Tuesday, April 15, 2014

වඳ වී ගිය විශාලතම කෘමියා මුහුද මැද සීගිරියටත් වඩා උස පර්වතයක් මුදුනෙන් හමුවෙයි!

කොහොමද ඒ සතා එතැනට ගියේ ? මුහුද මැද කුලූනක් සේ උස්ව සිටින සේ පර්වත ශිඛරය අපේ සීගිරියටත් වඩා ගොඩක් උසයි. අපේ සීගිරියේ උස අඩි 1,214යි. මේ ශිඛරය අඩි 1,844ක් උසයි. අපේ සීගිරිය මුදුනේ මාලිගාවක් හදල තිබුණට මේ වගේ උලක් බඳු මුදුනක් තියෙන තැනක වාසයට සුදුසු නිවහනක් කර ගන්න බැහැ.

ඒ වුනාට ඒක බාධාවක් නෙවෙයි, මීට වසර 80කට විතර ඉස්සර වඳවී ගියේ යැයි සිතන සතෙකුට. ඒ සතාගේ අවසාන ජනපදය අඩි 1,844ක් උස බෝල්ගේ පිරමීඩය මුදුනෙ තිබුණ බව විතරයි කවුරුත් දැන ගෙන හිටියෙ.

විද්‍යාඥයන් ළඟදී සොයා ගත්තා, දකුණු පැසිපික් සාගරයේ මුහුදෙන් උඩට මතුවුණු මේ උස පර්වත ශිඛරය මුදුනේ පිහිටි ගහක ජීවත්වුණු සතුන් 24 දෙනෙක්.

 
ලෝඞ් හෝවේ දූව අසල පිහිටි බෝල්ගේ පිරමීඩය: ගස් පොකිරිස්සන් ඔවුන්ට හමු වුණේ මෙහි මුදුනේ ගලකට ඇලී සිටියදියි.

නික් කාලයිල් මේ සිටින්නේ බෝල්ස් පිරමීඩය මුදුනේ සිට හමුවූ ‘ගස් පොකිරිස්සන්’ දෙදෙනකු සමඟයි.


කාටවත් සිතා ගන්න බෑ ඒ වගේ තැනකට ඔවුන් ගියේ කොහොමද කියලා. එහි සිට හතර දෙනකු එතැනින් ඉවතට ගෙන දැනටමත් දහස් ගණනක් බෝ කර හමාරයි, ඔවුන්ගේ පරපුර රැක ගන්න.

ඕස්ටේ‍්‍රලියාවේ වෙරළාසන්න මුහුදේ ලෝඞ් හෝවේ (Lord Howe Island) දූව අසල පිහිටි මේ බෝල්ගේ පිරමීඩය සාගරයෙන් උඩට මතු වුණේ වසර මිලියන 7කට පෙරයි.

මේ පර්වතය හැම පැත්තෙන් ම ඇත්තේ බෑවුම නිසා එහි මුදුනට නඟින එක ඉතාමත් අසීරු දෙයක්. ඒත් මේ කෘමීන් කෙසේ හෝ මෙහි ගොස් තිබෙනවා.

මේ පාද හයක් සහිත ‘ගස් පොකිරිස්සන්’ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ඩ‍්‍රයෝකෝසෙලස් ඔස්ට‍්‍රාලිස් (Dryococelus australis) කියලයි. මේ සතුන් එතැන් වඳවී ගොස් ඇතැයි විශ්වාස කරනු ලැබුවා. 1920න් පසු මේ සතුන් කිසිවකු දැක තිබුණේ නැහැ.

මේ වර්ගයේ වැඩුණු සතකු සෙන්ටි මීටර් 12ක් විතර දිගයි. ලෝකයේ බරින් වැඩිම පියෑඹීමට නොහැකි කෘමියා මේ සතායි.


