Monday, March 31, 2014

ලෝකයෙන් ඈත්ව වෙසෙන මෙතෙක් නුදුටු ගෝත‍්‍රයක්

මේ කතාව ඇරැඹෙන්නේ මීට පස් වසරකට පෙර එනම් 2007 වසරේ සැප්තැම්බර් මාසයේ විදෙස් පුවත් සේවා සහ අන්තර්ජාලය ඔස්සේ පළ වූ අපූරු ඡායාරූප පෙළක් සමඟයි. මේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ දකුණු ඇමෙරිකානු රටක් වන බ‍්‍රසීලයේ, රාජ්‍ය ආයතනයක් වන ‘ජාතික ඉන්දියානු පදනම’ හෙවත් ‘ෆූනායි’ Funai පදනමයි. මාධ්‍ය හරහා ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත්වුණේ බ‍්‍රසීලය සහ අසල්වැසි පේරු රාජ්‍ය අතර මැද පිහිටි මහා ඇමසන් වැසි වනාන්තරය මැද සෙසු ලෝක වාසීන්ගෙන් වෙන්වී හුදෙකලාව වෙසෙන ඇමෙරිකන්/ඉන්දියානු එසේත් නැතිනම් ඇමෙරින්දි ගෝත‍්‍රයක ඡායාරූප කීපයක්.



මේ ගෝති‍්‍රකයන් ජීවත් වන්නේ ඇමසන් ඝන වනාන්තරයේ බ‍්‍රසීලයේ පේරු රාජ්‍ය සිමාව අසලයි. පේරු බලධාරීන් පවසන්නේ ඔවුන් ‘මාෂ්කෝ පිරෝ’ Mashco-Piro ඇමෙරින්දි ගෝති‍්‍රකයන් කියායි. ‘මාෂ්කෝ පිරෝ’ ගෝති‍්‍රකයන් මේ අයුරින් ප‍්‍රසිද්ධියට පත්වීමත්, පේරූ රටට අයත් ඇමසන් වනාන්තර කලාපයට එන පාරිසාරික සංචාරකයන්, අනවසර කැළෑ හෙළි පෙහෙළි කරන්නන්, තෙල් සහ ස්වාභාවික වායු ගවේෂකයන්ගේ ඇසට ලක් වීමත් සමඟ ‘මාෂ්කෝ පිරෝ’ ගෝති‍්‍රකයන්ගේ පැවැත්මට අද විශාල තර්ජනයක් එල්ල වෙලා. පිටස්තරයන්ගෙන් ඔවුන් හුදෙකලාව තබා ගැනීම වගකිවයුත්තන්ට විශාල අභියෝගයක් වී තියෙනවා.


2007 වසරේ සැප්තැම්බර් මාසයේ බ‍්‍රසීලයේ ෆූනායි පදනමේ සහ බි‍්‍රතාන්‍යයේ ‘සර්වයිවල් ඉන්ටනැෂනල්’ Survival International පදනමේ පරිසරවේදීන් කණ්ඩායමක් හෙලිකොප්ටරයකින් පේරු/බ‍්‍රසීල දේශසීමාවේ ඇමසන් ඝන වනාන්තරය ගවේෂණය කරමින් සිටියා. ඔවුන්ට වනාන්තරය මැද පිහිටි කුඩා එළිමහන් භූමියක පැල්පත් සමූහයක් දකින්න ලැබුණා. පැල්පත් අසල සිටියේ මුළුමනින්ම වාගේ නිරුවත් ගෝති‍්‍රකයන් පිරිසක්. පිරිමින් සහ කාන්තාවන් ඉණට පමණක් රෙදි කඩක් ඇඳ සිටි අතර කුඩා දරුවන් සිටියේ නිරුවතින්. හිටිහැටියේ අහසින් මතු වූ ‘අමුතු කුරුල්ලා’ දැක ඇතැමුන් බියේ වනාන්තරයට පලා ගිය අතර රතු සායම් තවරා, දුනු හී අතැතිව සිටි ගෝති‍්‍රකයෝ හෙලිකොප්ටරය දෙසට හී පහර එල්ල කරන්නට වුණා. ගෝති‍්‍රකයන් දැක සතුටට පත් පරිසරවේදීන් කණ්ඩායම ගුවනේ සිටම ඔවුන් ඡායාරූපයට නැගූ අතර ඒවා මාධ්‍ය හා අන්තර් ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කෙරුණා.


කිසිම දවසක බාහිර ලෝකය සමඟ සම්බන්ධ වී නැති මෙම ගෝත‍්‍රිකයින් පිරිස ‘මාෂ්කෝ පිරෝ’ ගෝති‍්‍රකයන් බව ෆූනායි පදනම පසුව අනාවරණය කළා. බ‍්‍රසීල රජය විසින් මෙම පදනම පිහිටුවනු ලැබුවේ දකුණු ඇමෙරිකා මහාද්වීපයේ ජීවත් වන තවමත් නූතන සමාජ ජීවිතයට එන්නට අකමැති එමෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ඇමෙරින්දි ගෝත‍්‍රික ප‍්‍රජාව ආරක්ෂා කර ගැනීමටයි. ඇමසන් මහා වනාන්තරය තවමත් ලෝකයේ ගවේෂණයට ලක් නොවූ මහා ඝන වනාන්තරයක් යන වග මෙයින් තවදුරටත් සනාථ වුණා. ඇමසන් මිටියාවතේ ඝන වනාන්තරය තුළ, බාහිර ලොවෙන් වෙන් වී හුදෙකලාව ජීවත් වන රතු ඉන්දියානු ගෝති‍්‍රකයින් ජීවත් වන බවට මීට පෙර කටකතා අසන්න ලැබුණත් ඒ සම්බන්ධව ලැබුණු ප‍්‍රබලම සාක්ෂිය වූයේ මෙයයි. ”අප මේ ගෝති‍්‍රකයන්ට ළං වුණේ අහසින්. ඔවුන් ඉන්නා බව ඔවුන්ට ගෙවල් දොරවල් වගාවල් තියෙන බව පෙන්වන්නයි, අපට අවශ්‍ය වුණේ. ඒ නැතිව ඔවුන්ගේ ජීවිතවලට බාධාවක් කරන්න නෙමෙයි. මේ ප‍්‍රදේශයේ හොරෙන් සිදු වන මහා පරිමාණයේ දැව ජාවාරම් නිසා මෙවැනි ගෝත‍්‍ර වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පෙන්වන්නයි” යැයි ෆූනායි පදනමේ පරිසර ආරක්ෂක විශේෂඥ ජෝස් කාලෝස් මියරලස් José Carlos Meirelles එදා ගෝති‍්‍රකයන් දුටු අවස්ථාව සිහිපත් කරමින් කියනවා.


