මෙම
ඉපැරණි දත අවුරුදු 5-7ත් අතර දරුවකුගේය. ඩෙනිසෝවියන්වරුන් එහි විසූ බව
හෙළි කළ මුල්ම සාක්ෂිය මෙයයි. දැන් එය මිනිසාගේ පරිණාමය හෙළි කරන්නටත් මඟ
පාදන්නක් වෙලා!.
නියැන්ඩර්තාල්වරුන් හරුණු විට නවීන මිනිසාට වඩාත් සමීපතම ආදීමයා ලෙස සැලකෙන්නේ ඩෙනිසෝවියන් මිනිසායි.
ඒ ගැන ජර්මනියේ ලීප්සිග්හී පරිණාමීය මානව විද්‍යාව සඳහා විශේෂිත ආයතනයක් වූ මැක්ස් ප්ලෑන්ක් Max Planck විද්‍යායතනයේ මානව විද්‍යාඥ ආචාර්ය ස්වැන්ටේ පාබෝ කියන්නේ මෙහෙමයි: ”අපි විශ්වාස කරනවා ජීව විද්‍යාඥයන්ට හැකි වේවි කියලා සොයා ගන්න, වර්තමාන මිනිසාගේ සංස්කෘතිය හා තාක්ෂණය වර්ධනයට වැදගත් වූ ජානමය වෙනස්කම් මොනවා ද කියලා මේ ජිනෝමිය භාවිත කරලා. මේ වෙනස්කම් තමයි බලපාන්නට ඇත්තේ නවීන මානවයන්ට අපි‍්‍රකාව අතහැර ලොව පුරා විසිර යන්නට, මීට වසර ලක්ෂයකට පමණ එපිට කාලයකදී ආරම්භ වුණු යුගයේ දී. මේ නව ජිනෝමියෙන් ඒ අබිරහස් විසඳේවි”
මෙසේ අපේ ආදිමුතුන්මිත්තකුගේ සම්පූර්ණ ජිනෝමියක් තනන්නට මඟ පැදුණේ ප‍්‍රථම වරටයි. නිර්මාණය කළ විද්‍යාඥයන් කියන්නේ මෙය වඳවී ගිය මානවයන් පිළිබඳව අධ්‍යයනය කරන්න තැබූ විශාල පියවරක් බවයි. මීට කලින් පර්යේෂකයන් සඳහා ජීව විද්‍යාඥයන් වෙත ඉදිරිපත් කළේ අඩු විභේදනයන් සහිත අනුක‍්‍රමයන් වුවත් මෙවර ඉදිරිපත් ඇත්තේ අති සංකීර්ණ අධි විභේදිත අනුක‍්‍රමයන් සහිත ජීනෝමියක් වීම සුවිශේෂත්වයකි. කලින් ලබා දුන් ජිනෝමියකින් පර්යේෂකයන්ට නිව්ගිනියාවේ වර්තමාන වාසීන් තුළ ඩෙනිසෝවියන් ඞීඑන්ඒ සියයට 4.8ක් ඇති බව හෙළි වී තිබුණා.
දැන් වැඩි දියුණු කළ නව තාක්ෂණය අනුව පර්යේෂකයන්ට හැම අංශයකින්ම ආනුක‍්‍රමික විශ්ලේෂණයන්හි යෙදීමට අවශ්‍ය වන ආකාරයට මේ ඩෙනිසෝවියන් ජිනෝමිය 30 ගුණයකින් වැඩි දියුණු කළ සවිස්තර ස්කෑනයක් ලබා දීමට ඉඩහසර සලසා තියෙනවා. මේ පිළිබඳ විශේෂ ලිපියක් ‘පබ්ලික් ලයිබ්රරි ඔෆ් සයනස් වන්’ Public Library of Science (PLoS) One සඟරාවෙහි අලූත්ම කලාපයෙහි පළ වී තියෙනවා.
