විද්‍යාඥ ඇලන් මැතිසන් ටියුරින් (Alan Mathison Turing) ඉංගී්රසි ජාතික
ගණිතඥයෙක්. දෙවැනි යුද සමයේ විශිෂ්ට මෙහෙවරක් කළ නිහඬ වීරයෙක්. ජර්මානුන්ගේ
හමුදා රහස් විකේතනය කරන්නට යොදා ගත් එනිග්මා යන්ත්‍රය ඔහුගේ නිමැවුමක්. ඒ
නිසා තමයි, බි්රතාන්ය ඔත්තු සේවයට හිට්ලර්ගේ සැලසුම් කල් ඇතිව දැන
ගන්නට හැකි වූයේ. එසේ ම බි්රතාන්ය නාවික හමුදාවට හිට්ලර්ගේ ‘යූ බෝට්ටු’
(U-boats) නමින් හැඳින්වුණු සබ්මැරීන පරාජය කරමින් අත්ලාන්තික් යුද්ධය ජය
ගන්නට ඉඩ සැලසුණේ. ‘පරිගණක විද්‍යාවේ හා කෘති‍්‍රම බුද්ධියේ පියා’ යන
විරුදාවලියෙන් ඔහු හඳුන්වන්නේ ‘ඇල්ගොරිතම’ හා පරිගණනය විධිමත් ලෙස යොදා ගෙන
නිර්මාණය කළ එනිග්මා (Enigma) හෙවත් ටියුරින් යන්ත්‍රය නිර්මාණය කිරීම
නිසයි. දෙවන ලෝක යුද්ධය නිමා වීමෙන් පසු එංගලන්ත පාලකයින් විසින් යුද්ධයට භාවිතා කළ සියළු නව නිර්මාණ විනාශ කර දැමුවා. ඒ එම තාක්ෂණය අන් අය අතට පත්වීම වැළැක්වීමට බව ඔවුන් ප්‍රකාශ කළා. එසේ විනාශ කළ යන්ත්‍ර අතර දියුණු පරිගණකයක් වූ එනිග්මා යන්ත්‍රයද වූවා. එම යන්ත්‍රයේ විනාශයත් සමගම එහි තාක්ෂණය ද වැළලී ගියා.
නමුන් ටියුරින්ගේ ඒ කාර්යයෙන් තමා වර්තමාන පරිගණකය නිර්මාණයට පදනම සැපයුණේ. ලෝක
ප්‍රකට ටයිම් සඟරාව විසි වන සියවසේ ලොවට විශාල බලපෑමක් එල්ල කළ සිය දෙනා
අතරට ටියුරින්ගේ නමත් ඇතුළත් කළේ නිසයි. ඒ සඳහා හේතු පාඨයේ දක්වා තිබුණේ
‘යතුරුපුවරුවක් මත ඇඟිලි දුව වන, පැතුරුම්පතක් හා වදන් සැකසුමක් විවෘත කරන
සෑම කෙනෙකුම කි‍්‍රයා කරන්නේ ටියුරින්ගේ යන්ත්‍රයේ නව නිපැයුමක් සමග බව
සිහිපත් කිරීම වටී’ යනුවෙනුයි.
එහෙත් එදා බි්රතාන්ය රජය ටියුරින්ට සැලකුවේ මහා අපරාධකරුවකු ලෙසයි. 1952
දී ඔහුට එරෙහිව සමලිංගික චෝදනා ඉදිරිපත් කළ ඔවුන් ඔහු වරදකරු කොට දඬුවම්
වශයෙන් ස්තී‍්‍ර හෝමෝන චිකිත්සාව ලබා දී ඔහු අකර්මණ්‍ය කළා. එහෙත් ඔහුගේ
සිය වන ජන්මදිනය 2012 වසරේ පැවැත්වූයේ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කියන්නත්, ඔහුගෙන්
වූ මෙහෙය සමරන්නත්, ඔහුට අහිමි කළ ගෞරවය යළි ලබා දෙන්නත් කටයුතු කිරීමටයි. සැබවින්ම මෙය
දෛවයේ සරදමක් වගෙයි.
සතුන්ගේ ඉරි රටා පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළ ‘පරිගණක විද්‍යාවේ හා කෘති‍්‍රම බුද්ධියේ පියා’ - ඇලන් ටියුරින්
thanks for mal kaluku web
No comments:
Post a Comment