මියරලස් කියන්නේ මෙවැනි ඇමෙරින්දි ගෝත‍්‍ර කීපයක් ඇමසන් වනාන්තරයේ ජීවත් වන බවට වාර්තා වී ඇති බවයි. එපමණක් නොව තවමත් හඳුනා නොගත් හුදෙකලා ගෝත‍්‍ර 100ක් පමණ සෙසු මිනිස් වාසවලින් ඈත් ව ලොව පුරා ඇති බව ෆූනායි පදනම පෙන්වා දෙනවා. ඒ, දකුණු ඇමෙරිකාවේ, අපි‍්‍රකාවේ සහ අග්නි දිග ආසියාවේ දූපත්වලයි. ”ඇමසන් වනාන්තරයට විතරක් අවේණික වූ ලොවෙන් සැඟවුණු ගෝති‍්‍රකයන් ගැන අප දැනගෙන දැන් වසර 20 ක් පමණ වෙනවා. ඒක අපි රහසක් හැටියට තියා ගත්තේ ඔවුන් බාහිර ලෝකයට යොමු කිරීම මගින් ඔවුන්ගේ ජීවන රටාවට හානියක් සිදුවේවි යන බියෙනුයි. ඒත් අද වන විට වෙනත් පාරිසාරික හේතුන් සහ මිනිස් කි‍්‍රයාකාරකම් නිසා ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් මතුවීම තිබෙනවා.” යැයි ෆූනායි පදනම පවසනවා.


මෂ්කෝ පීරෝ ගෝති‍්‍රකයන් ජීවත් වන්නේ පේරු රටේ ගිනිකොණ දිගින් පිහිටි ඇමසන් වනාන්තරයට අයත් ‘මානූ’ ජාතික වන රක්ෂිතයේය. මෙම ගෝත‍්‍රයේ සාමාජිකයන් සියයක් පමණ සිටින බව කියනවා. ඔවුන්ගේ ජීවන රටාව හරිම සරළ එකක්. සටන් වදින්නේ තමාගේ වැයික්කිය ආරක්ෂා කර ගැනීමට, වෙනත් ගෝත‍්‍රයක ගැහැනුන් සහ කුඩා දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ඒම සහ ආහාර සඳහා පමණයි. පේරු බලධාරීන්ට හොරා අනවසරයෙන් සිදුවන කැළෑ හෙළිපෙහෙළි කිරීම්, තෙල් සහ ස්වාභාවික වායු සොයා පේරු රජයේ අනුදැනුම යටතේ සිදු කෙරන ව්‍යාපෘතිවලින් මෙන්ම මොවුන් බැලීමට එන සංචාරකයන් නිසා මොවුන්ටත් මොවුන්ගේ ගම්මානයටත් තර්ජනයක් එල්ල වී තියෙනවා. ගෝති‍්‍රක ගම අසල ගංගාවේ ගං ඉවුරට සංචාරකයන් යාමට පටන් ගත් හෙයින් එය ද තහනම් කිරීමට පේරු බලධාරීන් පියවර ගත්තා. එසේ කළේ බාහිර මිනිසා සතුව බහුලව ඇති ඇතැම් රෝගවලට ඔවුන් ගොදුරු වේවි යැයි ඇති බිය නිසායි. අපේ හෙම්බිරිස්සාවකින් වුවත් ඔවුන් මරණයට පත් විය හැකියි.


මේ වසර මුලදී ‘සවයිවල් ඉන්ටනැෂනල්’ පරිසර සංවිධානය මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ නවතම ඡායාරූප එකතුවක් ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා. ගෝති‍්‍රකයන් ඡායාරූපයට නැගුවේ ස්පාඤ්ඤ භූගෝල විද්‍යා සංසදයේ කැමරා ශිල්පී දියේගෝ කෝටීහෝය. ඒ මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ ගම්මානය අසලින් වැටී ඇති මාද්‍රේ දෙ දියෝ ගංගාව දිගේ යද්දීයි. දියේගෝ ඇමසන් වනාන්තරයට ආවේ මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් සොයමින් නොවේ, ඇමසන් වනාන්තරයේ භූ විෂමතාවන් ඡායාරූපයට නැගීමේ අරමුණ ඇතිවයි. ඔහුට ගං ඉවරේ සිටි මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් කණ්ඩායමක් ඇස ගැටුණේ අහම්බෙනි. ඔහුගේ මඟ පෙන්වන්නා වූයේ තවත් පේරු ස්වදේශික ගෝති‍්‍රකයෙක්. ඔහු නිකලස් ‘සාචෝ’ ෆ්ලොරේස්. ස්වදේශිකයකු වුවත් ඔහු වනගත දිවියෙන් මිදී නූතන ලෝකය සමඟ සම්බන්ධ වූ පේරු ස්වදේශිකයන්ගෙන් කෙනෙක්. දියේගෝ සමඟ සිටි ෆ්ලොරේස් දුටු ගෝති‍්‍රකයන් කෑ කෝ ගසන්නට වූයේ ඔවුන් ඔහු දැන හඳුනා ගත් බව පෙන්වමිනුයි. ෆ්ලොරේස්, මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයකු බව පසුව හෙළි වුණා. ෆ්ලොරේස්, හැලි වළං සහ මන්න පිහියා මේ ගෝති‍්‍රකයන්ට ලබා දුන් බව ද පේරු බලධාරීන් කියනවා. කෙසේවුවත් අවාසනාවකට වාගේ දියේගෝ සමඟ කළ බෝට්ටු සවාරියෙන් දින හයකට පසු මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ හී පහරකින් ලත් මාරක තුවාලයක් නිසා ෆ්ලොරේස් මියගියා. ඔවුන් සතු මාරක අවියක් වූ උණ බට ලීයකින් නිර්මාණය කළ එම තියුණු හීය ෆ්ලොරේස්ගේ හදවත පසාරු කරගෙන ගොස් තිබුණා.

