Friday, April 4, 2014

ලෝකයේ උස් ගස්

ගස්වලට ‘රුක්’ කියන වදන හැදුනේ ‘වෘක්ෂ’ යන සකු වදනින්. රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්.



ලෝකයේ රූස්ස ගස් හෙවත් උසම ගස් ගැන, ඒ කියන්නෙ වනස්පතිලා ගැන, විවාදයක් පවතින බව. එසේ ම මෙතෙක් පවතින තොරතුරුවල ඇතැම් වනස්පතිලා පිළිබඳ ඇති තතු පමණ ඉක්මවා පුම්බා ඇති බව. මීටර 150ක් උසට වැඩුණු ගස් පැවතියේ යැයි කියන ඉතිහාස වාර්තා පවා දැන් විශ්වාස කටයුතු ඒවා නොවන බව, දැන් පසක් වෙලයි තියෙන්නෙ. ඇමරිකාවේ නැගෙනහිර ස්වදේශික වෘක්ෂ සංගමය වැනි රුක් සංගම් හා රුක් වියන් ගැන පර්යේෂණ කරන්නන්ගේ තොරතුරු මත පදනම් වුණු ලෝකයේ රූස්ස ගස් නවයක් ගැන විකිපීඩියාවේ දැක්වෙනවා.


ගස්වල උස මනින ක‍්‍රම විවිධයි. එයින් වඩාත් විශ්වාසදායක ක‍්‍රම ලෙස සැලකෙන්නේ ලේසර් කිරණ භාවිතයෙන් කරන මිනුම හා ගස් නගින්නන් විසින් මුදුනේ සිට මිනුම් පටියක් පහළට හෙළා කරන මිනුම පමණයි. ගණිත යොදා ගෙනත් ගසට නගින්නෙ නැතිව උස මනින්න පුලූවන්.

තවමත් ඇද වැටී නැති, ලෝකයේ උසම ගස් නවය මෙන්න. මෙහි දස වන ස්ථානයක් නැත්තේ ඒ තැන තේරීම පිළිබඳ විවාදයක් ඇති නිසයි. (ඉංගිරිසි වදන අසලින් ඇත්තේ ගසෙහි උද්භිද විද්‍යා නාමයයි.)

1. කෝස්ට් රෙඞ්වුඞ් ගස - Coast Redwood (Sequoia sempervirens): 115.56 m (379.1 ft), ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ රෙඞ්වුඞ් ජාතික වනෝද්‍යානයේ හයිපී’රියන්හි පිහිටා ඇත.

2. ඕස්ටේ‍්‍රලියානු මවුන්ටන් ඈෂ් - Australian Mountain-ash (Eucalyptus regnans): 99.6 m (327 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ දකුණු හොබාට්හි පිහිටා ඇත.

3. කොස්ට් ඩග්ලස්-ෆර් ගස - Coast Douglas-fir (Pseudotsuga menziesii): 99.4 m (326 ft), ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ කූට්ස් පළාතේ බෘට්මිට් ක්රීක්හි පිහිටා ඇත.

4. සිට්කා ස්පෲස් ගස - Sitka Spruce (Picea sitchensis): 96.7 m (317 ft), ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පේ‍්‍රරී ක්රීක් රෙඞ්වුඞ්ස් ජනපද උද්‍යානයේ පිහිටා ඇත.

5. ජයන්ට් සෙකුවෝයා ගස - Giant Sequoia (Sequoiadendron giganteum): 94.9 m (311 ft), ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කිංස් කැනියොන් ජාතික වනොද්‍යා්නයේ රෙඞ්වුඞ් මවුන්ටන් ග්‍රෝව්හි පිහිටා ඇත.

6. තස්මේනියන් බ්ලූ ගම් ගස - Tasmanian Blue Gum (Eucalyptus globulus): 90.7 m (298 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ පිහිටා ඇත.

7. මන්නා ගම් ගස - Manna Gum (Eucalyptus viminalis): 89 m (292 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ එවර්ක්රීච් වන රක්ෂිතයේ පිහිටා ඇත.

8. ශෝරී ෆේටියානා Shorea faguetiana: 88.3 m (290 ft), බෝනියෝ දූපතේ සබාහි ටාවවු හිල්ස් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.

9. ඇල්පයින් ඈෂ් ගස - Alpine Ash (Eucalyptus delegatensis): 87.9 m (288 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ පිහිටා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ රෙඞ්වුඞ් ජාතික වනෝද්‍යානයේ හයිපී’රියන්හි පිහිටා ඇති කෝස්ට් රෙඞ්වුඞ් ගස අධ්‍යයනයට ලක් කළ හා එහි මුදුනට නැග්ග ඇමරිකන් ජාතික ජීව විද්‍යාඥයකු හා පරිසරවේදියකු ස්ටීව් සිලට් Steve Sillett සිය බිරිඳ සමඟ ඒ ගසෙහි මිනුම් කළ අයුරු මේ වැඩසටහනෙන් බලන්න.



from malkekulu web

No comments:

Post a Comment