ඒ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය මතියස් මේයර් කියන්නේ ”මේ ජිනෝමිය ඉතා උසස් තත්වයට වැඩි දියුණු කළ එකක් බවයි. අපි මෙය සැකසුවේ අනුක‍්‍රම විශාල ගණනාවකින්. ඒ නිසා වර්තමානයේ ඇති මිනිස් ජිනෝමියන්ට වඩා මෙහි වැරදීම් ඉතාමත් අඩුයි.”
ඩෙනිසෝවියන්වරුන්ගේ සිට නියැන්ඩර්තාල්වරුන් සහ වර්මාන මිනිසා දක්වා ඇති සබඳතා තහවුරු කර ලන්නට මේ මට්ටමේ විභේදනයක් හොඳටම ප‍්‍රමාණවත් බවයි, ඔවුන් සඳහන් කරන්නෙ. බොහෝ විට පර්යේෂකයන්ට ජිනෝමියේ විශේෂිත කොටස් පරිණාමය වූ ආකාරය අධ්‍යයනය කරන්න සාමාන්‍ය විභේදනයක් ප‍්‍රමාණවත් නොවිය හැකියි. ඒත් දැන් ජිනෝමියේ සම්පූර්ණ කළ මෙම පිටපත ඉතා කුඩා වෙනස්කම් පවා හඳුනා ගන්න උදව් වෙනවා. මවගෙන් හෝ පියාගෙන් හෝ ප‍්‍රවේණිව ලැබෙන, නැත්නම් උරුම වන, ජාන අතර ඇති වෙනස්කම් පවා වෙන්කොට හඳුනා ගන්න මේ තත්වය යටතේ පර්යේෂකයන්ට හැකියාව ලැබෙනවා.
සයිබීරියාවේ ඩෙනිසෝවා ලෙනෙහි දොරකඩ - විද්‍යාඥයන් ජිනෝමිය සකස් කළේ මෙහි කැනීම් වලින් ලබා ගත් ඇට කැබැල්ලකිනි.
ජර්මන් ලීප්සිග් කණ්ඩායම දැන් මේ මුළු ඩෙනිසෝවියන් ජිනෝමියම අන්තර් ජාලය හරහා විද්‍යාත්මක පර්යේෂණවල නියුතු අයට ලබා ගන්නට මුදා හැර තියෙනවා. මේ ජිනෝමිය මගින් ඩෙනිසෝවියන් හා නියැන්ඩර්තාල්වරුන් පිළිබඳ නව මානයන් මතුකර ගනීවි යැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.
”අපට අවශ්‍ය වන්නේ දැන් මේ ජිනොමිය සෑම පර්යේෂකයකුටම ලබා දෙන්නයි. අපි විශ්වාස කරනවා බොහෝ විද්‍යාඥයන් ඔවුන්ගේ පර්යේෂණවලට මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගනීවි කියලා” ආචාර්ව පාබෝ කියනවා.
මේ ඇඟිලි ඇටය සොයා ගෙන ඇත්තේ රුසියානු විද්‍යා ඇකඩමියේ මහාචාර්ය ඩෙරෙවියන්කෝ හා මහාචාර්ය මිකයිල් ෂුන්කෝෆ් යන දෙදෙනා විසින් 2008 දී ඩෙනිසෝවා Denisova ලෙන් තුළ කරන ලද කැනීම්වලදීයි. මේ බිමෙහි මානවයන් ජීවත්ව සිටින්නට ඇත්තේ මීට වසර 280,000 තරම් ඈත කාලයක පටන් යැයි විශ්වාස කෙරෙනවා. එහෙත් මෙම ඇඟිලි ඇට කැබැල්ල හමුවී ඇත්තේ වසර 50,000ත් වසර 30,000ත් අතර කාලයක සෑදෙන්නට ඇතැයි සැලකෙන පාෂාණ ස්තරයක් තුළ කැනීම් කරද්දීයි.
No comments:
Post a Comment