ජෝස් කාලෝස් මියරලස් ඊතල සමග

මෙසේ ෆ්ලොරේස් මරණයට පත් කරන්නට හේතුව කුමක්දැයි යන්න අබිරහසක්. එහෙත් පේරු බලධාරීන් කියන්නේ මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් සහ ෆ්ලොරේස් අතර පැවැති ගනුදෙනුවකදී කිසියම් බහින්බස් වීමක් නිසා සිදුවූ දෙයක්ය කියායි. ස්වදේශික මැට්සිකුවෙන්කා ගෝති‍්‍රකයකු වූ ෆ්ලොරේස්ට මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ මෙන්ම තවත් ඇමෙරින්දි ගෝත‍්‍ර කිහිපයක උප භාෂා කතා කිරීමේ හැකියාව තිබුණා. ”මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් කැමැති නැහැ බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් පවත්වන්න. ඔවුන් ජීවත් වන්නේ හුදෙකලාවයි. ඔවුන්ට ආවේණික ජීවන රටාවක් තිබෙනවා. අප ඊට මැදිහත් නොවිය යුතුයි. ඔවුන්ව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. බාහිර ලෝකය සමඟ ඔවුන් යම්තාක් දුරකට සම්බන්ධකම් පැවැත්වූවා නම් ඒ ෆ්ලොරේස් හරහායි. ඒත් ඔහුගේ මරණයත් සමඟ ගෝති‍්‍රකයන් සමඟ සම්බන්ධ වෙන්න අපට තිබුණු එකම අවස්ථාව නැති වී ගියා.” යැයි පේරු රජය විසින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ඇමෙරින්දි ගෝත‍්‍රික ප‍්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පිහිටු වූ සංවිධානයේ මානව විද්‍යාඥවරියක වන බියෙටි‍්‍රස් හුවෙර්ටා පවසයි.

බීබීසියෙන් විකාශයට පත් කෙරුණා, මේ ගෝති‍්‍රක ගම්මානයේ ගුවනින් ගොස් ලබා ගත් වැඩසටහනක්. එහි දී මග පෙන්වන්නා ලෙස කි‍්‍රයා කළේ ජෝස් කාලෝස් මියරලස්. 



from malkekulu web

සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ මූලස්ථානය පිහිටුවා ඇති ඇමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ‘නාසා’ ආයතනය මේ උඩුගුවන් ගමන් සියල්ල සිදු කරන්නේ ෆ්ලොරීඩා ජනපදයේ කැනැවරල් තුඩුවේ සිටයි. එය ‘නාසා’ ආයතනයේ ප‍්‍රධාන යානා දියත් කිරීම් මධ්‍යස්ථානයයි.



මිසයිල පර්යේෂණයටයි ඉදිකළේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර මධ්‍යම ෆ්ලොරීඩා ජනපදයේ බ්‍රෙවාඞ් ප‍්‍රාන්තයට අයත් දූපතක මුහුදට නෙරා ඇති තුඩුව කැනැවරල් තුඩුව ලෙස හැඳින්වෙනවා. ඉන්දියානු හා බනානා දූපත් නිසා මෙම තුඩුව මහද්වීපයෙන් වෙන් වී පවතියි. කැනැවරල් තුඩුවේ මුලින් ම ඉදිකළේ ඇමෙරිකා ගුවන් හමුදාවේ මිසයිල පර්යේෂණ හා මිසයිල ගුවන් ගත කිරීමේ කටයුතු සම්බන්ධ ප‍්‍රධාන මධ්‍යස්ථානයකි. ඒ 1950 වසරේදීය. ඊට අට වසරකට පසුව එනම් 1958 දී ඇමෙරිකානු ‘ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පාලනය’ එනම් ‘නාසා’ ආයතනය යටතේ ඇරඹූ ඇමෙරිකාවේ අභ්‍යවකාශ යානා දියත් කිරීම් හා සම්බන්ධ ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට කේප් කැනැවරල් පත්විය.


නම ලැබුණ හැටි
මේ ‘කේප් කැනවරල්’ නම වසර 400ක් පැරණි නමක්. ස්පාඤ්ඤ ජාතීන් මෙහි ගොඩ බට අවස්ථාවේ මෙහි වූ වේවැල් වනයක් නිසා ඔවුන් වේවැල් හැඳින්වූ ‘කේන්’ යන නම අනුව ‘වේවැල් තුඩුව’ යන අරුත් දෙන ‘කැනවරල්’ යන නමින් මෙය නම් කෙරුණා. යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණි මුල් කාලයේ තැබූ පැරණි ම නම් තුන අතරට මෙය ඇතුළත් වන බව සඳහන් වෙනවා. ඇමෙරිකාවේ අභ්‍යවකාශ තරණයට පුරෝගාමී වූ ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා 1963 දී හදිසියේ ඝාතනය කරනු ලැබීමෙන් පසු ඔහු සිහි වීම පිණිස මෙය ‘කෙනඩි තුඩුව’ යනුවෙන් නම් කරනු ලැබුවත් පසුව එනම් 1973 සිට පැරණි නම වූ ‘කේප් කැනවරල්’ යළිත් කරළියට ගෙන අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය පමණක් ‘කෙනඩි’ නමින් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

රොකට් බලය ගැන උනන්දුවක් 
1945 වසරේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එනම් ජර්මනිය පරාජය වීමත් සමඟ එවකට රොකට් බලය හා රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් උසස් මට්ටමේ කාර්මීක හා තාක්ෂණික දැනුමකින් පරිපූර්ණ වූ ජර්මානු ඉංජිනේරුවන් හා කාර්මීක ශිල්පීන් රැසක් ඇමෙරිකානු හමුදාවට යටත් වූහ. මොවුන් ඇමෙරිකාවට පැමිණ ඔවුන්ගේ දැනුම යළි පාවිච්චි කරමින් රොකට් තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ‘වී 2’ රොකට්ටුව සාර්ථකව ප‍්‍රථම වරට ගුවන්ගත කිරීමට ලැබිණි. ඒ 1950 වසරේ කැනැවරල් තුඩුවෙනි.


කැනැවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
‘වී 2’ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට යැවීමට හැකිවීමත් සමඟ නවීන තාක්ෂණික පහසුකම්වලින් පරිපූර්ණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කැනැවරල් තුඩුවේ නිර්මාණය කෙරිණි. එදා සිට අද දක්වා පෘථිවි චන්ද්‍රිකා, අභ්‍යවකාශ ගවේෂණ යානා, දුරේක්ෂ, අභ්‍යවකාශ ෂටල, රොකට්ටු ආදී සියලූම අභ්‍යවකාශ කටයුතු සිදුවන්නේ මෙම මධ්‍යස්ථානයෙනි. මීට අමතරව මිසයිල අත්හදා බැලීම් හා අති නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත හමුදා ප‍්‍රහාරක යානා අත්හදා බැලීම් සිදුවන්නේ ද මෙම මධ්‍යස්ථානයෙනි. පැටි‍්‍රක් ගුවන් හමුදා මධ්‍යස්ථානයද පිහිටා ඇත්තේ කැනැවරල් තුඩුවේය.

ගගන තරණය ඇරඹෙයි
කැනැවරල් තුඩුවෙන් පළමු වරට මිනිසෙකු රැගත් අභ්‍යවකාශ කැප්සියුලයක් සහිත රොකට්ටුවක් උඩු ගුවනට යැවුණේ 1961 දීය. පළමු වරට උඩුගුවනට ගියේ නාවික කොමදෝරු ඇලන් බී. ෂෙපර්ඞ්ය. ඔහු ගමන් කළ කැප්සියුලය හැඳින්වූයේ ‘මර්කරි ප්‍රෙජෙක්ටර් කැප්සියුල්’ යනුවෙනි. 1962 දී ඇමෙරිකානු ගගනගාමී ජෝන් එච්. ග්ලෙන් රැගත් රොකට්ටුව පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියේය. මිනිසුන් රැගත් අභ්‍යවකාශ රොකට්ටුවක් මුලින්ම සඳ මත ගොඩ බැසීමේ අරමුණු ඇතිව පිටත් කර හරිනු ලැබුවේ 1969 වසරේදීය. 1950 දශකයට පෙර කැනැවරල් තුඩුව ජන ශුන්‍ය පාලූ ප‍්‍රදේශයකි. නමුත් 1950 ට පසු එහි ජනගහන වර්ධනයක් ඇති විය. රොකට් හා මිසයිල ආදී නොයෙක් පර්යේෂණ කටයුතු හේතුවෙන් නොයෙක් නොයෙක් කර්මාන්ත අද මෙහි දකින්න ලැබේ.

ලෝකයේ ලොකුම ඉස්සා නවසීලන්තයේ මුහුදෙන්!

ඝන කටුවක් හා සිවියක් සහිත බහුපාදික සාගර ජීවීන් හෙවත් ක‍්‍රස්ටේෂියාවන් අතර, තවත් විදියකින් කීවොත් කවචයන් අතර මේ අති දැවැන්තයා සොයා ගැනීමට සමත් වී ඇත්තේ බි‍්‍රතාන්‍ය සාගර ගවේශක කණ්ඩායමක්.

ඉස්සකුට සමාන මේ සුපිරි දැවැන්තයාගේ දිග අඟල් 11ක්. අම්ෆිපෝඩා වර්ගයට අයත් මේ අපූරු සත්වයා හමු වී ඇත්තේ නවසීලන්තට උතුරින් මතුපිට සිට සැතැපුම් 4ක් පමණ ගැඹුරු මුහුදේදීයි. සාමාන්‍යයෙන් අම්ෆිපෝඩා වර්ගයට අයත් කවචයන් අතර වැඩි දෙනකු අඟල් 0.8ත් 1.2ත් අතර දිග සතුන්ය. මේ නව සත්ව විශේෂය එමෙන් දස ගුණයකටත් වඩා විශාලයි.

නවසීලන්ත මුහුදේ මතුපිට සිට සැතැපුම් හතරක් ගැඹුරින් හමු වූ ඉස්සන්


මුහුද යට රූ ගත කිරිම් කළ හැකි විශේෂිත කැමරා හා ඇබර්ඞීන් විශ්ව විද්‍යාලයේ ‘ ඕෂන්ලැබ්’ නම් සාගර ගවේශන රසායනාගාරය විසින් සකසකන ලද විශාල උගුලක් උපයෝගී කර ගනිමින් මේ පිරිසට හැකියාව ලැබුණා, සැතැපුම් 6ක් දුරට ගවේශනයේ යෙදෙන්නට. ඔවුන් සොයා ගියේ 1950ස් ගණන්වල කැමරාවට නැඟුණු පසු මේ වන තෙක් හමු නොවූ ගැඹුරු මුහුදු කවචයෙකුයි. ඒ ගැඹුරු මුහුදු ගොළුබෙලි මාළුවෙක්.

මේ ගවේශන පිරිසේ නායකයා වූ ආචාර්ය ඇලන් ජේමීසන් කියන්නේ, ”මුහුද යටට යැවූ උගුල් නැව උඩට ගෙනාව වේලේ අප උද්දාමයට පත් වුණා, අපි හිතුවෙ මේ ගොළුබෙලි මත්ස්‍යයා කියලයි. මීට කලින් ඌ හමු වුණාට පස්සේ ඒ අපට හමුවෙලා තිබුණෙ නෑ.” ”කොහොම වුනත් තත්පර කීපයක් ගියාට පස්සෙයි මට තේරුම් ගියේ මේ සතාගෙ වෙනස්කම් ගැන.”

ඇබර්ඞීන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇලන් ජේමීසන් මේ යෝධ ඉස්සකු අතින් ගෙන පෙන්වමින්.

”මේ අපූරු සත්වයා කවචයකුට සමාන වුනත් ඒ වර්ගයේ මේ තරම් ලොකු සතකු අප දැකලා තිබුණේ නෑ. අඩියක් පමණ දිග කැරපොත්තකුට සමානයි.”

