ඇන්ටිකිතීර උපකරණයටත් වඩා, ඊජිප්තුවේ
ඩැන්ඬේරා නම් භූ ගත දෙවොලේ රූපාක්ෂර හා සිතුවම් පැරැණියි. දෙවොලේ බිත්තිවල
කොටා ඇති සිතුවම්වලින් නූතන ලෝකයේ අප භාවිත කරන උපකරණ දකින්න සමහරුන්ට
හැකියාව ලැබී තිබෙනවා. මේ භූ ගත දෙවොලට ඇතුළු වෙන්න අවසරය ලැබී තිබෙන්නේ
ප්‍රධාන පූජකවරුනට පමණයි. එය රහස්වලින් පිරි ගුප්ත තැනක් හැටියට අතීතයේ දී
සලකනු ලැබුවා. ඒක අදත් එහෙමයි. මේ භූත දෙවොල ඇතුළත පැසේජ හරිම පටුයි. හරිම
රස්සෙනෙයි. සිවිලිම හුඟක් පහතයි. මේ දේවාලයේ බිත්තියක කැටයම් කර තිබෙනවා
කිසියම් දෙයක්. එය බැලූ බැල්මට ඉපැරණි විදුලි බුබුළක් හා සමානයි. අපට
විසඳුම් සොයන්න බැරි පැනයක් මෙහි දී මතුවෙනවා. ඒ තමයි, පුරාණ මිසර වැසියන්
මේ භූගත සොහොන් ගැබ්, සොහොන් ගෙවල් හා දෙවොල, තුළ අඳුරේ මේ රූපාක්ෂර ඇන්දේ
කොහොමද? කැටයම් කෙටුවේ කොහොමද? කියන එක. පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ ඇහැට
ඇඟිල්ලෙන් ඇන්නත් පෙනෙන්නේ නැති ඝන අඳුරේ දී ආලෝකය දෙන්න පන්දම් භාවිත කළා
කියලයි. ඒත් සිවිලිම්වල කොහේවත් පන්දම්වලින් නිකුත් වූ ගිනිදැල්වලින්
බැඳුණු දුම් හෝ දැලි ඇත්තේ නැහැ. ඒ නිසා පන්දම්වලින් ආලෝකය දුන්නා යන මතය
බැහැර වෙනවා. එහෙනම් කොහොමද ඔවුන් එළිය ලබා ගත්තේ? තවත් මතයක් තමයි, ඔවුන්
ඒවා ඇතුළට ආලෝකය ලබා ගත්තේ, පිටත සූර්යා ලෝකය, ඔප දැමූ තඹ තැටි යොදා
ගනිමින් පරාවර්තනය කිරීමෙන් කියලයි. ඒ ක්‍රමය එක්තරා දුරකට පිළිගන්න
පුළුවන්. ඒත් වැඩි දුරකට ආලෝකය ලබා ගන්න නම් ඒ ක්‍රමයෙන් පුළුවන්කමක්
නැහැ. ඔප දැමූ තඹ තැටි මගින් පරාවර්තනය කරන ආලෝකය අතරමගදී හීන වී යන නිසයි.
ආලෝකය ලබා ගත්තේ කොහොමද?
පන්දමක් දල්වන්න ප්‍රමාණවත් තරමේ ඔක්සිජන් වායුව මේ පිරමීඩ හෝ සොහොන් ගැබ් ඇතුළේ ඇත්තේ නැහැ. ඒ නිසා ආලෝකය ලබා ගන්න නම් කිසියම් විධියකට කෘති‍්‍රමව ආලෝකය නිපදවන්න සිදුවෙනවා. පුරාණ මිසර වැසියන් පිරමීඩ හා දෙවොල ආලෝකමත් කළේ විදුලි බල්බ යොදා ගෙනයි, කියලා පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් කියනවා. ඔවුන් කියන්නේඩැන්ඬේරා දෙවොලේ බිත්තියේ කොටා ඇත්තේ විදුලි බල්බයක රූපයක් කියලයි. ඒත් සමහර පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ එය විදුලි බල්බයක් නොවේ නෙළුම් මලක් කියලයි. ඒත් පුදුමයට හේතුවන තවත් කරුණක් තමයි, මේ විදුලි බල්බය හෝ නෙළුම් මල හෝ දකින්න ලැබෙන්නේ ඩැන්ඬේරා දෙවොලේ පමණයි. ඒකටත් හොඳ පැහැදිලි කිරීමක් තිබෙනවා. පුරාණ මිසරයේ විවිධ ස්ථාන විවිධ දේවල් සඳහා වෙන් කරලයි, තිබෙන්නේ. ඩැන්ඬේරාවේ තමයි, ආලෝකය ලබා දුන් ප්රභවය පිළිබඳ තෙරතුරු තැන්පත් කර තිබුණා යැයි පැවසෙන්නේ. මේ දැනුම සුරක්ෂිතව ආරක්ෂා කළේ ප්‍රධාන පූජකවරුන් විසිනුයි. ඒ නිසා ඩැන්ඬේරා කියන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒකයි එතැන විතරක් විදුලි බල්බයක් දකින්න ලැබෙන්නේ.

No comments:
Post a Comment