මේ ‘ගස් පොකිරිස්සකු’ මිනිස් අතක් තරම් විශාලයි. උන් කෙසේ හෝ දිවිගලවා ගෙන මෙහි මුදුනේ ජීවත් වෙලා තියෙනවා ආහාර නැතිව ඉතා දරුණු තත්වයන් යටතේ පවා

2001 දී ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් දෙපළක් වන ඬේවිඞ් පි‍්‍රඞ්ල් හා නිකලස් කාලයිල් තීරණය කළා, මේ බෝල්ස් පිරමීඩ ශිඛරයට නැංග අය කියූ දේ ගැන විමසුමක් කරන්න. ඒ අය කීවේ යම්කිසි සතුන් වර්ගයක අලූත හෙළු බෙටි ශිඛරයෙහි පහත තැන් කීපයක වැටී තිබෙනු දුටු බවයි.

ඔවුනුත් ඒවා දුටුවා. පසුව රාති‍්‍රයේ විදුලි පන්දම් සමග ආ ඔවුන් විස්මයට පත් වුණා, ඒ ශිඛරය මුදුනේ තිබුණු එකම ගස වටා විශාල කෘමි ජනපදයක්ම සිටින බව දුටුවාම.

”මට දැනුනේ අපි ආපස්සට ජුරාසික යුගයට ගියා වගෙයි. කෘමීන් පාලනය කළ ලෝකයකට ගියා වගෙයි” කියා කාලයිල් කියනවා.

ඔවුන් එතැනට ගියේ කොහොමද කියා කාටවත් තේරුණේ නැහැ. ඒත් ඒ විද්‍යාඥයන්ට තේරුණා මොවුන් මේ වර්ගයේ ලොව සුරැකී සිටින එකම සත්ව වර්ගය නිසා ඔවුන්ගේ වඳවී යාම වළක්වන්න ඒ සතුන් වර්ගයා බෝ කරන වැඩ සටහනක යොදා ගැනීමේ වැදගත්කම ගැන.

මුලදී ඕස්ටේ‍්‍රලියානු රජය කැමති වුණේ නැහැ, ඔවුන් ඒ පරිසරයෙන් ඉවත් කරනවාට. ඒත් අන්තිමේ දී හතර දෙනකු විතරක් එතැනින් ඉවතට ගෙන යාමට අවසර දුන්නා. එතැනින් මේ කතාව අවසන් වුණේ නැහැ.

පර්යේෂකයන් ඔවුන් ගෙන ඒමට එහි ගිය විට බෝල්ස් පිරමීඩයේ පර්වතයේ කොටසක් ගැලවී ඇද හැලී තිබුණා. ඔවුන් බියට පත් වුණා කෘමීන්ට අනතුරක් වී ඇතැයි කියා. එහෙත් පසුව සොයා බලද්දී ඔවුන්ට අනතුරක් වී නැති බව දැන ගත්තා. මේ සතුන් හතර දෙනෙක් ඔවුන් අරන් ගියා. එයින් දෙදෙනකු පසුව මිය ගියා. අනෙක් දෙදෙනා වර්ගයා බෝ කිරීමේ වැඩ සටහනකට යොදා ගන්න කියා මෙල්බෝන් සත්වෝද්‍යානයට දුන්නා.

ඒ සත්තු වත්තේ අය ඔවුන්ට ‘ආදම්’ හා ‘ඒව’ කියා නම් දමා තියෙනවා. දැන් ඔවුන්ගෙන් ඇරැුඹුණු අලූත් පරපුරට පැටවුන් 11,376ක් එක් වෙලා. ඒ අතර පරිණත කෘමින් 700ක් පමණ ඉන්නවා.

බෝල්ස් පිරමිඩය හා හෝවේ ¥ව: වසර 80කට ඉහත වඳ වී ගියේ සලකනු ලැබූ මේ ඉගිලිය නොහැකි කෘමීන් හමු වුණේ අර ඈත දිස්වෙන බෝල්ස් පිරමීඩය නම් පර්වතයේදියි

වඳ වී යන සතුන්ගේ සංරක්ෂණය පිළිබඳ තවත් ජයග‍්‍රාහී කතාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. 


taken from malkakulu website

No comments:

Post a Comment