”අපේ උගුලට සතුන් සත්දෙනක් අහුවෙලා හිටියා. කැමරා පද්ධතිය වටේ මුහුද යට නව දෙනෙක් හැසිරෙන අයුරු පටි ගතකොට තිබුණා.

විද්‍යාඥයන් විසින් මේ විදියේ සතුන් සුපිරි යෝධයන් ලෙස හඳුන්වනු ලැබුවේ 1980 ගණන්වල ඇමරිකානු පර්යේෂකයන් විසින් සොයා ගත් අම්ෆිපෝඩාවන් කීප දෙනකු නිසයි. යෝධ අම්ෆිපෝඩා ඉන්පසු හමුවුණේ නැහැ. ඔවුන් මිනිසුන්ට යාමට නොහැකි ගැඹුරු මුහුදේ ඇතැයි යන සිතිවිල්ලට සීමා වෙනවා.

ඇලන් ටෝයෝ ෆූජී, ඇලන් ජේමීසන් හා ඈෂ්ලි රෝඩන් සොයා ගත් සතුන් පෙන්වමින්.

”අපට පුදුමයි, මෙච්චර මේ ප‍්‍රදේශයේ අප කෙතරම් මුහුදේ සැරිසැරුවත් මේ සතුන් මීට කලින් මේ ප‍්‍රදේශයේ හමු නොවීම ගැන.” ආචාර්ය ඇලන් ජේමීසන් වැඩිදුරටත් කියනවා.”ඇත්තෙන් ම මේ සතුන් එසේ හමුවූ දාට පසුදා ඒ සතුන් ඒ ප‍්‍රදේශය හැර ගොස් තිබුණා. අප ඒ අවට උපකරණ සවි කොට බලා සිටියත් ඔවුන් එකකුවත් ආපසු ආවේ නැහැ”

මේ ගවේශනය සඳහා නවසීලන්තයේ ජාතික ජලය හා වායුගෝලීය පර්යේෂණායතනයත් හවුල් වුණා.

අහම්බෙන් කළ සොයාගැනීම්

මේ ලෝකෙ සොයාගත්තු සමහර නිර්මාණ ඒගැනම මහන්සි වෙලා හොයාගත්තු ඒවා. උදාහරණයක් විදියට බල්බ් එක ගැන බැලුවොත් ඒක හොයාගන තියෙන්නේ අවසන් නිර්මාණය බල්බ් එකක්ම වෙනවා කියලා පරීක්ෂණ කරපු නිසා. ඒත් සමහර නිර්මාණ මේ ලෝකෙට ලැබිලා තියෙන්නේ අහම්බයන් විදියට. මේ පහල දාලා තියෙන්නේ ඒවගේ සම්පූර්නෙන්ම අහම්භයන් විදියට මිනිසාට සොයාගන්න ලැබුනු දේවල්. 

















































 


taken from elakiri.com

ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි කඩ

බෞද්ධයන් වන අපට වටිනාම රෙදි කඩක්‌ වෙතොත්, ඒ වූ කලී ගෞතම බුදුන් වහන්සේගේ සිවුරු කැබැල්ලකි. ලොව වෙසෙන කිතුණු ප්‍රජාවට වටිනාම රෙදි කඩක්‌ වෙතොත් ඒ වූ කලී මියගිය ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සිරුර ඔතන ලද්දේ යයි කියන රෙදි කැබැල්ලය.
ලෝකේ මේ දක්වා කුතුහල්කට ලක් කරපු මෙන්ම වැඩිම විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්වෙච්ච රෙදිකඩක් තිබේනම් එය මෙය වෙයි. මෙම රෙදිකඩේ පෙනෙන මනුෂ්‍යා මෙසේ මෙම රෙදිකඩේ සටහන් උනේ කෙසේද යන්න විද්‍යාවවත් මේ දක්වා විසඳා ගත නොහැකි පැනයකි. මෙමෙ රෙදිකඩේ එවකට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටපු ඉස්රයලයේ මල් වල ශාක වල පොලොන සමුවී ඇත. බයිබලේ සඳහන්වන යෙසුස්වහන්සේ විඳි කස පහරවල් , ඇණ සලකුණු , හෙල්ලෙන් පපුවට අනින ලද පහරවල් සියලු දේ , මෙම රෙදිකඩේ ලේ සලකුණු ලෙස සටහන්වී ඇත.

ඉතාලියේ ටියුරින් පල්ලියේ තැන්පත් කර ඇති මේ රෙදි කඩ කාලයෙන් කාලයට මත භේදයට තුඩු දුන්නේය. කලකදී විද්‍යාඥයන් සහ පූජකයන් කිව්වේ එය වංචාවක්‌ බවයි. තවත් කලකදී එය සත්‍යයක්‌ බව තව පිරිසක්‌ කීහ. කවුරු කොහොම කීවත් බැතිමතුන් තුළ ඒ කෙරෙහි හටගත් භක්‌තිය පසුගිය අවුරුදු 900 කට කිට්‌ටු කාලයක්‌ තිස්‌සේ ස්‌වල්පයක්‌වත් එහා මෙහා වූයේ නැත. එම ශුද්ධ වූ රෙදිකඩ මහජනයාට ප්‍රදර්ශනය කෙරෙන සෑම කාලයකම එය බැලීමට පැමිණි සෙනඟ පෝලිම තව තවත් දිගු විය.


ටියුරින් රෙදි කඩ ලෙස හැඳින්විය හැකි මේ පුරාතන රෙදිකඩෙහි මියගිය ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ රූපය ඉතා පැහැදිලිව දැක ගත හැකි වෙයි. උන්වහන්සේගේ කටු ඔටුන්න නිසා හිසෙන් වැගිරුණු රුධිර පැල්ලම්, දහදිය සහ දුහුවිලි තැවරුණ මුහුණේ පෙනුම, අත්වලට හා කකුල්වලට ගසන ලද ඇණ නිසා හටගත් තුවාලවලින් ගැලූ ලේ පැල්ලම් යනාදිය මේ රෙදිකඩේ ඉතා පැහැදිලි ලෙස දැකිය හැකිය.



