන කුලූන
4. ඔලිම්පියාවේ සූස්
දෙවි ප‍්‍රතිමාව
5. මොසෝලස්ගේ සොහොන් ගැබ
6. ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ
ප‍්‍රදීපාගාරය
හා
7. ගීසාහි යෝධ පිරමීඩ
ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ
ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා
විනාශ වී අවසන්ය.
ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ කවුරුද ?
පිරමීඩ හැර අනෙක් පුදුම සියල්ල නටඹුන් වී ගියත් ඒ ගැන එක සාක්ෂියක් ඉතිරි වී තිබේ. ඒ මෙම පුදුම ගැනත් ඒවායේ සවිස්තරාත්මක විස්තර හා ඒවායේ පිහිටීම් ගැනත් ලියා ඇති ලේඛනයන්ය. මේ විස්තර ලියා තැබුවේ පුද්ගලයා සුවිශේෂී කෙනෙකි. ලොව ප‍්‍රථම ඉතිහාසඥයා ලෙස සැළකෙන්නේ ඔහුයි. ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි. ඔහු ගී‍්‍රක ජාතික හෙරඩෝටස්.
‘ඉතිහාසයේ පියා’ ලෙස සැළකෙන හෙරඩෝටස් උපන්නේ කි‍්‍ර.පූ. 484 දීය. මියගියේ කි‍්‍ර.පූ. 430 දී. උපන් ස්ථානය හැලිකොනේසස්. ඈත අතීතයේ හැලිකොනේසස් ලෙස හැඳින්වුණේ වර්තමානයේ තුර්කියේ බ්‍රෝඩම් නුවරයි. එදා හැලිකොනේසස් නුවර අයත් වුණේ ‘සුලූ ආසියාවට’.
හෙරඩෝටස් සංචාරකයෙක්. දක්ෂ ලේඛකයෙක්. එසේම සවිස්තරාත්මක වාර්තාකරුවෙක්. හෙරඩෝටස් තර්කානුකූලව, ක‍්‍රමාණුකූලව, ඓතිහාසිතක තොරතුරු සවිස්තරාත්මකව සටහන් කර තැබූ නිසයි අද ඔහු ලොව පිළිගැනීමකට ලක්වී සිටින්නේ. ඔහු මිත්‍යා කතා මොනවාද සත්‍යය කුමක්ද හොඳින් තේරුම් බේරුම් කර ගනිමින් නිවැරදි මූලාශ‍්‍ර මත අනුව ඉතිහාස තොරතුරු වාර්තා කර තිබේ.
කුඩාකාලයේ සිටම සාහිත්‍යයට යොමු වීම නිසා ඔහු සාහිත්‍යකරණයේ නියැලූණේය. කුඩා කළ සිට නිතරම වාගේ ගී‍්‍රසියේ ඇතන්ස් නුවරට යන්න එන්න වූ හෙරඩෝටස් බටහිර දෙසින් කළු මුහුද දක්වා සංචාරයේ යෙදුණේය. එමෙන්ම දකුණුදිග ඉතාලියේ මෙන්ම ඊජිප්තුවේද ආසියානු නගර වන ටයිර්, බැබිලෝන්, එක්බටානා, නිනේව් සහ සූසා නගරවලද සංචාරය කළේය.
හෙරඩෝටස් ඉතිහාසය ලේඛනගත කළේ කතාන්දර කියනා විලාසයෙනි. ඔහු ඔහුගේ විස්තර අලංකාරව හා සිත් ඇදගන්නා අයුරින් ලියා තැබීමට උපමාරූපක යොදා ගෙන තිබේ. ඔහු උදාහරණ ලෙස යොදා ගත්තේ ඔහු ජීවත් වූ සමාජයේ තොරතුරුය. සිදුවීම්ය. මේ නිසා අතීතයේ සමාජ විස්තර පවා අද අපට දැනගැනීමේ වාසනාව උදාවී තිබේ.

හෙරඩොටස් විසින් ලේඛනගත කරන ලද ඊජිප්තුව පිලිබඳ විස්තරයක්.

No comments:
Post a Comment