The Shroud of Turin: modern photo of the face, positive left, negative right. Negative has been contrast enhanced.

ක්‍රි.ව. 1600 න් පමණ පසු ඉතා කලාතුරකින් ඉතා කෙටි කාල වකවානු සඳහා ප්‍රදර්ශනය කෙරුණු ටියුරින් රෙදි කඩ 1978 දී ප්‍රදර්ශනය කරන ලද අවස්‌ථාවේදී නවීන විද්‍යාව ක්‍රමයෙන් දියුණුව කරා ගමන් ගනිමින් තිබිණ. ඒ වන විට මිනිසා හඳට ගොස්‌ය. පරිගණකය නිමවා අවසන්ය. කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාල දෙකක්‌ යා කරමින් අන්තර්ජාලය හඳුන්වාදී අවසන්ය. දකුණු අප්‍රිකානු වෛද්‍යවරයකු වන දොස්‌තර ක්‍රිස්‌ටියන් බර්නාඩ් විසින් පළමුවන හදවත් බද්ධයද සිදු කර අවසන්ය. 1988 වන විට පල්ලියෙන් ලබාගත් විශේෂ අවසරයක්‌ මත විද්‍යාඥයන් විසින් මෙය පරීක්‌ෂා කරන ලදී. ඔවුන්ගේ අදහස වූයේ එය ක්‍රි.ව. 1300 දී කරන ලද නිර්මාණයක්‌ බවය. නමුත් 2005 මෙම පරීක්ෂණයේ නිගමනය අබියෝගයට ලකුනේය. එනම් Carbon Dating karnna සඳහා එදා ගත්ත රෙදි කොටස වැරදි සහගත නිසා එම පෙර නිගමනය වැරදි බවයි.
එදා එම පරීක්ෂණය කරපු කණ්ඩායම තමන් අතින් වැරැද්දක් වී ඇති බව දැන් පිළිගන්න ඇත.

ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි කඩක්‌ ඇති බවත් ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරණයෙන් නැගී සිටි පසු උන්වහන්සේගේ සිරුර තැන්පත් කළ තැන ආශ්‍රයෙහි තිබූ කුඩා ගුහාවකින් ඒ රෙදිකඩ සොයාගත් බවටත් පුරා වෘත්තයක්‌ තිබේ. පසුව එය තුර්කියට ගෙන යන ලද බවත් පසුව ප්‍රංශයට ගෙන යන ලද බවටත් එයිනුත් පසු ඉතාලියේ වංශවත් පවුලක්‌ වූ සැබෝධි පවුලට අයත්ව තිබූ බවටත් කටකතා තිබේ. ඒ වන විට ක්‍රි.ව. 1300 උදාවී තිබිණි.

පහළොස්‌වැනි සියවසේදී වැඩි පරෙස්‌සම සඳහා මේ රෙදිකඩ ප්‍රංශයේ පළමුවන ලුවී රජුට භාර දෙන ලදී. ඔහු දේව මාළිගයක්‌ තනා එය එහි තැන්පත් කළේය. පල්ලිය පිහිටියේ රජ මාලිගයට යාබදවය. 1532 දී මාලිගය ගිනි ගත් අතර පල්ලියටද ගිනි ඇවිලී රෙදිකඩට හානි විය. එවිට එය ජල පොකුණක ඔබන ලදී. එම පිළිස්‌සුම් සලකුණ අදටත් එම රෙදි කඩෙහි දැකිය හැකිය.
රෙදිකඩ ටියුරින් පල්ලියට ගෙන එන්නේ 1518 දීය. එතැන් සිට 1978 දක්‌වා එය ප්‍රසිද්ධියේ පෙන්වනු ලබන්නේ පස්‌ වතාවක්‌ පමණි. ඉතාලිය බොනිටෝ මුසෝලිනිගේ නායකත්වය යටතේ දෙවන ලෝක යුද්ධයට එක්‌වූ විටද ආරක්‌ෂාව සඳහා එය සඟවන ලදී.

මේ රෙදිකඩේ වැඩි කොටස යම් තරමකට කලු පැහැතිය. එහි සටහන්ව ඇති මනුෂ්‍ය රූපකාය අඩි 5 අඟල් 10 1/2 ක්‌ උස මිනිසකුගේය.
එහි මිනිසෙකුගේ නෙගටිව් (Negative) රූපයක් සටහන්ව ඇති බවත්, එහි තැවරී ඇති ලේ පැල්ලම් ගැඹුරට උරා බී ඇති ඒ බී පොසිටිව් (AB Positive) වර්ගයට අයත් බවත් හෙළිදරව් වී ඇත. තවද,

එම සළුවේ සටහන්ව ඇති නෙගටිව් ඡායාව කුණු දූවිලි සහිත පැල්ලමක් නොව, එය එතීමට ලක් වූ පුද්ගලයාගේ ශරීරයෙන් නිකුත් වූ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ බැබළුණ අධි බලැති කිරණකින් හා ආලෝක ධාරාවකින් (X - Ray or Auto X - Radiation) ඇති වූවක් බව අදහස් පළවේ .
මෙම රෙදිකඩ 13වන සියවසේ බොරුවක් නම් මෙවැනි චයවක් රෙදිකඩේ සඳහන් කිරිමර තරම් තාක්ෂණයක් තිබුනේ නැතිබවත් , 21 වන සියවසේ තාක්ෂණය දැනගැනීමටත් එම තාක්ෂණයට පවා බොරු යැයි ඔප්පු නොකිරීමට තරම් ඉතා සුක්ෂමව කිරීමට ට තරම් හැකියාවක් 13 වන සියවසේ හෝ ඊට එපිට නොතිබුණු බව විද්යත්නයන්ගේ මතයයි .



එමගින් මෙම හන රෙද්දේ එම මිනිස් රූපය සටහන් වෙන්න ඇත්තේ උත්ථානය වෙන අවස්ථාවේ රැස් විහිදීමක් , හෝ බලය පිටවීමක් එමගින් බව කිතුනුවන් යේසු තුමාගේ උත්ථානය අලලා මතිමතාන්තර දරයි. නමුත් විද්‍යාවේ එම නැවත උත්ථානය විද්‍යාත්මක පදනමක් නැති බැවින් කිතුනුවන්ගේ එම අදහස පිළිඹඳ එකඟ නොවන අතර නමුත් එම රූපය එම රෙදි කඩේ සඳහන් වීමටනම් එවැනි විද්‍යාවෙන් ඔප්පු කළනොහැකි සිද්දමයක් නිසා විය හැකි අදහසද තුලද සිටි,විද්‍යාවත් විශ්වාසයත් ගැටෙන්නේ මෙම ස්ථානයේදි ය. නමුත් විද්‍යාවට කිතුනුවන්ගේ මතයද එක හෙලා ඉවත හෙළිය නොහැකි ස්ථානයක සිටි.

එසේම, මෙම ​සළුවෙහි සඳහන් නෙගටිව් ඡායා සටහන අනුව, මැරුණ පුද්ගලයාගේ ශරීරය සළුව ලෙහා හෝ ගළවා හෝ ඉවතට නොගෙන ඇති බවත්, එය කිසියම් වාෂ්ප වීමකට හෝ ප්‍රබල ආලෝක කිරණකට හැරී සළුව තුළින් පිට වී ගොස් තිබෙන බවත් සනාථ වී ඇත. මෙයට සාදකයක් වෙන්නේ මෙම රූපය 3D පරීක්ෂණයකට යොමු කලවිට , 3D රූපලක්ෂණ පෙන්නුම් කිරීමයි , උදහරන්කට සාමාන්‍ය චායාරූපයක් මෙම පරීක්ෂණයට ලක් කළහොත් 3D රූපලෂණ පෙන්නුම් නොකරයි.




ඉතාලියේ ආධුනික ඡායාරූප ශිල්පියකු වූ ස්‌තුන්ඩෝ පියාට 1898 දී රෙදිකඩෙහි ප්‍රථම ඡායාරූප ගැනීමට අවසර දෙන ලදී. ඔහු ජයරූපයේ negative පරික්ෂා කිරිමේදී ඉතා පුදුමයට පත්විය. එනම් එහි මිනිසාගේ රූපය ඉතා පැහැදිලිව දිස්වීමෙනි .අද ඉමහත් ප්‍රසිද්ධියට පත් රෙදිකඩෙහි negative ඡායාරූප සමූහය එදා ඔහු ගත් ඡායාරූපයි.

මේ අතර මේ රෙදිකඩ වංචාවක්‌ නොව සත්‍යයක්‌ විය හැකි බව පසුගියදා විද්‍යාඥයන් පිරිසක්‌ විසින් නැවත සොයා ගන්නා ලදී. කවුරු කෙසේ කීවත් ටියුරින් රෙදිකඩ කෙරෙහි තිබූ භක්‌තිය එක දිගටඑක සමානව ඉදිරියට යයි.









Sunday, March 30, 2014

ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා

හිපෝ දිවා කාලය ගත කරන්නේ ගංගාවක, විලක හෝ වැවක පතුළේ ගිලී සිටිමිනුයි. කෑම සොයමින් ගොඩට පැමිණෙන්නේ සවස් කාලයේ අඳුර වැටුණාමයි. ඔවුන් කෑම සොයමින් දුර ගමන් කරන්නේ නැහැ. ප‍්‍රධාන ආහාරය තමයි, තණ කොළ වර්ග. හිපෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන හිපෝ සහ ප‍්‍රමාණයෙන් කුඩා පිග්මි හිපෝ. මේ හිපෝ විශේෂයන් දෙකම දකින්න ලැබෙන්නේ සමකයට ආසන්නයේ අපි‍්‍රකානු රටවලයි. ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා වන්නේ හිපපොටේමස්. පළමු ස්ථානය හිමි වන්නේ අලියාට. දෙවැනි ස්ථානය සුදු රයිනෝසිරස්ට.



හිපපොටේමස් කෑමට හරිම කෑදරයි. විශාල ප‍්‍රමාණවලින් තණ බුදින්න ඌට හැකියාව තිබෙනවා. විශාල හිපෝ ගහණයක් සිටිනවා නම් උන් රංචු වශයෙන් කෑම සොයා යද්දී තණබිම් විනාශ වෙනවා. හිපෝ කියන්නේ බර සිරුරක් ඇති සත්ත්වයෙක් ඒ නිසාම එම ප‍්‍රදේශවල පාංශු ඛාදනය ඇති වන අවස්ථා පවා දකින්න ලැබෙනවා.

කවුරුත් හොඳින් දන්න පොදු හිපෝ
‘පොදු හිපපොටේමස්’ (Common Hippopotamus) කියලා කියන්නේ ප‍්‍රමාණයෙන් හුඟක් විශාල ප‍්‍රචණ්ඩකාරී සත්ත්වයකුටයි. අලියාට අමතරව ගොඩබිම වාසය කරන, බර අතින් දෙවැනි තැන ගන්නා සත්ත්වයා තමයි, හිපෝ. ප‍්‍රමාණයෙන් විශාල වුනත්, බැරලයක් වැනි යෝධ වටකුරු සිරුරක් තිබුණත්, හිපෝගේ පාද කෙටියි. තරබාරු වුණාට වේගයන් ගමන් කරන්නත් දක්ෂයි. ජලාශයක් වෙත යන හිපෝ කෙනකුට හරස් වන ඕනෑම අයකුට පහර දෙන්නත් හිපෝ පසුබට වෙන්නේ නැහැ.

සම සුරකින හිපෝ
හිපෝගේ සම සුමුදුයි. ලොම් ඇත්තේ නැහැ. නාසයේ, කන්පෙතිවල හා වල්ගයේ ගොරෝසු කෙස් ගස් දකින්න ලැබෙනවා. හිපෝගේ සමට යටින් ඇත්තේ ඝන මේද ස්තරයක්. හිපෝගේ සමෙන් වෑස්සෙන රෝස පැහැ දියරය දැඩි හිරු රැසින් හිපෝගේ සම ආරක්ෂා කරන ආවරණයක් ලෙස කි‍්‍රයා කරනවා. ඒක හරියට දැඩි හිරු රැස්වලින් ආරක්ෂා වෙන්න අපි කී‍්‍රම් එකක් පාවිච්චි කරනවා වගෙයි. වැඩුණු පිරිමි සතුන් එකිනෙකා සමඟ පොර බදමින් සටන් කරද්දී ඇති වන තුවාල සුව වීමට බෙහෙතක් හැටියටත් මේ දියරය ප‍්‍රයෝජනවත් වෙනවා.

පාසල් යන හිපෝ
‘හිපෝ පාසල්’ කියන්නේ මොකක්ද? ඉංගී‍්‍රසි බසින් හිපෝ රංචුවක් හැඳින්වෙන්නේ ‘හිපෝ ස්කූල්’ කියලයි. එහි තේරුම් ‘හිපෝ පාසල්’ යන්නයි. හිපපොටේමස් රංචු වශයෙන් ජීවත්වන සත්ත්වයෙක්. මේ එක රංචුවක හිපෝලා 20 ත් 100 ත් අතර ගණනක් ඉන්නවා. මේ හිපෝ රංචු දිවා කාලය ගත කරන්නේ වතුර යට කිමිඳී සිටීමෙනුයි. එහෙම නැතිනම් මඩවලක බැස සිටීමෙනුයි. හිපෝලා රංචු ගැසෙන්නේ ගැහැනු සතුන් හා හිපෝ පැටවුන් රංචුවේ මැදට හා පිරිමි සතුන් රංචුව වටේ සිටින විධියටයි. පිරිමි හිපෝ සතුන් ගැහැනු සතුන්ට ළං වන්නේ වර්ගයා බෝ කිරීමේ කාලයට විතරයි. එහෙම නැතිව හිපෝ ගැහැනු සතුන් ඉන්න තැනකට පිරිමි සත්ත්වයෙක් කිට්ටු වුනොත් ගැහැනු සතුන් සියල්ලෝම එක්වෙලා ඌට පහර දෙනවා.

හිපෝ පැංචෝ
හිපෝ පැටවකු බිහි වන්නේ ගැහැනු හා පිරිමි හිපෝ සතුන් එක්වී සති 34 ක කාලයක් ගතවීමෙන් පසුවයි. වරකට බිහි වන්නේ එක් පැටවකු පමණයි. සාමාන්‍යයෙන් හිපෝ පැටවකුගේ උපතක් සිදුවන්නේ ගොඩබිම. ඒත් කලාතුරකින් වතුර යටදී එවැන්නක් සිදුවන අවස්ථා තිබෙනවා. හිපෝ පැටවකු ඉපදී මිනිත්තු කීපයක් ඇතුළතදීම පිහිනන්න, දුවන්න, පනින්න හැකිවෙනවා. හිපෝ මවක් ඇය ජීවත් වන වැයික්කියෙන් පිටතට යනවා නම් පුංචි හිපෝ පැටවා තවත් හිපෝ අම්මකුට භාරදීලයි පිටවෙලා යන්නේ.


හිපෝ සටන්
පිරිමි හිපෝ සතුන් එකිනෙකාට අභියෝග කරන්නේ හැකි තරම් මුඛය විවර කරලයි. එහෙම කරලත් අභියෝගය එල්ල කරන පිරිමි හිපෝ පසුබසින්නේ නැතිනම් ඇගේ ගැටෙමින් එකිනෙකා සමඟ සටනට පිවිසෙනවා. යටි හනුවේ තිබෙන උල් දළ මේ සටනට යොදා ගැනෙනවා. හිපෝ පිරිමි සත්තු මේ විධියට සටන් වදින්නේ ගැහැනු සතුන්ගේ සිත් දිනා ගන්නටයි.

කිමිඳෙන හිපෝ
‘හිපෝ’ කියන නමේ තේරුම ඔයාලා දන්නවාද? ‘හිපෝ’ කියන්නේ ‘ගංගාවේ අශ්වයා’ කියන තේරුමයි. හිපෝගේ නිවහන ගොඩබිම නොවේ වතුරේයි. හිපෝ වැඩි කාලයක් ජීවත් වන්නේ වතුරේ. වතුර යටට වෙලා කන් සහ නාස් වසාගෙන හුස්ම හිරකරගෙන මිනිත්තු 3 ත් 5 ත් අතර කාලයක් වතුර යට ඉන්නට හිපෝට පුළුවන්. ආපහු හිස වතුරෙන් උඩට එසවෙන්නේ හුස්ම ගන්න  ඕනෑ වුණාමයි. ඒත් අවශ්‍ය වුනොත් ඊටත් වඩා වැඩි කාලයක් වතුර යටට වෙලා ඉන්න හිපෝ කෙනකුට පුළුවන්. හිපෝ පිහිනන්නත් දක්ෂයි. ඒ විතරක් නොවේ ගංගා, වැව්, විල් හා ජලාශ පතුළේ ඇවිද යාමට පවා හිපෝ දක්ෂයි.

කවුරුත් නොදන්න පිග්මි හිපෝ
‘පිග්මි’ හිපෝ කියන්නේ සාමාන්‍ය ප‍්‍රමාණයේ හිපෝ කෙනකුගෙන් 1/5 ක් තරම් ප‍්‍රමාණයෙන් යුත් හිපෝ විශේෂයකටයි. මෙයාලට කුරු හිපෝ කියලත් කියනවා. පිග්මි හිපෝ පිහින්නන දක්ෂයා. ඒත් සාමාන්‍ය හිපපොටේමස් සත්ත්වයෙක් තරම් ජලයේ ජීවත් වන්නේ නැහැ. ජීවත් වන්නේ වගුරු ආශි‍්‍රත වනාන්තරවලයි. අනතුරකින් බේරීමට ඝන යටිවියනක් ඇති වනගත ප‍්‍රදේශවල සැඟවෙනවා. පිග්මි හිපෝ හරිම ලැජ්ජාකාරයා. ඌ නිශාචරයි. ජීවත්වන්නේ හුදෙකලාව හෝ ජෝඩුවක් හැටියටයි. දිවා කාලය විවේකයෙන් ගත කරනවා. ඇඳිරි වැටුණාමයි තණ වර්ග සෙවීම අරඹන්නේ. ඌ කොළවර්ග, පළතුරු ආදිය ආහාරයට ගන්නවා.